මළ කෙලියයි ....

මේක ඉතින් පොඩි කථාවක්. මම දන්න කියන නෝන කෙනෙක්, එයාට වෙච්ච ඇබැද්දියක් තමයි. 


අර නෝනට කොහෙදෝ තිබිල ලාම්පුවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් එයා ඒක අතුල්ලනකොට ඒ ලාම්පුවෙන් භූතයෙක් මතුවෙලා තියෙනවා. 
"ඔබ හොඳ කරුනාවන්ත කෙනෙක් බව මට පේනවා. ඉතින් මාව නිදහස් කලාට මගෙන් ඔබට තෑග්ගක් හැටියට එක් වරයක් දෙන්නම්..... "
ඌ නෝනට කිව්වා.

නෝනත් ඉතින් යන එන මං නැතුව හිටපු කෙනෙක් නේ. ඉතින් පැන්න ගමන් මෙහෙම කිව්වා.
"උඹට පේනවද අර පුටුව උඩ ඉන්න තඩි පූසා. ආන්න ඌව හැන්සම් කොල්ලෙක් කරල දියං. මට වෙන මොන උදව්වක් වත් එපා ..... "
 අර භූත යාලුවත් යන්න හදිසියෙනෙ හිටියෙ. මොනවද මන්ද දඩ බඩ ගාල කරල ටික් ගාල මාරු උනා.
මෙන්න දැන් අර පුටුව උඩ ඉන්නවා හරියට බ්‍රැඩ් පීට් වගෙ පෙනුම තියෙන කොල්ලෙක්.
නෝනා දුවල ගිහිල්ල එයාගෙ උකුල උඩ ඉඳගත්තා.

"අපි මොනව හරි කරමු ... මේ ඒක නෙමෙයි ඊට කලින් ඔයාට මොනව හරි කියන්න තියෙනවද ?"
 නෝනා අර කොල්ලගෙන් ඇහුවා.

"මං මේක ඔයාට කොහොම කියන්නද මන්දා .... "
කොල්ල කියාගෙන යනවා.
"ඇයි ඔයා ගිය සෙනසුරාදා මාව ඔපරේෂන් කරල දැම්මෙ ?"

16 comments:

චතුමිතු said...

lol... :D

නදී said...

මට තේරුන්නේ නෑනේ?

මාතලන් said...

පෂ්ඨ.....
හොඳ සාධූ

රාජ් said...

හපොයි දෙයියනේ!
බල්ලන්ට පූසන්ට ඕවා කරන අය ඊලග ආත්මෙ උපදින්නෙම ඔය විදියට...:)

DJ Slash said...

චතුමිතු ට : :D

DJ Slash said...

නදී ට : අයියෝ නදී .. මොකද්ද අනේ .. මීට වැඩියනම් කියන්න බැහැ. (එතකොට අසභ්‍ය වෙනවා)

DJ Slash said...

මාතලන් ට : හදිස්සියෙ දුර දිග බලන්නෙ නැතුව වැඩ කලාම ඕක තමයි වෙන්නෙ ...

DJ Slash said...

රාජ් ට : ඒක ඇත්ත .. ඒකනෙ ඒ නෝනට මේ ආත්මෙදිම වැඩේ උනේ ..

nextGen said...

පවු නෝනා
මටනම් දුක එයා ගැන

Angel said...

hiks... lolz.... and eekz.....

geeth said...

පවු ය....

මහසෙන් / said...

nextGen ට : එයාගෙ වෙලාව තමයි ඉතින් ..

මහසෙන් / said...

StArry aNgeL ට : ලොල්ස් සහ හිකිස් ..

මහසෙන් / said...

Geethika Dilruk (ගීතික දිල්රුක්) ට : නෝනාට සහ බළලා යන දෙදෙනාටම පවුය ..

Jay said...

ලොල් :D

මහසෙන් / said...

Ansh Lucky Sri Jay ට : එසේය . ප්‍රවේශම් විය යුතුය.