ඉංදියන් සාගරේ දියවෙන ලුණු කැටයක් වගේ දූපතක ඉඳන් දන්න සිංහලෙන් අහන දකින දේවල් අකුරු කරන කළු සිංහලයකුගේ සිතුවිලි ....
Showing posts with label කැම්පස්. Show all posts
Showing posts with label කැම්පස්. Show all posts
මගේ පරන බ්ලොග් අඩවියෙන් (v) - යල් පැන ගිය මගේ කවි (i) ....
කැම්පස් එකේ පලමු වසර ගැන ලියන්න ඕනේ කියල තමයි ඉඳගත්තේ. ඒත් මගේ පරන බ්ලොග් එකක් මතක් උනා. ඒකේ තියෙන්නේ කවිම නොවුනත් කැම්පස් එකේ අහපු දැකපු ඒවා. ඉතින් මට හිතුනා ඒකෙන් දෙක තුනක් අරගෙන මෙතන දාන්න ඕනේ කියලා. මගේ විශේෂ ඉල්ලීම මේ දේවල් (මේවා කවි නෙමෙයි හොඳේ) කියවලා ඒ දවස් වලදී මම දැක්ක දේවල් ගැන පොඩි රූපයක් මවා ගන්න කියන එකයි.
Gym Canteen
හෝ මාමා එබී බලයි
සමග තවත් පස් දෙනෙක්,
එල්ලී කැන්ටිමේ (බිත්තියක)
phone business ය
සමාජවාදී නියමුවෝ
[ටික දිනකට පසු මේ pictures පුච්චා දමා තිබෙනු දක්නට ලැබින]
අලුත් නැවක් ඇවිත් ...
ඇත නෙක පොත්, රාක්ක වල
අතවත්
නොතබන නිසා
දූවිලි බැඳී
ඇත මේසය මත පොතක්
දිවයයි
ඒ දෙස දෙදෙනෙක්
මක් කරන්නද ..
ඔබ ගැන මතක යනු සඳය
ඔබ ගඟය
අද අමාවකය
Vacation එකට ගෙදර ආපු දවස
නියඟයට ඉරිතැලුන
පොලවේ
කඩතොලු පාගමින්
සිහිකරයි ඇය
පෙරදින ඔහු
නිය ගැසූ තැන්
STCT Lecture එකේදී
දැනේ
සිහිල් පවන් රැලි
විදුලි පංකාවේ
පෙනේ සෙලවෙන ගස්
ඈත
Campus අධ්‍යාපනය
බ්‍රහස්පති මත CH4 ඇත
එනම්
එය
ගොම බෙට්ටකි
බෝඩිමේ ඇන්ටිගෙ දුව + මම
එනව කිව්වෙ 9 ට
වැදුනෙ නැහැ Alarm එක
දැන් 10 යි
ඉක්මනට මූන හෝදගන්න
ගියාම ලිඳ ලඟට
එයා
ඉන්නවා
tap එක ලඟ
නයිටිය ඇඳගෙන
දත් මැද මැද
(මතු සම්බන්දයි)
කැලනිය කැම්පස් එකේදි මට හිතුන දේවල් වලින් ටිකක්. ලියලා තිබුනේ ඔහේ ඉන්න ගමන්, chat කරන ගමන්, ටියුට් වල.
මගෙ යාළුවන්ට උන දේවල් තමයි ඔය සේරම.
මගේ පරන බ්ලොග් අඩවියෙන් (iv) - සමුගන්නට මොහොතකට පෙර (i) එක්තරා සටහන් ටිකක්
මුලින්ම කියන්න ඕනෑ මේ පොත මගේ නෙමෙයි. (හැබැයි කාගෙද කියල අහන්න එපා,
ඔයාලට තේරුම් ගන්න පුලුවන්). හැබැයි මේ පොතේ මෙහෙම දේවල් තියෙන්න ඕනෑ කියන
අදහස මගේ. පොතේ අරමුන උනේ; යාළුවෝ කැම්පස් එකෙන් අයින් උනාම ආගිය අතක් නැති
වෙනවනේ. ඉතින් මට ඕනෑ උනේ ඒ අයගෙ ගෙවල් වලට යන පාරවල්, විස්තර එකතු කරවන
එකයි. T මගෙන් ඇහුවා ගැලපෙන ක්‍රමයක්. මම පොතක් T ට දීලා කිව්වා ඒවා ගන්න
කියලා. ඒ අතර තිබ්බ සමහර දේවල් ටිකක් මම මෙතන දාන්නම්. මේව මේ මම ගැන
කියපුව නෙමෙයි. T ගැන කියපුවා.
ඔයාටත් S ටත් එල්ලේ ටීම් එක සෑදීමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවායි පතන මා.
දයාබර සොයුරිය,
A
ප.ලි :
T එදා සංගන්නෙට ආපු අක්ක උඹෙන් ඇහුව මතකද ..
ARTs Fac. යාළුවෝ හොස්ටල් එකෙන් පිටවෙලා යන දවස .... ආයේ එන්නෙ නැහැ
GYM කැන්ටිමේ දොරටුව. ෆොටෝ එක ගත්තේ මම
A - 11 දී
ආදර T
"අනේ මචං, බලපන් මචං, මාර වැඩ ගොඩයි, මේව කවද කරන්නද මන්ද, කැම්පස් එකේ විභාග නැතුව ඉන්න තියේනං කොච්චර හොඳද?"
අනේ
බං උඹේ මේ කතා කවද අමතක කරන්නද? උඹයි මමයි ගොඩාක් ලංවුනේ .... උඹට මතකද?
හොස්ටල් එකට ආවට පස්සේ. ඊට කලින් අපි උඹ ගැන කතා වෙනවා. උඹ දන්නවනේ ඒ මොකද
කියලා. ඒත් හොස්ටල් එකට ආවට පස්සේ අපි කොච්චර ලං උනාද? උඹ මගේ දුකේදිත්
සැපේදිත් එක වගේ ලඟින් හිටියා. මම ලෙඩ උනාම උඹ මට කොච්චර සැලකුවද? මම පුංචි
දේටත් අඬනකොට උඹ මගේ හිත හැදුවා.
"ඉතින් හිත හදාගෙන හිටපං. සුදු අයිය හෙට එනවනෙ. සුදු අයියට වැඩ ඇතිනෙ. අනේ මචං අඬන්න එපා. හොඳ A නෙ"
මෙහෙම
කිය කියා උඹ මගේ හිත හැදුවා. මම තනියම හොස්ටල් එකේ ඉන්න දවසට උඹ සැරින්
සැරේ ඇවිදින් මාව බලල යනවා. ඕවා කොහොම අමතක කරන්නද? ඉතින් මචං උඹ උදේ
ගියාම ආයිත් දකින්න වෙන්නෙ රෑට තමයි. සමහර දවසට ඒ වාසනාවත් නැහැ, මොකද අපි
නැගිටින්නත් කලින් උඹ ගිහින් එතකොට අපි උඹව බලන්න රීඩින් රූම් එකට එනවා.
මෙන්න බොලේ අපි එනකොට උඹ හොඳටම නිදි. උඹලට විභාගෙ ලියන්නෙ පොලිසියෙන්ද? උඹ
රෑට ආවත් ඉස්සෙල්ලම දෙපැත්තෙම ජනෙල් වහල තමයි අනිත් සේරම වෙඩ කරන්නෙ. ඒ
කාලෙ කොච්චර සුන්දරද?
මේවා FB Fanpage එකෙන්
T උඹට මතකද අර බෙන්ච් එක අල්ල ගන්න කියල
උදේ 5.30ට විතර යනවා? අර උඹෙ පරන ෂර්ට් එක අපි හැංගුවා? උඹ කී දවසක් අපිට
හොරා අපේ රෙදි සේදුවද? උඹට අපි කොච්චර දේවල් කිව්වද, ඒත් උඹ ඒවා කිසිදෙයක්
ගනන් ගත්තේ නැති බව දන්නවා. උඹ දවස් කීයක් අපේ ගෙදර ආවද? ඒවා කොහොම අමතක
කරන්නද?
T උඹ exam එකට කලින් දවසෙ
විඳින දුක දැක්කනම් ආයෙත් ජීවිතේටම exam තියෙන එකක් නැහැ. එදාට උඹ දිහා බලා
ඉන්න බැරිකමටයි මම වේලාසනින් නිදාගන්නෙ. අපි එක බත් උයාගෙන කාල සතුටින්
ගෙවපු ඒ ලස්සන කාලය දැන් ගෙවීගෙන යන්නයි යන්නේ. ඒත් මේව දාල අපි කොහේ
යන්නද? මට නම් යන්න බැහැ. උඹ දන්නවනෙ මම කොහොමද මේ හැම දෙයක්ම දාලා යන්නේ.
"A - 11 සද්දෙ වැඩියි""කුවේනි කොච්චර අපිට බැන්නද? අන්තිමේදි කුවේනි අපිට බයේ මොනවත් කිව්වෙ නැහැ. ඒත් උඹ බය බව මම දැනගත්තා. T මේවගේ ලස්සන කතා ගොඩයි. මේව අමතක වෙන්නෙ නැහැ. ඒ වගේම මේ A වත් අමතක වෙන්නෙ නැහැ නේද? ඉතින් T අපි ගෙවපු ඒ ලස්සන කාලය මෙහෙම ගෙවිල අපි සමුගෙන ගියත් අපේ මේ මිතුදම හැමදාම අපේ හිත්වල එකවගේ තියේවි.
ඔයාටත් S ටත් එල්ලේ ටීම් එක සෑදීමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවායි පතන මා.
දයාබර සොයුරිය,
A
ප.ලි :
T එදා සංගන්නෙට ආපු අක්ක උඹෙන් ඇහුව මතකද ..
"නංගි, ඔයා කැම්පස් ආවෙ ඉගෙන ගන්නමද" කියලාඒ අක්කත් දැකල තියෙනව උඹ නිතරම අර බෙන්ච් එකට වෙලා ඉන්නවා. අනේ බං, ඒ අක්ක එහෙම අහපු වෙලේ අපිටම ලැජ්ජා හිතුනා. ඒ කියන්නෙ උඹ ගැන අපි විතරක් නෙමෙයි හැමෝම දන්නව කියල උඹට තේරෙන්න ඇතිනේද?
මේවා FB Fanpage එකෙන්
මගේ සටහන :
මේකේ
අන්තිමට ගෙදරට එන පාර පැහැදිලිව ලියලා තිබුනා. පොතක් පුරා මේවගේ දේවල්
තියෙනවා. පොත තියෙන්නෙ මගෙ ලඟ නිසා ටිකෙන් ටික ඔයාලටත් බලන්න දෙන්නම්. මේවා
අවංක අදහස්. මේ අය රැග් එකට අහු උනේ නැහැ, රැග් දීලත් නැහැ. එහෙම උනා
කියලා බැඳීම් අඩු වෙලත් නැහැ. රැග් දෙන්න බැරි වෙලා තියෙන්නේ දෙන්න ආපු අය
BITE වීම නිසයි.
මගේ පරන බ්ලොග් අඩවියෙන් (iii) - කැම්පස් එකේ ජීවිතයෙන් ටිකක් (කෙටියෙන්) ...
4/22/2010 09:21:00 PM
මම ගියේ කැලනිය කැම්පස් එකට. කලින් දවසක ඇවිත් වේවැල්දූවෙන් ඇනෙක්ස් එකක් කුලියට ගත්තා. මුල්ම දවසේ තාත්තත් එක්ක වාහනයෙන් ඇවිත් කැම්පස් එක ඉස්සරහින් බැස්සා. බැහැලා වාහනය යවලා පාර අයිනට වෙලා ටිකක් බලාගෙන හිටියා. කට්ටිය මාර ඇක්ටිව්. මම ඩෙනිම්/ ටී ෂර්ට්/ ඩෙක් ෂූෂ් විදිහෙ කෙනෙක්. මම දැක්කා ගම්පහ ගෙල්ට් එකට ආපු අය කාන්ඩ පිටින් එනවා. මම ඒ අයත් එක්ක ගියේ නැහැ. ටිකක් බලාගෙන ඉඳලා තනියම කන්ද නගින්න පටන් ගත්තා.
හිතේ චකිතයක් තිබුනත් ඒක පෙන්නුවෙ නැහැ. ඔන්න ටික දුරක් යද්දි ජේෂ්ඨ කට්ටිය මොකද්ද හෑන්ඩ් බිල් එකක් බෙදනවා. මම ඒ ලඟින් යනකොට මට ඒක දික් කරලා ආයේ ඇදලා ගත්තා. මම හිතුවා "නියමයි. මාව අඳුන ගත්තෙ නැහැ" කියලා. ඕන්න මගේ බය නැතිඋනා. ඊට පස්සේ මට මගේ ගෙල්ට් යාළුවෝ හම්බ උනා.
ඉංගිරිසි පාඨමාලාවට කට්ටිය තෝරන විභාගයට ඉඳගත්තම තමයි දැක්කේ ඒ පේපර් එකම තමයි අපිට ගෙල්ට් එකෙනුත් දුන්නේ. ඕනෙනම් 100% ම ගන්න තිබුනා. ඒත් මම හිතලාම සමහර ඒවට වැරදි උත්තර දුන්නා. එතකොට පොඩි ක්ලාස් එකකට ගිහින් වැඩ පෙන්නන්න පුළුවනි. මම දැක්කා සමහර ගම්පහින් ආපු අය උඩ පැන පැන ලියනවා.
* සියලු පිංතූර වල අයිතිය මා සතුය ...

සයන්ස් ෆැකල්ටි එක ..
මුල් දවසේ ඉඳන් ජේෂ්ඨයෝ ටික ටික තෙල බෙදන්න පටන් ගත්තා. තෙල් බැම්ම තමයි
කේන්ද්‍රස්ථානය. තෙලට වැඩිපුරම අහුවෙන්නේ හොස්ටල් ඉන්න අය තමයි. අපි සයන්ස්
කලේ. ඒ නිසා ආට්ස් කට්ටියට හිතාගන්න බැහැ අපි මොන ඉයර් එකේද කියලා. අපිත්
ශේප් එකේ හිනාවේගෙන එතනින් යනවා. රැග් සීසන් එක ගැන කතා කරලා වැඩක් නැහැ.
හැමෝම ඒ ගැන දන්නවා. හැබැයි අනිත් කැම්පස්වල වගේ නෙමෙයි, කැලනියේ රැග් එක
අඩුයි.
තෙල් බැම්ම ..
මට හම්බ උනු යාළුවෝ පොෂ් කට්ටිය (ඒ වගේ හිතන අය).ගම්පහ, කොළඹ අවට අය.
සිංග්ලිශ් කතා කලේ. සයන්ස් ෆැකල්ටි එක, ජිම් කැන්ටින් එක, ඉංග්‍රීසි පන්තිය
තමයි මුල් දවස් වල අපි වැඩිපුරම ගැවසුන තැන්. හොස්ටල් වල ඉන්න අපිත් එක්කම
ආපු අය කැන්ටින් කෑම පෝලිමේ ඉඳන් "කෑම දියව්" කියල කෑගහනකොට අපි ඉඳගෙන
බලාගෙන හිටියා.
දන්නවද වැඩක්. ඒ දවස්වල කොම්පියුටර් සෙන්ටර් එක (දැන් IT Unit ) පැය 24ම ඇරලා. රෑට කාලා ඉන්ටර්නෙට් ගිහිල්ලා අපි බෝඩිමට යන්නේ පාන්දර 2ට විතර. ඒ පුරුද්දට තිත වැටුනේ කට්ටිය ගහ ගත්තට පස්සේ. අපි එතනින් ගිහිල්ලා ටික වේලාවකින් තමයි වලිය පටන් අරගෙන තියෙන්නේ. අපි දන්නේ උදේ අයෙමත් කැම්පස් එකට එනකොටයි. පාර වහලා හන්දා රවුමෙන් ආවා නුවර පාරට. මෙන්න පාරේ පොලිසියෙන්. පාර අයිනේ ලමයි පිරිලා.
අපි කන්න කියලා ඒ ලඟ කඩේකට ගියා. කකා ඉන්න ගමන් අමුතු සද්දයක් එලියෙන් ආවා. අපි කඩෙන් එලියට පැනලා කැම්පස් එක පැත්තට ආවා. මෙන්න කැම්පස් එකේ කන්ද උඩින් ගල් වරුසාවක් එනවා. පාරේ වාහන වලටත් වැදුනා. පොලිසියෙන් රබර් උන්ඩ වෙඩි තියන ගමන් කඳුලු ගෑස් ගහන්න ගත්තා. කැම්පස් එක පැත්තෙන් හුලඟ ආපු නිසා සැරේ වැඩිපුරම දැනුනේ පාරට.
අලුත් අත්දැකීමක් හින්දා අපිත් පාරට වෙලා බලාගෙන හිටියා. ටික වෙලාවකින් කැම්පස එක වැහුවා. ඇතුලේ ඉන්න අයට ගෙදර යන්න බස් කැම්පස් එක ඇතුලේ ඉඳන් ආවා. කවුදෝ පාර අයිනේ තිබ්බ කඩේකින් කොකාකෝලා බෝතලයක් අරගෙන යන බස් එකකට ගැහුවා. ඒක දැක්ක පොලිසිය පාර අයිනේ ඉන්න අයට පන්න පන්න ගැහුවා. මමත් දුවලා හැංගිලා ගුටි නොකා බේරුනා.
ඔය සිද්දිය නිසා කැම්පස් එක මාස 6කට වැඩිය වහලා තිබ්බා. පැය 24 ඇරලා තිබ්බ කොම්පියුටර් සෙන්ටර් එක කලින් වහන්න ගත්තා. රෑට කිසි කෙනෙකුට කැම්පස් එකේ ඉන්න තහනම් උනා. රෑ 8ට කලින් හොස්ටල් ඉන්න අයට අතුලට යන්න උනා.
ංආ .. මට කියන්න අමතක උනා. පදනමේ දෙන්නෙක් රෑ බයික් එකේ කන්ද නැගලා එනකොට හැංගිලා ඉඳලා මහා ශිෂ්‍ය සංගමේ අය ගහලා තෙල් බැම්මේ ගහක බැඳලා තියෙනවා. (ඒ ගහ ඊට පස්සේ කපලා දැම්මා) . ඒ දෙන්නගෙන් එක්කෙනෙකුගේ ඇහක් අන්ධ උනා. ඔය සිද්දිය තමයි අර මම කලින් කියපු ලොකු වලියට හේතුව.
කියන්න ආපු ඒව පැත්තක තියෙද්දි කියවුනේ වෙන වෙන ඒවා. ඉතුරු ටික පස්සේ කියන්නම්. සමහර සිදුවීම් කියන්න අමාරුයි. සමහර අයගේ පුද්ගලිකත්වය නිසා. සමහර දේවල් අමතකයි .. මතක් වෙන්නේ පස්සේ ..

කැලනිය කැම්පස් එක ..
මගේ පරන බ්ලොග් අඩවියෙන් (ii) - සරසවි කුරුටු ගී ..... (ii)
Published on
කලින්
ලිපියට ලැබුන ප්‍රතිචාර ඉහලයි. ඒ නිසාම නොවුනත් තවත් කවි ටිකක් ඇතුලත්
කරන්න ඕනෑ කියලා හිතුනා. කුරුටු ගී උපුටා ගත් ස්ථාන නාමත් සමගින් තවත් පොතක
තිබී හමුවුනා. ඉතින් දැන් ඕනෑම කෙනෙකුට පුලුවනි මේ තැන් වලට ගිහිල්ලා ඒවා
තවමත් තියෙනවද කියලා බලන්න.
මේ තියෙන්නේ මම තෝරා ගත්ත තවත් කවි කීපයක්. පොත හොයාගෙන කියවන්න බලන්න. එතකොට සරසවි ජීවිතය ගැන තවත් ගොඩාක් විස්තර දැන ගන්න පුලුවනි.
පිපාසය සන්සිඳුවන්න
මඩ වගුරකට හැකි වුවද
මහ සයුරට එය කල නොහැකිය
එනමුත්
මහ සයුරෙන් ලාභ ප්‍රයෝජන ගොඩක් ලැබිය හැකිය
එනිසා
මඩ වගුර ඉවත ලා
සයුරට පත් වෙමි
2010-04-15 21:47

(ප්‍රධාන කලාගාරය - පේරා. වි.වි)
අප වෙනුවෙන් ඉදිවන
යදම් පවුරු බිඳ දමා
අපේ අයිතීන් දිනන්නෙමු
තොපේ ජීවිත බිලිගෙන උවද
(විද්‍යා පීඨයේ ආපන ශාලාව - පේරා වි.වි)
දක්කනවා වාසිටියේ කරත්තේ
ගොනා මැරෙනකං
ඇදපන් කරත්තේ
(ප්‍රධාන පොත්ගුල 02 මහල - පේරා වි.වි)
සයිකෝ ගසා මම ගිය කල ඇය වෙතට
දුන්නා බූට් එක ගලවා මගෙ අතට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
ගත්තෙමි වීරයා සේ එය මගෙ අතට
(ප්‍රධාන පොත්ගුල 03 මහල - පේරා වි.වි)
කය නම් අසාරය
ලව් නම් භයංකාරය
කිය්යු කිම සාරය
පෙනෙයි රංජිත්ගෙන් දිවා රැය
(මාකස් ප්‍රනාන්දු ශාලාව - කාමර අංක 72)
කලකිනි පඤ්ඤා ලෙක්චර්ස් එන්නේ
දුකකිනි ලෙක්චර්ස් ෆලෝ කරනේ
කරත්තෙනුයි ඔහු ගමන් කරන්නේ
අව් වැසි කිසිවක් නෑ සලකන්නේ
ඇල් වතුරෙන් ජීවිතය ගෙවන්නේ
කරත්තෙ බැඳලයි ලෙක්චර්ස් එන්නේ
ගොනාට තණකොල චොක්ලට් දෙන්නේ
මෙහෙමයි පඤ්ඤගෙ කාලෙ ගෙවෙන්නේ
දින සති ක්‍රමයෙන් ගෙවිලා යන්නේ
පඤ්ඤා කරත්තෙන් බිමට වැටෙන්නේ
ඔහු නෑ කොයි කවුරුත් රුස්සන්නේ
ලයිබරියේමයි ඔහු මිය යන්නේ
(ප්‍රධාන පොත්ගුල 01 මහල - පේරා වි.වි)
විභාගය අත ලඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඈ ලඟ
ඈ ඌ ලඟ
(ප්‍රධාන පුස්තකාලයේ මේසයකිනි - පේරා වි.වි)
වාසිටියේ පච ගස බිම වැටීයන්
කැන්ටින් එක කරන නෝනා මැරීයන්
ගුනේ අයියගෙ දෙසුම අදවත් ඉවර වෙයන්
බූට් දුන්න කෙල්ලම මට ලැබීයන්
(ප්‍රධාන පුස්තකාලයේ 04 මහලේ බිත්තියකිනි - පේරා වි.වි)
සිරිපාලගෙ දේශනාව
අපට හරිම වේදනාව
කිමද ඊට කාරනාව
මාජි ගැනයි කල්පනාව
(දේශන පැවැත්වෙන කාමරයක පුටු ඇන්දකිනි)
අනේ මීනුවන්
ඔබේ දෙසුමන්
මගේ දෙනුවන්
කරයි අඩවන්
(ප්‍රධාන පුස්තකාලය - කැලනිය වි.වි)
ගුණෙ අයියා පැමිනෙන්නේ
බුත්සරන අරගන්නේ
හොඳින් කියවන්නේ
අපට නිදි දෙව්දුව ලඟා වන්නේ
නින්ද නොයන අය හොඳහැටි අහගන්න
ගුණෙ අයියගෙ දේශනයට පැමිනෙන්න
අසුනක් අරා හිඳ දෙසුමට කන් දෙන්න
නිදි දෙව්දුව උරයි තොල්පෙති සැනිකින්න
(ප්‍රධාන පොත්ගුල 05 මහල - පේරා වි.වි)
බඩ මැදින් කලිසම ඇඳගෙන
තට්ටේ තෙල් තවරාගෙන
ව්‍යාකරණ පොත අරගෙන
විජේ අයියා එයි විගසින
තට්ටයා ව්‍යාකරණ කරයි
කෙල්ලෝ කොල්ලෝ ජොලියෙ කතා කරයි
උන්ගේ කෑකෝ ගැසීම් අස්සේ
තට්ටයා ව්‍යාකරණ කරයි
'තට්' ධාතුවට 'ට' යන්න
ආදේශ වීමෙන් හා
'යා' ප්‍රත්‍ය එකතු වීමෙන්
'තට්ටයා' පදය සෑදෙන බවත්
ඔහු අපට උගන්වයි
(ප්‍රධාන කලාගාරයේ මේසයකිනි - පේරා වි.වි)
කන්නේ පරිප්පුයි පානුයි දවාලට
බොනේ කැන්ටිමේ වතුරයි පිපාසෙට
පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
කැන්ටින් හොද්ද නේරංජන ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්තක අසු වේවා
(හිල්ඩා ඔබේසේකර ශාලාව)
[උපුටා ගැනීම : වසන්ත කේ දිසානායක (පේරා.වි.වි - සිංහල අංශය) - විශ්ව විද්‍යාලයීය භාෂා ව්‍යවහාරය 1995] පිටු 160/ මිල රු.70/-
ප.ලි :
මම
දන්නව මේ දවස්වල පොත් කියවන එක අමාරු වැඩක් කියලා. ඉතින් එහෙම අයට තමයි මේ
බ්ලොග් එක. පොතෙන් උපුටා ගත් කරුනු වල සියලු හිමිකම් කතෘ සතුවන අතර මේ
බ්ලොග් එක නිසා කාගේ හෝ සිත් රිදීමක් ඇතිඋව හොත් ඒ ගැන මාගේ කනගාටුව
ප්‍රකාශ කරමි.
අවසාන වශයෙන් මේ පොත කියවීම අනුමත කරමි.
කැම්පස් එකේදි මුලින්ම කට්ටිය (බොන්න) සෙට් උන හැටි
කැම්පස් එකට ගියාම ඉස්සරනම් මුලින්ම දුන්නෙ ඉංගිරිසි පාඩම් මාලාවක්. (දැන්නම් නායකත්ව හැසිරීම් ගැනනෙ දෙන්නෙ). ඉතින් ඔය පන්ති වලට ගියාට ඉගෙන ගන්න දෙයක් නැහැනෙ. රැග් දෙන දිහා බලන් ඉන්නවයි, කෙල්ලො දිහා බලන් ඉන්නවයි විතරයි කරන්නෙ. අලුත් අලුත් කට්ටියත් එකා දෙන්නා හම්බ වෙනවා, අපිත් පම්පෝරි ගහනවා, උනුත් පම්පෝරි ගහනවා. ඔය අය අතරින් අපි දහ දොලොස් දෙනෙක් සෙට් උනා. ඉතින් කට්ටිය කථා උනේ අන්තිම දවසේ බොන්න. එකෙක් බියර් කේස් එකක් ගේනවා කිව්වා. (ඒව ඉතින් බයිලා).
ඉංගිරිසි පන්තියේ අන්තිම දවසත් උදාවුනා. එදා තිබුන කොන්සට් එකට හැම පංතියෙන්ම අයිටම් එකක් දාන්න ඕනෑ. අපේ අයිටම් එක ෆැෂන් ෂෝ එකක්. ඉතින් කොල්ලො පස් දෙනෙක් විතර (කකුල් වල මයිල් එහෙම ගාලා) කෙල්ලො වගෙ අන්දලා ගත්තා. මම තමයි ඒ අයව ස්ටේජ් එකට (බලාගෙන ඉන්න අයට) එක්කගෙන ගියේ (ඒ කියන්නෙ මම කෙල්ලෙකුට ඇන්දෙ නැහැ කියලයි). ධර්මාලෝක ශාලාව (සමහර අය කියන්නෙ ලෙනින් ශාලාව කියල ..) පුපුරන්න හූ සද්දෙ, කෙල්ලොත් උඩ පැන පැන හිනාවෙනවා (කෙලි) කොල්ලන්ගෙ ෆැෂන් ෂෝ එක බලලා.
ඒ වැඩ ඉවර වෙනකොට හවස් වෙලා. ඊට පස්සෙ බොන කට්ටිය එකතු කරන්න පටන් ගත්තා. මෙන්න බොලේ දෙතුන් දෙනෙක් හැලෙන්න පටන් ගත්තා. (ගෙදර යන්න ඕනෑ කියපි .. ) කමක් නැහැ බියර් කේස් එකක් හරි තියෙනවනෙ කියල හිතා ගත්තා. මොන කේස් එකක්ද???? තාත්තා ගේන්න දුන්නෙ නැතිලු.
ඒකෙන් මේකෙන් කාරි නැහැ කියල එකතු උන ටික දෙනා (දහ දෙනෙක් විතර) හිමින් හිමින් බොන්න තැනක් හොයාගෙන කිරිබත්ගොඩ පැත්තට ගියා. හොඳ තැනක් හම්බ උනේ එහා කොනටම ගියාම. ඉතින් කට්ටිය එකතුවෙලා බියර් එක්ක ලෙමන් ජින් බිව්වා. ටික වෙලාවකින් කට්ටියට ඩාන්ස් කරන්න ඕනෑ උනා. රෙස්ටුරන්ට් එකේ දාල තියෙන සිංදු හරි නැහැ. මං ගාව තිබ්බ සිංදු වගයක් දාන්න කියලා දුන්නා. ඒවා අහන ගමන් රෑ වෙනකම්ම බිව්වා. සමහර අය මහ ලොකුවට කිව්වට ජීවිතේටම මුලින්ම බොන දවස එදා. (ඒ බව දන්නෙ පස්සෙ).
බීල ඉවරවෙලා කට්ටියම ආපහු කැම්පස් එකට යන්න පටන් ගත්තා. බීපු එකෙකුටවත් කෙලින් යන්න බැහැ. (නොබීපු අයත් දෙන්නෙක් විතර හිටියා). ඉතින් පාර දිගේ (කෑ ගහ ගහ) පයින් යන ගමන් කලේ ගෙවල් වල වහල තියෙන ගේට්ටු අරිනවා, ඇරල තියෙන ගේට්ටු වහනවා, වහල තියෙන කඩවල් වල තහඩු බෝඩ් නවනවා, .....
ගෙවල් වලට යන කට්ටිය කැම්පස් එක ලඟින් බස් වලට නග්ගලා බෝඩිං වල ඉන්න අය හිමින් හිමින් අමාරුවෙන් කැම්පස් කන්ද නැගලා බෝඩිම් වලට පිටත් උනා. ගෙවල් වලට ගිය එකෙක් බස් හෝල්ට් එකක බැහැලා එතනම නිදාගෙන පහුවදා උදේ සෙනඟ එනකොට තමයි ඇහැරිලා තියෙන්නෙ.
[** සියළු ඡායාරූප උපුටා ගත් ඒවා බව සලකන්න**]
පිහි ඇනුමකින් කෙලවර වූ කැම්පස් ආදරය ....
එක දවසක් මම කැම්පස් එකට යනකොට තෙල් බැම්මට මෙහා කට්ටිය රොක් වෙලා. ගොඩාක් වෙලාවට එහෙම වෙන්නෙ වලියක් වගෙ එකක් උනොත් තමයි. කසු කුසු අතරින් ආරංචි උනා කොල්ලෙක් කෙල්ලෙකුට පිහියෙන් ඇනලා කියලා. කෙල්ල ඉස්පිරිතාලෙ ගෙනිච්චලු, කොල්ලා හොයාගන්න නැතිලු.
පස්සෙ ආරංචි උනා කොල්ල පඳුරක් අස්සෙ ඉඳල සෙකියුරිටි එකට හම්බවෙලා කියලා. කොල්ලා වහ බීලා.
දෙන්නම ඉස්පිරිතාලේ. පස්සෙ බැලින්නම් මේ කපල් එක අපි දන්නවා. ඒ කියන්නෙ අපිට සීනියර්. මම අඳුනන්නෙ නැති උනාට මගේ සමහර යාළුවෝ හොඳට අඳුනනවා. හැබැයි මට මේ කපල් එක හොඳට නෝට්. හේතුව තමයි දෙන්නම එකට දැකල තිබීම.
දෙන්න හොඳ ආදරෙන් ඉඳල තියෙනවා. ඒත් ඒ ආදරේට කණ කොකා අඬල තියෙන්නෙ ප්‍රැක්ටිකල් වලට කෙල්ල කොම්පැනි එකක ජොබ් එකට යන්න ගත්තට පස්සෙ. එතන පොරක් මෙයා එක්ක සෙට් වෙලා. අන්තිමට කෙල්ලගෙ ගෙදර අයත්, කෙල්ලත් දෙගොල්ලම කැමති අර අළුත් කොල්ලව බඳින්න. කැම්පස් ආදරය නවත්තන්නයි කෙල්ලට ඕනෑ වෙලා තිබුනේ.දෙන්න ඒක නවත්වන්න කතා බහ කරගෙන එකඟ වෙලා ඉඳල තියෙන්නෙ.
ඉතින් කැම්පස් කොල්ලා එක දවසක් කෙල්ලට පිහියෙන් ඇන්නා. ඊට පස්සෙ කෙල්ල මැරුනා කියලා හිතලා පඳුරක් අස්සෙ හැංගිලා වහ බිව්වා.
දෙන්නටම අමාරු උනා. ඒත් දොස්තරල මේ දෙන්නවම බේර ගත්තා.
කෙල්ල සුපුරුදු පරිදි ගෙදරට වෙලා ජොබ් එකට ගියා. (හැබැයි ආයෙමත් කැම්පස් ආව කියල ආරංචියක් තිබුනෙ නැහැ). කොල්ල බෙල්ලෙ වැල දාගෙන සිය දිවි නසා ගත්තා.
ප.ලි : මේ ගැන පත්තරේකට හෙදියක් ලිපියක් ලියල තිබ්බ. මට මතකයි ඒකෙ තිබුනේ ආදරය ඉල්ලල නොලැබුන තැන පිහියෙන් ඇන්නා කියලා. ඒ ලිපිය පුරාම තිබ්බේ කොල්ලගෙ වැරැද්ද විතරයි.

මගේ පුතා හොරු අරගෙන ගියාදෝ......
අද දිවයින පත්තරේ තිබුන මේ කවිය දැක්කම හිතට අදහස් ගොඩාක් ගලාගෙන ආවා. ඒ එකක්වත් ලියන්නෙ නැතිව පත්තරේ තිබුන කවිය එහෙම්මම මෙතන දැම්මා. මේ කවිය හොඳට කියවන්න කියලා කැම්පස් ගිය, නොගිය, යන්න ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා.
මගේ පුතා හොරු අරගෙන ගියාදෝ
ඇහේ බබා මෙන් උන් පුත් කුමරාන
ගසේ පිපුන එක මල රොන් පුරවාන
ඇසේ නොයෙක් බස් හැම කසු කුසු ගාන
පැසේ පපුව තුළ දරු දුක මුරගාන
කුරා කුහුඹුවෙකුටත් හිරිහැර නොකළ
වරා නින්ද පොත්පත් වණපොත්ම කළ
සරා සඳ මගේ දිවිඹර එකළු කළ
සොරාගෙන අහෝ දෙවියනි නරුම රැළ
ගෙවූ බරට බර රුපියල් පියා දනී
දිවූ දුරක් හති හලමින් පුතා දනී
මැවූ සිහින රෑ අහසේ තරුත් දනී
පෙවූ සිප් කිරම මට සාපයක් උනී
නියෙන් පහරකුත් නොමදී හැදූ පුතා
සයෙන් දෙවේලක් නොතියා හැදූ පුතා
බියෙන් වද ගසා පොල්ලෙන් නැසූ පුතා
දියව් නරුමයනි මට යලි මගේ පුතා
කපා කොටා අතපය නැති කරගන්ට
පපා නිකට බැරිනම් ගොළුවී ඉන්ට
උපාධියට පන නළ උකසට දෙන්ට
එපා පුතුන් සරසවියට නම් යන්ට
(හිසට වැදුනු පොලු පහරක් හේතුවෙන් සරසවි සිසුවා මියයයි - පුවතක්)
- පද්මිනී ශ්‍රියාලතා -
කවිමුතු, නිම්නය
දිවයින ඉරිදා සංග්‍රහය (14.11.2010)
උපුටා ගැනීමකි
සියළු හිමිකම් කිවිඳිය හා පුවත්පත සතුය

දහ අට සන්නියට සමගාමීව DJ කලෙමි
හිතාගන්න බැරි උනත් මෙහෙම සිද්ධියක් උනේ කැලනිය කැම්පස් එකේදී. අවුරුද්ද 2006 වගේ තමයි මතක. කැම්පස් එකෙ සයන්ස් ෆැකල්ටි එකේ DJ පාටි එකකට DJ කෙනෙක් අපේ ආයතනයෙන් ඉල්ලලා තිබුනා. අපි ඒකට කිසිම මුදලක් අය කරන්නෙ නැහැ. සවුන්ඩ්, ලයිට් එහෙම අපි දෙන්නෙ නැති නිසා ඒ අයට පිටින් අරගන්න කිව්වා. ඒගැන අපේ කිසිම සම්භන්ධයක් නැහැ. එදා දවසෙ මම free නිසා මට තමයි යන්න උනේ. මමත් කැමැත්තෙන්ම ගියා, මොකද අවුරුදු 3 කට වැඩිකාලයක් ජීවිතේ ගෙව්ව තැනනෙ. කොහොමත් ඔයවගෙ තැන් වලට යද්දි මගෙ laptop එක තමයි අරගෙන යන්නෙ. office එකෙන් transport එකක් දාලා තිබුනා. මගේ තනියට තවත් සගයෙකකායතනයෙන් ආවා. පොරත් කැලනියෙම තමයි.
මම හිතුවෙ DJ එක තියෙන්නෙ Gym Canteen එකේ කියලා. එහෙම තමයි අපිට කියලා තිබුනේ. ඒත් කැම්පස් එකට ගියාම අපිට කිව්වේ, ධර්මාලෝක ශාලාවේ තමයි තියෙන්නෙ කියලා. මොනවා කරන්නද, බැනර්, පෝස්ටර්, ඊතල ගහලා තිබුන නිසා කරන්නම වෙනවනෙ.
අපි කැම්පස් එකට ගියෙ හවස් වෙලා. වගකිව යුත්තෙක්ගෙන් හේතුව ඇහුවම කිව්වේ. Basketball Ground එකේ දහඅට සන්නියක් තියෙන නිසා, ධර්මාලෝකෙට මාරුකලා කියලා. ඉතින් මම ඇහුවා එහෙම එකක් තියෙන දවසක ඇයි මෙහෙම DJ එකක් organize කලේ කියලා. එයා කිව්වා කලින්ම dates දාගත්තෙ DJ එකට, දහඅට සන්නියක් ගැන එතකොට දන්නෙ නැහැ කියලා. එතකොට අවසර දෙන අය දැනගෙන හිටියෙ නැද්ද ??
මම ඉතින් මොනවා කරන්නද? මට තේරුනා එනපොට හොඳ නැතිවග. මොනවහරි සිද්ධියක් උනොත් අපේ ආයතනයටත් හරි නැහැ. ඒක පිටින් යයි සේරම. එහෙම හිතලා මම බය උනා. මම මගේ සගයත් එක්ක තීරනය කලා මහා ශිෂ්‍ය සංගමයෙ සභාපති හම්බවෙන්න.
අපි දෙන්නා Gym කැන්ටින් එක හරහා ගිහින් පඩිපෙල දිගේ උඩට ගොඩඋනා. සභාපති හාමුදුරු කෙනෙක්. වටපිට බලද්දි අනිත් අය යමරෙට වැඩ. මම මගෙ Company ID එක පෙන්නල කතාව පටන් ගත්තා. හාමුදුරුවොත් කිසිම චකිතයක් නැතිව කතාවට ඉඩ දුන්නා. මම කිව්වා මමත් මෙහෙන් පිටඋන කෙනෙක් බව. මගෙ ඉල්ලීම උනේ වලියකට පලවෙනි වෙඩිමුරය මේ පැත්තෙන් වෙන්න ඉඩ තියන්න එපා කියලා. හාමුදුරුවො කිව්වෙ එහෙන් පටන් ගත්තොත් කරන්න දෙයක් නැතිබව. පලමු වෙඩි මුරය නොතියන බවටත් උන්වහන්සේ පොරොන්දු උනා. අනිත් කොන්දේසිය DJ සද්දේ Gym එකට නොඇසිය යුතු බව.
ඊට පස්සෙ සයන්ස් අයටත් අපි කිව්වා කොන්දේසි ටික. ඒ අයත් එකඟ උනා. එහෙම නැත්නම් අපි යන බව දැන්වුවා.
ඔය මොනව කිව්වත් මට මේ දෙගොල්ල ගැන මට තඹ සතේකවත් විශ්වාසයක් තිබ්බෙ නැහැ.
රෑ 8 ටත් ටිකෙන් ටික ලං උනා. ඒත් මේකට කිසිම කෙනෙක් එන පාටක් නැහැ. අපිට බත් පැකට් වගයක් දීලා තිබුනා. ඒවත් ඉවර කලා. ධර්මාලෝකෙන් එලියට බැහැලා බලද්දි දැක්කා කට්ටිය ඈතින් ඉන්නවා, ඇතුලට එන්න චකිතයෙන් වගේ. මම කිව්වා එලියට ගහලා තියෙන Flash එක off කරන්න කියලා. ඊට පස්සෙ මම Stage ඒකට නැගලා, Laptop එක එහෙම set කරගෙන හීනි music එකක් දාලා බලාගෙන හිටියා. විනාඩි 10ක් ඇතුලත හෝල් එක පිරුනා.
ඉතින් මමත් වැඩ පටන් ගත්තා. කට්ටිය හොඳට Dance කලා. Gym එකේ එලියෙ දහඅට සන්නිය, මෙතන ධර්මාලෝකෙ DJ Night එකක්. ඕන්න කැලනිය සරසවියෙ තත්වය. මම mic කරද්දි කිසිම විදියකින් ඇඟෙව්වෙ නැහැ මමත් ආදි ශිෂ්‍යයෙක් කියලා.
Show එක ඉවර කරපු ගමන් අපි පිටඋනා. කිසිම වලියක් ගියේ නැහැ.
(ඒත් කියන්න කනගාටුයි, පස්සෙ ආරන්චි උනා Sounds/ Lights වලට මෙයාලා දීලා තියෙන්නෙ Advance එක විතරයි)
මේ තමයි මගේ දහඅට සන්නියට සමගාමීව DJ කිරීම
(විශේෂ ඉල්ලීම : කොමෙන්ටු දමද්දී මම වැඩ කරන ආයතනය හා මම ගැන නියම විස්තර සඳහන් නොකරන මෙන් ඉල්ලා සිටිමි)
පලමු වසරේ අනිවාර්‍ය රාජකාරිය හෙවත් කැට සෙලවීම
මේ දවස්වල මහසෙන්ට හැදිල තියෙනව නපුරු උනක්. දවස් දෙකෙන් කටහඬත් අවුල් වෙලා. ඉතින් බ්‍රහස්පතින්දා ලෙඩ නිවාඩු දාලා සිකුරාදා ආයෙමත් වැඩට ගියා කරන්න තියෙන වැඩ ඉවරකරන්න හිතාගෙන. ඒත් ඉතින් හරියට වචන පිටවෙන්නෙත් නැතිව මොන වැඩද ? අනිත් අයටත් බෝ කරන්නෙ නැතිව ගෙදර යන්න කියල ඉහලින් නියෝගයක් දුන්නා. මමත් ඉතින් ආ පයින්ම ආපහු ගියා.
ඕන්න ඉතින් බොරැල්ලෙදි බස් එකට නැග්ගා කැට හොලවන කට්ටියක්. මේ කට්ටිය දොස්තරල වෙන්න ඉන්න කට්ටිය. පුද්ගලික වෙද විදුහල් සංකල්පයට එරෙහිවෙලා ඒ වෙනුවෙන් ආධාර කරන්න කියලයි කියන්නෙ. ඉතින් බස් එකේ ඉන්න සමහර අය කැටවලට සල්ලි දානවා. ඒ අයට මුද්‍රිත කොලයක් ලැබෙනවා. මට ලැබුනෙ නැහැ.
දන්නෙ නැති නිසයි අහන්නෙ, ඇත්තටම මේ සල්ලි යොදාගන්නෙ පිකට් වලට, පෝස්ටර් ගහන්න, එහෙමත් නැත්නම් පෙලපලිවල ගෙනියන්න මිනී පෙට්ටි ගන්නද ??

ඇත්තෙන්ම මේ දේවල් වලින් ජනතාව දැනුවත් වෙනවා තමයි. ඒත් ඒ දැනුවත් කිරීම මදි බවයි මට හිතෙන්නෙ. අඩුගානෙ බස් එකට නැගල කැට දික්කරනකොට කරන දේශනේවත් පැහැදිලිව කරනවා නම් බහුතරයක් පොදු ජනතාව මේ අයත් එක්ක ඉඳියි. අනික ඔය කැටවලට එන්නෙ පලමු වසරෙ අය. කෝ අනිත් අය. ????
කමක් නැහැ දොස්තර උනාට පස්සෙවත් ඔය කැට වලට සල්ලි දාන පොඩි මිනිස්සු ගැන හිතලා, බේත් තුන්ඩු ලියද්දි, මිල අඩු ඒවා ලියන්න. අනේ අසරන මිනිස්සුන්ව බේත් මුදලාලිලාගේ උගුල් වලට බිලි දෙන්න එපා.
පසුවදන :
කොම්පියුටර් දැනුමත් කැම්පස් වලින් පිට නොදී හිටියනම් අපට තවත් IT කට්ටිය අඩු වෙනව නේද ??
අන්තරය, පදනම සහ Titanic නැව ...
හරිම නීරසයි මේවගේ දේවල් කථා කරන එක. ඒත් ඉතින් කියන්න තියෙන ඒවා නොකියත් බැහැනේ. අන්තරයයි පදනමයි ගැන මම කලින් කිව්ව නිසා දැන් කියන්නෙ නැහැ. ඒත් කැලනිය කැම්පස් එකේදි උන දේවල් තමයි මේවා.
පලමු වසර තමයි නියම වසර. අළුත් අය අඳුන ගන්නවා වගේම තමයි ගොඩාක් අයගෙ හිතේ කහට නැහැ. ඒවා බැඳෙන්නෙ ටිකෙන් ටික. ඉතින් පලමු වසරෙදි අපි කට්ටිය 10 දෙනෙක් විතර එක සෙට් එකට හිටියා. සමහර අය ෆිට් උනේ ගෙල්ට් එකේදීමයි. (බොන්න තමයි මුලින්ම සෙට් උනේ). ඊට පස්සේ කැම්පස් එකේදිත් දෙන්නා තුන්දෙනා එකතුඋනා. එක රෑනේ කුරුල්ලෝ එක අත්තේ වහනව වගේ තමයි. ඊට පස්සේ කොල්ලෝ කෙල්ලෝ හොයාගත්තා, කෙල්ලෝ කොල්ලෝ හොයගත්තා, ඔහොම ඔහොම සෙට් එකේ ගහනය වැඩිඋනා. සයන්ස්, ආර්ට්ස් කට්ටිය තමයි හිටියේ. (ඇයි දන්නෙ නැහැ කොමස් කට්ටිය නැත්තේ).
ඉතින් කට්ටියත් ටිකක් ෆිට් එකේ ඉන්න නිසා අපි හිතුවා නමක් එහෙම දාගෙන, ක්ලබ් එකක් හැටියට කැම්පස් එකේ රෙජිස්ටර් කරලා, සමාජ සේවාවන් කරන්න. (දුශ්කර පාසැල් වලට පොත් අරන් දීම ... වගේ).
අපි කට්ටිය ජිම් කැන්ටින් එකේ සිංදු කියනවා, එකට කනවා, නිවාඩු දවස් වලට ගෙවල් වලට යනවා ........
අන්තරයෙන් මේ දිහා බලාගෙන හිටියට මොනවත් කිව්වෙ නැහැ. පදනමේ පොරක් මගෙන් ඇහුවා උඹල ඦන්දෙ ඉල්ලන්නද යන්නෙ කියලා. එහෙමනම් වෙනම ඉල්ලුවට වැඩක් නැහැ කියලත් කිව්වා.
ටිකක් කල් ගියාම කට්ටිය අපි දකින කොට කිව්වෙ අන්න ටයිටැනික් නැව එනවා කියලයි. (අත්දැකීම් තියෙන අය දන්නවා ඒකෙ 100% ක් ම ඇත්තක් තියෙනවා කියලා)
ඔහොම ඉන්නකොට බයෝ පොතකින් නමක් හම්බඋනා. (පුස් ජාතියකට කියන නමක්) ඒක නියමෙට ගැලපෙන නිසා අපි ඒක තෝරගත්තා. මේ හැම දේකටම මූලික උනේ මම.
ඔහොම කාලය ගෙවුනා. දවසක අපි ආර්ට් ෆැකල්ටි එකේ තනකොල යායක පලවෙනි රැස්වීම තිබ්බා. අපේ වගකීම් කොටස් පහකට බෙදලා සභාපති වරු පස් දෙනෙක් මම නම් කලා. මගෙ හොඳම යාළුවා කැඳවුම්කරු සහ උප සභාපති හැටියට පත් කලා. ලේඛම් හැටියට ගර්ල් කෙනෙකුත් සභාපති හැටියට මමත් නම් කලා. හැබැයි ඒ සේරම මගේ යෝජනා. මම හිතුවේ හිටපු ෆිට් එකේ හැටියට කවුරුවත් තනතුරු ගැන ඇල්මක් නොදක්වයි කියලයි. මට වැරදුනේ එතැනයි.
ටිකෙන් ටික මට තේරුනා කොතන හරි වැරැද්දක් තියෙනවා කියලා. අපි සල්ලි හොයන්න කරන්න ඕන දේවල් කථා කරද්දි සමහර අය මග අරින්න ගත්තා. මගෙ හොඳම යාළුවත් ටිකෙන් ටික ඈත් වෙන්න ගත්තා. මේ වෙද්දි කට්ටිය හිච් වෙලා මුළු මුළු වල කථා කර කර ඉන්න කාලේ. මම හොයල බලද්දි තේරුනා තනතුරු වල තමයි අවුල කියලා. අපි ඒ වෙනකොට කිසිම දෙයක් ක්ලබ් එකක් හැටියට කරලා තිබ්බෙ නැහැ. කැම්පස් එකේ රෙජිස්ටර් කරන එකෙත් පොඩි අවුලක් තිබුනා.
මම ආයෙමත් යෝජනාවක් ගෙනාවා ඦන්දෙකින් සභාපති තෝරමු කියලා. ඒකට කට්ටිය කැමති උනා. ක්ලබ් එකේ ප්ලෑන් සේරම මගෙ ලඟ තියෙද්දි පටන් ගන්නකොටම මෙහෙම දෙයක් උනාම මට හිතාගන්න බැරුව ගියා. මේ වෙනකොට කට්ටිය 20ක් විතර හිටියා.
මම ඉක්මනින්ම රැස්වීමක් තියලා එකෙදි කිව්වා. මම සභාපති උනේ මේක පටන් ගන්න විතරයි. ඊට පස්සෙ අයින් වෙන්න හිටියේ. ඒකයි තනතුරු මමම යෝජනා කලේ කියලා.
ඊට පස්සේ මම කිව්වා මම අද තනතුරු වලින් අයින් වෙනවා ඒ නිසා කාව හරි යෝජනා කරන්න, හැබැයි ආයෙමත් මාව යෝජනා කරන්න එපා කියලා. රහස් ඦන්දයක් (තුන්ඩු කෑලිවල නමක් ලියලා දෙන එක) තිබ්බා. නම් දෙකකින් වැඩියෙන්ම ආපු නම තෝරලා එයාව සභාපති කලා. මම ගිහින් බිම ඉඳගත්තා.
ඒ ක්ලබ් එකේ තිබුන අන්තිම රැස්වීම තමයි ඒ.
කැම්පස් ජීවිතෙන් ඉගෙන ගත්ත පලවෙනි වැදගත් පාඩම තමයි ඒ.
ටික දවසකින් මේ වෙනසක් ඕන කිව්ව කට්ටිය පදනමේ රැස්වීම් වලට යනවා මම දකිනවා.
සෑහෙන දුරක් යන්න හිතාගෙන පටන් ගත්ත දේට උන දේ තමයි ඒ. මම මේ ක්ලබ් වැඩේ යෝජනා නොකලා නම්, මට ඕන හැටියට තනතුරු නොදුන්නා නම් හරි කියලා මට පස්සෙ හිතුනා.
මේ සිදුවීම පිටුපස්සේ පදනමේ මොල කාරයෝ හිටියා කියලා මට පස්සේ ආරන්චි උනා. ඊලඟ අවුරුද්දේ පදනමේ සභාපති උනේ අපේ ක්ලබ් එකට බැහැල වැඩ කරපු කෙනෙක්.
ඔය පරන සිත් තැවුල තවමත් මගේ ලඟ තියෙනවා.
හැබැයි අර ටයිටැනික් නැවේ කථාව හරියටම හරි. ආතල් එකේ හිටියට කැම්පස් වලදී එක පාරටම ඒ සේරම නැතිවෙලා යනවා.
ටයිටැනික් නැව කියල අපිට නම තිබ්බේ අන්තරේ පොරක්.

අන්තරය, පදනම, මහා ශිෂ්‍ය සංගමය සහ කැලනියේ ඉතිරි පව් කාරයෝ ....
මේ හෙඩිමම යොදාගෙන මම ලියන්න හිටියෙ වෙනම් බ්ලොග් එකක්. ඒත් අද වෙලා තියෙන සිද්ධිය නිසා ඔය සේරම කලවමේ ලියල දාන්නම්. ගිය සෙනසුරාදා මම දැක්කා කැම්පස් කට්ටිය (පලමු වසර) මරදානේ කැට හොලවනවා. ඔය කැට වලට වෙන දේවල් ගැන මම දන්නවා උනාට වැඩිය කියවන්න යන්නෙ නැහැ. ඒත් ඔය ලෙක්චර්ස් එහෙම කට් කරගෙන කැට හොලවන්න යන අය දන්නවද දවසකට ලක්ෂ කීයක් එකතු වෙනවද කියලා. සංගමේ නෝටිස් බෝඩ් එකේ නම් පලාත් අනුව මුළු එකතුව අලවනවා. ඕනෑම කෙනෙකුට කියවලා බලන්න පුළුවන්. ඒත් ඒ හරි ගානමද? එකතු වෙන සල්ලි වලින් විවෘතව වැඩ කරන හැටි කවුද දන්නේ ......
කැට වගේම තමයි බුක් මාර්ක්.
පදනම තමයි විද්‍යාව කරන අයගෙ මූලික පක්ෂය. ඒ පැත්තෙ තමයි චන්ඩි වැඩිපුර ඉන්නෙ. ඒවගේම වැඩිපුර ගුටි කන්නෙත් පදනමේ අය. (මේ බ්ලොග් එකෙන් පවතින දේශපාලන පක්ෂ වල හොට දැමීම් ගැන කථා නොකරමි). අන්තරය (අ.වි.වි.ශි.බ.ම) නියෝජනය කරන්නේ මහා ශිෂ්‍ය සංගමයේ අය. මේ සේරම අය කැම්පස් එකේ ඉන්නකම් කියන්නේ කිසිම දේශපාලන පක්ෂයකට නැහැ කියලයි. ඒත් ඔය සංගම් වල නායකයෝ බුරුතු පිටින් ඡන්දේ ඉල්ලනවා බලාගන්න පුළුවන්. අනේ ඉතින් අර තෙලට අහුවෙන ප්‍රෙශාලා ඕවා දන්නේ නැහැ.
මම ගැනත් පොඩ්ඩක් කියන්නම්. මම හිටියේ සයන්ස් ෆැකල්ටි එකේ. පදනමේ එවුන්ට කියන්නේ අලයෝ කියලා. අන්තරයේ එවුන් පොද්දෝ. ඔය දෙපැත්තටම නැති එවුන් බොග උන්. මම ඔය එක පැත්තකට වත් නැහැ. වලියක් වෙනකොට ඒ මැදින් ඇවිදගෙන යන්න පුළුවන්, දෙපැත්තෙම ඔෆීස් වලට ඕනෑම වෙලාවක ගොඩවෙන්න පුළුවන් වුනු දෙතුන් දෙනාගෙන් කෙනෙක් තමයි මම.
ඉස්සර කට්ටිය ගහගන්න හදනකොට මම මීඩියා එකේ යාලූවන්ට කෝල් එකක් දෙනවා, මෙන්න ගහගන්න යනවා කියලා. එක දවසක් අපි ඉස්සරහම ප්ලාස්ටික් පුටුවකින් ඔලුවට ගැහුවා ස්ටාෆ් කැන්ටින් එකේදී, එතන ලේ විලයි. සේරම වීඩියෝ උනා.
ඇත්තටම මේ දෙගොල්ල ගැන කථා කරන්න දෙයක් නැහැ. මෝඩ කමක් කාලය නාස්ති කරන එක. අලුතෙන් කැම්පස් එන්න ඉන්න අයට තමයි කියන්න ඕනෑ, මුන්ට අහුවෙන්න එපා කියලා. අපි උනත් අළුතෙන් Jobs වලට interview කරනකොට කැලනිය කැම්පස් නම් පොඩ්ඩක් පොඩ්ඩක් වැඩිපුර චාන්ස් දෙන්න කැමතියි. ඒත් වෙන කොම්පැනිවල අය (ඔය interview කරන ගොඩක් අය කැම්පස් ගිය අය නෙමෙයි) අහන්නේ වලි වල අලුත් තත්වය. ඉතින් අපේ අයත් රස කර කර තමන්ගෙ මතය හලල දානවා. Job එක එතනින්ම ඉවරයි.
තුන්වෙනි කට්ටිය තමයි ඉතිරි පව් කාරයෝ. පව් අසරන දෙමව්පියෝ .........
මේක පරන වීඩියෝ එකක්
සරසවි බිමෙන් සමුගන්නට පෙර තැබූ සටහන් 4ක් . (උපුටා ගැනීමකි) 2
පොත Tගෙ. T හිටියෙ අපිත් එක්ක කැලනිය කැම්පස් එකේ. එයාගෙ අවසරය මත සංස්කරනය නොකල සටහන් පෙලෙ දෙවැන්න .....
විහාරමහාදේවි අපේ A-11 දී ...
ආදර T
ආගන්තුකයෙක් විදිහට A-11 ට ආපු මට ඔයා ආදරෙන් සැලකුවා. ඉතිං කොහොමද මට ඔයාව අමතක වෙන්නෙ. එක දවසක් මමයි ඔයයි විතරක් රූම් එකේ හිටියා. ඒ දවස්වල අපි වැඩිය කථා කරලා තිබුනෙ නැහැ. ඒත් උඹ මට එදා හුඟක් කල් ඉඳලා අඳුරන මිතුරියකට වගේ සැලකුවා. මට පාඩම් කරන්න කිය කියා උඹ එදා වෙන වැඩ. උඹ විනාඩි පහක් විතර පාඩම් කරනවා. වැඩිපුර නැගිට නැගිට ඇවිදිනවා. මම එදාම තේරුම් ගත්තා T මහන්සි වෙලා පාඩම් කරන හොඳ ලමයෙක් බව.
අපේ අන්තිම විභාග දවස්වල මම වැඩි කාලයක් හිටියෙ ඔයාලා එක්ක. ඔයා පුස්තකාලයට ඇවිල්ලා මමයි, අනුයි, මංජුයි පාඩම් කරනකොට මගේ ඇස් වහනවා. මම ඔයාගේ අත් දෙක අතගාල බලල T කියලා අඳුන ගන්නවා. කුවේණිගෙන් බැනුම් අහයි කියලා උඹ අපිව නිශ්ශබ්ධ කරනවා. දොර වහනවා. උඹ අපි හැමෝගෙම ලෙඩ දුක් ගැන බලලා අපිට සැලකුවේ අම්මා කෙනෙක් වගේ.
උඹ පාඩම් කරන ගමන් නිදි කිරන හැටි, මනෝජගෙ වෝක්මන් එක කනේ ගහගෙන අපි සිංදු අහපු හැටි, උඹ දවසක් "රෑට කමු අපි වම්බටු" සිංදුවට නටපු හැටි, උඹ ජීවිතේ එපාවෙලා වගේ පාඩම් කරපු හැටි. මේ දේවල් කවදාවත් අමතක වෙන්නෙ නැහැ නේද T ?
උඹනම් හරියන්නෙ S ටම තමයි.
මේ සුන්දර මතකයන් සමගම මේ පුංචි මිතුරියත් ඔයාගේ මතකයේ සදා රැඳේවායි පතමි. ඔයාටයි S ටයි සාමය සතුට පිරි සුබ දිවියකට ආසිරි පතන මා
ආදරණීය මිතුරිය
C

~~~~~~~~~~~~~~~
නේවාසිකාගාරය,
සොයුරිය T
ඇරයුමක් නොලදත්
නුඹේ සමරුවේ
සටහනක් තබන්නට
මසිත කුළු ගැන්වූයේ
සරසවියේදී මා
නුඹ තුලින් දුටු
අව්‍යාජ වූ සිනහවමය
ඔබ දෙදෙනාට සොඳුරු
සුවබර අසපුවක
ලැගුම් ගන්නට ශක්තිය
නිබඳවම ලැබේවා
මම T
(Rගෙ යාළුවා)
~~~~~~~~~~~~~~~~
උඹල යනවැයි මචං
ආයිත් එන්න අයියෝ
(ඇවිත් යන්න එන්න)
T,S අපිට පාළුයි අයියෝ
එහෙනං
සුබ අනාගතයක්
අපි
V, R
~~~~~~~~~~~~~~~
ගියාට කමක් නෑ
අයියෝ ...
කිරි මුට්ටියකුයි කජු මාළුවකුයි
අරං වරෙං මචෝ
(අපිව බලන්න)
මේ 60 දශකයේ පොත
හොයාගත්තේ කොහෙන්ද
මචෝ ....
අනේ අයියෝ මටත්
එකක් ගෙනත් දෙන්න
H
~~~~~~~~~~~~~~~~~
පිංතූර මූනු පොතෙන්
Subscribe to:
Posts (Atom)