මාස ගානකට පස්සෙ තමයි ආයෙමත් මේ බ්ලොග් එක පැත්තෙ ආවෙ. ලියන්න ඕනෑ කියල හැමදාමත් හිත හිත හිටියට ලියන්න හිත දුන්නෙම නැහැ. මම මුලින්ම බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තෙ සිංහල අලුත් අවුරුද්දක් දවසක. ඒ නිසා අද ආයෙමත් ලියන්න ගන්න එක හොඳයි කියල හිතුනා.
බ්ලොග් ලියන එක පරක්කු වෙන්නත් හේතුවක් තිබුනා. මම දැන් ඒක කියන්නම්.
අපේ තාත්තා ගහක් ගලක් වගේ හිටියේ. මම සාමාන්‍යයෙන් (ගමේ) ගෙදර යන්නෙ මාස ගානකට සැරයයි. රස්සාවත් එක්ක ඔට්ටු වෙනකොට ගෙවල් දොරවල් මතක් වෙන්නෙ නැහැ. ඉතින් ගිය දෙසැම්බර් (2010) නත්තල් දවස්වල ගෙදර ගියාම තාත්තා හිටියා ගොඩාක් කෙට්ටු වෙලා. ඇහුවම කිව්වෙ Gastritis නිසා කියල. ඉතින් ඒකට උපදෙස් දීල මම හවස් වෙලා (මගේ) ගෙදර ආවා. ඊට දවස් දෙකකට පස්සෙ ගෙදරින් කතා කරල කිව්වා තාත්තා ඉස්පිරිතාලෙට ඇතුල් කලා, ලේ වලට විෂ බීජයක් ගිහිල්ලා තියෙනවා කියලා. දෙසැම්බර් 31 වෙනිදා ගෙදරින් කතා කරලා කිව්වා තාත්තාට පිලිකාවක් තියෙනවා වැඩිපුර ලෙඩේ ගැන හොයන්න මහරගම ඉස්පිරිතාලෙට ඇතුලත් කරන්න වෙනවා කියලා. මහරගමට ඇතුල් කරල අවශ්‍ය මූලික පරීක්ෂන එදාම කරගන්න පුලුවන් උනා. එතනදි කිව්වා තාත්තට පිලිකාව තියෙන්නෙ අක්මාවෙ කියලා. ඊට පස්සෙ මම තාත්තව අපෙ ගෙදර නවත්තගෙන තාත්තව බේරගන්න ඉඩක් තියෙනවද බලන්න තවත් පරීක්ෂන වගයක් කලා. බේරගන්න ඉඩක් තියෙනවනම් යන සේරම වියදම් දරන්න තාත්තගෙ යාලුවො ලැහැස්ති වෙලයි හිටියේ. ඒත් බේරගන්න කිසිම ඉඩක් නැහැ කියලා දොස්තරලා කිව්වා.
ඊට පස්සෙ අපි එන දේකට මුහුන දෙන්න හිත හදාගත්තා. තාත්තට විටමින් වෙනමයි, වේදනා නාශක වෙනමයි, බේත් වෙනමයි තමයි දුන්නෙ. තාත්තගෙ ඇවිදීමේ හැකියාව, කතා කිරීමේ හැකියාව ටිකෙන් ටික නැතිවෙලා ගියා. අවසාන මොහොත වෙනකම්ම කිසිම වේදනාවක් ඇතිවෙන්න ඉඩ තිබ්බෙ නැහැ.
ජනවාරි 29 වෙනිදා හවස වත්තල හේමාස් එකේදී තාත්තා අපෙන් සමුගත්තා.
මගේ ජීවිතේ තනිකරම වෙනස් වෙලා ගියා.
ඉතින් අද ඉඳන් මම ඒ වෙනස් උන ජීවිතේ ගැන මේ බ්ලොග් එකේ ලියනවා ...
19 comments:
My deepest sympathies
කණගාටුයි සහෝදරයා.
ඒත් ඔබට සතුටුවෙන්න පුළුවන්. මොකද ඔබෙන් ඉටුවිය යුතු වගකීම් ටික ඉටුකිරීම ගැන.
මගේ සංවේගය.
දැන් කළ හැකි හොඳම දේ කවදා හෝ හොඳ තාත්තා කෙනෙක් වී තාත්තාට ණය ගෙවීමයි.
මේ කවිය කියවන්න.
http://kathandara.blogspot.com/2010/04/for-those-who-have-sensitive-hearts.html
තාත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.. තාත්තා කෙනෙක් නැති උනාම කොයි තරම් අඩුවක්ද.. නොසැලී ඉදිරියට යන්න..
තාත්ත කෙනෙක්ගෙන් ජීව්තේට ලැබෙන දේවල් වෙන කාටවත් පුරවන්න බෑ.
කණගාටුයි සහෝදරයා. නොසැලී ඉදිරියටම යන්න.
තාත්තට නිවන්සුව ප්‍රාර්තනා කරනවා.
මගෙ අප්පච්චිත් නෑතිවෙලා,මම් දන්නව ඒක කොච්චර දුකක්ද කියල.
බොහොමත්ම කණගාටුයි අයියා....... තාත්තාට නිවන් සුව පතනවා.........!!!!
වෙනස් වුන ජීවිතෙත් එක්ක අභියෝග මැදින් යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....!!!!
ඔයාගේ තාත්තාට නිවන් සුව පතනවා. මගේ තාත්තා 1989 ජිවිපේ එකෙන් මරලා මට එතකොට මාස 2විතරලු. තාත්තා කෙනෙක් නැති දුක මම දන්නවා.
බොහොම කණගාටුයි අයියා. ඔබේ පියාණන්ට නිවන් සුව පතනවා. ඔබේ පියාණන්ගෙන් සිනමාවට ඉටුවූ සේවය අතිමහත් !
මේ එතුමා ගැන බූඩි කීර්තිසේනයන්ගේ මතකයන් ;
http://youtu.be/p-e0MWNQryY
kiribath ට : ස්තූතියි !!
හෙළයා ට: පහුගිය කාලෙම බ්ලොග් පැත්තෙ ආවෙ නැහැ. මම හිතුවෙ හෙළයා බ්ලොග් අතැරල කියල.
තවම මගෙ හිත හරි ගිහින් නැහැ.
Kathandara ට : ඇත්තෙන්ම කවියට ස්තූතියි. කවිය දෙතුන් පාරක්ම කියෙව්වා. ඒ නිසා කොමෙන්ටුවලට උත්තර දෙන එකත් පස්සට දාන්න උනා. මම කවදාවත් මගේ ආදරය තාත්තට හරියට පෙන්නල නැහැ. ඒත් මම දන්නව තාත්ත මගෙ ආදරය ගැන දන්නව කියල.
Kanishka | කණියා ට : තාත්ත නැති එක ලොකු අඩුවක්, පාඩුවක්. සමහර වෙලාවට හිතෙනව තාත්ත ගෙදර ඉන්නව කියල.
..ChAnDiKa.. ට : ඇත්ත ... තාත්ත හැමදාම මට තනියම ඉදිරියට යන්න තමයි ඉඩ දුන්නෙ. අද මම ඉන්න තැන ගැන හුඟක් සතුටු වෙලා තිබුනා (ඒ බව එයාගෙ යාලුවො මට කිව්වා)
නදී... ට : ඒක ඇත්ත නදී... ඔයාගෙ අප්පච්චිටත් නිවන් සුව පතනවා. මට තවම මගෙ හිත හදාගන්න බැරිඋනා.
හා පැටික්කි (MS) ට : බොහොම ස්තූතියි. වයසත් එක්ක අපේ වගකීම් එහෙමත් එන්න එන්නම වැඩිවෙනවා. අභියෝගවලට මුහුන දිය යුතුමයි. ඒත් හිත කියන්නෙ මහ පුදූමාකාර දෙයක් ....
Nadun ට : බොහොම ස්තුතියි.
මට ගොඩක් කනගාටුයි ඔයාගැන. අම්මට කිසිම දුකක් දෙන්න එපා කවදාවත්.
තර්ඩ් මෑන් (SIDATH) ට : තාත්තා තවත් ගොඩාක් දේවල් කරන්න හිතේ තියාගෙන හිටියා. ඒත් ඒවා කරගන්න බැරිඋනා. ඇත්තටම මට ජීවිතය ගැන හරියටම තේරුම් ගියේ මේ සිද්දිය නිසා තමයි.
බූඩි තාත්තා ගැන කියල තියෙන දේවල් 100%ක්ම හරි.
Me loke nithya ekama deyai thiyenne.... E anithya...me loke silalu de anithyai...e jeewithaye hati... obage piyata niwan suwa pathami...
Post a Comment