Showing posts with label ආදරය මේ වගෙයි. Show all posts
Showing posts with label ආදරය මේ වගෙයි. Show all posts

පිහි ඇනුමකින් කෙලවර වූ කැම්පස් ආදරය ....

එක දවසක් මම කැම්පස් එකට යනකොට තෙල් බැම්මට මෙහා කට්ටිය රොක් වෙලා. ගොඩාක් වෙලාවට එහෙම වෙන්නෙ වලියක් වගෙ එකක් උනොත් තමයි. කසු කුසු අතරින් ආරංචි උනා කොල්ලෙක් කෙල්ලෙකුට පිහියෙන් ඇනලා කියලා. කෙල්ල ඉස්පිරිතාලෙ ගෙනිච්චලු, කොල්ලා හොයාගන්න නැතිලු. 
පස්සෙ ආරංචි උනා කොල්ල පඳුරක් අස්සෙ ඉඳල සෙකියුරිටි එකට හම්බවෙලා කියලා. කොල්ලා වහ බීලා.
දෙන්නම ඉස්පිරිතාලේ. පස්සෙ බැලින්නම් මේ කපල් එක අපි දන්නවා. ඒ කියන්නෙ අපිට සීනියර්. මම අඳුනන්නෙ නැති උනාට මගේ සමහර යාළුවෝ හොඳට අඳුනනවා. හැබැයි මට මේ කපල් එක හොඳට නෝට්. හේතුව තමයි දෙන්නම එකට දැකල තිබීම.
දෙන්න හොඳ ආදරෙන් ඉඳල තියෙනවා. ඒත් ඒ ආදරේට කණ කොකා අඬල තියෙන්නෙ ප්‍රැක්ටිකල් වලට කෙල්ල කොම්පැනි එකක ජොබ් එකට යන්න ගත්තට පස්සෙ. එතන පොරක් මෙයා එක්ක සෙට් වෙලා. අන්තිමට කෙල්ලගෙ ගෙදර අයත්, කෙල්ලත් දෙගොල්ලම කැමති අර අළුත් කොල්ලව බඳින්න. කැම්පස් ආදරය නවත්තන්නයි කෙල්ලට ඕනෑ වෙලා තිබුනේ.දෙන්න ඒක නවත්වන්න කතා බහ කරගෙන එකඟ වෙලා ඉඳල තියෙන්නෙ.
ඉතින් කැම්පස් කොල්ලා එක දවසක් කෙල්ලට පිහියෙන් ඇන්නා. ඊට පස්සෙ කෙල්ල මැරුනා කියලා හිතලා පඳුරක් අස්සෙ හැංගිලා වහ බිව්වා.
දෙන්නටම අමාරු උනා. ඒත් දොස්තරල මේ දෙන්නවම බේර ගත්තා.
කෙල්ල සුපුරුදු පරිදි ගෙදරට වෙලා ජොබ් එකට ගියා. (හැබැයි ආයෙමත් කැම්පස් ආව කියල ආරංචියක් තිබුනෙ නැහැ). කොල්ල බෙල්ලෙ වැල දාගෙන සිය දිවි නසා ගත්තා.


ප.ලි : මේ ගැන පත්තරේකට හෙදියක් ලිපියක් ලියල තිබ්බ. මට මතකයි ඒකෙ තිබුනේ ආදරය ඉල්ලල නොලැබුන තැන පිහියෙන් ඇන්නා කියලා. ඒ ලිපිය පුරාම තිබ්බේ කොල්ලගෙ වැරැද්ද විතරයි.

ආදරය මේ වගෙයි ... සත්‍ය සිදුවීම් ඇසුරින් ..

මේ බ්ලොග් එකේ කවදාවත් කථා කරල නැති දෙයක් ගැන තමයි අද කියන්න යන්නෙ. මේවා මට හම්බවුනේ මම කියවන වෙන බ්ලොග් වගයකින්. මේ ඇත්ත කථා හතර කියවලා ඔයාලට ආදරය ගැන මතක් කරල දෙන එක තමයි මගේ බලාපොරොත්තුව. ඔයාගෙ ඇහේ පුංචි හරි කඳුලු බිංදුවක් මතු නොවුනොත් ඔයා දන්නෙ නැහැ, 
ආදරය කියන්නෙ මොකද්ද ? කියලා .....




ආදරය සුරංගනා කථාවකි ....
මගෙ හොඳම යාළුවගෙ ආච්චිට 

තදින්ම අමතක වෙන ලෙඩක් හැදිල තිබුනා.
අවුරුදු 10ක් තිස්සේ එයාට එයාගේ සැමියා පවා 

අඳුනගන්න බැරි තත්වයකයි හිටියේ.
ඊයේ රෑ එයාට ආශ්චර්‍යකින් වගේ 

එයාගෙ සැමියගෙ ඉස්පිරිතාලේ හම්බ වෙලා තියෙනවා.
සීයා පිලිකාවක් හැදිලා අසාධ්‍ය තත්වයේ තමයි හිටියේ.
ආච්චි සීයගෙ ඇඳට නැගල තියෙනවා.
අද උදේ බලද්දි දෙන්නම ඒ ඇඳේ මියගිහින්.

මගෙ පෙම්වතා, ජස්ටින්, එයාගේ මුදල් පසුම්බිය නැතිකරගෙන.
මම එදා උදේ පාන්දර 6ට SMS එකක් යැව්වා "Good Morning" කියලා.
එයා මට Reply SMS එකක් එව්වා.
ඒකෙ තිබුනේ එයා ඉන්නෙ 

අපේ ඉස්කෝලෙ ඊයෙ හවස අපි කතා කර කර හිටපු තැන කියලා.
ඒ වගේම එයාගේ මුදල් පසුම්බිය හොයමින් ඉන්නෙ කියලත් තිබුනා.
මම පුදුම උනා මොකද්ද ඒකෙ තියෙන ඔච්චර වැදගත් කම කියලා.
ටික වෙලාවකට පස්සෙ මම දැක්කා 

ඒක මගෙ බෑග් එකේ තියෙනවා. මම ඇරල බැලුවා.
සල්ලිත් නැහැ, මොනවත් නැහැ.
ඒත් එක දෙයක් තිබුනා. ඒ මොකද්ද දන්නවද ?
මම එයාට ලිව්ව පලවෙනි ලියුම

මම කොච්චර අකමැත්තෙන් හිටියත්, මගෙ පෙම්වතාට ඕනැමයි කිව්වා, මගෙ අම්මව හම්බවෙන්න.
ඉතින් දවසක මම එයත් එක්ක සොහොන් පිටියට ගියා.
එතන තමයි අපේ අම්මව මිහිදන් කරලා තියෙන්නෙ.
මම හිතුවේ එයාට තරහ යයි කියලා.
එයා අම්මගෙ සොහොන ලඟට ගියා
එතන ඉඳගෙන "Hello" කිව්වා
ඊට පස්සේ පැයක් විතර එයා අම්මත් එක්ක කථා කෙරුවා.
ඒ,මාව එයාට ලැබුන එක ගැන එයා කොච්චර ආඩම්බරද, වාසනාවන්තද  කියලා.

මගෙ හොඳම යාළුවා කාර් එක අනතුරකට පත්වෙලා මියගියා.
ඒ මට උණ හැදිලා ඉන්නකොට 

මාව බලන්න සුප් එකකුත් අරගෙන එන ගමන්
එයාගෙ කාර් එකේ තිබිල මල් පොකුරක් පස්සෙ හමුවුනා.
ඒකේ තිබුනේ,
"අපි අවුරුදු 5ක් තිස්සෙ හොඳම යාළුවෝ හැටියට හිටියා,
ඉතින් අපි ඊලඟ අවුරුදු 50 තිස්සේ ආදරවන්තයන් හැටියට ඉමු .."
එයාව මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
සත්‍ය සිදුවීම් .... අන්තර්ජාලය හා බ්ලොග් ඇසුරිනි