මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය
ඉංදියන් සාගරේ දියවෙන ලුණු කැටයක් වගේ දූපතක ඉඳන් දන්න සිංහලෙන් අහන දකින දේවල් අකුරු කරන කළු සිංහලයකුගේ සිතුවිලි ....
මගේ පරන බ්ලොග් අඩවියෙන් (v) - යල් පැන ගිය මගේ කවි (i) ....
කැම්පස් එකේ පලමු වසර ගැන ලියන්න ඕනේ කියල තමයි ඉඳගත්තේ. ඒත් මගේ පරන බ්ලොග් එකක් මතක් උනා. ඒකේ තියෙන්නේ කවිම නොවුනත් කැම්පස් එකේ අහපු දැකපු ඒවා. ඉතින් මට හිතුනා ඒකෙන් දෙක තුනක් අරගෙන මෙතන දාන්න ඕනේ කියලා. මගේ විශේෂ ඉල්ලීම මේ දේවල් (මේවා කවි නෙමෙයි හොඳේ) කියවලා ඒ දවස් වලදී මම දැක්ක දේවල් ගැන පොඩි රූපයක් මවා ගන්න කියන එකයි.
Gym Canteen
හෝ මාමා එබී බලයි
සමග තවත් පස් දෙනෙක්,
එල්ලී කැන්ටිමේ (බිත්තියක)
phone business ය
සමාජවාදී නියමුවෝ
[ටික දිනකට පසු මේ pictures පුච්චා දමා තිබෙනු දක්නට ලැබින]
අලුත් නැවක් ඇවිත් ...
ඇත නෙක පොත්, රාක්ක වල
අතවත්
නොතබන නිසා
දූවිලි බැඳී
ඇත මේසය මත පොතක්
දිවයයි
ඒ දෙස දෙදෙනෙක්
මක් කරන්නද ..
ඔබ ගැන මතක යනු සඳය
ඔබ ගඟය
අද අමාවකය
Vacation එකට ගෙදර ආපු දවස
නියඟයට ඉරිතැලුන
පොලවේ
කඩතොලු පාගමින්
සිහිකරයි ඇය
පෙරදින ඔහු
නිය ගැසූ තැන්
STCT Lecture එකේදී
දැනේ
සිහිල් පවන් රැලි
විදුලි පංකාවේ
පෙනේ සෙලවෙන ගස්
ඈත
Campus අධ්‍යාපනය
බ්‍රහස්පති මත CH4 ඇත
එනම්
එය
ගොම බෙට්ටකි
බෝඩිමේ ඇන්ටිගෙ දුව + මම
එනව කිව්වෙ 9 ට
වැදුනෙ නැහැ Alarm එක
දැන් 10 යි
ඉක්මනට මූන හෝදගන්න
ගියාම ලිඳ ලඟට
එයා
ඉන්නවා
tap එක ලඟ
නයිටිය ඇඳගෙන
දත් මැද මැද
(මතු සම්බන්දයි)
කැලනිය කැම්පස් එකේදි මට හිතුන දේවල් වලින් ටිකක්. ලියලා තිබුනේ ඔහේ ඉන්න ගමන්, chat කරන ගමන්, ටියුට් වල.
මගෙ යාළුවන්ට උන දේවල් තමයි ඔය සේරම.
මගේ පරන බ්ලොග් අඩවියෙන් (iv) - සමුගන්නට මොහොතකට පෙර (i) එක්තරා සටහන් ටිකක්
මුලින්ම කියන්න ඕනෑ මේ පොත මගේ නෙමෙයි. (හැබැයි කාගෙද කියල අහන්න එපා,
ඔයාලට තේරුම් ගන්න පුලුවන්). හැබැයි මේ පොතේ මෙහෙම දේවල් තියෙන්න ඕනෑ කියන
අදහස මගේ. පොතේ අරමුන උනේ; යාළුවෝ කැම්පස් එකෙන් අයින් උනාම ආගිය අතක් නැති
වෙනවනේ. ඉතින් මට ඕනෑ උනේ ඒ අයගෙ ගෙවල් වලට යන පාරවල්, විස්තර එකතු කරවන
එකයි. T මගෙන් ඇහුවා ගැලපෙන ක්‍රමයක්. මම පොතක් T ට දීලා කිව්වා ඒවා ගන්න
කියලා. ඒ අතර තිබ්බ සමහර දේවල් ටිකක් මම මෙතන දාන්නම්. මේව මේ මම ගැන
කියපුව නෙමෙයි. T ගැන කියපුවා.
ඔයාටත් S ටත් එල්ලේ ටීම් එක සෑදීමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවායි පතන මා.
දයාබර සොයුරිය,
A
ප.ලි :
T එදා සංගන්නෙට ආපු අක්ක උඹෙන් ඇහුව මතකද ..
ARTs Fac. යාළුවෝ හොස්ටල් එකෙන් පිටවෙලා යන දවස .... ආයේ එන්නෙ නැහැ
GYM කැන්ටිමේ දොරටුව. ෆොටෝ එක ගත්තේ මම
A - 11 දී
ආදර T
"අනේ මචං, බලපන් මචං, මාර වැඩ ගොඩයි, මේව කවද කරන්නද මන්ද, කැම්පස් එකේ විභාග නැතුව ඉන්න තියේනං කොච්චර හොඳද?"
අනේ
බං උඹේ මේ කතා කවද අමතක කරන්නද? උඹයි මමයි ගොඩාක් ලංවුනේ .... උඹට මතකද?
හොස්ටල් එකට ආවට පස්සේ. ඊට කලින් අපි උඹ ගැන කතා වෙනවා. උඹ දන්නවනේ ඒ මොකද
කියලා. ඒත් හොස්ටල් එකට ආවට පස්සේ අපි කොච්චර ලං උනාද? උඹ මගේ දුකේදිත්
සැපේදිත් එක වගේ ලඟින් හිටියා. මම ලෙඩ උනාම උඹ මට කොච්චර සැලකුවද? මම පුංචි
දේටත් අඬනකොට උඹ මගේ හිත හැදුවා.
"ඉතින් හිත හදාගෙන හිටපං. සුදු අයිය හෙට එනවනෙ. සුදු අයියට වැඩ ඇතිනෙ. අනේ මචං අඬන්න එපා. හොඳ A නෙ"
මෙහෙම
කිය කියා උඹ මගේ හිත හැදුවා. මම තනියම හොස්ටල් එකේ ඉන්න දවසට උඹ සැරින්
සැරේ ඇවිදින් මාව බලල යනවා. ඕවා කොහොම අමතක කරන්නද? ඉතින් මචං උඹ උදේ
ගියාම ආයිත් දකින්න වෙන්නෙ රෑට තමයි. සමහර දවසට ඒ වාසනාවත් නැහැ, මොකද අපි
නැගිටින්නත් කලින් උඹ ගිහින් එතකොට අපි උඹව බලන්න රීඩින් රූම් එකට එනවා.
මෙන්න බොලේ අපි එනකොට උඹ හොඳටම නිදි. උඹලට විභාගෙ ලියන්නෙ පොලිසියෙන්ද? උඹ
රෑට ආවත් ඉස්සෙල්ලම දෙපැත්තෙම ජනෙල් වහල තමයි අනිත් සේරම වෙඩ කරන්නෙ. ඒ
කාලෙ කොච්චර සුන්දරද?
මේවා FB Fanpage එකෙන්
T උඹට මතකද අර බෙන්ච් එක අල්ල ගන්න කියල
උදේ 5.30ට විතර යනවා? අර උඹෙ පරන ෂර්ට් එක අපි හැංගුවා? උඹ කී දවසක් අපිට
හොරා අපේ රෙදි සේදුවද? උඹට අපි කොච්චර දේවල් කිව්වද, ඒත් උඹ ඒවා කිසිදෙයක්
ගනන් ගත්තේ නැති බව දන්නවා. උඹ දවස් කීයක් අපේ ගෙදර ආවද? ඒවා කොහොම අමතක
කරන්නද?
T උඹ exam එකට කලින් දවසෙ
විඳින දුක දැක්කනම් ආයෙත් ජීවිතේටම exam තියෙන එකක් නැහැ. එදාට උඹ දිහා බලා
ඉන්න බැරිකමටයි මම වේලාසනින් නිදාගන්නෙ. අපි එක බත් උයාගෙන කාල සතුටින්
ගෙවපු ඒ ලස්සන කාලය දැන් ගෙවීගෙන යන්නයි යන්නේ. ඒත් මේව දාල අපි කොහේ
යන්නද? මට නම් යන්න බැහැ. උඹ දන්නවනෙ මම කොහොමද මේ හැම දෙයක්ම දාලා යන්නේ.
"A - 11 සද්දෙ වැඩියි""කුවේනි කොච්චර අපිට බැන්නද? අන්තිමේදි කුවේනි අපිට බයේ මොනවත් කිව්වෙ නැහැ. ඒත් උඹ බය බව මම දැනගත්තා. T මේවගේ ලස්සන කතා ගොඩයි. මේව අමතක වෙන්නෙ නැහැ. ඒ වගේම මේ A වත් අමතක වෙන්නෙ නැහැ නේද? ඉතින් T අපි ගෙවපු ඒ ලස්සන කාලය මෙහෙම ගෙවිල අපි සමුගෙන ගියත් අපේ මේ මිතුදම හැමදාම අපේ හිත්වල එකවගේ තියේවි.
ඔයාටත් S ටත් එල්ලේ ටීම් එක සෑදීමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවායි පතන මා.
දයාබර සොයුරිය,
A
ප.ලි :
T එදා සංගන්නෙට ආපු අක්ක උඹෙන් ඇහුව මතකද ..
"නංගි, ඔයා කැම්පස් ආවෙ ඉගෙන ගන්නමද" කියලාඒ අක්කත් දැකල තියෙනව උඹ නිතරම අර බෙන්ච් එකට වෙලා ඉන්නවා. අනේ බං, ඒ අක්ක එහෙම අහපු වෙලේ අපිටම ලැජ්ජා හිතුනා. ඒ කියන්නෙ උඹ ගැන අපි විතරක් නෙමෙයි හැමෝම දන්නව කියල උඹට තේරෙන්න ඇතිනේද?
මේවා FB Fanpage එකෙන්
මගේ සටහන :
මේකේ
අන්තිමට ගෙදරට එන පාර පැහැදිලිව ලියලා තිබුනා. පොතක් පුරා මේවගේ දේවල්
තියෙනවා. පොත තියෙන්නෙ මගෙ ලඟ නිසා ටිකෙන් ටික ඔයාලටත් බලන්න දෙන්නම්. මේවා
අවංක අදහස්. මේ අය රැග් එකට අහු උනේ නැහැ, රැග් දීලත් නැහැ. එහෙම උනා
කියලා බැඳීම් අඩු වෙලත් නැහැ. රැග් දෙන්න බැරි වෙලා තියෙන්නේ දෙන්න ආපු අය
BITE වීම නිසයි.
මගේ පරන බ්ලොග් අඩවියෙන් (iii) - කැම්පස් එකේ ජීවිතයෙන් ටිකක් (කෙටියෙන්) ...
4/22/2010 09:21:00 PM
මම ගියේ කැලනිය කැම්පස් එකට. කලින් දවසක ඇවිත් වේවැල්දූවෙන් ඇනෙක්ස් එකක් කුලියට ගත්තා. මුල්ම දවසේ තාත්තත් එක්ක වාහනයෙන් ඇවිත් කැම්පස් එක ඉස්සරහින් බැස්සා. බැහැලා වාහනය යවලා පාර අයිනට වෙලා ටිකක් බලාගෙන හිටියා. කට්ටිය මාර ඇක්ටිව්. මම ඩෙනිම්/ ටී ෂර්ට්/ ඩෙක් ෂූෂ් විදිහෙ කෙනෙක්. මම දැක්කා ගම්පහ ගෙල්ට් එකට ආපු අය කාන්ඩ පිටින් එනවා. මම ඒ අයත් එක්ක ගියේ නැහැ. ටිකක් බලාගෙන ඉඳලා තනියම කන්ද නගින්න පටන් ගත්තා.
හිතේ චකිතයක් තිබුනත් ඒක පෙන්නුවෙ නැහැ. ඔන්න ටික දුරක් යද්දි ජේෂ්ඨ කට්ටිය මොකද්ද හෑන්ඩ් බිල් එකක් බෙදනවා. මම ඒ ලඟින් යනකොට මට ඒක දික් කරලා ආයේ ඇදලා ගත්තා. මම හිතුවා "නියමයි. මාව අඳුන ගත්තෙ නැහැ" කියලා. ඕන්න මගේ බය නැතිඋනා. ඊට පස්සේ මට මගේ ගෙල්ට් යාළුවෝ හම්බ උනා.
ඉංගිරිසි පාඨමාලාවට කට්ටිය තෝරන විභාගයට ඉඳගත්තම තමයි දැක්කේ ඒ පේපර් එකම තමයි අපිට ගෙල්ට් එකෙනුත් දුන්නේ. ඕනෙනම් 100% ම ගන්න තිබුනා. ඒත් මම හිතලාම සමහර ඒවට වැරදි උත්තර දුන්නා. එතකොට පොඩි ක්ලාස් එකකට ගිහින් වැඩ පෙන්නන්න පුළුවනි. මම දැක්කා සමහර ගම්පහින් ආපු අය උඩ පැන පැන ලියනවා.
* සියලු පිංතූර වල අයිතිය මා සතුය ...
මම ගියේ කැලනිය කැම්පස් එකට. කලින් දවසක ඇවිත් වේවැල්දූවෙන් ඇනෙක්ස් එකක් කුලියට ගත්තා. මුල්ම දවසේ තාත්තත් එක්ක වාහනයෙන් ඇවිත් කැම්පස් එක ඉස්සරහින් බැස්සා. බැහැලා වාහනය යවලා පාර අයිනට වෙලා ටිකක් බලාගෙන හිටියා. කට්ටිය මාර ඇක්ටිව්. මම ඩෙනිම්/ ටී ෂර්ට්/ ඩෙක් ෂූෂ් විදිහෙ කෙනෙක්. මම දැක්කා ගම්පහ ගෙල්ට් එකට ආපු අය කාන්ඩ පිටින් එනවා. මම ඒ අයත් එක්ක ගියේ නැහැ. ටිකක් බලාගෙන ඉඳලා තනියම කන්ද නගින්න පටන් ගත්තා.
හිතේ චකිතයක් තිබුනත් ඒක පෙන්නුවෙ නැහැ. ඔන්න ටික දුරක් යද්දි ජේෂ්ඨ කට්ටිය මොකද්ද හෑන්ඩ් බිල් එකක් බෙදනවා. මම ඒ ලඟින් යනකොට මට ඒක දික් කරලා ආයේ ඇදලා ගත්තා. මම හිතුවා "නියමයි. මාව අඳුන ගත්තෙ නැහැ" කියලා. ඕන්න මගේ බය නැතිඋනා. ඊට පස්සේ මට මගේ ගෙල්ට් යාළුවෝ හම්බ උනා.
ඉංගිරිසි පාඨමාලාවට කට්ටිය තෝරන විභාගයට ඉඳගත්තම තමයි දැක්කේ ඒ පේපර් එකම තමයි අපිට ගෙල්ට් එකෙනුත් දුන්නේ. ඕනෙනම් 100% ම ගන්න තිබුනා. ඒත් මම හිතලාම සමහර ඒවට වැරදි උත්තර දුන්නා. එතකොට පොඩි ක්ලාස් එකකට ගිහින් වැඩ පෙන්නන්න පුළුවනි. මම දැක්කා සමහර ගම්පහින් ආපු අය උඩ පැන පැන ලියනවා.
සයන්ස් ෆැකල්ටි එක ..
මුල් දවසේ ඉඳන් ජේෂ්ඨයෝ ටික ටික තෙල බෙදන්න පටන් ගත්තා. තෙල් බැම්ම තමයි
කේන්ද්‍රස්ථානය. තෙලට වැඩිපුරම අහුවෙන්නේ හොස්ටල් ඉන්න අය තමයි. අපි සයන්ස්
කලේ. ඒ නිසා ආට්ස් කට්ටියට හිතාගන්න බැහැ අපි මොන ඉයර් එකේද කියලා. අපිත්
ශේප් එකේ හිනාවේගෙන එතනින් යනවා. රැග් සීසන් එක ගැන කතා කරලා වැඩක් නැහැ.
හැමෝම ඒ ගැන දන්නවා. හැබැයි අනිත් කැම්පස්වල වගේ නෙමෙයි, කැලනියේ රැග් එක
අඩුයි.
තෙල් බැම්ම ..
මට හම්බ උනු යාළුවෝ පොෂ් කට්ටිය (ඒ වගේ හිතන අය).ගම්පහ, කොළඹ අවට අය.
සිංග්ලිශ් කතා කලේ. සයන්ස් ෆැකල්ටි එක, ජිම් කැන්ටින් එක, ඉංග්‍රීසි පන්තිය
තමයි මුල් දවස් වල අපි වැඩිපුරම ගැවසුන තැන්. හොස්ටල් වල ඉන්න අපිත් එක්කම
ආපු අය කැන්ටින් කෑම පෝලිමේ ඉඳන් "කෑම දියව්" කියල කෑගහනකොට අපි ඉඳගෙන
බලාගෙන හිටියා.
දන්නවද වැඩක්. ඒ දවස්වල කොම්පියුටර් සෙන්ටර් එක (දැන් IT Unit ) පැය 24ම ඇරලා. රෑට කාලා ඉන්ටර්නෙට් ගිහිල්ලා අපි බෝඩිමට යන්නේ පාන්දර 2ට විතර. ඒ පුරුද්දට තිත වැටුනේ කට්ටිය ගහ ගත්තට පස්සේ. අපි එතනින් ගිහිල්ලා ටික වේලාවකින් තමයි වලිය පටන් අරගෙන තියෙන්නේ. අපි දන්නේ උදේ අයෙමත් කැම්පස් එකට එනකොටයි. පාර වහලා හන්දා රවුමෙන් ආවා නුවර පාරට. මෙන්න පාරේ පොලිසියෙන්. පාර අයිනේ ලමයි පිරිලා.
අපි කන්න කියලා ඒ ලඟ කඩේකට ගියා. කකා ඉන්න ගමන් අමුතු සද්දයක් එලියෙන් ආවා. අපි කඩෙන් එලියට පැනලා කැම්පස් එක පැත්තට ආවා. මෙන්න කැම්පස් එකේ කන්ද උඩින් ගල් වරුසාවක් එනවා. පාරේ වාහන වලටත් වැදුනා. පොලිසියෙන් රබර් උන්ඩ වෙඩි තියන ගමන් කඳුලු ගෑස් ගහන්න ගත්තා. කැම්පස් එක පැත්තෙන් හුලඟ ආපු නිසා සැරේ වැඩිපුරම දැනුනේ පාරට.
අලුත් අත්දැකීමක් හින්දා අපිත් පාරට වෙලා බලාගෙන හිටියා. ටික වෙලාවකින් කැම්පස එක වැහුවා. ඇතුලේ ඉන්න අයට ගෙදර යන්න බස් කැම්පස් එක ඇතුලේ ඉඳන් ආවා. කවුදෝ පාර අයිනේ තිබ්බ කඩේකින් කොකාකෝලා බෝතලයක් අරගෙන යන බස් එකකට ගැහුවා. ඒක දැක්ක පොලිසිය පාර අයිනේ ඉන්න අයට පන්න පන්න ගැහුවා. මමත් දුවලා හැංගිලා ගුටි නොකා බේරුනා.
ඔය සිද්දිය නිසා කැම්පස් එක මාස 6කට වැඩිය වහලා තිබ්බා. පැය 24 ඇරලා තිබ්බ කොම්පියුටර් සෙන්ටර් එක කලින් වහන්න ගත්තා. රෑට කිසි කෙනෙකුට කැම්පස් එකේ ඉන්න තහනම් උනා. රෑ 8ට කලින් හොස්ටල් ඉන්න අයට අතුලට යන්න උනා.
ංආ .. මට කියන්න අමතක උනා. පදනමේ දෙන්නෙක් රෑ බයික් එකේ කන්ද නැගලා එනකොට හැංගිලා ඉඳලා මහා ශිෂ්‍ය සංගමේ අය ගහලා තෙල් බැම්මේ ගහක බැඳලා තියෙනවා. (ඒ ගහ ඊට පස්සේ කපලා දැම්මා) . ඒ දෙන්නගෙන් එක්කෙනෙකුගේ ඇහක් අන්ධ උනා. ඔය සිද්දිය තමයි අර මම කලින් කියපු ලොකු වලියට හේතුව.
කියන්න ආපු ඒව පැත්තක තියෙද්දි කියවුනේ වෙන වෙන ඒවා. ඉතුරු ටික පස්සේ කියන්නම්. සමහර සිදුවීම් කියන්න අමාරුයි. සමහර අයගේ පුද්ගලිකත්වය නිසා. සමහර දේවල් අමතකයි .. මතක් වෙන්නේ පස්සේ ..
දන්නවද වැඩක්. ඒ දවස්වල කොම්පියුටර් සෙන්ටර් එක (දැන් IT Unit ) පැය 24ම ඇරලා. රෑට කාලා ඉන්ටර්නෙට් ගිහිල්ලා අපි බෝඩිමට යන්නේ පාන්දර 2ට විතර. ඒ පුරුද්දට තිත වැටුනේ කට්ටිය ගහ ගත්තට පස්සේ. අපි එතනින් ගිහිල්ලා ටික වේලාවකින් තමයි වලිය පටන් අරගෙන තියෙන්නේ. අපි දන්නේ උදේ අයෙමත් කැම්පස් එකට එනකොටයි. පාර වහලා හන්දා රවුමෙන් ආවා නුවර පාරට. මෙන්න පාරේ පොලිසියෙන්. පාර අයිනේ ලමයි පිරිලා.
අපි කන්න කියලා ඒ ලඟ කඩේකට ගියා. කකා ඉන්න ගමන් අමුතු සද්දයක් එලියෙන් ආවා. අපි කඩෙන් එලියට පැනලා කැම්පස් එක පැත්තට ආවා. මෙන්න කැම්පස් එකේ කන්ද උඩින් ගල් වරුසාවක් එනවා. පාරේ වාහන වලටත් වැදුනා. පොලිසියෙන් රබර් උන්ඩ වෙඩි තියන ගමන් කඳුලු ගෑස් ගහන්න ගත්තා. කැම්පස් එක පැත්තෙන් හුලඟ ආපු නිසා සැරේ වැඩිපුරම දැනුනේ පාරට.
අලුත් අත්දැකීමක් හින්දා අපිත් පාරට වෙලා බලාගෙන හිටියා. ටික වෙලාවකින් කැම්පස එක වැහුවා. ඇතුලේ ඉන්න අයට ගෙදර යන්න බස් කැම්පස් එක ඇතුලේ ඉඳන් ආවා. කවුදෝ පාර අයිනේ තිබ්බ කඩේකින් කොකාකෝලා බෝතලයක් අරගෙන යන බස් එකකට ගැහුවා. ඒක දැක්ක පොලිසිය පාර අයිනේ ඉන්න අයට පන්න පන්න ගැහුවා. මමත් දුවලා හැංගිලා ගුටි නොකා බේරුනා.
ඔය සිද්දිය නිසා කැම්පස් එක මාස 6කට වැඩිය වහලා තිබ්බා. පැය 24 ඇරලා තිබ්බ කොම්පියුටර් සෙන්ටර් එක කලින් වහන්න ගත්තා. රෑට කිසි කෙනෙකුට කැම්පස් එකේ ඉන්න තහනම් උනා. රෑ 8ට කලින් හොස්ටල් ඉන්න අයට අතුලට යන්න උනා.
ංආ .. මට කියන්න අමතක උනා. පදනමේ දෙන්නෙක් රෑ බයික් එකේ කන්ද නැගලා එනකොට හැංගිලා ඉඳලා මහා ශිෂ්‍ය සංගමේ අය ගහලා තෙල් බැම්මේ ගහක බැඳලා තියෙනවා. (ඒ ගහ ඊට පස්සේ කපලා දැම්මා) . ඒ දෙන්නගෙන් එක්කෙනෙකුගේ ඇහක් අන්ධ උනා. ඔය සිද්දිය තමයි අර මම කලින් කියපු ලොකු වලියට හේතුව.
කියන්න ආපු ඒව පැත්තක තියෙද්දි කියවුනේ වෙන වෙන ඒවා. ඉතුරු ටික පස්සේ කියන්නම්. සමහර සිදුවීම් කියන්න අමාරුයි. සමහර අයගේ පුද්ගලිකත්වය නිසා. සමහර දේවල් අමතකයි .. මතක් වෙන්නේ පස්සේ ..
කැලනිය කැම්පස් එක ..
මගේ පරන බ්ලොග් අඩවියෙන් (ii) - සරසවි කුරුටු ගී ..... (ii)
Published on
කලින්
ලිපියට ලැබුන ප්‍රතිචාර ඉහලයි. ඒ නිසාම නොවුනත් තවත් කවි ටිකක් ඇතුලත්
කරන්න ඕනෑ කියලා හිතුනා. කුරුටු ගී උපුටා ගත් ස්ථාන නාමත් සමගින් තවත් පොතක
තිබී හමුවුනා. ඉතින් දැන් ඕනෑම කෙනෙකුට පුලුවනි මේ තැන් වලට ගිහිල්ලා ඒවා
තවමත් තියෙනවද කියලා බලන්න.
මේ තියෙන්නේ මම තෝරා ගත්ත තවත් කවි කීපයක්. පොත හොයාගෙන කියවන්න බලන්න. එතකොට සරසවි ජීවිතය ගැන තවත් ගොඩාක් විස්තර දැන ගන්න පුලුවනි.
පිපාසය සන්සිඳුවන්න
මඩ වගුරකට හැකි වුවද
මහ සයුරට එය කල නොහැකිය
එනමුත්
මහ සයුරෙන් ලාභ ප්‍රයෝජන ගොඩක් ලැබිය හැකිය
එනිසා
මඩ වගුර ඉවත ලා
සයුරට පත් වෙමි
2010-04-15 21:47
මේ තියෙන්නේ මම තෝරා ගත්ත තවත් කවි කීපයක්. පොත හොයාගෙන කියවන්න බලන්න. එතකොට සරසවි ජීවිතය ගැන තවත් ගොඩාක් විස්තර දැන ගන්න පුලුවනි.
පිපාසය සන්සිඳුවන්න
මඩ වගුරකට හැකි වුවද
මහ සයුරට එය කල නොහැකිය
එනමුත්
මහ සයුරෙන් ලාභ ප්‍රයෝජන ගොඩක් ලැබිය හැකිය
එනිසා
මඩ වගුර ඉවත ලා
සයුරට පත් වෙමි
(ප්‍රධාන කලාගාරය - පේරා. වි.වි)
අප වෙනුවෙන් ඉදිවන
යදම් පවුරු බිඳ දමා
අපේ අයිතීන් දිනන්නෙමු
තොපේ ජීවිත බිලිගෙන උවද
(විද්‍යා පීඨයේ ආපන ශාලාව - පේරා වි.වි)
දක්කනවා වාසිටියේ කරත්තේ
ගොනා මැරෙනකං
ඇදපන් කරත්තේ
(ප්‍රධාන පොත්ගුල 02 මහල - පේරා වි.වි)
සයිකෝ ගසා මම ගිය කල ඇය වෙතට
දුන්නා බූට් එක ගලවා මගෙ අතට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
ගත්තෙමි වීරයා සේ එය මගෙ අතට
(ප්‍රධාන පොත්ගුල 03 මහල - පේරා වි.වි)
කය නම් අසාරය
ලව් නම් භයංකාරය
කිය්යු කිම සාරය
පෙනෙයි රංජිත්ගෙන් දිවා රැය
(මාකස් ප්‍රනාන්දු ශාලාව - කාමර අංක 72)
කලකිනි පඤ්ඤා ලෙක්චර්ස් එන්නේ
දුකකිනි ලෙක්චර්ස් ෆලෝ කරනේ
කරත්තෙනුයි ඔහු ගමන් කරන්නේ
අව් වැසි කිසිවක් නෑ සලකන්නේ
ඇල් වතුරෙන් ජීවිතය ගෙවන්නේ
කරත්තෙ බැඳලයි ලෙක්චර්ස් එන්නේ
ගොනාට තණකොල චොක්ලට් දෙන්නේ
මෙහෙමයි පඤ්ඤගෙ කාලෙ ගෙවෙන්නේ
දින සති ක්‍රමයෙන් ගෙවිලා යන්නේ
පඤ්ඤා කරත්තෙන් බිමට වැටෙන්නේ
ඔහු නෑ කොයි කවුරුත් රුස්සන්නේ
ලයිබරියේමයි ඔහු මිය යන්නේ
(ප්‍රධාන පොත්ගුල 01 මහල - පේරා වි.වි)
විභාගය අත ලඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඈ ලඟ
ඈ ඌ ලඟ
(ප්‍රධාන පුස්තකාලයේ මේසයකිනි - පේරා වි.වි)
වාසිටියේ පච ගස බිම වැටීයන්
කැන්ටින් එක කරන නෝනා මැරීයන්
ගුනේ අයියගෙ දෙසුම අදවත් ඉවර වෙයන්
බූට් දුන්න කෙල්ලම මට ලැබීයන්
(ප්‍රධාන පුස්තකාලයේ 04 මහලේ බිත්තියකිනි - පේරා වි.වි)
සිරිපාලගෙ දේශනාව
අපට හරිම වේදනාව
කිමද ඊට කාරනාව
මාජි ගැනයි කල්පනාව
(දේශන පැවැත්වෙන කාමරයක පුටු ඇන්දකිනි)
අනේ මීනුවන්
ඔබේ දෙසුමන්
මගේ දෙනුවන්
කරයි අඩවන්
(ප්‍රධාන පුස්තකාලය - කැලනිය වි.වි)
ගුණෙ අයියා පැමිනෙන්නේ
බුත්සරන අරගන්නේ
හොඳින් කියවන්නේ
අපට නිදි දෙව්දුව ලඟා වන්නේ
නින්ද නොයන අය හොඳහැටි අහගන්න
ගුණෙ අයියගෙ දේශනයට පැමිනෙන්න
අසුනක් අරා හිඳ දෙසුමට කන් දෙන්න
නිදි දෙව්දුව උරයි තොල්පෙති සැනිකින්න
(ප්‍රධාන පොත්ගුල 05 මහල - පේරා වි.වි)
බඩ මැදින් කලිසම ඇඳගෙන
තට්ටේ තෙල් තවරාගෙන
ව්‍යාකරණ පොත අරගෙන
විජේ අයියා එයි විගසින
තට්ටයා ව්‍යාකරණ කරයි
කෙල්ලෝ කොල්ලෝ ජොලියෙ කතා කරයි
උන්ගේ කෑකෝ ගැසීම් අස්සේ
තට්ටයා ව්‍යාකරණ කරයි
'තට්' ධාතුවට 'ට' යන්න
ආදේශ වීමෙන් හා
'යා' ප්‍රත්‍ය එකතු වීමෙන්
'තට්ටයා' පදය සෑදෙන බවත්
ඔහු අපට උගන්වයි
(ප්‍රධාන කලාගාරයේ මේසයකිනි - පේරා වි.වි)
කන්නේ පරිප්පුයි පානුයි දවාලට
බොනේ කැන්ටිමේ වතුරයි පිපාසෙට
පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
කැන්ටින් හොද්ද නේරංජන ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්තක අසු වේවා
(හිල්ඩා ඔබේසේකර ශාලාව)
[උපුටා ගැනීම : වසන්ත කේ දිසානායක (පේරා.වි.වි - සිංහල අංශය) - විශ්ව විද්‍යාලයීය භාෂා ව්‍යවහාරය 1995] පිටු 160/ මිල රු.70/-
ප.ලි :
මම
දන්නව මේ දවස්වල පොත් කියවන එක අමාරු වැඩක් කියලා. ඉතින් එහෙම අයට තමයි මේ
බ්ලොග් එක. පොතෙන් උපුටා ගත් කරුනු වල සියලු හිමිකම් කතෘ සතුවන අතර මේ
බ්ලොග් එක නිසා කාගේ හෝ සිත් රිදීමක් ඇතිඋව හොත් ඒ ගැන මාගේ කනගාටුව
ප්‍රකාශ කරමි.
අවසාන වශයෙන් මේ පොත කියවීම අනුමත කරමි.
මගේ පරන බ්ලොග් අඩවියෙන් (i) - සරසවි කුරුටු ගී ..... (i)
අලුත් අවුරුද්ද ලං වෙද්දි පරන පොත් කබඩ් එක අස් කරනකොට පොඩි පොතක් හම්බ
උනා. ඉතින් මේ බ්ලොග් එකේ තියෙන කවි ඒ පොතෙන් උපුටා ගැනීමක්. අයිති කාරයෝ
කවුද දන්නෙ නැහැ. ඒත් මේ පොත හදල තියෙන්නෙ කැලනිය විශ්ව විද්‍යාලයේ කලා
පීඨයේ 97/98 අධ්‍යයන වසර (ප්‍රථම වසර ) කට්ටියක්.
මේ මම තෝරාගත් කවි කීපයක් ...
කැන්ටිමේ පෝලිමක් දවල්ට බත් කන්න
බැංකුවෙ පෝලිමක් මහපොල අරගන්න
තව එක පෝලිමකි වැසිකිලි පුරවන්න
කොක්කට එපා දෙවියනි මේ දුක දෙන්න
කඩුවයි පන්දමයි ඇත්නම් නුඹට මලේ
රස්සාවකට ඩිග්‍රියකින් කිමද පලේ
ඩිග්‍රිය මිසක් කඩු පන්දම් නොමැති කලේ
කොටපන් පුරන් බැහැලා නුඹ ගමේ වෙලේ
1st year පූජ්‍ය හිමි
2nd year සිවුර අහිමි
3rd year කොක්කක් හිමි
4th year දරුවෙක් හිමි
සටහන් මිටිය සමනල කඳුවැටිය වැනී
නිදිමත අනේ ඒ කන්දේ මුදුන වැනී
දාඩිය මුගුරු සාගරයේ ජලය වැනී
ඇනුනොත් විභාගය අපි බලු පැටව් වැනී
රුව කත ගුණ නැත
ගුණ කත රුව නැත
රුව ගුණ ඇති කත
ලඟ පතිවත නැත
කමිසය ගියා මාතර - බෙල්ට් එක අනුරපුරේ
කලිසම කලුතරට - සපත්තු රත්නපුරේ
වොච් එක ගියේ නුවර - බෑගය අම්පාරේ
කවදා එකට මේවා හමුවේවුද ජ'පුරේ
යන එන විටදි වාගෙයි කැරකෙන සෙක්කූ
වියපත් මුහුන කර ලස්සන ලා මුක්කූ
සවසට ගෙදර උදයට සරසවි දැක්කූ
කෙල්ලක් නොමැත ලස්සන, සේරම යක්කූ
ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය
මෙය කිව් එකාගේ කට කෑවත් මදිය
ඉක්මන් උන එකා අත බඩු හත අටය
ඉවසපු මෙමා අද තාමත් තනිකඩය
අල්ලට සිඟාවත් දෙවරුව පාන් කකා
පස්ස ඉරුනු කලිසම කමිසයෙන් වසා
නැති බැරි නමුත් ඉවසා දත් කූරු කකා
"ක්‍රෑම" කුමට බී.ඒ අකුරු දෙක තකා
අප්පා හොයයි
අම්මා උයයි
අක්කා බෙදයි
මම කයි
සහ බුදියයි
දැනුම සොයයි
ඵල නොදරයි
හිතට දුකයි
ගත වැහැරෙයි
පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
සම්බරු හොද්ද නේරංජන ගඟ වේවා
කැන්ටින් මුදලාලි කන්ථක අසු වේවා
* උපුටා ගැනීම බිහිදොර අබියස '99 කලා උළෙල නිමිත්තෙන් ප්‍රකාශිත "සරසවි කුරුටු ගී" පොතෙන්
මට මතක හැටියට රු.10/- ක් විතර දීල තමයි මම පොත ගත්තේ.
මේ කවි තිබිලා තියෙන්නේ හොස්ටල් බිත්ති, පුස්ථකාල ඩෙස්ක්, රීඩිං හෝල් බිත්ති වගේ තැන් වල.
මේ මම තෝරාගත් කවි කීපයක් ...
කැන්ටිමේ පෝලිමක් දවල්ට බත් කන්න
බැංකුවෙ පෝලිමක් මහපොල අරගන්න
තව එක පෝලිමකි වැසිකිලි පුරවන්න
කොක්කට එපා දෙවියනි මේ දුක දෙන්න
කඩුවයි පන්දමයි ඇත්නම් නුඹට මලේ
රස්සාවකට ඩිග්‍රියකින් කිමද පලේ
ඩිග්‍රිය මිසක් කඩු පන්දම් නොමැති කලේ
කොටපන් පුරන් බැහැලා නුඹ ගමේ වෙලේ
1st year පූජ්‍ය හිමි
2nd year සිවුර අහිමි
3rd year කොක්කක් හිමි
4th year දරුවෙක් හිමි
සටහන් මිටිය සමනල කඳුවැටිය වැනී
නිදිමත අනේ ඒ කන්දේ මුදුන වැනී
දාඩිය මුගුරු සාගරයේ ජලය වැනී
ඇනුනොත් විභාගය අපි බලු පැටව් වැනී
රුව කත ගුණ නැත
ගුණ කත රුව නැත
රුව ගුණ ඇති කත
ලඟ පතිවත නැත
කමිසය ගියා මාතර - බෙල්ට් එක අනුරපුරේ
කලිසම කලුතරට - සපත්තු රත්නපුරේ
වොච් එක ගියේ නුවර - බෑගය අම්පාරේ
කවදා එකට මේවා හමුවේවුද ජ'පුරේ
යන එන විටදි වාගෙයි කැරකෙන සෙක්කූ
වියපත් මුහුන කර ලස්සන ලා මුක්කූ
සවසට ගෙදර උදයට සරසවි දැක්කූ
කෙල්ලක් නොමැත ලස්සන, සේරම යක්කූ
ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය
මෙය කිව් එකාගේ කට කෑවත් මදිය
ඉක්මන් උන එකා අත බඩු හත අටය
ඉවසපු මෙමා අද තාමත් තනිකඩය
අල්ලට සිඟාවත් දෙවරුව පාන් කකා
පස්ස ඉරුනු කලිසම කමිසයෙන් වසා
නැති බැරි නමුත් ඉවසා දත් කූරු කකා
"ක්‍රෑම" කුමට බී.ඒ අකුරු දෙක තකා
අප්පා හොයයි
අම්මා උයයි
අක්කා බෙදයි
මම කයි
සහ බුදියයි
දැනුම සොයයි
ඵල නොදරයි
හිතට දුකයි
ගත වැහැරෙයි
පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
සම්බරු හොද්ද නේරංජන ගඟ වේවා
කැන්ටින් මුදලාලි කන්ථක අසු වේවා
* උපුටා ගැනීම බිහිදොර අබියස '99 කලා උළෙල නිමිත්තෙන් ප්‍රකාශිත "සරසවි කුරුටු ගී" පොතෙන්
මට මතක හැටියට රු.10/- ක් විතර දීල තමයි මම පොත ගත්තේ.
මේ කවි තිබිලා තියෙන්නේ හොස්ටල් බිත්ති, පුස්ථකාල ඩෙස්ක්, රීඩිං හෝල් බිත්ති වගේ තැන් වල.
ඇත්තටම ගෑණුන්ට ඕනෙ මොනවද ??
ඕන්න එකමත් එක රටක රජෙක් හිටියා. එයා එක දවසක අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා. ඒත් රජාගෙ තරුන කම ගැන හිතපු ඒ රටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස් කලා. හැබැයි කොන්දේසියක් පිට.
අවුරුද්දක් ඇතුලත අමාරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඇවිත් බාර වෙන්න වෙනවා.
රජා උත්තරය දන්නෙ නැති උනත් රාජධානියේ ඉන්න උගත්තු දන්නව ඇතිනෙ කියල හිතල කැමැත්ත පල කලා. ඔච්චර අමාරු ප්‍රශ්නය මෙන්න මේකයි.
ඇත්තටම ගෑණුන්ට ඕනේ මොනවද ?ඉතින් රජා තමන්ගෙ රටට ඇවිත් හැමෝගෙන්ම අහල බැලුවා. පූජකයින්ගෙන්, සිටුවරුන්ගෙන්, දිසාපාමොක්ලගෙන්, බමුනන්ගෙන් ... මේ හැමෝගෙන්ම ඇහුවා. උත්තර නම් ලැබුනා ඒත් හරියටම හරියන එකක් ලැබුනෙ නැහැ.
අන්තිමට හැමෝම කිව්වෙ රට කෙලවරේ ඉන්න නාකි මන්තර කාරි උත්තරේ දන්නව ඇති කියල. ඒත් රජා මන්තර කාරි ලඟට යන්න කැමති උනේ නැහැ. මොකද එයා උදව්වට හිලව් වෙන්න සමහර දේවල් ඉල්ලන හින්දා.
ඒත් ඉතින් මැරෙනවට වැඩිය මොනව හරි උත්සාහ කරන එක හොඳයි කියල පස්සෙ රජාට හිතුනා, මොකද අවුරුද්දෙ කාල සීමාවත් ටික ටික ගෙවිල යන නිසා.
ඉතින් වැඩිපුර කාලය කකා ඉන්න වෙලාවක් නැති නිසා හොඳම යාලු මිත්‍ර සෙනෙවියත් එක්ක රජා ගියා මන්තර කාරිහම්බ වෙන්න. ගිහිල්ලා ප්‍රශ්නය ඇහුවා. මන්තර කාරි තමන් උත්තරය දන්න බව කිව්වා. හැබැයි උත්තරයට ඉල්ලපු ගෙවීම ගැන අහපු රජාට හීන් දාඩිය දැම්මා.
මන්තර කාරිට ඕනැ උනේ රජාගෙ මිතුරු සෙනෙවියාව කසාද බඳින්න. ඒත් මන්තර කාරි කැතයි, කුදුයි, කටේ තියෙන්නෙ එක දතයි, හත් අවුරුද්දකින් නාල නැහැ. ඒ තරමට ගඳයි. රජා තීරනය කලා තමන්ගෙ යාලුව අමාරුවෙ දානවට වැඩිය සැපයි මැරෙන එක කියලා. එහෙම තීරනය අරන් එතනින් යන්න ලැහැස්ති උනා.
ඒත් සෙනෙවිය කැමති උනා මන්තර කාරිව බඳින්න. ඒ තරමට යාලුකම ලොකු උනා.
ඊට පස්සෙ කසාදෙ කෙරුනා, මන්තර කාරි උත්තරෙත් දුන්නා.
උත්තරේ උනේ මෙන්නෙ මේක :
ඇගේ ජීවිතේ ඇයටම පාලනය කරන ඉඩ දීම .....හැමෝම පිලිගත්ත ඒක තමයි ඇත්ත කියලා. රජාට ජීවිත දානෙත් ලැබුන.
ඊලඟට තමයි අමාරුම හරිය.
රජාගෙ යාලු සෙනෙවිය මන්තර කාරිව කොහොම හරි අමාරුවෙන් බැන්ද කියමුකො. ඒත් ඉතින් මධුසමය කොහොමද ගත කරන්නෙ. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනෙ. එන දේකට මුහුන දෙන්න බලාගෙන සෙනෙවියත් හෙමින් හෙමින් නිදන කාමරයට රිංගුවා.
සෙනෙවියගෙ ඇස් අදහගන්න බැරිඋනා. මෙන්න ඇඳ උඩ ඉන්නවා ලස්සන කෙල්ලක්. සෙනෙවියා මේ වගේ කෙල්ලක් ජීවිතේටම දැකල නැහැ.
ඔයා කවුද ? මම කසාද බැන්ද මන්තර කාරිට මොකද උනේ?සෙනෙවියා ඇහුවා.
බයවෙන්න එපා. ඒ මමම තමයි. ඕනෙනම් මට පුලුවන් දවසෙන් භාගයක් මේවගේ ලස්සනට ඉඳලා ඉතුරු භාගෙ මන්තර කාරියෙක් වගේ කැතට ඉන්න. ඔයා කැමති කොයි විදියටද ? දවල්ට මේ වගෙ ඉන්නද නැත්නම් රෑට මේ වගෙ ඉන්නද ?(මන්තර කාරි) ලස්සන කෙල්ල සෙනෙවියගෙන් ඇහුවා.
සෙනෙවිය ආපු වැඩේ පැත්තක දාල දහ අතේ කල්පනා කරන්න ගත්තා.
.... දවල්ට මම ගෙදර ඉන්නෙත් නැහැ, හතර වටේ ඕන තරම් ගෑනුත් ඉන්නවා. ඒත් රෑට මම මේකි එක්ක නිදාගන්නත් එපායැ....ඔහොම තමයි සෙනෙවිය කල්පනා කලේ ....
ටිකක් හිතල බලන්න
(ඔයා පිරිමියෙක් නම්) ඔයාගෙ උත්තරය උත්තරය මොකක් වෙයිද ??
(ඔයා ගෑණියෙක් නම්) ඔයාගෙ සහකාරයගෙ උත්තරය මොකක් වෙයිද ??
සෙනෙවියගෙ උත්තරේ මෙන්න මේකයි.
හැබැයි ඉතුරු ටික කියවන්න කලින් අවංකවම ඔයාගෙ උත්තරේ හිතාගන්න.
සෙනෙවිය දන්නවනෙ රජාට ලැබුන උත්තරය. ඒ නිසා සෙනෙවිය මන්තර කාරිට කිව්වා
ඔයා කැමති තීරනයක් ගන්න. මමත් ඒකට කැමතියි.කියලා.
ඊට පස්සෙ මන්තර කාරි මෙහෙම කිව්වා.
ඔයා ඇත්තටම මට ගොඩාක් ගරු කලා. ඒනිසා මම තීරනය කලා හැමදාම මේ විදියට ඉන්නඑදායින් පස්සෙ මන්තර කාරි හැමදාම ලස්සන පෙනුමට සෙනෙවියත් එක්ක ජීවත් උනා.
ප.ලි:
මේ කතාවෙන් කාරනා දෙකක් ඉස්මතු වෙනවා
1. ගෑනියෙක්ට එයාට ඕනැ කරන විදියට ඉන්න ඉඩ දුන්නෙ නැත්නම් සේරම අවුල් වෙනවා
2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා
ඔළු පහේ නයෙක් දැකල තියෙනවද ??
එක දවසක් බස් එකේ යනකොට මිනිහෙක් පොත් විකුනනවා. ඉතින් එයා කියනවා ලංකාවෙ ඔළු දහයක නයෙක් ඉන්නවා, ආමි එකේ කෙනෙක් ගත්ත ෆොටෝ එකක් කියලා ඔළු දහයක නයෙකුගෙ පින්තූරයක් විකුනනවා. ඉතින් අද අන්තර්ජාලයේ සැරිසරනකොට ඔළු වැඩි නයි ගොඩක් දැක්කා. කාලෙකින් ලියන්න බැරිඋන බ්ලොග් එක මේකෙන් වත් ගොඩ දාගන්න කියල හිතල තමයි ලිව්වේ.
මම නයා අරිනව කියලනම් හිතන්න එපා
මෙන්න ඒ ඔළු පහේ නයා ...
අර විකිපීඩියා එකෙත් ඉන්නවා ඔළු පහක නයෙක්.
මෙන්න ඌ
විකිපීඩියාවේ දිගුව
දැන් මේ පල්ලෙහා තියෙන පින්තූර වෙනස් වෙලා පේනවනම් ඔයා ගොඩාක් පව් කරල තියෙනවා..
අහ් තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවනෙ ..
ලංකාවෙ ඉන්න ඔළු දහයෙ නයා ...
මෙන්න ඌ
මළ කෙලියයි ....
මේක ඉතින් පොඩි කථාවක්. මම දන්න කියන නෝන කෙනෙක්, එයාට වෙච්ච ඇබැද්දියක් තමයි.
අර නෝනට කොහෙදෝ තිබිල ලාම්පුවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් එයා ඒක අතුල්ලනකොට ඒ ලාම්පුවෙන් භූතයෙක් මතුවෙලා තියෙනවා.
නෝනත් ඉතින් යන එන මං නැතුව හිටපු කෙනෙක් නේ. ඉතින් පැන්න ගමන් මෙහෙම කිව්වා.
මෙන්න දැන් අර පුටුව උඩ ඉන්නවා හරියට බ්‍රැඩ් පීට් වගෙ පෙනුම තියෙන කොල්ලෙක්.
නෝනා දුවල ගිහිල්ල එයාගෙ උකුල උඩ ඉඳගත්තා.
අර නෝනට කොහෙදෝ තිබිල ලාම්පුවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් එයා ඒක අතුල්ලනකොට ඒ ලාම්පුවෙන් භූතයෙක් මතුවෙලා තියෙනවා.
"ඔබ හොඳ කරුනාවන්ත කෙනෙක් බව මට පේනවා. ඉතින් මාව නිදහස් කලාට මගෙන් ඔබට තෑග්ගක් හැටියට එක් වරයක් දෙන්නම්..... "ඌ නෝනට කිව්වා.
නෝනත් ඉතින් යන එන මං නැතුව හිටපු කෙනෙක් නේ. ඉතින් පැන්න ගමන් මෙහෙම කිව්වා.
"උඹට පේනවද අර පුටුව උඩ ඉන්න තඩි පූසා. ආන්න ඌව හැන්සම් කොල්ලෙක් කරල දියං. මට වෙන මොන උදව්වක් වත් එපා ..... "අර භූත යාලුවත් යන්න හදිසියෙනෙ හිටියෙ. මොනවද මන්ද දඩ බඩ ගාල කරල ටික් ගාල මාරු උනා.
මෙන්න දැන් අර පුටුව උඩ ඉන්නවා හරියට බ්‍රැඩ් පීට් වගෙ පෙනුම තියෙන කොල්ලෙක්.
නෝනා දුවල ගිහිල්ල එයාගෙ උකුල උඩ ඉඳගත්තා.
"අපි මොනව හරි කරමු ... මේ ඒක නෙමෙයි ඊට කලින් ඔයාට මොනව හරි කියන්න තියෙනවද ?"නෝනා අර කොල්ලගෙන් ඇහුවා.
"මං මේක ඔයාට කොහොම කියන්නද මන්දා .... "කොල්ල කියාගෙන යනවා.
"ඇයි ඔයා ගිය සෙනසුරාදා මාව ඔපරේෂන් කරල දැම්මෙ ?"
Subscribe to:
Posts (Atom)