කැම්පස් එකේදි මුලින්ම කට්ටිය (බොන්න) සෙට් උන හැටි


කැම්පස් එකට ගියාම ඉස්සරනම් මුලින්ම දුන්නෙ ඉංගිරිසි පාඩම් මාලාවක්. (දැන්නම් නායකත්ව හැසිරීම් ගැනනෙ දෙන්නෙ). ඉතින් ඔය පන්ති වලට ගියාට ඉගෙන ගන්න දෙයක් නැහැනෙ. රැග් දෙන දිහා බලන් ඉන්නවයි, කෙල්ලො දිහා බලන් ඉන්නවයි විතරයි කරන්නෙ. අලුත් අලුත් කට්ටියත් එකා දෙන්නා හම්බ වෙනවා, අපිත් පම්පෝරි ගහනවා, උනුත් පම්පෝරි ගහනවා. ඔය අය අතරින් අපි දහ දොලොස් දෙනෙක් සෙට් උනා. ඉතින් කට්ටිය කථා උනේ අන්තිම දවසේ බොන්න. එකෙක් බියර් කේස් එකක් ගේනවා කිව්වා. (ඒව ඉතින් බයිලා). 
ඉංගිරිසි පන්තියේ අන්තිම දවසත් උදාවුනා. එදා තිබුන කොන්සට් එකට හැම පංතියෙන්ම අයිටම් එකක් දාන්න ඕනෑ. අපේ අයිටම් එක ෆැෂන් ෂෝ එකක්. ඉතින් කොල්ලො පස් දෙනෙක් විතර (කකුල් වල මයිල් එහෙම ගාලා) කෙල්ලො වගෙ අන්දලා ගත්තා. මම තමයි ඒ අයව ස්ටේජ් එකට (බලාගෙන ඉන්න අයට) එක්කගෙන ගියේ (ඒ කියන්නෙ මම කෙල්ලෙකුට ඇන්දෙ නැහැ කියලයි). ධර්මාලෝක ශාලාව (සමහර අය කියන්නෙ ලෙනින් ශාලාව කියල ..) පුපුරන්න හූ සද්දෙ, කෙල්ලොත් උඩ පැන පැන හිනාවෙනවා (කෙලි) කොල්ලන්ගෙ ෆැෂන් ෂෝ එක බලලා.
ඒ වැඩ ඉවර වෙනකොට හවස් වෙලා. ඊට පස්සෙ බොන කට්ටිය එකතු කරන්න පටන් ගත්තා. මෙන්න බොලේ දෙතුන් දෙනෙක් හැලෙන්න පටන් ගත්තා. (ගෙදර යන්න ඕනෑ කියපි .. ) කමක් නැහැ බියර් කේස් එකක් හරි තියෙනවනෙ කියල හිතා ගත්තා. මොන කේස් එකක්ද???? තාත්තා ගේන්න දුන්නෙ නැතිලු. 

ඒකෙන් මේකෙන් කාරි නැහැ කියල එකතු උන ටික දෙනා (දහ දෙනෙක් විතර) හිමින් හිමින් බොන්න තැනක් හොයාගෙන කිරිබත්ගොඩ පැත්තට ගියා. හොඳ තැනක් හම්බ උනේ එහා කොනටම ගියාම. ඉතින් කට්ටිය එකතුවෙලා බියර් එක්ක ලෙමන් ජින් බිව්වා. ටික වෙලාවකින් කට්ටියට ඩාන්ස් කරන්න ඕනෑ උනා. රෙස්ටුරන්ට් එකේ දාල තියෙන සිංදු හරි නැහැ. මං ගාව තිබ්බ සිංදු වගයක් දාන්න කියලා දුන්නා. ඒවා අහන ගමන් රෑ වෙනකම්ම බිව්වා. සමහර අය මහ ලොකුවට කිව්වට ජීවිතේටම මුලින්ම බොන දවස එදා. (ඒ බව දන්නෙ පස්සෙ).

බීල ඉවරවෙලා කට්ටියම ආපහු කැම්පස් එකට යන්න පටන් ගත්තා. බීපු එකෙකුටවත් කෙලින් යන්න බැහැ. (නොබීපු අයත් දෙන්නෙක් විතර හිටියා). ඉතින් පාර දිගේ (කෑ ගහ ගහ) පයින් යන ගමන් කලේ ගෙවල් වල වහල තියෙන ගේට්ටු අරිනවා, ඇරල තියෙන ගේට්ටු වහනවා, වහල තියෙන කඩවල් වල තහඩු බෝඩ් නවනවා, ..... 
ගෙවල් වලට යන කට්ටිය කැම්පස් එක ලඟින් බස් වලට නග්ගලා බෝඩිං වල ඉන්න අය හිමින් හිමින් අමාරුවෙන් කැම්පස් කන්ද නැගලා බෝඩිම් වලට පිටත් උනා. ගෙවල් වලට ගිය එකෙක් බස් හෝල්ට් එකක බැහැලා එතනම නිදාගෙන පහුවදා උදේ සෙනඟ එනකොට තමයි ඇහැරිලා තියෙන්නෙ.
[** සියළු ඡායාරූප උපුටා ගත් ඒවා බව සලකන්න**]

5 comments:

නදී said...
This comment has been removed by the author.
නදී said...

"ගෙවල් වලට ගිය එකෙක් බස් හෝල්ට් එකක බැහැලා එතනම නිදාගෙන පහුවදා උදේ සෙනඟ එනකොට තමයි ඇහැරිලා තියෙන්නෙ."

හෆොයි.ඕක තමා කියන්නෙ බැරි දේවල් නොකර ඉන්ට කියලා:)

Gayan Tharaka said...

නොබීපු ගොඩේද හිටියේ..

වෙලාවට හෙම දෙන්නෙක් හිටියේ නැත්තං කැම්පස් යන්නෙ කොහොමද නේද

මහසෙන් / said...

නදී ට : එහෙම තමයි කැම්පස් වල .. බැරි දේවල් උනත් කරන්න වෙනවා, නොකර හිටියොත් කොන් වෙනවනෙ.

මහසෙන් / said...

ගයාන් තාරක ට : මම හිටියෙ බීපු ගොඩේ. බෝඩිම අල්ලපු වැටේ හන්දා අවුලක් නැහැ.