Showing posts with label කථා. Show all posts
Showing posts with label කථා. Show all posts

මගේ පරන බ්ලොග් අඩවියෙන් (iv) - සමුගන්නට මොහොතකට පෙර (i) එක්තරා සටහන් ටිකක්

මුලින්ම කියන්න ඕනෑ මේ පොත මගේ නෙමෙයි. (හැබැයි කාගෙද කියල අහන්න එපා, ඔයාලට තේරුම් ගන්න පුලුවන්). හැබැයි මේ පොතේ මෙහෙම දේවල් තියෙන්න ඕනෑ කියන අදහස මගේ. පොතේ අරමුන උනේ; යාළුවෝ කැම්පස් එකෙන් අයින් උනාම ආගිය අතක් නැති වෙනවනේ. ඉතින් මට ඕනෑ උනේ ඒ අයගෙ ගෙවල් වලට යන පාරවල්, විස්තර එකතු කරවන එකයි. T මගෙන් ඇහුවා ගැලපෙන ක්‍රමයක්. මම පොතක් T ට දීලා කිව්වා ඒවා ගන්න කියලා. ඒ අතර තිබ්බ සමහර දේවල් ටිකක් මම මෙතන දාන්නම්. මේව මේ මම ගැන කියපුව නෙමෙයි. T ගැන කියපුවා.


ARTs Fac. යාළුවෝ හොස්ටල් එකෙන් පිටවෙලා යන දවස .... ආයේ එන්නෙ නැහැ
GYM කැන්ටිමේ දොරටුව. ෆොටෝ එක ගත්තේ මම
 
 
A - 11 දී
ආදර T
"අනේ මචං, බලපන් මචං, මාර වැඩ ගොඩයි, මේව කවද කරන්නද මන්ද, කැම්පස් එකේ විභාග නැතුව ඉන්න තියේනං කොච්චර හොඳද?"
අනේ බං උඹේ මේ කතා කවද අමතක කරන්නද? උඹයි මමයි ගොඩාක් ලංවුනේ .... උඹට මතකද? හොස්ටල් එකට ආවට පස්සේ. ඊට කලින් අපි උඹ ගැන කතා වෙනවා. උඹ දන්නවනේ ඒ මොකද කියලා. ඒත් හොස්ටල් එකට ආවට පස්සේ අපි කොච්චර ලං උනාද? උඹ මගේ දුකේදිත් සැපේදිත් එක වගේ ලඟින් හිටියා. මම ලෙඩ උනාම උඹ මට කොච්චර සැලකුවද? මම පුංචි දේටත් අඬනකොට උඹ මගේ හිත හැදුවා. 
"ඉතින් හිත හදාගෙන හිටපං. සුදු අයිය හෙට එනවනෙ. සුදු අයියට වැඩ ඇතිනෙ. අනේ මචං අඬන්න එපා. හොඳ A නෙ"
මෙහෙම කිය කියා උඹ මගේ හිත හැදුවා. මම තනියම හොස්ටල් එකේ ඉන්න දවසට උඹ සැරින් සැරේ ඇවිදින්     මාව බලල යනවා. ඕවා කොහොම අමතක කරන්නද? ඉතින් මචං උඹ උදේ ගියාම ආයිත් දකින්න වෙන්නෙ රෑට තමයි. සමහර දවසට ඒ වාසනාවත් නැහැ, මොකද අපි නැගිටින්නත් කලින් උඹ ගිහින් එතකොට අපි උඹව බලන්න රීඩින් රූම් එකට එනවා. මෙන්න බොලේ අපි එනකොට උඹ හොඳටම නිදි. උඹලට විභාගෙ ලියන්නෙ පොලිසියෙන්ද? උඹ රෑට ආවත් ඉස්සෙල්ලම දෙපැත්තෙම ජනෙල් වහල තමයි අනිත් සේරම වෙඩ කරන්නෙ. ඒ කාලෙ කොච්චර සුන්දරද?
 
 මේවා FB Fanpage එකෙන්
 
T උඹට මතකද අර බෙන්ච් එක අල්ල ගන්න කියල උදේ 5.30ට විතර යනවා? අර උඹෙ පරන ෂර්ට් එක අපි හැංගුවා? උඹ කී දවසක් අපිට හොරා අපේ රෙදි සේදුවද? උඹට අපි කොච්චර දේවල් කිව්වද, ඒත් උඹ ඒවා කිසිදෙයක් ගනන් ගත්තේ නැති බව දන්නවා. උඹ දවස් කීයක් අපේ ගෙදර ආවද? ඒවා කොහොම අමතක කරන්නද?
T උඹ exam එකට කලින් දවසෙ විඳින දුක දැක්කනම් ආයෙත් ජීවිතේටම exam තියෙන එකක් නැහැ. එදාට උඹ දිහා බලා ඉන්න බැරිකමටයි මම වේලාසනින් නිදාගන්නෙ. අපි එක බත් උයාගෙන කාල සතුටින් ගෙවපු ඒ ලස්සන කාලය දැන් ගෙවීගෙන යන්නයි යන්නේ. ඒත් මේව දාල අපි කොහේ යන්නද? මට නම් යන්න බැහැ. උඹ දන්නවනෙ මම කොහොමද මේ හැම දෙයක්ම දාලා යන්නේ.
"A - 11 සද්දෙ වැඩියි""
 කුවේනි කොච්චර අපිට බැන්නද? අන්තිමේදි කුවේනි අපිට බයේ මොනවත් කිව්වෙ නැහැ. ඒත් උඹ බය බව මම දැනගත්තා. T මේවගේ ලස්සන කතා ගොඩයි. මේව අමතක වෙන්නෙ නැහැ. ඒ වගේම මේ A වත් අමතක වෙන්නෙ නැහැ නේද? ඉතින් T අපි ගෙවපු ඒ ලස්සන කාලය මෙහෙම ගෙවිල අපි සමුගෙන ගියත් අපේ මේ මිතුදම හැමදාම අපේ හිත්වල එකවගේ තියේවි.
ඔයාටත් S ටත් එල්ලේ ටීම් එක සෑදීමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවායි පතන මා.
දයාබර සොයුරිය,
A

ප.ලි :

T එදා සංගන්නෙට ආපු අක්ක උඹෙන් ඇහුව මතකද ..
"නංගි, ඔයා කැම්පස් ආවෙ ඉගෙන ගන්නමද" කියලා
 ඒ අක්කත් දැකල තියෙනව උඹ නිතරම අර බෙන්ච් එකට වෙලා ඉන්නවා. අනේ බං, ඒ අක්ක එහෙම අහපු වෙලේ අපිටම ලැජ්ජා හිතුනා. ඒ කියන්නෙ උඹ ගැන අපි විතරක් නෙමෙයි හැමෝම දන්නව කියල උඹට තේරෙන්න ඇතිනේද?
 
මේවා FB Fanpage එකෙන්
 
මගේ සටහන :
මේකේ අන්තිමට ගෙදරට එන පාර පැහැදිලිව ලියලා තිබුනා. පොතක් පුරා මේවගේ දේවල් තියෙනවා. පොත තියෙන්නෙ මගෙ ලඟ නිසා ටිකෙන් ටික ඔයාලටත් බලන්න දෙන්නම්. මේවා අවංක අදහස්. මේ අය රැග් එකට අහු උනේ නැහැ, රැග් දීලත් නැහැ. එහෙම උනා කියලා බැඳීම් අඩු වෙලත් නැහැ. රැග් දෙන්න බැරි වෙලා තියෙන්නේ දෙන්න ආපු අය BITE වීම නිසයි.
 

ඇත්තටම ගෑණුන්ට ඕනෙ මොනවද ??


ඕන්න එකමත් එක රටක රජෙක් හිටියා. එයා එක දවසක අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා. ඒත් රජාගෙ තරුන කම ගැන හිතපු ඒ රටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස් කලා. හැබැයි කොන්දේසියක් පිට.
අවුරුද්දක් ඇතුලත අමාරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඇවිත් බාර වෙන්න වෙනවා.
රජා උත්තරය දන්නෙ නැති උනත් රාජධානියේ ඉන්න උගත්තු දන්නව ඇතිනෙ කියල හිතල කැමැත්ත පල කලා. ඔච්චර අමාරු ප්‍රශ්නය මෙන්න මේකයි.
ඇත්තටම ගෑණුන්ට ඕනේ මොනවද ?
 ඉතින් රජා තමන්ගෙ රටට ඇවිත් හැමෝගෙන්ම අහල බැලුවා. පූජකයින්ගෙන්, සිටුවරුන්ගෙන්, දිසාපාමොක්ලගෙන්, බමුනන්ගෙන් ... මේ හැමෝගෙන්ම ඇහුවා. උත්තර නම් ලැබුනා ඒත් හරියටම හරියන එකක් ලැබුනෙ නැහැ.

අන්තිමට හැමෝම කිව්වෙ රට කෙලවරේ ඉන්න නාකි මන්තර කාරි උත්තරේ දන්නව ඇති කියල. ඒත් රජා මන්තර කාරි ලඟට යන්න කැමති උනේ නැහැ. මොකද එයා උදව්වට හිලව් වෙන්න සමහර දේවල් ඉල්ලන හින්දා.
ඒත් ඉතින් මැරෙනවට වැඩිය මොනව හරි උත්සාහ කරන එක හොඳයි කියල පස්සෙ රජාට හිතුනා, මොකද අවුරුද්දෙ කාල සීමාවත් ටික ටික ගෙවිල යන නිසා.
ඉතින් වැඩිපුර කාලය කකා ඉන්න වෙලාවක් නැති නිසා හොඳම යාලු මිත්‍ර සෙනෙවියත් එක්ක රජා ගියා මන්තර කාරිහම්බ වෙන්න. ගිහිල්ලා ප්‍රශ්නය ඇහුවා. මන්තර කාරි තමන් උත්තරය දන්න බව කිව්වා. හැබැයි උත්තරයට ඉල්ලපු ගෙවීම ගැන අහපු රජාට හීන් දාඩිය දැම්මා.
මන්තර කාරිට ඕනැ උනේ රජාගෙ මිතුරු සෙනෙවියාව කසාද බඳින්න. ඒත් මන්තර කාරි කැතයි, කුදුයි, කටේ තියෙන්නෙ එක දතයි, හත් අවුරුද්දකින් නාල නැහැ. ඒ තරමට ගඳයි. රජා තීරනය කලා තමන්ගෙ යාලුව අමාරුවෙ දානවට වැඩිය සැපයි මැරෙන එක කියලා. එහෙම තීරනය අරන් එතනින් යන්න ලැහැස්ති උනා.
ඒත් සෙනෙවිය කැමති උනා මන්තර කාරිව බඳින්න. ඒ තරමට යාලුකම ලොකු උනා.


ඊට පස්සෙ කසාදෙ කෙරුනා, මන්තර කාරි උත්තරෙත් දුන්නා.
උත්තරේ උනේ මෙන්නෙ මේක :
ඇගේ ජීවිතේ ඇයටම පාලනය කරන ඉඩ දීම ..... 
හැමෝම පිලිගත්ත ඒක තමයි ඇත්ත කියලා. රජාට ජීවිත දානෙත් ලැබුන.
ඊලඟට තමයි අමාරුම හරිය.
රජාගෙ යාලු සෙනෙවිය මන්තර කාරිව කොහොම හරි අමාරුවෙන් බැන්ද කියමුකො. ඒත් ඉතින් මධුසමය කොහොමද ගත කරන්නෙ. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනෙ. එන දේකට මුහුන දෙන්න බලාගෙන සෙනෙවියත් හෙමින් හෙමින් නිදන කාමරයට රිංගුවා.
සෙනෙවියගෙ ඇස් අදහගන්න බැරිඋනා. මෙන්න ඇඳ උඩ ඉන්නවා ලස්සන කෙල්ලක්. සෙනෙවියා මේ වගේ කෙල්ලක් ජීවිතේටම දැකල නැහැ.
ඔයා කවුද ? මම කසාද බැන්ද මන්තර කාරිට මොකද උනේ?
සෙනෙවියා ඇහුවා.
බයවෙන්න එපා. ඒ මමම තමයි. ඕනෙනම් මට පුලුවන් දවසෙන් භාගයක් මේවගේ ලස්සනට ඉඳලා ඉතුරු භාගෙ මන්තර කාරියෙක් වගේ කැතට ඉන්න. ඔයා කැමති කොයි විදියටද ? දවල්ට මේ වගෙ ඉන්නද නැත්නම් රෑට මේ වගෙ ඉන්නද ? 
(මන්තර කාරි) ලස්සන කෙල්ල සෙනෙවියගෙන් ඇහුවා.

සෙනෙවිය ආපු වැඩේ පැත්තක දාල දහ අතේ කල්පනා කරන්න ගත්තා.
.... දවල්ට මම ගෙදර ඉන්නෙත් නැහැ, හතර වටේ ඕන තරම් ගෑනුත් ඉන්නවා. ඒත් රෑට මම මේකි එක්ක නිදාගන්නත් එපායැ....
ඔහොම තමයි සෙනෙවිය කල්පනා කලේ ....
ටිකක් හිතල බලන්න
(ඔයා පිරිමියෙක් නම්) ඔයාගෙ උත්තරය උත්තරය මොකක් වෙයිද ??
(ඔයා ගෑණියෙක් නම්) ඔයාගෙ සහකාරයගෙ උත්තරය මොකක් වෙයිද ??



සෙනෙවියගෙ උත්තරේ මෙන්න මේකයි. 
හැබැයි ඉතුරු ටික කියවන්න කලින් අවංකවම ඔයාගෙ උත්තරේ හිතාගන්න.
සෙනෙවිය දන්නවනෙ රජාට ලැබුන උත්තරය. ඒ නිසා සෙනෙවිය මන්තර කාරිට කිව්වා 
ඔයා කැමති තීරනයක් ගන්න. මමත් ඒකට කැමතියි.
කියලා.
ඊට පස්සෙ මන්තර කාරි මෙහෙම කිව්වා.
ඔයා ඇත්තටම මට ගොඩාක් ගරු කලා. ඒනිසා මම තීරනය කලා හැමදාම මේ විදියට ඉන්න
එදායින් පස්සෙ මන්තර කාරි හැමදාම ලස්සන පෙනුමට සෙනෙවියත් එක්ක ජීවත් උනා.


ප.ලි:
මේ කතාවෙන් කාරනා දෙකක් ඉස්මතු වෙනවා
1. ගෑනියෙක්ට එයාට ඕනැ කරන විදියට ඉන්න ඉඩ දුන්නෙ නැත්නම් සේරම අවුල් වෙනවා
2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක්  ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා

මගේ ජීවිතය උඩු යටිකුරු කල සිදූවීම හෙවත් සුනාමිය (2004)

මගෙ කැම්පස් එකේ යාලුවො ටිකක් ගාල්ලෙත් ඉන්නවා. කාලෙකින් මේ අයව හම්බවෙන්න බැරිඋන නිසා අපි තීරනය කලා නත්තල් දවසේ කට්ටියම හම්බ වෙන්න. අපි කියන්නෙ, අපි දෙන්න කසාද බැන්දෙ 2004 අවුරුද්දෙම නිසා යාලුවොත් බලාගෙනම නෑදෑ ගෙවල් වලත් ගිහිල්ල එන්න කියල තමයි පිට උනේ. වයිෆ් ගෙ ගෙවල් මාතර. ඉතින් කොළඹ ඉඳන් 24 වෙනිදා මාතර ගියා. 25 (සෙනසුරාදා) කැම්පස් එකේ යාලුවො කට්ටිය උදේ 9.30ට ගාල්ලෙ සමනල පාලම ලඟදි එකට හම්බඋනා. (සුනාමිය එදා ආවනම් අපේ රූප තමයි TV එකේ යන්නෙ). ඉතින් යාලුවො ටික හවස් වෙනකම් ගාල්ලෙ යාලුවන්ගෙ ගෙවල් වල ගියා.
හවස අපි දෙන්නා හබරාදූවේ පුංචි අම්මලගෙ ගෙදර ආවා. පාරෙන් එහා පැත්තේ මුහුද, මෙහා පැත්තෙ ගෙදර. මම මුහුදට ගොඩාක් ආසයි. ආපු ගමන්ම අපි කලේ මුහුදට පැනල හොඳට නාපු එක. එහා පැත්තෙ හොටෙල් එකකින් ගොගල්ස් වගයක් හම්බ උනා. අපි කලුවර වැටෙනකම්ම එක එක ජාතියෙ මාලු බල බල හොඳට මුහුදෙ පීනුවා. (මට ටිකක් පීනන්න පුලුවන්) ගෙදරදි අපිට නිදාගන්න හම්බඋනේ මුහුද පැත්තෙ කාමරයක්. මට නින්දගි‍යේ පාන්දර යාමේ (මුහුදෙ සද්දෙ නිසා මට නින්ද ගියෙ නැහැ)
උදෙන්ම ආපහු මාතර යන්න හිටියත් පරක්කු වෙලා ඇහැරුනු හින්දා උදෙට කාලම යන්න හිටියා. මම ගොඩාක් ආසයි කිරිබත් වලට. ඒ නිසා පුංචි අම්මා කිරිබත් හදලා තිබුනා. බාප්පා රාජකාරි ගමනකට ගියා. මල්ලි බයික් එකෙන් යාලුවෙක්ගෙ ගෙදර ගියා. නංගි කැම්පස් එකේ නිසා ගෙදර ඇවිත් හිටියෙ නැහැ.
දැන් ගෙදර අපි තුන්දෙනයි. මම, වයිෆ්, පුංචි අම්මා. පෝය දවස නිසා පුංචි අම්මට පිරිත්අහන්න ඕනෑ උනා. මම පිරිත් CD එකක් දාලා මාතර යන්න ලැහැස්ති වෙන්න හැදුවා.ගේ තියෙන්නෙ ගාලු පාර අයිනෙ නිසා ලොකු තහඩු ගෙට්ටුවක් දාලා තියෙන්නෙ. තාප්පෙයි ගේට්ටුවයි නිසා මිදුලෙ ඉඳන් බැලුවට පාර පෙනෙන්නෙ නැහැ. මට ඇහුනා කවුදෝ ගේට්ටුවට ගහන සද්දයක්. මම දොරෙන් එබිලා බැලුවා. එතකොට දැක්කා ගේට්ටුව යටින් වතුර එනවා. ගේට්ටුව දඩ බඩ ගාලා හෙලවෙන්න ගත්තා. එකපාරටම ගේට්ටුව ගැලවිලා උඩින් ගියා (පස්සෙ බලද්දි ඒක තිබ්බෙ පිටිපස්සෙ ගෙදර බිත්තියකට හේත්තු වෙලා.
පාරෙ අඩි දෙකක් විතර වතුර. ඊට එහායින් මුහුද දිහා බැලුවාම දැක්කෙ ලොකු බිල්ඩින් එකක් වගේ, මුහුද අඩි 15ක් 20ක් විතර උඩට ඉස්සිලා. ඒ එක්කම බයික් එකක හිටපු කෙනෙක් ගහගෙන ඇවිල්ලා ගෙදර දොරේ එල්ලුනා. මම වයිෆ් වයි පුංචි අම්මවයි එක්ක පිටිපස්සෙ දොරින් එලියට බැස්සා. මගෙ බලාපොරොත්තුව උනේ උස තැනකට යාගන්න එක. ඒත් මොන උස තැන්ද. ඒ පැත්ත ඊටත් වැඩිය පාතයි. 
අපි තුන්දෙනාම එකට ගුලිවෙලා ගෙයින් එලියෙ බිත්තියට හේත්තු වෙලා හිටියා. දැන් වතුර අපේ පපුව හරියට ඇවිත්. දඩ බඩ ගාන සද්දෙ, හෝ ගාන සද්දෙ නිසා අපි කතාකරන දේවල් වත් අපිට ඇහුනෙ නැහැ. 
ගෙදර තියෙන බඩු මුට්ටු පාවෙලා යනවා. පුංචි අම්මා කෑගහනවා. පුංචි අම්මා මිටි නිසා මම එයාව මගෙ දකුනු පැත්තෙන් වඩා ගත්තා. වයිෆ්ට කිව්වා මගෙ උරහිසෙන් හයියෙන් අල්ලගන්න කියලා. අපි එකපාරටම උඩ පැනලා පීනලා ගිහිල්ලා ඉස්සරහ තියෙන පොල් ගස් අල්ලගමු කියල කිව්වා. එතකොට අපේ ඔලුවට උඩින් වතුර පාරක් ගියා. කොහොම හරි අපි තුන් දෙනා පීනලා ගියා. මම වම් අතින් පොල් ගහේ එලුනා. දකුනු අතින් පුංචි අම්මව අල්ලගෙන. වයිෆ් මගේ දකුනු අතේ එල්ලිලා. මට එයාව පොල් ගහට ඇදගන්න බැහැ. වතුර පාර සැරයි. ඒ ලඟම තිබුනා යකඩ මරන් (ඇල්බීසියා) ගහක්. එයාට ඒකෙ එල්ලෙන්න කිව්වම ගහේ අත්තක එල්ලුනා. වයිෆ්ට අහුඋනේ පොඩි අත්තක්. ඒ අත්ත මුලින් නැමුනා. ඊට පස්සෙ අත්ත කැඩුනා, ඒත් ගහෙන් ගැලවුනේ නැහැ. මේ වෙනකොට එයා හිටියේ මට අඩි 4ක් 5ක් විතර එහායින්. මම කිව්වා එයාට දඟලන්නෙ නැතිව වතුරෙ පාවෙලා ගහ අල්ලගන්න කියලා. අන්තිමට කොහොම හරි ගහ අල්ල ගත්තා. අපිට ආපු වතුර පාර ටිකක් සැර අඩුයි, මොකද අපි හිටියෙ ගේ පිටිපස්සෙ නිසා. හොඳ වෙලාවට ගේ කැඩුනෙ නැහැ. අනික අපි හිටියෙ මුහුද අයිනෙම නිසා මඩ, රොඩු වගේ ඒවා ආවෙ නැහැ. අනික ගොඩට ගහගෙන ගිය වතුර ආපහු ආවෙත් නැහැ. 
ඊට පස්සෙ අපි ගස් වලින් බැහැලා පාරට ගියා. පාර පුරා වාහන. මිනිස්සු ........... 
මම පෙරලිලා තිබුන බයික් එකක් ස්ටාට් කරගන්න හැදුවා . බැරිඋනා. ඊට පස්සෙ එතන තිබුන බයිසිකලයක් අරගෙන පුංචි අම්මව ඉස්සරහින් තියාගෙන වයිෆ්ව පිටිපස්සෙ රෝදෙ කෝන් එකට නග්ගගෙන ගාල්ල පැත්තට එන්න ගත්තා. (අපි හිතුවේ මුහුද ගොඩ ගැලුවෙ හබරාදූවට විතරයි කියලා). ඒත් පාර පුරා තියෙන සුන් බුන් හින්දා වැඩි දුර එහෙම යන්න බැරිඋනා. ගමේ හැමෝම පන්සලකට එකතුවෙන බව දැක්ක නිසා ඒ පන්සලට ගියා. ටික වෙලාවකින් මල්ලි අපිව හොයාගෙන පන්සලට ආවා. 
එදා රෑ මල්ලිගෙ යාළුවෙකුගෙ ගෙදර ඉඳලා පහුවදා කොළඹට එන්න පිටත් උනා.

ගණිත සෙල්ලම් වලට අහුවෙන ලාංකිකයෝ හෙවත් පිරමිඩාකාර ගිරිහිම අනුපාතය

මේ වගේ දැන්වීමක් කොහේ හරි දැකල නැත්නම් කවද හරි දකී.
"අලුත්ම ලැප්ටොප් එකක් රු. 20,000/- යි !
රු. 20,000/-ක් පමනක් ගෙවීමෙන් හැමෝටම රු. 100,000/-ක් වටිනා ලැප්ටොප් එකක් ලබාගත හැකිය. වෙනත් ගෙවීම් නැත. විකිනීම පිලිබඳ විස්තර ලබා ගන්න"
ඉතින් කවුද අකමැති අඩු ගානකට වටිනා ලැප්ටොප් එකක් ගන්න. ඉතින් වැඩිපුර හිතන්නෙ නැතුව අපිත් යනවා මේ තැන හොයාගෙන. ගිය ගමන්ම අපිට ඒ ගොල්ලො දෙන්නෙ ලැප්ටොප් එකක් නෙමෙයි. ටිකට් 4ක්. අපි එයාලට රු.20,000/-ක් දුන්නම. එයාල අපිට දෙනවා ටිකට් 4ක්. අපි ඒ ටිකට් 4 රු. 20,000/-  ගානෙ අපේ යාළුවන්ට විකුනන්න ඕනෑ. විකුනල ඒ සල්ලි අර කොම්පැනි එකට දුන්නම අපිට ලැප්ටොප් එක හම්බවෙනවා. ඇත්තටම අපිට වියදම් උනේ රු. 20,000/-යි. කථාව ඇත්ත.
ඊට පස්සෙ අපෙන් ටිකට් ගත්තු යාළුවන්ට වෙනවා අර කොම්පැනි එකට ගිහින් තමන් මිලදී ගත්ත ටිකට් එක දෙන්න. එතකොට එයාලට හම්බ වෙනවා තවත් ටිකට් 5ක්. එයාලා ඒ 5 තවත් යාළුවෝ 5 දෙනෙකුට විකුනලා සල්ලි ගෙනත් දුන්නම එයාලටත් ලැප්ටොප් එකක් ගන්න පුළුවනි. .....
ඉතින් මෙතන කිසිම බොරුවක් නැහැ. දැන්වීමේ විදිහටම සේරම දේවල් සිද්ධ වෙනවා. ලැප්ටොප් කොම්පැනි එකටත් තමන්ගෙ විකිනෙන භාන්ඩයට අදාල සම්පූර්ණ මුදලම ලැබෙනවා. 
ඒත් මෙතන තියෙන්නෙ කූටෝපායක්. මේ කූට වෙලඳාමට රැවටිලා තමන් ගත්ත ටිකට් විකුනගන්න බැරි උන අයට ඉතින් හුලං තමයි. හැබැයි වෙලෙන්දා ගොඩ.
මම කියන්න යන්නෙ මේක වෙන්නෙ කොහොමද කියලා.
මේ කොම්පැනියෙන් ටිකට් ගත්ත පලවෙනියා එයාගෙ ටිකට් ටික ලේසියෙන්ම 4 දෙනෙකුට විකුනගන්නවා. ඒ හතර දෙනා තමන්ගෙ ටිකට් (4‍x5) = 20 දෙනෙකුට විකිනිය යුතුයි. ඒ අයටත් ඒවා විකුන ගන්න පුලුවන් උනා කියල හිතමුකෝ. ඒ විසි දෙනා ආයෙමත් (20x5) = 100 දෙනෙකුට විකිනිය යුතුයි. එවිට 1+4+20+100 = 125 ක් ටිකට් අරගෙන ඇත. ඔවුන්ගෙන් 25 දෙනෙකුට ලැප්ටොප් ලැබිල තියෙන්නෙ. සිය දෙනෙකුට තියෙන්නෙ බලාපොරොත්තුවක් විතරයි. ඒ වෙනුවෙන් රු. 20,000/-ක් දැනටමත් ගෙවල ඉවරයි.
දැන් මේ ගනුදෙනුව මිතුරන්ගෙන් එපිටට, නගරයට පැතිරෙනවා. ටිකට් අතේ ඇති 100 දෙනා ඒවා තවත් 500 දෙනෙකුටත්, ඒ 500 දෙනා තවත් 2500 දෙනෙකුටත් ටිකට් විකුනන්න ඕනෑ. නගරය ටිකට් පත් වලින් පිරී ඉතිරී යනවා. එතකොට ටිකට් විකුනගන්න පුද්ගලයන් හොයාගන්න අමාරු වෙනවා.

අපි මෙය සංඛ්‍යා පිරමිඩ අකාරයට සලකා බලමු.
1
4
20
100
500
2500
12,500
62,500
 නගරය විශාල නම්, හැමෝටම ලැප්ටොප් අවශ්‍ය නම්, එහි ජනගහනය 62,500 ක් නම් 8 වෙනි වට රවුමෙදී මෙම ගනුදෙනුව බිඳ වැටේ. සියලුම දෙනා එයට යටවී ඇත. එහෙත් ලැප්ටොප් ලබාගෙන ඇත්තේ එයින් 1/5 කොටසකි. ඉතිරි 4/5 දෙනා අතේ විකුනාගත නොහැකි වූ ටිකට් ඉතිරිව ඇත.
(මෙයට කියන්නේ "ගිරිහිම නිපාතය" කියාය)
තවත් රවුම් දෙක තුනක් යනවිට රටක්ම මෙයට යට විය හැක. එනමුත් එයින් 4/5 ක් ම රැවටීමකට ලක්ව ඇත.
මෙයින් කොම්පැනියට ලැබෙන්නේ කුමක්දැයි අපි බලමු. ජනගහනයෙන් 1/5ක් ලබාගත් ලැප්ටොප් සඳහා ඉතිරි 4/5 ක කොටසකට ගෙවීමට සලස්වයි. තවත් විදියකට කියනවානම් එක් අයෙක් ලබා ගත් භාන්ඩයේ ඉතිරිය සඳහා තවත් හතර දෙනෙක් ගෙවීම් සිදුකරයි. තවත් අතකින් කියනවානම් කිසිඳු අමතර වියදමක් නැතිව තමන්ගේ භාන්ඩ බෙදා හැරීම පිනිස ඒජන්තවරු සොයාගනී. (එකිනෙකා ගිල ගැනීමේ ගිරි හිම නිපාතය - අයි. අයි. යසීන්ස්කි)
මෙම නිපාතයට යටවී සැඟවී යන යෝධ සංඛ්‍යාව, කූට වෙලඳුන්ගේ ගැටවලට අසුවන, තමන්ගේ මොළය භාවිතයට නොගන්නා පුද්ගලයන්ට දඬුවම් කරයි.

පසුවදන :
මෙහි මා ලැප්ටොප් වශයෙන් යෙදුවේ පහසුව පිනිසයි. මේ වැනි ව්‍යාපාර මේ දිනවල ලංකාවේ කෙරීගෙන යමින් පවතියි. සෝෆා, පිඟන් කට්ටල, TV, DVD Players, විටමින් පෙති, තිර රෙදි,  ... ලැප්ටොප් වෙනුවට ආදේශ වී ඇත.
මගේ මේ ලිපියට පාදක වූයේ Y Perelman ගේ Mathematics Can Be Fun පොතේ එන Large numbers ‍‍‍යටතේ ඇති කථාවකි. සෑම ලාංකිකයෙකුම කියවිය යුතු පොතකි. (ගණිත විනෝදය යනුවෙන් සිංහල පරිවර්තනයක් ඇත) මේ පොත මොළේ ඇති හොරෙකුට හමුවූයේ නම් රටට දෙවියන්ගේම පිහිටය.
ප.ලි : මෙහි pdf සංස්කරනය අන්තර්ජාලය පුරා සෙවූවත් හමුවූයේ නැත.

පිහි ඇනුමකින් කෙලවර වූ කැම්පස් ආදරය ....

එක දවසක් මම කැම්පස් එකට යනකොට තෙල් බැම්මට මෙහා කට්ටිය රොක් වෙලා. ගොඩාක් වෙලාවට එහෙම වෙන්නෙ වලියක් වගෙ එකක් උනොත් තමයි. කසු කුසු අතරින් ආරංචි උනා කොල්ලෙක් කෙල්ලෙකුට පිහියෙන් ඇනලා කියලා. කෙල්ල ඉස්පිරිතාලෙ ගෙනිච්චලු, කොල්ලා හොයාගන්න නැතිලු. 
පස්සෙ ආරංචි උනා කොල්ල පඳුරක් අස්සෙ ඉඳල සෙකියුරිටි එකට හම්බවෙලා කියලා. කොල්ලා වහ බීලා.
දෙන්නම ඉස්පිරිතාලේ. පස්සෙ බැලින්නම් මේ කපල් එක අපි දන්නවා. ඒ කියන්නෙ අපිට සීනියර්. මම අඳුනන්නෙ නැති උනාට මගේ සමහර යාළුවෝ හොඳට අඳුනනවා. හැබැයි මට මේ කපල් එක හොඳට නෝට්. හේතුව තමයි දෙන්නම එකට දැකල තිබීම.
දෙන්න හොඳ ආදරෙන් ඉඳල තියෙනවා. ඒත් ඒ ආදරේට කණ කොකා අඬල තියෙන්නෙ ප්‍රැක්ටිකල් වලට කෙල්ල කොම්පැනි එකක ජොබ් එකට යන්න ගත්තට පස්සෙ. එතන පොරක් මෙයා එක්ක සෙට් වෙලා. අන්තිමට කෙල්ලගෙ ගෙදර අයත්, කෙල්ලත් දෙගොල්ලම කැමති අර අළුත් කොල්ලව බඳින්න. කැම්පස් ආදරය නවත්තන්නයි කෙල්ලට ඕනෑ වෙලා තිබුනේ.දෙන්න ඒක නවත්වන්න කතා බහ කරගෙන එකඟ වෙලා ඉඳල තියෙන්නෙ.
ඉතින් කැම්පස් කොල්ලා එක දවසක් කෙල්ලට පිහියෙන් ඇන්නා. ඊට පස්සෙ කෙල්ල මැරුනා කියලා හිතලා පඳුරක් අස්සෙ හැංගිලා වහ බිව්වා.
දෙන්නටම අමාරු උනා. ඒත් දොස්තරල මේ දෙන්නවම බේර ගත්තා.
කෙල්ල සුපුරුදු පරිදි ගෙදරට වෙලා ජොබ් එකට ගියා. (හැබැයි ආයෙමත් කැම්පස් ආව කියල ආරංචියක් තිබුනෙ නැහැ). කොල්ල බෙල්ලෙ වැල දාගෙන සිය දිවි නසා ගත්තා.


ප.ලි : මේ ගැන පත්තරේකට හෙදියක් ලිපියක් ලියල තිබ්බ. මට මතකයි ඒකෙ තිබුනේ ආදරය ඉල්ලල නොලැබුන තැන පිහියෙන් ඇන්නා කියලා. ඒ ලිපිය පුරාම තිබ්බේ කොල්ලගෙ වැරැද්ද විතරයි.

බොස්ට නොතේරෙන දෙයක් තේරුම් කර දෙන්න ගිහින් ...... අන්තිමේ ...

මුලින්ම කියන්න ඕනැ මේක මම අහපු කථාවක්. 

 
උපන් ගෙයි අන්ධයෙකුට සහයට කොල්ලෙක් හිටියා. දෙන්න හිඟමනේ ගිහිල්ල හොයන දෙවල් වලින් වැඩිදේ ගසාකන්නෙ අර කොල්ලා. හැබැයි අන්ධයගෙ වැඩේ හැම තිස්සෙම ප්‍රශ්න අහන එක.
දවසක් දෙන්න කිරි බිව්වා. අන්ධය එදාතමයි මුලින්ම ඒ රස කල කිරි බිව්වේ.
"හරිම රසයි. මොකද්ද මල්ලි ඒ බීම ජාතිය ? "
"ඒ තමයි කිරි, ඇයි කලින් බීල නැද්ද ? "
"ඇත්තද ? ඉතින් කිරි මොන පාටද ?"
"සුදු පාටයි"
"ඒ කියන්නෙ ? "
"අර සුදු පිරුවටයක් වගේ "
"පිරුවට මොන පාටද ? "
"පිච්ච මල් වගෙයි ? "
"පිච්ච මල් මොන වගෙද ? "
"ඉගිල්ලෙන කොක්කු රෑනක් වගෙයි"
"කොක්කු කියන්නෙ මොනවගෙද  උන්ටද ?"
"කොක්කු හරියට කපු පුළුන් වගෙයි, සුදුයි"
කොල්ලට තරහ ගිය නිසා සැරෙන් කිව්වා. දැන් කොල්ලගෙ ඉවසීමේ සීමාවත් පැනගෙන එන්නෙ.
"කපු පුළුන් කොයි වගේද ? "
"අර සුදු වලාකුළු වගේ"
"සුදු වලාකුළු කොහොමද ? "
"අර උඩ අහසෙ තියෙන්නෙ,  උඩ බලාගෙන හිටපන් එතකොට පෙනෙයි"
එහෙම කිව්ව කොල්ලා දමල ගහල යන්න ගියා.

* ලොක්කෙකුට යමක් තේරුම් කරල දෙන්න ගියාම සිද්ද වෙන්නෙ ඔයදේම නොවුනත් මීට ටිකක් සමානයි නේද ? 


ශ්‍රී ලංකාවෙ කෙනෙක් හඳුනාගත හැකි ක්‍රම ටිකක් (sure n shot)

ලෝකෙ පුරාම කරක් ගහන අපට බැලූ බැල්මට ලංකාවෙ ඉපදුන කෙනෙක්ව අඳුන ගන්න අමාරුයි. ඒත් අදින් පස්සෙ ඒක එහෙම වෙන්නෙ නැහැ.
ශ්‍රී ලාංකිකයන් ඕනෑම තැනකදී අපට හඳුනා ගත හැක.
ඒ පහත දැක්වෙන කරුනු වලිනි
1. කන කෑම වේලක මිරිස්, ළූනු, සුදු ළූනු වලින් සමන්විත නම්
2. තෑගි ඔතපු කොල, තෑගි ඇසුරුම් පෙට්ටි, ඇලුමිනියම් කොල ආයෙමත් පාවිච්චියට අරන් තබාගෙන ඉන්නවානම්
3. දත් අස්සේ රැඳුනු කෑම කැබලි දිව යොදා ගනිමින් ඉවත් කිරීමට උත්සාහ ගන්නා අතර මුවින් "ට්ෂික්හ්" ශබ්ධය පිට කරයි නම්
4. ගුවන් තොටුපලේ , ඉතා විශාල ප්‍රමානයේ සූට් කේස් දෙකක් සමග රැඳී සිටිනවානම්
5. පාටියකට පැයක් හෝ දෙකක් ප්‍රමාද වී පැමින එය සාමාන්‍ය යැයි සිතන්නේ නම්
6. සීල් එක නොවැදුන මුද්දර ගලවන්නේ නම්
7. කොමොඩ් එක ලඟින් ප්ලාස්ටික් කෝප්පයක් තබා තිබේ නම්
8. ලමයින්ට එක වගේ නම් දමා ඇත්නම් (උදා : අමල්, කමල්, බිමල්)
9. හැම ලමයටම සුරතල් නම් (ඇත්ත නමට කොහෙත්ම නොගැලපෙන) දමා ඇත්නම්
10. "කෑම ගෙනයාම තහනම්" යනුවෙන් සඳහන් කොට ඇති තැන් වලට හපන්න මොනවා හෝ රැගෙන යන්නේ නම්
11. ගෙදරකින් පිටව යාමට සමුගෙන, ඒත් දොරකඩ හෝ ගේට්ටුව ලඟ තවත් පැයක් පමන කථා කර කර ඉන්නේ නම්
12. තමන්ගේ කාරයට ඇතුල් කරගත හැකි උපරිමයටම මිනිසුන් නංවා ගන්නේ නම්
13. පොලිතීන් වැනි දෑ භාවිතා කර අලුත් භාන්ඩ (ටී.වී, රිමෝට්, පුටු කවර, ..) ආදිය ආරක්ෂා කරන්නේ නම්
14. දෙමව්පියෝ තම ලමයින්ට, ලමුන්ගේ යාළුවන් මොනවා හිතුවත් කමක් නැහැ කියන අතර දෙමව්පියන්ගේ යාලුවන් මොනවා හරි හිතාවියැයි සිතා යමක් කිරීම වලක්වන්නේ නම්


15. රයිස් කුකර් එකක් තිබීම අත්‍යාවශ්‍ය යැයි සිතන්නේ නම්
16. අවුරුදු 40 පහුවුන දූ දරුවන්ද තම දෙමව්පියන් සමග එකට ජීවත් වන හා ඒ ගැන දෙමව්පියන්ද ඉතා කැමැත්තක් දක්වන්නේ නම්
17. ඒ තමාගේ දුව නොවේ නම්, කාගේ දුව කාගේ පුතා එක්ක පැනලා ගියේද යන්න දැනගැනීම සහ එය අන් අයට පැවසීම තමන්ගේ රාජකාරිය යැයි සිතන්නේ නම්
18. පැය ගනන් ගතවෙන ෆෝන් කෝල්ස් ගන්නේ රෑ 10න් පසු නම්
19. ගෙදරින් පිට ජීවත් වෙන පුතාට රෑ 12 ට කෝල් එකක් දුන්නත් "කාලද ඉන්නේ ?" කියලා අසන්නෙ නම්
20. තවත් ශ්‍රී ලාංකිකයෙක් ලෝකේ කොතනකදි හමුඋනත්, විනාඩි කිහිපයක කතා බහකින් පසුව ඔවුන්ගේ සහ තමන්ගේ නෑදෑකම සොයාගත හැකිනම්
21. IDD කෝල්ස් ගන්නා විට තරමක් ශබ්ධ නගා කතා කරන්නේ නම්
22. සෝෆා එකේ කුනු ගෑවෙන නිසා බෙඩ් ශීට් දමා ඇති නමුත් ඇඳේ බෙඩ් ශීට් මාස ගනනකින් සෝදා නොමැතිනම්
23. තමන්ගෙ වෙඩින් එකට අඩු ගනනේ 600 කටවත් ඉන්වයිට් කරන්න බැරිඋනොතින් දුක් වෙන්නේ නම්
24. කසාදයක් ගැන කතා කරද්දී තමන්ගේ දුව (පෙනුම කොහොම උනත්) සුදුයි කෙට්ටුයි ලස්සනයි කියන්නේ නම් ;
එයා ශ්‍රී ලාංකිකයෙක් ....


මේ කරුනු ටික ආසාවෙන් කියවන්න හේතුව මේවායින් කිහිපයක් හෝ සේරම හෝ ඔයාට ගැලපෙන හන්දා නේද ??
ඒ කියන්නේ ඔයත් ශ්‍රී ලාංකිකයෙක් ... එහෙම නේද ???



මේක චූ කතාවක් ...


ඉංජිනේරුවෙකුයි ලෝයර් කෙනෙකුයි පියන් කෙනෙකුයි ටොයිලට් එකක (එහෙමත් නැතිනම් වොෂ් රූම් එකක) චූ කර කර හිටියා. දන්නවනෙ පිරිමි අයට තියෙන ටොයිලට් ගැන.
ඉංජිනේරුවා මුලින්ම වැඩේ ඉවර කලා. සිප් එක එහෙම හදාගෙන අත් දෙකම හෝදගන්න පටන් ගත්තා. 
වැලමිට ලඟට යනකම්ම හොඳට හෝදගෙන ටොයිලට් පේපර් 20කින් විතර අත් දෙකම හොඳට පිහ ගත්තා. 
ඊට පස්සෙ අනිත් දෙන්න දිහාට හැරිලා මෙහෙම කිව්වා.
"මම ඩිග්‍රිය ගත්තෙ මොරටුවෙන්. එහෙදි අපිට කියල දීල තියෙනවා හරියට පිරිසිදුව ඉන්න ඕන විදිය"
ඊට පස්සෙ ලෝයර් සිප් එක දාගෙන ඉක්මනට ඇඟිලි තුඩු තෙමාගෙන එක ටොයිලට් පේපර් එකකින් ඇඟිලි පිහින ගමන් කියනව
"මම ඩිග්‍රිය ගත්තේ කොලඹ කැම්පස් එකෙන්. එහෙදි අපි ඉගෙනගත්තා පරිසරයට හිතකාමීව වැඩක් කරන්නෙ කොහොමද කියලා"
පියන් සිප් එක දාගෙන ෂර්ට් එක යටකර කර එලියට යන ගමන් මෙහෙම කියාගෙන ගියා
"මම ඩිග්‍රිය ගත්තෙ කැලනියෙන්. එහෙදි අපි ඉගෙන ගත්තා අතේ නොගෑවී චූ කරන්නෙ කොහොමද කියලා"



දෙවියන්ගෙ කථාවයි, ගිටාර් කථාවයි ...

මේ කථාව ඇහිල තියෙන්නෙ මගෙ යාළුවෙකුට. එයා නිතරම දිව්‍ය ලෝකේ ගිහින් ආපහු එන කෙනෙක්.
අවුරුදු 55 ක විතර වයසක කාන්තාවකට ඔපරේෂන් එකක් සිදු කරමින් ඉන්න අතරතුර දෙවියෝ මුනගැහුනා. දෙවියෝ ඇඳ ලඟටම ඇවිත් හිටියා. ඉතින් මෙයා දෙවියන්ගෙන් ඇහුවා.
"මාව මැරෙයිද දෙවියනි ???"
"නෑ තව අවුරුදු 30ක් ඔයාට ජීවත් වෙන්න පුළුවන්" දෙයියෝ කිව්වා.
අවුරුදු 30ක්ම තවත් ඉන්න එකේ ඒ කාලේ හොඳින් ඉන්න ඕනෑ කියල හිතපු කාන්තාව ඒ ඉස්පිරිතාලයෙන්ම ප්ලාස්ටික් ඔපෙරේෂන් වගයක් කරගත්තා.
පියොවුරු හදාගත්තා, හමේ රැලි යවාගත්තා, බඩ අඩු කරගත්තා, කොන්ඩය හිටවගත්තා, කොටින්ම කියනවනම් උපරිම තරුන පෙනුමක් ලබා ගත්තා.

ඉස්පිරිතාලයෙන් පිටවෙලා යනකොට හැමෝම මෙයා දිහා බලන්න ගත්තා. ඉතින් මෙයත් ආඩම්බරයෙන් පාර මාරුවෙනකොට ඇම්බියුලන්ස් එකකට යටවෙලා මියගියා.
මේ කාන්තාව ගියේ දිව්‍ය ලෝකයට. කෙලින්ම ගියා අර දෙයියා හම්බවෙන්න.
"ඔයා කිව්ව නේද මම තව අවුරුදු 30ක් ජීවත් වෙනවා කියලා ?"
"ඔවු. ඒකනම් එහෙම තමයි" දෙයියෝ උත්තර දුන්නා.
"ඉතින් මොකද මේ උනේ ?" කාන්තාව ආයෙමත් ඇහුවා.
"මට ඔයාව අඳුන ගන්න බැරිඋනානේ ... " දෙයියෝ කිව්වා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ සිද්ධිය උනේ සුපුරුදු පරිදි මට
රාජකාරියේ හැටියට මට වෙනවා ස්වුන්ඩ් බැලන්ස් කරන්න. එක දවසක් සිංදුවක් රෙකෝඩ් කරන්න කලින් වාදකයන් දිහා බලාගෙන ඉන්නකොට මම දැක්කා දෙන්නෙක් ගහගන්න හදනවා. මම ඉක්මනට ස්ටුඩියෝ එකට ඇතුල් වෙලා දෙන්නා දෙපැත්තට කලා.
"මොකද මේ වෙලා තියෙන්නෙ, තව පොඩ්ඩෙන් මේ මයික් එකත් කැඩෙනවා ... ?" මම සැරෙන් ඇහුවා.
"මේ ගොං හරකා මගේ ගිටාර් එක කරකවලා ටියුන් එක වෙනස් කලා"
ගිටාර් වාදකයා කිව්වා.
මම ඩ්‍රම්ස් වාදකයා පැත්තට හැරිලා ඇහුවා "ඇත්තද ?" කියලා.
"හ්ම්ම් .. "ඔහු ඔලුව වැනුවා.
"දැන් මොනවා කරන්නද" මම ගිටාර් වාදකයාට කිව්වා
"ඔයාට පුළුවන්නෙ ඕක ආයෙමත් ටියුන් කරගන්න. දැන් රෙකෝඩ් කරන්න පරක්කු වෙනවා"
ගිටාර් වාදකයා මං දිහා රවල බැලුවා
"මේ ............. බූරුව මට කියන්නෙ නැහැනෙ මොන එකද කැරකෙව්වෙ කියලා"

කැන්ටින් එකේදි ඇහුන දෙයක් ... පීරියඩ් ගැන.


 (මේ තමයි ලෝකෙ පලවෙනි පෝටබල් කොම්පියුටර් එක)
 ~~~~~~~~~~~~~~~
ඒකෙන් වැඩක් නැහැ. දන්නවනේ කැලනිය කැම්පස් එකේ ජිම් කැන්ටීන් එක. (ඉස්සර අපිනම් එහෙම තමයි කිව්වේ). ඒ කැන්ටින් එක කරවපු අයගෙ ෆොටෝස් තමයි අර පැත්තේ බිත්තියක එල්ලලා තියෙන්නේ. අපේ ජීවිතත් වැඩි කාලයක් ගෙවුනේ ඕකෙම තමයි. අපේ Languages කරන යාළුවෝ සමහර අය පාර්ට් ටයිම් ජොබ්ස් කලා. ඒ එක්කෙනෙක් තමයි මේ කථාව ඒ දවස් වල කිව්වේ.
මං හිතන්නේ එයාට තමයි මේක උනේ.
එක මොන්ටිසෝරියක ලමයින්ට ගෙදර වැඩක් දුන්නා. ඒ මොකද්ද දන්නවද? ගෙදර සිද්ධ වෙන පුදුම හිතෙන දෙයක් පහුවදා ඇවිල්ලා මොන්ටිසෝරියට විස්තර කරන එක.
ඉතින් ඔන්න උදෙන්ම ටීචර් පටන් ගත්තා එක එක ලමයගෙන් පිලිවෙලට ගෙදර වැඩේ ගැන අහන්න.
පොඩි උනුත් පිලිවෙලට ඇවිල්ලා තමන්ගේ පුදුම උන දේවල් කියන්න ගත්තා.
ජොනී ගේ වාරයත් ආවා. ජොනී කෙරුවේ නැගිටලා ගිහින් චෝක් එකක් අරගෙන කළු ලෑල්ලේ තිතක් තිබ්බා.
ඊට පස්සේ ගිහින් පුටුවේ ඉඳගත්තා.
ටීචට හිතාගන්න බැහැ ජොනී අදහස් කරන්නේ මොකද්ද කියලා.
ඉතින් එයා ජොනීගෙන් ඇහුවා.
"මොකද්ද ජොනී මේ ?"
"ඔය පීරියඩ් එකක්" ජොනී කිව්වා.
"හ්ම්ම් ... මටත් ඒක පේනවා. පීරියඩ් එකක් තමයි. ඉතින් මොකද්ද මේකෙ පුදුම හිතෙන්න තියෙන්නෙ ?"
"මම දන්නෙත් නැහැ මිස් ...." ජොනී කිව්වා.
"ඒත් අද උදේ අපේ අක්කා කිව්වා එයාගේ එකක් නැතිවෙලා කියලා. . . 
ඒක අහලා අපේ තාත්තට හාට් ඇටෑක් හැදුනා. අම්මා කලන්තෙ දාල වැටුනා. . .
වැඩේ කියන්නෙ මිස්,
අල්ලපු ගෙදර පෙරේර අන්කල් වෙඩි තියාගත්තනේ "

කැම්පස් කථා දෙකක් ..


මේවා ඉතින් මේ ලංකාවේ සිද්ධ වෙන දේවල්. බොරු කිව්ව කියල මට ඇති වැඩේ මොකද්ද ? එක වගෙ සිදුවීම් ඔය අනන්තවත් වෙන්නේ.
මේක උනේ මගෙ යාළුවෙකුට. නම අහන්න එපා. ඕන්න මිනිහ දවසක් මාතර යනවා. පිටකොටුවෙන් A/C බස් එකක නැගලා අයිනක ඉඳගත්තා. laptop එකත් අරගෙන dongle එක එහෙම ගහගෙන මිනිහා වැඩ පටන් ගත්තා. බස් එක අද්දන්න ඔන්න මෙන්න කියලා නැග්ගා ලස්සන කෙල්ලෙක්. ඉඳගත්තේ මිනිහ ලඟින්. මිනිහට දැන් ඕනේ අර කෙල්ල එක්ක කථා කරන්න. මොන කථා ද ... කෙල්ල ඉඳගත්ත වෙලේ ඉඳන් නිදි.

හැබැයි බම්බලපිටිය හරියෙදි කෙල්ල නැගිට්ටා. වතුර ටිකක් බොන්න. අපේ ගෝතයා කෙල්ල එක්ක හිනාඋනා. කෙල්ලත් හිනාවෙලා ආයෙමත් නිදාගන්න හැදුවා. නිදාගත්තොත් වැඩේ ඉවර නිසා මූ කටට ආපු එකක් කියලා දැම්මා.
"අපි පොඩි ගේම් එකක් කරමුද? මටත් කම්මැලියි"
"මොකද්ද ?"
"ම්ම්ම්ම්ම්ම්ම්......" මුට උත්තරයක් එන්නෙම නැහැ.
"මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයා උත්තර දෙන්න බැරිඋනොත් මට රු.5ක් දෙන්න. මට බැරිඋනොත් මම ඔයාට රු.50 ක් දෙනවා .... " කැලනිය කැම්පස් එකේ බුවෙක් නෙ. මොලේ තියෙනවා.
"හරි එහෙම කරමු" කෙල්ලත් කිව්වා.
මූ හිටියේ ලැප්ටොප් එක දිගඇරගෙන
"පොළවෙ ඉඳන් හඳට දුර කොච්චරද ?"
කෙල්ල මොනවත් කිව්වේ නැහැ රු. 5ක් අරගෙන අපේ බුවාට දුන්නා.
දැන් කෙල්ලගෙ වාරේ
"කකුල් තුනෙන් කන්ද නැගල කකුල් හතරෙන් කන්ද බහින සතා මොකාද ?"
අපේ බුවා හොලම්න් උනා. ඉන්ටනෙට් එක බැලුවා, යාළුවන්ට කෝල් කරලා ඇහුවා, කොහෙවත් නෑ උත්තරය.
පැයගානකට පස්සේ මූ කෙල්ලව ඇහැරෙව්වා. රු. 50 ක් අරගෙන කෙල්ල අතේ තියලා.
"මොකද්ද අනේ උත්තරය " කියලා ඇහුවා.
කෙල්ල මොකුත් කිව්වේ නැහැ. රු. 5ක් අරගෙන අපේ බුවා අතේ තියලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.
~~~~~~~~~~~

ඕක මහසෙන්ගෙ යාළුවෙකුට වෙච්ච දෙයක්.
මේක මහසෙන්ට උන දෙයක්
මම කලිනුත් කියල තියෙනවනෙ කැම්පස් එකේ හිටපු කාලෙ වැඩිපුරම හිටියෙ කොම්පියුටර් ලැබ් එකේ කියලා. ඕන්න ඉතින් තවත් වාත වෙවී හිටපු දවසක. අද වගේම වැස්ස. ගියා ලැබ් එකට. ඒකෙ Arts අයට ලෙක්චර්ස් තිබුනත් අන්තිම පේලිවල කට්ටිය හිටියේ නැහැ. මමත් ගිහින් අන්තිම පේලියක ඉඳගත්තා. ඉතින් වටපිට බල බල ඊමේල් චෙක් කරන ගමන් මම දැක්කා එක girl කෙනෙක් අත් දෙකම මූනෙ ගහගෙන මොනිටර් එක දිහා බලාගෙන ඉන්නවා. පැයකාලක් විතර එක දිගටම මෙහෙම ඉන්නවා.
මට ඉස්සරහ පේලිය නිසා මම ඉස්සිලා ඇහුවා
"මොකද්ද නංගි ප්‍රශ්නය " කියලා.
"දැන්ද අහන්නෙ? මම F1 ප්‍රෙස් කරලා දැන් පැය භාගෙකටත් වැඩියි. දැන්ද HELP කරන්න එන්නේ ??"
මේකි මගෙ ඇඟට කඩන් පැන්නා.

සුද්දගෙ අපේ කථාවක් ..

මහසෙන් ඉන්නව ලඟින්ම ...


මේක යටත් විජිත කාලේ කථාවක්. අහල නැත්නම් කියවන්න.
දඩයමේ යන සුද්දෙක් කුරුල්ලෙකුට වෙඩි තිබ්බා. ඒ කුරුල්ලා ඇදගෙන වැටුනේ එහා පැත්තේ තිබුන හේනකට. සුද්දා කඩුල්ල පැනලා යනකොට හේනේ හිටිය ගොවියා කුරුල්ලාව අයිති කරගෙන. ඉල්ලුවට දෙන්නෙ නැහැ.
මොනවා කරන්නද, සුද්දටත් ඒ කුරුල්ලව ඕනෑ. අමාරුවෙන් දඩයම් කරපු එකානේ.
ගොවියගෙන් යෝජනාවක් ආවා.
"අපි පොඩි තරඟයක් තියමු. දිනන කෙනාට කුරුල්ලා අයිතියි"
"හා .."
"මම ඔයාගේ අතනට පයින් ගහනවා, ඊට පස්සේ ඔයා මගේ මෙතනට පයින් ගහනවා ..."
ගොවියා කකුල් දෙක අතර පෙන්වයි.
"හරිද ?"
"හරි" සුද්දා එකඟයි.
"ඉස්සෙල්ලාම රිදිලා කෑගහන කෙනාට කුරුල්ලා අයිති නැහැ"
"හරි" සුද්දා කියපි.

ගොවියා කුරුල්ලා පැත්තකට දාලා, දුවගෙන ඇවිල්ලා දුන්නා පාරක් සුද්දගෙ අතනට.
සුද්ද බිම ඇදගෙන වැටුනා. තොල හපාගෙන විනාඩි 20ක් විතර බිම පෙරලි පෙරලි හිටියා.
අන්තිමට අමාරුවෙන් නැගිටලා
"ද්දැන් ම්මගෙ ව්වාරේ ... හ් .. " කිව්වා.
"හ්ම්ම්ම් දැන් ඇති, ඔයා කුරුල්ලා තියාගන්න"
ගොවියා කිව්වා ..