ඉංදියන් සාගරේ දියවෙන ලුණු කැටයක් වගේ දූපතක ඉඳන් දන්න සිංහලෙන් අහන දකින දේවල් අකුරු කරන කළු සිංහලයකුගේ සිතුවිලි ....
Showing posts with label අත්දැකීම්. Show all posts
Showing posts with label අත්දැකීම්. Show all posts
මගේ පරන බ්ලොග් අඩවියෙන් (v) - යල් පැන ගිය මගේ කවි (i) ....
කැම්පස් එකේ පලමු වසර ගැන ලියන්න ඕනේ කියල තමයි ඉඳගත්තේ. ඒත් මගේ පරන බ්ලොග් එකක් මතක් උනා. ඒකේ තියෙන්නේ කවිම නොවුනත් කැම්පස් එකේ අහපු දැකපු ඒවා. ඉතින් මට හිතුනා ඒකෙන් දෙක තුනක් අරගෙන මෙතන දාන්න ඕනේ කියලා. මගේ විශේෂ ඉල්ලීම මේ දේවල් (මේවා කවි නෙමෙයි හොඳේ) කියවලා ඒ දවස් වලදී මම දැක්ක දේවල් ගැන පොඩි රූපයක් මවා ගන්න කියන එකයි.
Gym Canteen
හෝ මාමා එබී බලයි
සමග තවත් පස් දෙනෙක්,
එල්ලී කැන්ටිමේ (බිත්තියක)
phone business ය
සමාජවාදී නියමුවෝ
[ටික දිනකට පසු මේ pictures පුච්චා දමා තිබෙනු දක්නට ලැබින]
අලුත් නැවක් ඇවිත් ...
ඇත නෙක පොත්, රාක්ක වල
අතවත්
නොතබන නිසා
දූවිලි බැඳී
ඇත මේසය මත පොතක්
දිවයයි
ඒ දෙස දෙදෙනෙක්
මක් කරන්නද ..
ඔබ ගැන මතක යනු සඳය
ඔබ ගඟය
අද අමාවකය
Vacation එකට ගෙදර ආපු දවස
නියඟයට ඉරිතැලුන
පොලවේ
කඩතොලු පාගමින්
සිහිකරයි ඇය
පෙරදින ඔහු
නිය ගැසූ තැන්
STCT Lecture එකේදී
දැනේ
සිහිල් පවන් රැලි
විදුලි පංකාවේ
පෙනේ සෙලවෙන ගස්
ඈත
Campus අධ්‍යාපනය
බ්‍රහස්පති මත CH4 ඇත
එනම්
එය
ගොම බෙට්ටකි
බෝඩිමේ ඇන්ටිගෙ දුව + මම
එනව කිව්වෙ 9 ට
වැදුනෙ නැහැ Alarm එක
දැන් 10 යි
ඉක්මනට මූන හෝදගන්න
ගියාම ලිඳ ලඟට
එයා
ඉන්නවා
tap එක ලඟ
නයිටිය ඇඳගෙන
දත් මැද මැද
(මතු සම්බන්දයි)
කැලනිය කැම්පස් එකේදි මට හිතුන දේවල් වලින් ටිකක්. ලියලා තිබුනේ ඔහේ ඉන්න ගමන්, chat කරන ගමන්, ටියුට් වල.
මගෙ යාළුවන්ට උන දේවල් තමයි ඔය සේරම.
මගේ පරන බ්ලොග් අඩවියෙන් (iv) - සමුගන්නට මොහොතකට පෙර (i) එක්තරා සටහන් ටිකක්
මුලින්ම කියන්න ඕනෑ මේ පොත මගේ නෙමෙයි. (හැබැයි කාගෙද කියල අහන්න එපා,
ඔයාලට තේරුම් ගන්න පුලුවන්). හැබැයි මේ පොතේ මෙහෙම දේවල් තියෙන්න ඕනෑ කියන
අදහස මගේ. පොතේ අරමුන උනේ; යාළුවෝ කැම්පස් එකෙන් අයින් උනාම ආගිය අතක් නැති
වෙනවනේ. ඉතින් මට ඕනෑ උනේ ඒ අයගෙ ගෙවල් වලට යන පාරවල්, විස්තර එකතු කරවන
එකයි. T මගෙන් ඇහුවා ගැලපෙන ක්‍රමයක්. මම පොතක් T ට දීලා කිව්වා ඒවා ගන්න
කියලා. ඒ අතර තිබ්බ සමහර දේවල් ටිකක් මම මෙතන දාන්නම්. මේව මේ මම ගැන
කියපුව නෙමෙයි. T ගැන කියපුවා.
ඔයාටත් S ටත් එල්ලේ ටීම් එක සෑදීමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවායි පතන මා.
දයාබර සොයුරිය,
A
ප.ලි :
T එදා සංගන්නෙට ආපු අක්ක උඹෙන් ඇහුව මතකද ..
ARTs Fac. යාළුවෝ හොස්ටල් එකෙන් පිටවෙලා යන දවස .... ආයේ එන්නෙ නැහැ
GYM කැන්ටිමේ දොරටුව. ෆොටෝ එක ගත්තේ මම
A - 11 දී
ආදර T
"අනේ මචං, බලපන් මචං, මාර වැඩ ගොඩයි, මේව කවද කරන්නද මන්ද, කැම්පස් එකේ විභාග නැතුව ඉන්න තියේනං කොච්චර හොඳද?"
අනේ
බං උඹේ මේ කතා කවද අමතක කරන්නද? උඹයි මමයි ගොඩාක් ලංවුනේ .... උඹට මතකද?
හොස්ටල් එකට ආවට පස්සේ. ඊට කලින් අපි උඹ ගැන කතා වෙනවා. උඹ දන්නවනේ ඒ මොකද
කියලා. ඒත් හොස්ටල් එකට ආවට පස්සේ අපි කොච්චර ලං උනාද? උඹ මගේ දුකේදිත්
සැපේදිත් එක වගේ ලඟින් හිටියා. මම ලෙඩ උනාම උඹ මට කොච්චර සැලකුවද? මම පුංචි
දේටත් අඬනකොට උඹ මගේ හිත හැදුවා.
"ඉතින් හිත හදාගෙන හිටපං. සුදු අයිය හෙට එනවනෙ. සුදු අයියට වැඩ ඇතිනෙ. අනේ මචං අඬන්න එපා. හොඳ A නෙ"
මෙහෙම
කිය කියා උඹ මගේ හිත හැදුවා. මම තනියම හොස්ටල් එකේ ඉන්න දවසට උඹ සැරින්
සැරේ ඇවිදින් මාව බලල යනවා. ඕවා කොහොම අමතක කරන්නද? ඉතින් මචං උඹ උදේ
ගියාම ආයිත් දකින්න වෙන්නෙ රෑට තමයි. සමහර දවසට ඒ වාසනාවත් නැහැ, මොකද අපි
නැගිටින්නත් කලින් උඹ ගිහින් එතකොට අපි උඹව බලන්න රීඩින් රූම් එකට එනවා.
මෙන්න බොලේ අපි එනකොට උඹ හොඳටම නිදි. උඹලට විභාගෙ ලියන්නෙ පොලිසියෙන්ද? උඹ
රෑට ආවත් ඉස්සෙල්ලම දෙපැත්තෙම ජනෙල් වහල තමයි අනිත් සේරම වෙඩ කරන්නෙ. ඒ
කාලෙ කොච්චර සුන්දරද?
මේවා FB Fanpage එකෙන්
T උඹට මතකද අර බෙන්ච් එක අල්ල ගන්න කියල
උදේ 5.30ට විතර යනවා? අර උඹෙ පරන ෂර්ට් එක අපි හැංගුවා? උඹ කී දවසක් අපිට
හොරා අපේ රෙදි සේදුවද? උඹට අපි කොච්චර දේවල් කිව්වද, ඒත් උඹ ඒවා කිසිදෙයක්
ගනන් ගත්තේ නැති බව දන්නවා. උඹ දවස් කීයක් අපේ ගෙදර ආවද? ඒවා කොහොම අමතක
කරන්නද?
T උඹ exam එකට කලින් දවසෙ
විඳින දුක දැක්කනම් ආයෙත් ජීවිතේටම exam තියෙන එකක් නැහැ. එදාට උඹ දිහා බලා
ඉන්න බැරිකමටයි මම වේලාසනින් නිදාගන්නෙ. අපි එක බත් උයාගෙන කාල සතුටින්
ගෙවපු ඒ ලස්සන කාලය දැන් ගෙවීගෙන යන්නයි යන්නේ. ඒත් මේව දාල අපි කොහේ
යන්නද? මට නම් යන්න බැහැ. උඹ දන්නවනෙ මම කොහොමද මේ හැම දෙයක්ම දාලා යන්නේ.
"A - 11 සද්දෙ වැඩියි""කුවේනි කොච්චර අපිට බැන්නද? අන්තිමේදි කුවේනි අපිට බයේ මොනවත් කිව්වෙ නැහැ. ඒත් උඹ බය බව මම දැනගත්තා. T මේවගේ ලස්සන කතා ගොඩයි. මේව අමතක වෙන්නෙ නැහැ. ඒ වගේම මේ A වත් අමතක වෙන්නෙ නැහැ නේද? ඉතින් T අපි ගෙවපු ඒ ලස්සන කාලය මෙහෙම ගෙවිල අපි සමුගෙන ගියත් අපේ මේ මිතුදම හැමදාම අපේ හිත්වල එකවගේ තියේවි.
ඔයාටත් S ටත් එල්ලේ ටීම් එක සෑදීමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවායි පතන මා.
දයාබර සොයුරිය,
A
ප.ලි :
T එදා සංගන්නෙට ආපු අක්ක උඹෙන් ඇහුව මතකද ..
"නංගි, ඔයා කැම්පස් ආවෙ ඉගෙන ගන්නමද" කියලාඒ අක්කත් දැකල තියෙනව උඹ නිතරම අර බෙන්ච් එකට වෙලා ඉන්නවා. අනේ බං, ඒ අක්ක එහෙම අහපු වෙලේ අපිටම ලැජ්ජා හිතුනා. ඒ කියන්නෙ උඹ ගැන අපි විතරක් නෙමෙයි හැමෝම දන්නව කියල උඹට තේරෙන්න ඇතිනේද?
මේවා FB Fanpage එකෙන්
මගේ සටහන :
මේකේ
අන්තිමට ගෙදරට එන පාර පැහැදිලිව ලියලා තිබුනා. පොතක් පුරා මේවගේ දේවල්
තියෙනවා. පොත තියෙන්නෙ මගෙ ලඟ නිසා ටිකෙන් ටික ඔයාලටත් බලන්න දෙන්නම්. මේවා
අවංක අදහස්. මේ අය රැග් එකට අහු උනේ නැහැ, රැග් දීලත් නැහැ. එහෙම උනා
කියලා බැඳීම් අඩු වෙලත් නැහැ. රැග් දෙන්න බැරි වෙලා තියෙන්නේ දෙන්න ආපු අය
BITE වීම නිසයි.
මගේ පරන බ්ලොග් අඩවියෙන් (iii) - කැම්පස් එකේ ජීවිතයෙන් ටිකක් (කෙටියෙන්) ...
4/22/2010 09:21:00 PM
මම ගියේ කැලනිය කැම්පස් එකට. කලින් දවසක ඇවිත් වේවැල්දූවෙන් ඇනෙක්ස් එකක් කුලියට ගත්තා. මුල්ම දවසේ තාත්තත් එක්ක වාහනයෙන් ඇවිත් කැම්පස් එක ඉස්සරහින් බැස්සා. බැහැලා වාහනය යවලා පාර අයිනට වෙලා ටිකක් බලාගෙන හිටියා. කට්ටිය මාර ඇක්ටිව්. මම ඩෙනිම්/ ටී ෂර්ට්/ ඩෙක් ෂූෂ් විදිහෙ කෙනෙක්. මම දැක්කා ගම්පහ ගෙල්ට් එකට ආපු අය කාන්ඩ පිටින් එනවා. මම ඒ අයත් එක්ක ගියේ නැහැ. ටිකක් බලාගෙන ඉඳලා තනියම කන්ද නගින්න පටන් ගත්තා.
හිතේ චකිතයක් තිබුනත් ඒක පෙන්නුවෙ නැහැ. ඔන්න ටික දුරක් යද්දි ජේෂ්ඨ කට්ටිය මොකද්ද හෑන්ඩ් බිල් එකක් බෙදනවා. මම ඒ ලඟින් යනකොට මට ඒක දික් කරලා ආයේ ඇදලා ගත්තා. මම හිතුවා "නියමයි. මාව අඳුන ගත්තෙ නැහැ" කියලා. ඕන්න මගේ බය නැතිඋනා. ඊට පස්සේ මට මගේ ගෙල්ට් යාළුවෝ හම්බ උනා.
ඉංගිරිසි පාඨමාලාවට කට්ටිය තෝරන විභාගයට ඉඳගත්තම තමයි දැක්කේ ඒ පේපර් එකම තමයි අපිට ගෙල්ට් එකෙනුත් දුන්නේ. ඕනෙනම් 100% ම ගන්න තිබුනා. ඒත් මම හිතලාම සමහර ඒවට වැරදි උත්තර දුන්නා. එතකොට පොඩි ක්ලාස් එකකට ගිහින් වැඩ පෙන්නන්න පුළුවනි. මම දැක්කා සමහර ගම්පහින් ආපු අය උඩ පැන පැන ලියනවා.
* සියලු පිංතූර වල අයිතිය මා සතුය ...

සයන්ස් ෆැකල්ටි එක ..
මුල් දවසේ ඉඳන් ජේෂ්ඨයෝ ටික ටික තෙල බෙදන්න පටන් ගත්තා. තෙල් බැම්ම තමයි
කේන්ද්‍රස්ථානය. තෙලට වැඩිපුරම අහුවෙන්නේ හොස්ටල් ඉන්න අය තමයි. අපි සයන්ස්
කලේ. ඒ නිසා ආට්ස් කට්ටියට හිතාගන්න බැහැ අපි මොන ඉයර් එකේද කියලා. අපිත්
ශේප් එකේ හිනාවේගෙන එතනින් යනවා. රැග් සීසන් එක ගැන කතා කරලා වැඩක් නැහැ.
හැමෝම ඒ ගැන දන්නවා. හැබැයි අනිත් කැම්පස්වල වගේ නෙමෙයි, කැලනියේ රැග් එක
අඩුයි.
තෙල් බැම්ම ..
මට හම්බ උනු යාළුවෝ පොෂ් කට්ටිය (ඒ වගේ හිතන අය).ගම්පහ, කොළඹ අවට අය.
සිංග්ලිශ් කතා කලේ. සයන්ස් ෆැකල්ටි එක, ජිම් කැන්ටින් එක, ඉංග්‍රීසි පන්තිය
තමයි මුල් දවස් වල අපි වැඩිපුරම ගැවසුන තැන්. හොස්ටල් වල ඉන්න අපිත් එක්කම
ආපු අය කැන්ටින් කෑම පෝලිමේ ඉඳන් "කෑම දියව්" කියල කෑගහනකොට අපි ඉඳගෙන
බලාගෙන හිටියා.
දන්නවද වැඩක්. ඒ දවස්වල කොම්පියුටර් සෙන්ටර් එක (දැන් IT Unit ) පැය 24ම ඇරලා. රෑට කාලා ඉන්ටර්නෙට් ගිහිල්ලා අපි බෝඩිමට යන්නේ පාන්දර 2ට විතර. ඒ පුරුද්දට තිත වැටුනේ කට්ටිය ගහ ගත්තට පස්සේ. අපි එතනින් ගිහිල්ලා ටික වේලාවකින් තමයි වලිය පටන් අරගෙන තියෙන්නේ. අපි දන්නේ උදේ අයෙමත් කැම්පස් එකට එනකොටයි. පාර වහලා හන්දා රවුමෙන් ආවා නුවර පාරට. මෙන්න පාරේ පොලිසියෙන්. පාර අයිනේ ලමයි පිරිලා.
අපි කන්න කියලා ඒ ලඟ කඩේකට ගියා. කකා ඉන්න ගමන් අමුතු සද්දයක් එලියෙන් ආවා. අපි කඩෙන් එලියට පැනලා කැම්පස් එක පැත්තට ආවා. මෙන්න කැම්පස් එකේ කන්ද උඩින් ගල් වරුසාවක් එනවා. පාරේ වාහන වලටත් වැදුනා. පොලිසියෙන් රබර් උන්ඩ වෙඩි තියන ගමන් කඳුලු ගෑස් ගහන්න ගත්තා. කැම්පස් එක පැත්තෙන් හුලඟ ආපු නිසා සැරේ වැඩිපුරම දැනුනේ පාරට.
අලුත් අත්දැකීමක් හින්දා අපිත් පාරට වෙලා බලාගෙන හිටියා. ටික වෙලාවකින් කැම්පස එක වැහුවා. ඇතුලේ ඉන්න අයට ගෙදර යන්න බස් කැම්පස් එක ඇතුලේ ඉඳන් ආවා. කවුදෝ පාර අයිනේ තිබ්බ කඩේකින් කොකාකෝලා බෝතලයක් අරගෙන යන බස් එකකට ගැහුවා. ඒක දැක්ක පොලිසිය පාර අයිනේ ඉන්න අයට පන්න පන්න ගැහුවා. මමත් දුවලා හැංගිලා ගුටි නොකා බේරුනා.
ඔය සිද්දිය නිසා කැම්පස් එක මාස 6කට වැඩිය වහලා තිබ්බා. පැය 24 ඇරලා තිබ්බ කොම්පියුටර් සෙන්ටර් එක කලින් වහන්න ගත්තා. රෑට කිසි කෙනෙකුට කැම්පස් එකේ ඉන්න තහනම් උනා. රෑ 8ට කලින් හොස්ටල් ඉන්න අයට අතුලට යන්න උනා.
ංආ .. මට කියන්න අමතක උනා. පදනමේ දෙන්නෙක් රෑ බයික් එකේ කන්ද නැගලා එනකොට හැංගිලා ඉඳලා මහා ශිෂ්‍ය සංගමේ අය ගහලා තෙල් බැම්මේ ගහක බැඳලා තියෙනවා. (ඒ ගහ ඊට පස්සේ කපලා දැම්මා) . ඒ දෙන්නගෙන් එක්කෙනෙකුගේ ඇහක් අන්ධ උනා. ඔය සිද්දිය තමයි අර මම කලින් කියපු ලොකු වලියට හේතුව.
කියන්න ආපු ඒව පැත්තක තියෙද්දි කියවුනේ වෙන වෙන ඒවා. ඉතුරු ටික පස්සේ කියන්නම්. සමහර සිදුවීම් කියන්න අමාරුයි. සමහර අයගේ පුද්ගලිකත්වය නිසා. සමහර දේවල් අමතකයි .. මතක් වෙන්නේ පස්සේ ..

කැලනිය කැම්පස් එක ..
මගේ ජීවිතය උඩු යටිකුරු කල සිදූවීම හෙවත් සුනාමිය (2004)
මගෙ කැම්පස් එකේ යාලුවො ටිකක් ගාල්ලෙත් ඉන්නවා. කාලෙකින් මේ අයව හම්බවෙන්න බැරිඋන නිසා අපි තීරනය කලා නත්තල් දවසේ කට්ටියම හම්බ වෙන්න. අපි කියන්නෙ, අපි දෙන්න කසාද බැන්දෙ 2004 අවුරුද්දෙම නිසා යාලුවොත් බලාගෙනම නෑදෑ ගෙවල් වලත් ගිහිල්ල එන්න කියල තමයි පිට උනේ. වයිෆ් ගෙ ගෙවල් මාතර. ඉතින් කොළඹ ඉඳන් 24 වෙනිදා මාතර ගියා. 25 (සෙනසුරාදා) කැම්පස් එකේ යාලුවො කට්ටිය උදේ 9.30ට ගාල්ලෙ සමනල පාලම ලඟදි එකට හම්බඋනා. (සුනාමිය එදා ආවනම් අපේ රූප තමයි TV එකේ යන්නෙ). ඉතින් යාලුවො ටික හවස් වෙනකම් ගාල්ලෙ යාලුවන්ගෙ ගෙවල් වල ගියා.
හවස අපි දෙන්නා හබරාදූවේ පුංචි අම්මලගෙ ගෙදර ආවා. පාරෙන් එහා පැත්තේ මුහුද, මෙහා පැත්තෙ ගෙදර. මම මුහුදට ගොඩාක් ආසයි. ආපු ගමන්ම අපි කලේ මුහුදට පැනල හොඳට නාපු එක. එහා පැත්තෙ හොටෙල් එකකින් ගොගල්ස් වගයක් හම්බ උනා. අපි කලුවර වැටෙනකම්ම එක එක ජාතියෙ මාලු බල බල හොඳට මුහුදෙ පීනුවා. (මට ටිකක් පීනන්න පුලුවන්) ගෙදරදි අපිට නිදාගන්න හම්බඋනේ මුහුද පැත්තෙ කාමරයක්. මට නින්දගියේ පාන්දර යාමේ (මුහුදෙ සද්දෙ නිසා මට නින්ද ගියෙ නැහැ)
උදෙන්ම ආපහු මාතර යන්න හිටියත් පරක්කු වෙලා ඇහැරුනු හින්දා උදෙට කාලම යන්න හිටියා. මම ගොඩාක් ආසයි කිරිබත් වලට. ඒ නිසා පුංචි අම්මා කිරිබත් හදලා තිබුනා. බාප්පා රාජකාරි ගමනකට ගියා. මල්ලි බයික් එකෙන් යාලුවෙක්ගෙ ගෙදර ගියා. නංගි කැම්පස් එකේ නිසා ගෙදර ඇවිත් හිටියෙ නැහැ.
දැන් ගෙදර අපි තුන්දෙනයි. මම, වයිෆ්, පුංචි අම්මා. පෝය දවස නිසා පුංචි අම්මට පිරිත්අහන්න ඕනෑ උනා. මම පිරිත් CD එකක් දාලා මාතර යන්න ලැහැස්ති වෙන්න හැදුවා.ගේ තියෙන්නෙ ගාලු පාර අයිනෙ නිසා ලොකු තහඩු ගෙට්ටුවක් දාලා තියෙන්නෙ. තාප්පෙයි ගේට්ටුවයි නිසා මිදුලෙ ඉඳන් බැලුවට පාර පෙනෙන්නෙ නැහැ. මට ඇහුනා කවුදෝ ගේට්ටුවට ගහන සද්දයක්. මම දොරෙන් එබිලා බැලුවා. එතකොට දැක්කා ගේට්ටුව යටින් වතුර එනවා. ගේට්ටුව දඩ බඩ ගාලා හෙලවෙන්න ගත්තා. එකපාරටම ගේට්ටුව ගැලවිලා උඩින් ගියා (පස්සෙ බලද්දි ඒක තිබ්බෙ පිටිපස්සෙ ගෙදර බිත්තියකට හේත්තු වෙලා.
පාරෙ අඩි දෙකක් විතර වතුර. ඊට එහායින් මුහුද දිහා බැලුවාම දැක්කෙ ලොකු බිල්ඩින් එකක් වගේ, මුහුද අඩි 15ක් 20ක් විතර උඩට ඉස්සිලා. ඒ එක්කම බයික් එකක හිටපු කෙනෙක් ගහගෙන ඇවිල්ලා ගෙදර දොරේ එල්ලුනා. මම වයිෆ් වයි පුංචි අම්මවයි එක්ක පිටිපස්සෙ දොරින් එලියට බැස්සා. මගෙ බලාපොරොත්තුව උනේ උස තැනකට යාගන්න එක. ඒත් මොන උස තැන්ද. ඒ පැත්ත ඊටත් වැඩිය පාතයි.
අපි තුන්දෙනාම එකට ගුලිවෙලා ගෙයින් එලියෙ බිත්තියට හේත්තු වෙලා හිටියා. දැන් වතුර අපේ පපුව හරියට ඇවිත්. දඩ බඩ ගාන සද්දෙ, හෝ ගාන සද්දෙ නිසා අපි කතාකරන දේවල් වත් අපිට ඇහුනෙ නැහැ.
ගෙදර තියෙන බඩු මුට්ටු පාවෙලා යනවා. පුංචි අම්මා කෑගහනවා. පුංචි අම්මා මිටි නිසා මම එයාව මගෙ දකුනු පැත්තෙන් වඩා ගත්තා. වයිෆ්ට කිව්වා මගෙ උරහිසෙන් හයියෙන් අල්ලගන්න කියලා. අපි එකපාරටම උඩ පැනලා පීනලා ගිහිල්ලා ඉස්සරහ තියෙන පොල් ගස් අල්ලගමු කියල කිව්වා. එතකොට අපේ ඔලුවට උඩින් වතුර පාරක් ගියා. කොහොම හරි අපි තුන් දෙනා පීනලා ගියා. මම වම් අතින් පොල් ගහේ එලුනා. දකුනු අතින් පුංචි අම්මව අල්ලගෙන. වයිෆ් මගේ දකුනු අතේ එල්ලිලා. මට එයාව පොල් ගහට ඇදගන්න බැහැ. වතුර පාර සැරයි. ඒ ලඟම තිබුනා යකඩ මරන් (ඇල්බීසියා) ගහක්. එයාට ඒකෙ එල්ලෙන්න කිව්වම ගහේ අත්තක එල්ලුනා. වයිෆ්ට අහුඋනේ පොඩි අත්තක්. ඒ අත්ත මුලින් නැමුනා. ඊට පස්සෙ අත්ත කැඩුනා, ඒත් ගහෙන් ගැලවුනේ නැහැ. මේ වෙනකොට එයා හිටියේ මට අඩි 4ක් 5ක් විතර එහායින්. මම කිව්වා එයාට දඟලන්නෙ නැතිව වතුරෙ පාවෙලා ගහ අල්ලගන්න කියලා. අන්තිමට කොහොම හරි ගහ අල්ල ගත්තා. අපිට ආපු වතුර පාර ටිකක් සැර අඩුයි, මොකද අපි හිටියෙ ගේ පිටිපස්සෙ නිසා. හොඳ වෙලාවට ගේ කැඩුනෙ නැහැ. අනික අපි හිටියෙ මුහුද අයිනෙම නිසා මඩ, රොඩු වගේ ඒවා ආවෙ නැහැ. අනික ගොඩට ගහගෙන ගිය වතුර ආපහු ආවෙත් නැහැ.
ඊට පස්සෙ අපි ගස් වලින් බැහැලා පාරට ගියා. පාර පුරා වාහන. මිනිස්සු ...........
මම පෙරලිලා තිබුන බයික් එකක් ස්ටාට් කරගන්න හැදුවා . බැරිඋනා. ඊට පස්සෙ එතන තිබුන බයිසිකලයක් අරගෙන පුංචි අම්මව ඉස්සරහින් තියාගෙන වයිෆ්ව පිටිපස්සෙ රෝදෙ කෝන් එකට නග්ගගෙන ගාල්ල පැත්තට එන්න ගත්තා. (අපි හිතුවේ මුහුද ගොඩ ගැලුවෙ හබරාදූවට විතරයි කියලා). ඒත් පාර පුරා තියෙන සුන් බුන් හින්දා වැඩි දුර එහෙම යන්න බැරිඋනා. ගමේ හැමෝම පන්සලකට එකතුවෙන බව දැක්ක නිසා ඒ පන්සලට ගියා. ටික වෙලාවකින් මල්ලි අපිව හොයාගෙන පන්සලට ආවා.
එදා රෑ මල්ලිගෙ යාළුවෙකුගෙ ගෙදර ඉඳලා පහුවදා කොළඹට එන්න පිටත් උනා.
කැම්පස් එකේදි මුලින්ම කට්ටිය (බොන්න) සෙට් උන හැටි
කැම්පස් එකට ගියාම ඉස්සරනම් මුලින්ම දුන්නෙ ඉංගිරිසි පාඩම් මාලාවක්. (දැන්නම් නායකත්ව හැසිරීම් ගැනනෙ දෙන්නෙ). ඉතින් ඔය පන්ති වලට ගියාට ඉගෙන ගන්න දෙයක් නැහැනෙ. රැග් දෙන දිහා බලන් ඉන්නවයි, කෙල්ලො දිහා බලන් ඉන්නවයි විතරයි කරන්නෙ. අලුත් අලුත් කට්ටියත් එකා දෙන්නා හම්බ වෙනවා, අපිත් පම්පෝරි ගහනවා, උනුත් පම්පෝරි ගහනවා. ඔය අය අතරින් අපි දහ දොලොස් දෙනෙක් සෙට් උනා. ඉතින් කට්ටිය කථා උනේ අන්තිම දවසේ බොන්න. එකෙක් බියර් කේස් එකක් ගේනවා කිව්වා. (ඒව ඉතින් බයිලා).
ඉංගිරිසි පන්තියේ අන්තිම දවසත් උදාවුනා. එදා තිබුන කොන්සට් එකට හැම පංතියෙන්ම අයිටම් එකක් දාන්න ඕනෑ. අපේ අයිටම් එක ෆැෂන් ෂෝ එකක්. ඉතින් කොල්ලො පස් දෙනෙක් විතර (කකුල් වල මයිල් එහෙම ගාලා) කෙල්ලො වගෙ අන්දලා ගත්තා. මම තමයි ඒ අයව ස්ටේජ් එකට (බලාගෙන ඉන්න අයට) එක්කගෙන ගියේ (ඒ කියන්නෙ මම කෙල්ලෙකුට ඇන්දෙ නැහැ කියලයි). ධර්මාලෝක ශාලාව (සමහර අය කියන්නෙ ලෙනින් ශාලාව කියල ..) පුපුරන්න හූ සද්දෙ, කෙල්ලොත් උඩ පැන පැන හිනාවෙනවා (කෙලි) කොල්ලන්ගෙ ෆැෂන් ෂෝ එක බලලා.
ඒ වැඩ ඉවර වෙනකොට හවස් වෙලා. ඊට පස්සෙ බොන කට්ටිය එකතු කරන්න පටන් ගත්තා. මෙන්න බොලේ දෙතුන් දෙනෙක් හැලෙන්න පටන් ගත්තා. (ගෙදර යන්න ඕනෑ කියපි .. ) කමක් නැහැ බියර් කේස් එකක් හරි තියෙනවනෙ කියල හිතා ගත්තා. මොන කේස් එකක්ද???? තාත්තා ගේන්න දුන්නෙ නැතිලු.
ඒකෙන් මේකෙන් කාරි නැහැ කියල එකතු උන ටික දෙනා (දහ දෙනෙක් විතර) හිමින් හිමින් බොන්න තැනක් හොයාගෙන කිරිබත්ගොඩ පැත්තට ගියා. හොඳ තැනක් හම්බ උනේ එහා කොනටම ගියාම. ඉතින් කට්ටිය එකතුවෙලා බියර් එක්ක ලෙමන් ජින් බිව්වා. ටික වෙලාවකින් කට්ටියට ඩාන්ස් කරන්න ඕනෑ උනා. රෙස්ටුරන්ට් එකේ දාල තියෙන සිංදු හරි නැහැ. මං ගාව තිබ්බ සිංදු වගයක් දාන්න කියලා දුන්නා. ඒවා අහන ගමන් රෑ වෙනකම්ම බිව්වා. සමහර අය මහ ලොකුවට කිව්වට ජීවිතේටම මුලින්ම බොන දවස එදා. (ඒ බව දන්නෙ පස්සෙ).
බීල ඉවරවෙලා කට්ටියම ආපහු කැම්පස් එකට යන්න පටන් ගත්තා. බීපු එකෙකුටවත් කෙලින් යන්න බැහැ. (නොබීපු අයත් දෙන්නෙක් විතර හිටියා). ඉතින් පාර දිගේ (කෑ ගහ ගහ) පයින් යන ගමන් කලේ ගෙවල් වල වහල තියෙන ගේට්ටු අරිනවා, ඇරල තියෙන ගේට්ටු වහනවා, වහල තියෙන කඩවල් වල තහඩු බෝඩ් නවනවා, .....
ගෙවල් වලට යන කට්ටිය කැම්පස් එක ලඟින් බස් වලට නග්ගලා බෝඩිං වල ඉන්න අය හිමින් හිමින් අමාරුවෙන් කැම්පස් කන්ද නැගලා බෝඩිම් වලට පිටත් උනා. ගෙවල් වලට ගිය එකෙක් බස් හෝල්ට් එකක බැහැලා එතනම නිදාගෙන පහුවදා උදේ සෙනඟ එනකොට තමයි ඇහැරිලා තියෙන්නෙ.
[** සියළු ඡායාරූප උපුටා ගත් ඒවා බව සලකන්න**]
තාත්තාගේ සමුගැන්ම සමග .....
මාස ගානකට පස්සෙ තමයි ආයෙමත් මේ බ්ලොග් එක පැත්තෙ ආවෙ. ලියන්න ඕනෑ කියල හැමදාමත් හිත හිත හිටියට ලියන්න හිත දුන්නෙම නැහැ. මම මුලින්ම බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තෙ සිංහල අලුත් අවුරුද්දක් දවසක. ඒ නිසා අද ආයෙමත් ලියන්න ගන්න එක හොඳයි කියල හිතුනා.
බ්ලොග් ලියන එක පරක්කු වෙන්නත් හේතුවක් තිබුනා. මම දැන් ඒක කියන්නම්.
අපේ තාත්තා ගහක් ගලක් වගේ හිටියේ. මම සාමාන්‍යයෙන් (ගමේ) ගෙදර යන්නෙ මාස ගානකට සැරයයි. රස්සාවත් එක්ක ඔට්ටු වෙනකොට ගෙවල් දොරවල් මතක් වෙන්නෙ නැහැ. ඉතින් ගිය දෙසැම්බර් (2010) නත්තල් දවස්වල ගෙදර ගියාම තාත්තා හිටියා ගොඩාක් කෙට්ටු වෙලා. ඇහුවම කිව්වෙ Gastritis නිසා කියල. ඉතින් ඒකට උපදෙස් දීල මම හවස් වෙලා (මගේ) ගෙදර ආවා. ඊට දවස් දෙකකට පස්සෙ ගෙදරින් කතා කරල කිව්වා තාත්තා ඉස්පිරිතාලෙට ඇතුල් කලා, ලේ වලට විෂ බීජයක් ගිහිල්ලා තියෙනවා කියලා. දෙසැම්බර් 31 වෙනිදා ගෙදරින් කතා කරලා කිව්වා තාත්තාට පිලිකාවක් තියෙනවා වැඩිපුර ලෙඩේ ගැන හොයන්න මහරගම ඉස්පිරිතාලෙට ඇතුලත් කරන්න වෙනවා කියලා. මහරගමට ඇතුල් කරල අවශ්‍ය මූලික පරීක්ෂන එදාම කරගන්න පුලුවන් උනා. එතනදි කිව්වා තාත්තට පිලිකාව තියෙන්නෙ අක්මාවෙ කියලා. ඊට පස්සෙ මම තාත්තව අපෙ ගෙදර නවත්තගෙන තාත්තව බේරගන්න ඉඩක් තියෙනවද බලන්න තවත් පරීක්ෂන වගයක් කලා. බේරගන්න ඉඩක් තියෙනවනම් යන සේරම වියදම් දරන්න තාත්තගෙ යාලුවො ලැහැස්ති වෙලයි හිටියේ. ඒත් බේරගන්න කිසිම ඉඩක් නැහැ කියලා දොස්තරලා කිව්වා.
ඊට පස්සෙ අපි එන දේකට මුහුන දෙන්න හිත හදාගත්තා. තාත්තට විටමින් වෙනමයි, වේදනා නාශක වෙනමයි, බේත් වෙනමයි තමයි දුන්නෙ. තාත්තගෙ ඇවිදීමේ හැකියාව, කතා කිරීමේ හැකියාව ටිකෙන් ටික නැතිවෙලා ගියා. අවසාන මොහොත වෙනකම්ම කිසිම වේදනාවක් ඇතිවෙන්න ඉඩ තිබ්බෙ නැහැ.
ජනවාරි 29 වෙනිදා හවස වත්තල හේමාස් එකේදී තාත්තා අපෙන් සමුගත්තා.
මගේ ජීවිතේ තනිකරම වෙනස් වෙලා ගියා.
ඉතින් අද ඉඳන් මම ඒ වෙනස් උන ජීවිතේ ගැන මේ බ්ලොග් එකේ ලියනවා ...
ගණිත සෙල්ලම් වලට අහුවෙන ලාංකිකයෝ හෙවත් පිරමිඩාකාර ගිරිහිම අනුපාතය
මේ වගේ දැන්වීමක් කොහේ හරි දැකල නැත්නම් කවද හරි දකී.
ඉතින් කවුද අකමැති අඩු ගානකට වටිනා ලැප්ටොප් එකක් ගන්න. ඉතින් වැඩිපුර හිතන්නෙ නැතුව අපිත් යනවා මේ තැන හොයාගෙන. ගිය ගමන්ම අපිට ඒ ගොල්ලො දෙන්නෙ ලැප්ටොප් එකක් නෙමෙයි. ටිකට් 4ක්. අපි එයාලට රු.20,000/-ක් දුන්නම. එයාල අපිට දෙනවා ටිකට් 4ක්. අපි ඒ ටිකට් 4 රු. 20,000/- ගානෙ අපේ යාළුවන්ට විකුනන්න ඕනෑ. විකුනල ඒ සල්ලි අර කොම්පැනි එකට දුන්නම අපිට ලැප්ටොප් එක හම්බවෙනවා. ඇත්තටම අපිට වියදම් උනේ රු. 20,000/-යි. කථාව ඇත්ත.
ඊට පස්සෙ අපෙන් ටිකට් ගත්තු යාළුවන්ට වෙනවා අර කොම්පැනි එකට ගිහින් තමන් මිලදී ගත්ත ටිකට් එක දෙන්න. එතකොට එයාලට හම්බ වෙනවා තවත් ටිකට් 5ක්. එයාලා ඒ 5 තවත් යාළුවෝ 5 දෙනෙකුට විකුනලා සල්ලි ගෙනත් දුන්නම එයාලටත් ලැප්ටොප් එකක් ගන්න පුළුවනි. .....
ඉතින් මෙතන කිසිම බොරුවක් නැහැ. දැන්වීමේ විදිහටම සේරම දේවල් සිද්ධ වෙනවා. ලැප්ටොප් කොම්පැනි එකටත් තමන්ගෙ විකිනෙන භාන්ඩයට අදාල සම්පූර්ණ මුදලම ලැබෙනවා.
ඒත් මෙතන තියෙන්නෙ කූටෝපායක්. මේ කූට වෙලඳාමට රැවටිලා තමන් ගත්ත ටිකට් විකුනගන්න බැරි උන අයට ඉතින් හුලං තමයි. හැබැයි වෙලෙන්දා ගොඩ.
මම කියන්න යන්නෙ මේක වෙන්නෙ කොහොමද කියලා.
මේ කොම්පැනියෙන් ටිකට් ගත්ත පලවෙනියා එයාගෙ ටිකට් ටික ලේසියෙන්ම 4 දෙනෙකුට විකුනගන්නවා. ඒ හතර දෙනා තමන්ගෙ ටිකට් (4x5) = 20 දෙනෙකුට විකිනිය යුතුයි. ඒ අයටත් ඒවා විකුන ගන්න පුලුවන් උනා කියල හිතමුකෝ. ඒ විසි දෙනා ආයෙමත් (20x5) = 100 දෙනෙකුට විකිනිය යුතුයි. එවිට 1+4+20+100 = 125 ක් ටිකට් අරගෙන ඇත. ඔවුන්ගෙන් 25 දෙනෙකුට ලැප්ටොප් ලැබිල තියෙන්නෙ. සිය දෙනෙකුට තියෙන්නෙ බලාපොරොත්තුවක් විතරයි. ඒ වෙනුවෙන් රු. 20,000/-ක් දැනටමත් ගෙවල ඉවරයි.
දැන් මේ ගනුදෙනුව මිතුරන්ගෙන් එපිටට, නගරයට පැතිරෙනවා. ටිකට් අතේ ඇති 100 දෙනා ඒවා තවත් 500 දෙනෙකුටත්, ඒ 500 දෙනා තවත් 2500 දෙනෙකුටත් ටිකට් විකුනන්න ඕනෑ. නගරය ටිකට් පත් වලින් පිරී ඉතිරී යනවා. එතකොට ටිකට් විකුනගන්න පුද්ගලයන් හොයාගන්න අමාරු වෙනවා.
අපි මෙය සංඛ්‍යා පිරමිඩ අකාරයට සලකා බලමු.
මෙම නිපාතයට යටවී සැඟවී යන යෝධ සංඛ්‍යාව, කූට වෙලඳුන්ගේ ගැටවලට අසුවන, තමන්ගේ මොළය භාවිතයට නොගන්නා පුද්ගලයන්ට දඬුවම් කරයි.
පසුවදන :
මෙහි මා ලැප්ටොප් වශයෙන් යෙදුවේ පහසුව පිනිසයි. මේ වැනි ව්‍යාපාර මේ දිනවල ලංකාවේ කෙරීගෙන යමින් පවතියි. සෝෆා, පිඟන් කට්ටල, TV, DVD Players, විටමින් පෙති, තිර රෙදි, ... ලැප්ටොප් වෙනුවට ආදේශ වී ඇත.
මගේ මේ ලිපියට පාදක වූයේ Y Perelman ගේ Mathematics Can Be Fun පොතේ එන Large numbers යටතේ ඇති කථාවකි. සෑම ලාංකිකයෙකුම කියවිය යුතු පොතකි. (ගණිත විනෝදය යනුවෙන් සිංහල පරිවර්තනයක් ඇත) මේ පොත මොළේ ඇති හොරෙකුට හමුවූයේ නම් රටට දෙවියන්ගේම පිහිටය.
ප.ලි : මෙහි pdf සංස්කරනය අන්තර්ජාලය පුරා සෙවූවත් හමුවූයේ නැත.
"අලුත්ම ලැප්ටොප් එකක් රු. 20,000/- යි !
රු. 20,000/-ක් පමනක් ගෙවීමෙන් හැමෝටම රු. 100,000/-ක් වටිනා ලැප්ටොප් එකක් ලබාගත හැකිය. වෙනත් ගෙවීම් නැත. විකිනීම පිලිබඳ විස්තර ලබා ගන්න"
ඊට පස්සෙ අපෙන් ටිකට් ගත්තු යාළුවන්ට වෙනවා අර කොම්පැනි එකට ගිහින් තමන් මිලදී ගත්ත ටිකට් එක දෙන්න. එතකොට එයාලට හම්බ වෙනවා තවත් ටිකට් 5ක්. එයාලා ඒ 5 තවත් යාළුවෝ 5 දෙනෙකුට විකුනලා සල්ලි ගෙනත් දුන්නම එයාලටත් ලැප්ටොප් එකක් ගන්න පුළුවනි. .....
ඉතින් මෙතන කිසිම බොරුවක් නැහැ. දැන්වීමේ විදිහටම සේරම දේවල් සිද්ධ වෙනවා. ලැප්ටොප් කොම්පැනි එකටත් තමන්ගෙ විකිනෙන භාන්ඩයට අදාල සම්පූර්ණ මුදලම ලැබෙනවා.
ඒත් මෙතන තියෙන්නෙ කූටෝපායක්. මේ කූට වෙලඳාමට රැවටිලා තමන් ගත්ත ටිකට් විකුනගන්න බැරි උන අයට ඉතින් හුලං තමයි. හැබැයි වෙලෙන්දා ගොඩ.
මම කියන්න යන්නෙ මේක වෙන්නෙ කොහොමද කියලා.
මේ කොම්පැනියෙන් ටිකට් ගත්ත පලවෙනියා එයාගෙ ටිකට් ටික ලේසියෙන්ම 4 දෙනෙකුට විකුනගන්නවා. ඒ හතර දෙනා තමන්ගෙ ටිකට් (4x5) = 20 දෙනෙකුට විකිනිය යුතුයි. ඒ අයටත් ඒවා විකුන ගන්න පුලුවන් උනා කියල හිතමුකෝ. ඒ විසි දෙනා ආයෙමත් (20x5) = 100 දෙනෙකුට විකිනිය යුතුයි. එවිට 1+4+20+100 = 125 ක් ටිකට් අරගෙන ඇත. ඔවුන්ගෙන් 25 දෙනෙකුට ලැප්ටොප් ලැබිල තියෙන්නෙ. සිය දෙනෙකුට තියෙන්නෙ බලාපොරොත්තුවක් විතරයි. ඒ වෙනුවෙන් රු. 20,000/-ක් දැනටමත් ගෙවල ඉවරයි.
දැන් මේ ගනුදෙනුව මිතුරන්ගෙන් එපිටට, නගරයට පැතිරෙනවා. ටිකට් අතේ ඇති 100 දෙනා ඒවා තවත් 500 දෙනෙකුටත්, ඒ 500 දෙනා තවත් 2500 දෙනෙකුටත් ටිකට් විකුනන්න ඕනෑ. නගරය ටිකට් පත් වලින් පිරී ඉතිරී යනවා. එතකොට ටිකට් විකුනගන්න පුද්ගලයන් හොයාගන්න අමාරු වෙනවා.
අපි මෙය සංඛ්‍යා පිරමිඩ අකාරයට සලකා බලමු.
1
4
20
100
500
2500
12,500
62,500
නගරය විශාල නම්, හැමෝටම ලැප්ටොප් අවශ්‍ය නම්, එහි ජනගහනය 62,500 ක් නම් 8 වෙනි වට රවුමෙදී මෙම ගනුදෙනුව බිඳ වැටේ. සියලුම දෙනා එයට යටවී ඇත. එහෙත් ලැප්ටොප් ලබාගෙන ඇත්තේ එයින් 1/5 කොටසකි. ඉතිරි 4/5 දෙනා අතේ විකුනාගත නොහැකි වූ ටිකට් ඉතිරිව ඇත.
(මෙයට කියන්නේ "ගිරිහිම නිපාතය" කියාය)
තවත් රවුම් දෙක තුනක් යනවිට රටක්ම මෙයට යට විය හැක. එනමුත් එයින් 4/5 ක් ම රැවටීමකට ලක්ව ඇත.
මෙයින් කොම්පැනියට ලැබෙන්නේ කුමක්දැයි අපි බලමු. ජනගහනයෙන් 1/5ක් ලබාගත් ලැප්ටොප් සඳහා ඉතිරි 4/5 ක කොටසකට ගෙවීමට සලස්වයි. තවත් විදියකට කියනවානම් එක් අයෙක් ලබා ගත් භාන්ඩයේ ඉතිරිය සඳහා තවත් හතර දෙනෙක් ගෙවීම් සිදුකරයි. තවත් අතකින් කියනවානම් කිසිඳු අමතර වියදමක් නැතිව තමන්ගේ භාන්ඩ බෙදා හැරීම පිනිස ඒජන්තවරු සොයාගනී. (එකිනෙකා ගිල ගැනීමේ ගිරි හිම නිපාතය - අයි. අයි. යසීන්ස්කි)මෙම නිපාතයට යටවී සැඟවී යන යෝධ සංඛ්‍යාව, කූට වෙලඳුන්ගේ ගැටවලට අසුවන, තමන්ගේ මොළය භාවිතයට නොගන්නා පුද්ගලයන්ට දඬුවම් කරයි.
පසුවදන :
මෙහි මා ලැප්ටොප් වශයෙන් යෙදුවේ පහසුව පිනිසයි. මේ වැනි ව්‍යාපාර මේ දිනවල ලංකාවේ කෙරීගෙන යමින් පවතියි. සෝෆා, පිඟන් කට්ටල, TV, DVD Players, විටමින් පෙති, තිර රෙදි, ... ලැප්ටොප් වෙනුවට ආදේශ වී ඇත.
මගේ මේ ලිපියට පාදක වූයේ Y Perelman ගේ Mathematics Can Be Fun පොතේ එන Large numbers යටතේ ඇති කථාවකි. සෑම ලාංකිකයෙකුම කියවිය යුතු පොතකි. (ගණිත විනෝදය යනුවෙන් සිංහල පරිවර්තනයක් ඇත) මේ පොත මොළේ ඇති හොරෙකුට හමුවූයේ නම් රටට දෙවියන්ගේම පිහිටය.
ප.ලි : මෙහි pdf සංස්කරනය අන්තර්ජාලය පුරා සෙවූවත් හමුවූයේ නැත.
පිහි ඇනුමකින් කෙලවර වූ කැම්පස් ආදරය ....
එක දවසක් මම කැම්පස් එකට යනකොට තෙල් බැම්මට මෙහා කට්ටිය රොක් වෙලා. ගොඩාක් වෙලාවට එහෙම වෙන්නෙ වලියක් වගෙ එකක් උනොත් තමයි. කසු කුසු අතරින් ආරංචි උනා කොල්ලෙක් කෙල්ලෙකුට පිහියෙන් ඇනලා කියලා. කෙල්ල ඉස්පිරිතාලෙ ගෙනිච්චලු, කොල්ලා හොයාගන්න නැතිලු.
පස්සෙ ආරංචි උනා කොල්ල පඳුරක් අස්සෙ ඉඳල සෙකියුරිටි එකට හම්බවෙලා කියලා. කොල්ලා වහ බීලා.
දෙන්නම ඉස්පිරිතාලේ. පස්සෙ බැලින්නම් මේ කපල් එක අපි දන්නවා. ඒ කියන්නෙ අපිට සීනියර්. මම අඳුනන්නෙ නැති උනාට මගේ සමහර යාළුවෝ හොඳට අඳුනනවා. හැබැයි මට මේ කපල් එක හොඳට නෝට්. හේතුව තමයි දෙන්නම එකට දැකල තිබීම.
දෙන්න හොඳ ආදරෙන් ඉඳල තියෙනවා. ඒත් ඒ ආදරේට කණ කොකා අඬල තියෙන්නෙ ප්‍රැක්ටිකල් වලට කෙල්ල කොම්පැනි එකක ජොබ් එකට යන්න ගත්තට පස්සෙ. එතන පොරක් මෙයා එක්ක සෙට් වෙලා. අන්තිමට කෙල්ලගෙ ගෙදර අයත්, කෙල්ලත් දෙගොල්ලම කැමති අර අළුත් කොල්ලව බඳින්න. කැම්පස් ආදරය නවත්තන්නයි කෙල්ලට ඕනෑ වෙලා තිබුනේ.දෙන්න ඒක නවත්වන්න කතා බහ කරගෙන එකඟ වෙලා ඉඳල තියෙන්නෙ.
ඉතින් කැම්පස් කොල්ලා එක දවසක් කෙල්ලට පිහියෙන් ඇන්නා. ඊට පස්සෙ කෙල්ල මැරුනා කියලා හිතලා පඳුරක් අස්සෙ හැංගිලා වහ බිව්වා.
දෙන්නටම අමාරු උනා. ඒත් දොස්තරල මේ දෙන්නවම බේර ගත්තා.
කෙල්ල සුපුරුදු පරිදි ගෙදරට වෙලා ජොබ් එකට ගියා. (හැබැයි ආයෙමත් කැම්පස් ආව කියල ආරංචියක් තිබුනෙ නැහැ). කොල්ල බෙල්ලෙ වැල දාගෙන සිය දිවි නසා ගත්තා.
ප.ලි : මේ ගැන පත්තරේකට හෙදියක් ලිපියක් ලියල තිබ්බ. මට මතකයි ඒකෙ තිබුනේ ආදරය ඉල්ලල නොලැබුන තැන පිහියෙන් ඇන්නා කියලා. ඒ ලිපිය පුරාම තිබ්බේ කොල්ලගෙ වැරැද්ද විතරයි.

මගේ පුතා හොරු අරගෙන ගියාදෝ......
අද දිවයින පත්තරේ තිබුන මේ කවිය දැක්කම හිතට අදහස් ගොඩාක් ගලාගෙන ආවා. ඒ එකක්වත් ලියන්නෙ නැතිව පත්තරේ තිබුන කවිය එහෙම්මම මෙතන දැම්මා. මේ කවිය හොඳට කියවන්න කියලා කැම්පස් ගිය, නොගිය, යන්න ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා.
මගේ පුතා හොරු අරගෙන ගියාදෝ
ඇහේ බබා මෙන් උන් පුත් කුමරාන
ගසේ පිපුන එක මල රොන් පුරවාන
ඇසේ නොයෙක් බස් හැම කසු කුසු ගාන
පැසේ පපුව තුළ දරු දුක මුරගාන
කුරා කුහුඹුවෙකුටත් හිරිහැර නොකළ
වරා නින්ද පොත්පත් වණපොත්ම කළ
සරා සඳ මගේ දිවිඹර එකළු කළ
සොරාගෙන අහෝ දෙවියනි නරුම රැළ
ගෙවූ බරට බර රුපියල් පියා දනී
දිවූ දුරක් හති හලමින් පුතා දනී
මැවූ සිහින රෑ අහසේ තරුත් දනී
පෙවූ සිප් කිරම මට සාපයක් උනී
නියෙන් පහරකුත් නොමදී හැදූ පුතා
සයෙන් දෙවේලක් නොතියා හැදූ පුතා
බියෙන් වද ගසා පොල්ලෙන් නැසූ පුතා
දියව් නරුමයනි මට යලි මගේ පුතා
කපා කොටා අතපය නැති කරගන්ට
පපා නිකට බැරිනම් ගොළුවී ඉන්ට
උපාධියට පන නළ උකසට දෙන්ට
එපා පුතුන් සරසවියට නම් යන්ට
(හිසට වැදුනු පොලු පහරක් හේතුවෙන් සරසවි සිසුවා මියයයි - පුවතක්)
- පද්මිනී ශ්‍රියාලතා -
කවිමුතු, නිම්නය
දිවයින ඉරිදා සංග්‍රහය (14.11.2010)
උපුටා ගැනීමකි
සියළු හිමිකම් කිවිඳිය හා පුවත්පත සතුය

මේක හූනියමක්ද?, බන්ධනයක්ද?, ආරක්ෂාවක්ද ?
වත්තෙ පස් අස්සෙ තිබිල සුරයක් හම්බ උනා. ඒක අපි දාපු එකක් නෙමෙයි. අපිට කලින් මේ ඉඩම අයිති අයගෙ වැඩක් වෙන්න ඇති. ඉතින් ඒකෙ ඇතුලෙ යකෙක් ඉන්නවනම් ඌ එලියට දාන එක පිනක් නෙ. ඒ නිසා මම සුරය ඇරල බැලුවා. මේන්න මේකයි ඇතුලෙ තිබුනෙ.
කවුරු හරි දන්න කෙනෙක් මේක තේරුම් කරල දෙනවනම් ලොකු උදව්වක් .....
Seylan Credit Card එක මට කල හදියක් ..
පොඩි අමාරුවක් තිබිලා ගත්තනෙ Credit Card තුනක්ම. ටික කලකින් තමයි මේවයෙ රඟේ තේරුනේ. හැබැයි මේකෙ හොඳ පැත්තකුත් තියෙනවා. අප්සෙට් එක තියෙන්නෙ Credit Card වල නෙමෙයි. ඒව පාවිච්චි කරන අපෙයි, ලංකාවෙ බැංකුවලයි.
ඉතින් යන එන මං නැති උනාම අමාරුවෙන්ම සල්ලි හොයාගෙන මේ තුනම ගෙවලා වහලා දැම්මා.
ඔහොම සන්තෝෂෙන් මාස 9 ක් ඉන්න කොට ආව call එකක්.
"Mr. මහසෙන් ඔයාගෙ Seylan credit card එකේ limit එක පැනලා ..... කවදද ගෙවන්නෙ"
"මම card එක close කලානෙ, full n final payment එකක් කලා"
"එහෙම කරල නැහැ. ඔයා ඉක්මනට ගෙවන්න. නැත්නම් ඔයාටම තමයි ප්‍රශ්නේ ... "
"......."
මුල්ම දවසෙ කිව්වා 30,000/- ක් ගෙවන්න කියලා.
ඊට පස්සෙ දවසක කිව්වා 16,000/- ක් ගෙවන්න කියලා.
අන්තිමට කිව්වා 8,500/- ක් ගෙවන්න කියලා.
මමත් ප්‍රශ්න වගයක් ඇහුවා.
*ඇයි මට call කරන්න මාස 9 ක් යනකම් හිටියේ ??
*මට statement එව්වෙත් නැහැ, warning letters එව්වෙත් නැහැ
ඊට පස්සෙ මගෙ ලඟ තියෙන documents වල fax එවන්න කිව්වා. ඒවත් යැව්වා.
ඒත් ආයෙමත් call කරලා කියනවා "කරන්න දෙයක් නැහැ 8,500/- ක් ගෙවන්න" කියලා.
මේ මොන මගුලක්ද ගිහිල්ලම කතා කරනවා කියල අද (25.10.2010) උදෙන්ම ගියා Seylan Bank Card Center එකට. ඒක තියෙන්නෙ නුගේගොඩ පාගොඩ පාරේ.
Reception එකෙන් කිව්වා 3rd floor එකට ගිහින් P හම්බවෙන්න කියලා. ඒකටත් ගියා.
ඔය P ම කලින් මට සද්දයක් දාලා තිබුනා "ඔයා 8,500/- ගෙවනවනම් ගෙවන්න, නැත්නම් නිකං ඉන්න .... " වගේ. ( P කියන්නෙ ගෑනු ලමයෙක්)
මම ඉතින් එයා ඉස්සරහින් ඉඳගෙන මගෙ Documents ටික අතට දුන්නා. P එයාගෙ comouter එකට මගෙ ID no එක ඇතුලු කලා.
"මම තමයි දැන් මේ account එක handle කරන්නෙ. ඔයා මේ කියන ගාන ගෙවන්න ඕනේ"
"ඉතින් මිස් මට කියපු විදියට මේ card එක 30,000/- ක් දාල close කලානෙ"
"මේ card එක close කරන්න නම් 33,900/- ක් දාන්න ඕනේ, ඉතින් close කරලා නැහැ"
"ඉතින් එදා ඉඳන් තාමත් මට bill එකක් ගෙදරට එන්නෙ නැහැනෙ. මාස 9ක් තිස්සෙ මට call කලෙත් නැහැනෙ"
"card එකක් hold කලොත් bill යවන්නෙ නැහැ. call කරන්නෙත් නැහැ"
"ඉතින් මම කොහොමද දන්නෙ මගෙ account එකේ තත්වය"
"ඒක ඔයා කතා කරල දැන ගන්න ඕනෑ"
"මට manager හම්බ වෙන්න පුලුවන්ද ?"
"අද එයා එන්නෙ නැහැ"
"ඉතින් මිස් මේ වැඩෙන් මට අසාධාරනයක් වෙනවා නේද? ඔයාල කියපු නිසානෙ නයක් වෙලා 30,000/- ක් ගෙව්වේ. මට 33,900/- ක් ගෙවන්න කිව්ව නම් ඒවෙලාවෙ මම ගෙවනවනෙ"
"..........."
"................"
"මම දන්නෙ නැහැ .... මම ආවෙ ලඟදි. තව ටිකින් manager එනවා. ඔයා එයත් එක්ක කතා කරගන්න"
"OK'
ඉතින් මමත් manager එනකම් බලාගෙන ඉන්නවා.
කාලය ගෙවෙනවා. මට පිටුපස්සෙන් මෙහෙම ඇහෙනවා.
'ඔයාගෙ loan account එක close කරන්න ද ඕනේ. hold on.
P මේ මුබාරක් ගෙ account එක close කරන්න 153,000/- ක් දැම්මම ඇති නේද?'
'ඔව් එත් 155,000/- ක් දාන්න කියන්න'
'Mr. මුබාරක් ඔයාගෙ account එක close කරන්න නම් 155,000/- ඉක්මනටම දාන්නවෙනවා. ඒක දාල අපිට call එකක් දෙන්න'
මටත් මීට මාස 9 කට කලින් කිව්වෙ මේ විදියටමනේ ....
ඕන්න manager එයාගෙ seat එකට ආවා. මමත් ඉස්සරහින් ඉඳගෙන ආයෙමත් කතාව මුල සිට සරලව කිව්වා.
"මෙතන අපෙ අතින් වැරැද්දක් වෙලා තියෙනවා. ඔයාලටත් තිබ්බා බැංකුවකින් පොරොන්දු වෙන දේවල් ලිඛිතව ගන්න. මම මේ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. මම ඔයාලට සාධාරනයක් කරන්නම්, ටිකක් කල් දෙන්න. මේක handle කරන්න M ට දෙන්නම්."
"දැන් මාව CRIB දාලද? මට P කිව්වනෙ දාල කියල"
"ඒක ඇත්තටම මම දන්නෙ නැහැ. මම මේ සේරම check කරල ඔයාට call එකක් දෙන්නම්"
"බොහොම ස්තුතියි"
manager ගේ බටර් ටික සාක්කුවෙ දාගෙන මම බැකුවෙන් එලියට බැස්සා.
සුහද හදක් කල හදියක් !!
ඉගෙන ගත්ත පාඩම : මොනදේ වුවත් ලිඛිත අණ සහ අවසරය මත පමනක් සිදුකිරීම අනාගත සැපතට හේතුවේ.
Subscribe to:
Posts (Atom)