උපන් ගෙයි අන්ධයෙකුට සහයට කොල්ලෙක් හිටියා. දෙන්න හිඟමනේ ගිහිල්ල හොයන දෙවල් වලින් වැඩිදේ ගසාකන්නෙ අර කොල්ලා. හැබැයි අන්ධයගෙ වැඩේ හැම තිස්සෙම ප්‍රශ්න අහන එක.
දවසක් දෙන්න කිරි බිව්වා. අන්ධය එදාතමයි මුලින්ම ඒ රස කල කිරි බිව්වේ.
"හරිම රසයි. මොකද්ද මල්ලි ඒ බීම ජාතිය ? "
"ඒ තමයි කිරි, ඇයි කලින් බීල නැද්ද ? "
"ඇත්තද ? ඉතින් කිරි මොන පාටද ?"
"සුදු පාටයි"
"ඒ කියන්නෙ ? "
"අර සුදු පිරුවටයක් වගේ "
"පිරුවට මොන පාටද ? "
"පිච්ච මල් වගෙයි ? "
"පිච්ච මල් මොන වගෙද ? "
"ඉගිල්ලෙන කොක්කු රෑනක් වගෙයි"
"කොක්කු කියන්නෙ මොනවගෙද උන්ටද ?"
"කොක්කු හරියට කපු පුළුන් වගෙයි, සුදුයි"කොල්ලට තරහ ගිය නිසා සැරෙන් කිව්වා. දැන් කොල්ලගෙ ඉවසීමේ සීමාවත් පැනගෙන එන්නෙ.
"කපු පුළුන් කොයි වගේද ? "
"අර සුදු වලාකුළු වගේ"
"සුදු වලාකුළු කොහොමද ? "
"අර උඩ අහසෙ තියෙන්නෙ, උඩ බලාගෙන හිටපන් එතකොට පෙනෙයි"එහෙම කිව්ව කොල්ලා දමල ගහල යන්න ගියා.
* ලොක්කෙකුට යමක් තේරුම් කරල දෙන්න ගියාම සිද්ද වෙන්නෙ ඔයදේම නොවුනත් මීට ටිකක් සමානයි නේද ?
7 comments:
සහතික ඇත්ත...
මරු කතාව.
:D
තාම ලොක්කෙක් හම්බුනේ නෑ. හම්බෙච්ච දවසකතමා ඇත්ත නැත්ත බලන්න වෙන්නෙ. :P
එල කතාවක් :D
කොහොමත් ලොක්කන්ට වැඩිය දේවල් කියා දෙන්න යන්න හොඳ නෑ. පස්සෙ අපිටමයි කරදරේ.
Ansh Lucky Sri Jay ට : ඔව් බං සමහර වෙලාවල් එනවා දාලායන්න හිතෙන.
තර්ඩ් මෑන් (SIDATH) ට: එහෙමද ? එහෙමනම් පලවෙනි ජොබ් එක ඉවසීමෙන් කරන්න වෙයි.
ලාංකීය බ්ලොග් කියවනය ට : අහල තිබ්බ කථාවක් ආදේශ කලා. ඔව්ව ඔහොම තමයි.
උන්නැහේ (පිලේ පැදුර)ට: ඒක තමයි අපි අන්තිමට ඉගෙන ගන්න දේ. ඔළුව වනල හිටියම හරි. :D
හා හා...
මේක නිකන් අර ගහෙන් වැටුන ගොනාට කපන්න බැරි අඳු කොළ ගිණි තපිනවා වගෙයි.
බිඟුවා...! ට : කොහොඹත් අන්තිමට නික වගෙනෙ ... :D
Post a Comment