Showing posts with label කොම්පියුටර්. Show all posts
Showing posts with label කොම්පියුටර්. Show all posts

මගේ පරිඝණක ආගමනය ..

මේ බ්ලොග් එක මම ලියන්නෙ නිකං. ඒ කියන්නෙ ඉන්න බැරුවට. 

මම කොම්පියුටර් වලින් වැඩ පටන් ගත්තෙ 1997 දි (මට මතක හැටියට) . මුලින්ම ඕවා ඉගෙන ගන්න ගියේ මීගමුවට. මීගමුවෙ තිබුනා IDM කියල කොම්පියුටර් කඩයක් (මගේ Batch 196). ඉගෙන ගත්තෙ DOS වලින්. ඒ දවස් වල තිබුනෙ win 3.1 කියල එකක්. ඒකත් run උනේ DOS වල. 
ඇත්තටම DOS වලින් පටන් ගත්තා කියන්නෙ එතනින් එහාට ඕනෑම දෙයක් අල්ලගන්න පුලුවනි. ඒ දවස්වල Word නෙමෙයි තිබුනේ Wordperfect කියල එකක්. ඒවගේම Pascal, Foxpro, .. වගේ ඒවට අමතරව Network System ගැන තිබ්බේ (.... මතක නැහැ .... ) 
ඊට පස්සෙ මට ඉතාලියෙ ඉන්න මාම කෙනෙක් එව්වා කොම්පියුටර් එකක්. (128mb HD, 12" monitor, FDD, 286 Processor ) හිතාගන්න පුලුවන්ද ??? මම ඕකෙන් Pascal වලින් Animations එහෙමත් කලා. සෙල්ලම් සේරම දැම්මේ Floppy වලින්.
මම මුලින්ම internet වලට ගි‍යෙ 1999 දී ඒදවස්වල තිබුනේ Internet Explorer 2, 3 . එක window එකයි, use කලේ dial up.තව web browser එකක් තිබ්බා Netscape Navigator කියලා. 
පලවෙනි email එක 1999 දී www.netadress.com web site එකෙන්. *****@usa.net කියලා හම්බඋනේ. මුල්ම කාලේ www.yahoo.net කියල තමයි තිබුනේ.  www.google.com එක දැන් වගේම තමයි තිබුනේ. 
chat  කරන්නත් පොඩි පොඩි site තිබුනේ. www.ccom.lk වගේ. ඒවා දැන් කොහෙද දන්නෙ නැහැ. kaputa.com නම් තවමත් තියෙනවා. (දැන් ඒකෙ mouse එක පස්සෙ පන්නන කපුටො ටිකත් නැහැ)

කැම්පස් එකේදි කරපු දෙයක් තමයි අනිත් උන්ගේ (විශේෂයෙන්ම කෙල්ලන්ගේ) account එක share කරගන්න එක (network system එක මතක නැහැනේ... පොඩි DOS command එකක් දෙන්න තිබුනේ. එතකොට හිටපු Admin ල වත් ඕවා දන්නෙ නැහැ) එතකොට අපි මොනව හරි save කරන්නෙ අනිත් Acc. වල. 

මම Linux පටන් ගත්තේ 2002 දී.   මුලින්ම ගත්ත කොම්පියුටර් එක Win 98, 40 GB, 64 VGA, 14" monitor, AMD 1000, 128 RAM, CD ROM 

Windows ඇඩ්මින් පාස්වර්ඩ් බිඳිය හැකිය ... ඒ විතරක් නොවේ ...

 ඔබේ පරිඝනකය කෙතරම් ආරක්ෂාකාරීව ඇතිදැයි ඔබ දන්නවාද ? ?? 
ඔහොම ඇහුවම සමහර අයට තරහ යනවත් ඇති. 
ඒත් ඔයාගේ කොම්පියුටර් එකට පාස්වර්ඩ් එහෙම දාලා හරි අගේට හිතාගෙන ඇති දැන් හරි කියලා. 
එහෙම නේද ? 
 සමහර අය තමන්ගෙ නමින් එකවුන්ට් එකක් හදලා, ඒක ඇඩ්මින් කරලා පාස්වර්ඩ් දාගෙන ඉන්නවා. ඒත් දැනගන්න windows වල ඔරිජිනල් ඇඩ්මින් කෙනෙකුත් ඉන්නවා.
බලන්න user log වෙන තැන Alt + Ctrl + Delete ප්‍රෙස් කරලා. එන තැන user හැටියට Administrator ටයිප් කරලා ඕනෑම කෙනෙකුට පුලුවනි නම් පාස්වර්ඩ් එකක් නැතුව log වෙන්න. 
එතැනින් වැට දැම්මාම සේරම හරි කියලයි සමහරු හිතාගෙන ඉන්නෙ.
හැමතැනම් පාස්වර්ඩ් දාලා හිතාගෙන ඉන්නවා කිසිම කෙනෙකුට ලොග් වෙන්න බැහැ කියලා. අයියෝ සිම්පල් දෙයක්. කිලෝ බයිට් කිහිපයක ප්‍රෝග්‍රෑම් එකක් රන් කරන එක විතරයි තියෙන්නෙ. එක්කෝ ඩිස්කට් එකකින්, එක්කෝ සීඩී එකකින්, එහෙමත් නැතිනම් පෙන් ඩ්‍රයිව් එකකින්.
 මේ බූටබල් ප්‍රෝග්‍රෑම්ස් ඉන්ටනෙට් එකෙන් විනාඩියක් ඇතුලත ඩවුන්ලෝඩ් කරගන්න පුලුවනි. මේකෙන් කරන්නෙ ඇඩ්මින් පාස්වර්ඩ් එක මකල දාල ලොග් වෙන්න ඉඩ අරන් දෙන එකයි.
මේකෙන් බේරෙන්න ඔයා කියයි CMOS වලින් boot from CD නැති කලාම හරි කියලා.
ඒත් තව කෙනෙකුට පුලුවනි කොම්පියුටර් එක ඕන් කරද්දි Delete ප්‍රෙස් කරලා ඒ ඔප්ෂන් එක වෙනස් කරලා සීඩී එකෙන් බූට් වෙන්න හදාගන්න

ඒක නැතිකරගන්න ඔයා කියයි CMOS වලට පාස්වර්ඩ් එකක් දානවා කියලා. ඒත් වැඩක් නැහැ. මදර් බෝඩ් එකේ ජම්පර් එකක් ෂෝට් කරලා CMOS මකල දාල පරන තත්වෙට ගන්න පුලුවන්.
කරන්න තියෙන්නෙ කොම්පියුටර් එකට ඉබ්බෙක් දාල යතුර හංගන එක
හ්හ්ම්ම්ම් ඒකනම් ටිකක් හොඳ අදහසක්.

කොයි ක්‍රමයටද ඔයා කැමති ??? මම නම් හිතන්නේ මුල සිට අග දක්වා සේරම පියවරවල් කල යුතුයි.
ඊට පස්සෙ කාමරයටත් යතුරක් දාල වහල දාන්න.
ඒක නිසා හිතාගන්න computer security ගැන ඕනෑවට වඩා විස්වාස කරන්න එපා. වැදගත් දේවල් තමන් ලඟ තියාගන්න.
 

ප.ලි : මේ ලිපිය පරිඝනක විද්‍යාවේ කෙල පැමිනියනට නොවේ. ආධුනිකයනටයි. ඒ නිසා මුර පද ඉවත් කිරීමට යොදාගත හැකි මෘදුකාංග මෙහිලා සදහන් නොකරමි. මාගේ මතයේ හැටියට Windows අරක්ෂාකාරී බවෙන් අඩුම මෘදුකාගයයි. 


සැ.යු :  අනුන්ගේ කොම්පියුටර් වලට හොරෙන් රිංගන්න යන්න එපා. මේවා තමන්ගෙ කොම්පියුටර් එකත් එක්ක අතහදා බලන්න. හැබැයි සිදුවිය හැකි කිසිම හානියක් කෙරෙහි මාගේ වගකීමක් නැත.


සමහර අය බෙදා හදා ගැනීමට අකමැති දේවල් අතර මේවාද වේ. 
එනම් "යට ඇඳුම", "දත් බුරුසුව", "තමන්ගේ සහකරු/කාරිය"