අපේ හිතවල සමහර දේවල් තියෙනව කාටවත් කියාගන්න බැරුව. ඒව රහස් මත් නෙවෙයි. ඒත් කියාගන්න අමාරුයි. නොකියත් බැහැ. ඒක නිසා ඒ අය ඒවා internet වල දානවා.
මට සමහර වෙලාවලට හුස්ම ගන්න අමාරුයි. ඒ මගේ හදවතත් පෙනහලුත් අතර සිදුරක් තිබෙන හින්දා.
මම ආදරය කරන්න බයයි.
මට බයයි මගේ හදවත ඉතා ඉක්මනින් ගැහෙයි කියලා.
එතකොට මම ලඟ ඉන්න කෙනාට,
මගේ පපුවෙන් එන ජරබර සද්දය ඇහේවි
මම බය මගෙ හදවත ගැන නෙවෙයි.
ඒ සද්දෙ ඇහුනම එයාගෙ හදවතට වෙන දේ ගැන.
මගේ තාත්තා මාවයි මගෙ නංගිල දෙන්නයි අපි කුඩා කාලෙදිම දාල ගියා.
තාත්තා මැරි කලා. එයාට දැන් තවත් නංගිලා දෙන්නෙක් ඉන්නවා.
ඒ අයව දැක ගන්න ආසයි. මම කවදාවත් එයාලව දැකලා නැහැ.
ඒත් මට ලැජ්ජයි.
මගේ තාත්තා ගොඩාක් ආදරේ එයාලට නිසා.
ඔයා මට ප්‍රංශෙන් එනකොට
ගෙනත් දුන්න "Winnie the Pooh" ට මම කොච්චර කැමති උනත්,
මම අකමැතිම දේ තමයි එයාව තුරුලු කරගෙන උදේට නැගිටින එක.
එතකොට මම දන්නවා ඔයා මගෙ ලඟ නැහැ කියලා.
හැමදාම ඔයා සතුටින් කියවන්නෙ ඔයාගෙ තාත්තාගෙ දික්කසාද නඩුවෙන් එයා දිනන එක ගැනයි
එයාට එතකොට සතුටින්
තාත්තත් එක්ක Maryland වල ඉන්න පුලුවන් වෙන ගැනයි.
මම ආසයි ඔයා කියන දේවල් අහගෙන ඉන්න.
ඒත් මට බයයි, ඔයා මාව දාල යයි කියලා.
මම මගේ යාළුවොත් එක්ක මේ ගත කරන්නෙ
අපේ හොඳම නිවාඩු කාලය.
එයාල හිතන්නෙ මගෙ අන්තිම scan එක හොඳට තිබුන කියලයි.
මට හිතෙන්නෙ නැහැ එයාලට කියන්න, මගෙ පිලිකාව ගැන,
මට ඕනෑ මේ නිවාඩු කාලය වෙනදාටත් වැඩිය හොඳින් ගෙවන්න.
හේතුව, මේ තමයි ජීවිතේ මම ගෙවන අන්තිම නිවාඩු කාලය.
සැ.යු : ඡායාරූප අදාල අයගේ නොවන බව කරුනාවෙන් සලකන්න ...