ගණිත සෙල්ලම් වලට අහුවෙන ලාංකිකයෝ හෙවත් පිරමිඩාකාර ගිරිහිම අනුපාතය

මේ වගේ දැන්වීමක් කොහේ හරි දැකල නැත්නම් කවද හරි දකී.
"අලුත්ම ලැප්ටොප් එකක් රු. 20,000/- යි !
රු. 20,000/-ක් පමනක් ගෙවීමෙන් හැමෝටම රු. 100,000/-ක් වටිනා ලැප්ටොප් එකක් ලබාගත හැකිය. වෙනත් ගෙවීම් නැත. විකිනීම පිලිබඳ විස්තර ලබා ගන්න"
ඉතින් කවුද අකමැති අඩු ගානකට වටිනා ලැප්ටොප් එකක් ගන්න. ඉතින් වැඩිපුර හිතන්නෙ නැතුව අපිත් යනවා මේ තැන හොයාගෙන. ගිය ගමන්ම අපිට ඒ ගොල්ලො දෙන්නෙ ලැප්ටොප් එකක් නෙමෙයි. ටිකට් 4ක්. අපි එයාලට රු.20,000/-ක් දුන්නම. එයාල අපිට දෙනවා ටිකට් 4ක්. අපි ඒ ටිකට් 4 රු. 20,000/-  ගානෙ අපේ යාළුවන්ට විකුනන්න ඕනෑ. විකුනල ඒ සල්ලි අර කොම්පැනි එකට දුන්නම අපිට ලැප්ටොප් එක හම්බවෙනවා. ඇත්තටම අපිට වියදම් උනේ රු. 20,000/-යි. කථාව ඇත්ත.
ඊට පස්සෙ අපෙන් ටිකට් ගත්තු යාළුවන්ට වෙනවා අර කොම්පැනි එකට ගිහින් තමන් මිලදී ගත්ත ටිකට් එක දෙන්න. එතකොට එයාලට හම්බ වෙනවා තවත් ටිකට් 5ක්. එයාලා ඒ 5 තවත් යාළුවෝ 5 දෙනෙකුට විකුනලා සල්ලි ගෙනත් දුන්නම එයාලටත් ලැප්ටොප් එකක් ගන්න පුළුවනි. .....
ඉතින් මෙතන කිසිම බොරුවක් නැහැ. දැන්වීමේ විදිහටම සේරම දේවල් සිද්ධ වෙනවා. ලැප්ටොප් කොම්පැනි එකටත් තමන්ගෙ විකිනෙන භාන්ඩයට අදාල සම්පූර්ණ මුදලම ලැබෙනවා. 
ඒත් මෙතන තියෙන්නෙ කූටෝපායක්. මේ කූට වෙලඳාමට රැවටිලා තමන් ගත්ත ටිකට් විකුනගන්න බැරි උන අයට ඉතින් හුලං තමයි. හැබැයි වෙලෙන්දා ගොඩ.
මම කියන්න යන්නෙ මේක වෙන්නෙ කොහොමද කියලා.
මේ කොම්පැනියෙන් ටිකට් ගත්ත පලවෙනියා එයාගෙ ටිකට් ටික ලේසියෙන්ම 4 දෙනෙකුට විකුනගන්නවා. ඒ හතර දෙනා තමන්ගෙ ටිකට් (4‍x5) = 20 දෙනෙකුට විකිනිය යුතුයි. ඒ අයටත් ඒවා විකුන ගන්න පුලුවන් උනා කියල හිතමුකෝ. ඒ විසි දෙනා ආයෙමත් (20x5) = 100 දෙනෙකුට විකිනිය යුතුයි. එවිට 1+4+20+100 = 125 ක් ටිකට් අරගෙන ඇත. ඔවුන්ගෙන් 25 දෙනෙකුට ලැප්ටොප් ලැබිල තියෙන්නෙ. සිය දෙනෙකුට තියෙන්නෙ බලාපොරොත්තුවක් විතරයි. ඒ වෙනුවෙන් රු. 20,000/-ක් දැනටමත් ගෙවල ඉවරයි.
දැන් මේ ගනුදෙනුව මිතුරන්ගෙන් එපිටට, නගරයට පැතිරෙනවා. ටිකට් අතේ ඇති 100 දෙනා ඒවා තවත් 500 දෙනෙකුටත්, ඒ 500 දෙනා තවත් 2500 දෙනෙකුටත් ටිකට් විකුනන්න ඕනෑ. නගරය ටිකට් පත් වලින් පිරී ඉතිරී යනවා. එතකොට ටිකට් විකුනගන්න පුද්ගලයන් හොයාගන්න අමාරු වෙනවා.

අපි මෙය සංඛ්‍යා පිරමිඩ අකාරයට සලකා බලමු.
1
4
20
100
500
2500
12,500
62,500
 නගරය විශාල නම්, හැමෝටම ලැප්ටොප් අවශ්‍ය නම්, එහි ජනගහනය 62,500 ක් නම් 8 වෙනි වට රවුමෙදී මෙම ගනුදෙනුව බිඳ වැටේ. සියලුම දෙනා එයට යටවී ඇත. එහෙත් ලැප්ටොප් ලබාගෙන ඇත්තේ එයින් 1/5 කොටසකි. ඉතිරි 4/5 දෙනා අතේ විකුනාගත නොහැකි වූ ටිකට් ඉතිරිව ඇත.
(මෙයට කියන්නේ "ගිරිහිම නිපාතය" කියාය)
තවත් රවුම් දෙක තුනක් යනවිට රටක්ම මෙයට යට විය හැක. එනමුත් එයින් 4/5 ක් ම රැවටීමකට ලක්ව ඇත.
මෙයින් කොම්පැනියට ලැබෙන්නේ කුමක්දැයි අපි බලමු. ජනගහනයෙන් 1/5ක් ලබාගත් ලැප්ටොප් සඳහා ඉතිරි 4/5 ක කොටසකට ගෙවීමට සලස්වයි. තවත් විදියකට කියනවානම් එක් අයෙක් ලබා ගත් භාන්ඩයේ ඉතිරිය සඳහා තවත් හතර දෙනෙක් ගෙවීම් සිදුකරයි. තවත් අතකින් කියනවානම් කිසිඳු අමතර වියදමක් නැතිව තමන්ගේ භාන්ඩ බෙදා හැරීම පිනිස ඒජන්තවරු සොයාගනී. (එකිනෙකා ගිල ගැනීමේ ගිරි හිම නිපාතය - අයි. අයි. යසීන්ස්කි)
මෙම නිපාතයට යටවී සැඟවී යන යෝධ සංඛ්‍යාව, කූට වෙලඳුන්ගේ ගැටවලට අසුවන, තමන්ගේ මොළය භාවිතයට නොගන්නා පුද්ගලයන්ට දඬුවම් කරයි.

පසුවදන :
මෙහි මා ලැප්ටොප් වශයෙන් යෙදුවේ පහසුව පිනිසයි. මේ වැනි ව්‍යාපාර මේ දිනවල ලංකාවේ කෙරීගෙන යමින් පවතියි. සෝෆා, පිඟන් කට්ටල, TV, DVD Players, විටමින් පෙති, තිර රෙදි,  ... ලැප්ටොප් වෙනුවට ආදේශ වී ඇත.
මගේ මේ ලිපියට පාදක වූයේ Y Perelman ගේ Mathematics Can Be Fun පොතේ එන Large numbers ‍‍‍යටතේ ඇති කථාවකි. සෑම ලාංකිකයෙකුම කියවිය යුතු පොතකි. (ගණිත විනෝදය යනුවෙන් සිංහල පරිවර්තනයක් ඇත) මේ පොත මොළේ ඇති හොරෙකුට හමුවූයේ නම් රටට දෙවියන්ගේම පිහිටය.
ප.ලි : මෙහි pdf සංස්කරනය අන්තර්ජාලය පුරා සෙවූවත් හමුවූයේ නැත.

පිහි ඇනුමකින් කෙලවර වූ කැම්පස් ආදරය ....

එක දවසක් මම කැම්පස් එකට යනකොට තෙල් බැම්මට මෙහා කට්ටිය රොක් වෙලා. ගොඩාක් වෙලාවට එහෙම වෙන්නෙ වලියක් වගෙ එකක් උනොත් තමයි. කසු කුසු අතරින් ආරංචි උනා කොල්ලෙක් කෙල්ලෙකුට පිහියෙන් ඇනලා කියලා. කෙල්ල ඉස්පිරිතාලෙ ගෙනිච්චලු, කොල්ලා හොයාගන්න නැතිලු. 
පස්සෙ ආරංචි උනා කොල්ල පඳුරක් අස්සෙ ඉඳල සෙකියුරිටි එකට හම්බවෙලා කියලා. කොල්ලා වහ බීලා.
දෙන්නම ඉස්පිරිතාලේ. පස්සෙ බැලින්නම් මේ කපල් එක අපි දන්නවා. ඒ කියන්නෙ අපිට සීනියර්. මම අඳුනන්නෙ නැති උනාට මගේ සමහර යාළුවෝ හොඳට අඳුනනවා. හැබැයි මට මේ කපල් එක හොඳට නෝට්. හේතුව තමයි දෙන්නම එකට දැකල තිබීම.
දෙන්න හොඳ ආදරෙන් ඉඳල තියෙනවා. ඒත් ඒ ආදරේට කණ කොකා අඬල තියෙන්නෙ ප්‍රැක්ටිකල් වලට කෙල්ල කොම්පැනි එකක ජොබ් එකට යන්න ගත්තට පස්සෙ. එතන පොරක් මෙයා එක්ක සෙට් වෙලා. අන්තිමට කෙල්ලගෙ ගෙදර අයත්, කෙල්ලත් දෙගොල්ලම කැමති අර අළුත් කොල්ලව බඳින්න. කැම්පස් ආදරය නවත්තන්නයි කෙල්ලට ඕනෑ වෙලා තිබුනේ.දෙන්න ඒක නවත්වන්න කතා බහ කරගෙන එකඟ වෙලා ඉඳල තියෙන්නෙ.
ඉතින් කැම්පස් කොල්ලා එක දවසක් කෙල්ලට පිහියෙන් ඇන්නා. ඊට පස්සෙ කෙල්ල මැරුනා කියලා හිතලා පඳුරක් අස්සෙ හැංගිලා වහ බිව්වා.
දෙන්නටම අමාරු උනා. ඒත් දොස්තරල මේ දෙන්නවම බේර ගත්තා.
කෙල්ල සුපුරුදු පරිදි ගෙදරට වෙලා ජොබ් එකට ගියා. (හැබැයි ආයෙමත් කැම්පස් ආව කියල ආරංචියක් තිබුනෙ නැහැ). කොල්ල බෙල්ලෙ වැල දාගෙන සිය දිවි නසා ගත්තා.


ප.ලි : මේ ගැන පත්තරේකට හෙදියක් ලිපියක් ලියල තිබ්බ. මට මතකයි ඒකෙ තිබුනේ ආදරය ඉල්ලල නොලැබුන තැන පිහියෙන් ඇන්නා කියලා. ඒ ලිපිය පුරාම තිබ්බේ කොල්ලගෙ වැරැද්ද විතරයි.

මගේ පුතා හොරු අරගෙන ගියාදෝ......

අද දිවයින පත්තරේ තිබුන මේ කවිය දැක්කම හිතට අදහස් ගොඩාක් ගලාගෙන ආවා. ඒ එකක්වත් ලියන්නෙ නැතිව පත්තරේ තිබුන කවිය එහෙම්මම මෙතන දැම්මා. මේ කවිය හොඳට කියවන්න කියලා කැම්පස් ගිය, නොගිය, යන්න ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා.
 
මගේ පුතා හොරු අරගෙන ගියාදෝ

ඇහේ බබා මෙන් උන් පුත් කුමරාන
ගසේ පිපුන එක මල රොන් පුරවාන
ඇසේ නොයෙක් බස් හැම කසු කුසු ගාන
පැසේ පපුව තුළ දරු දුක මුරගාන

කුරා කුහුඹුවෙකුටත් හිරිහැර නොකළ
වරා නින්ද පොත්පත් වණපොත්ම කළ
සරා සඳ මගේ දිවිඹර එකළු කළ
සොරාගෙන අහෝ දෙවියනි නරුම රැළ

ගෙවූ බරට බර රුපියල් පියා දනී
දිවූ දුරක් හති හලමින් පුතා දනී
මැවූ සිහින රෑ අහසේ තරුත් දනී
පෙවූ සිප් කිරම මට සාපයක් උනී

නියෙන් පහරකුත් නොමදී හැදූ පුතා
සයෙන් දෙවේලක් නොතියා හැදූ පුතා
බියෙන් වද ගසා පොල්ලෙන් නැසූ  පුතා
දියව් නරුමයනි මට යලි මගේ පුතා

කපා කොටා අතපය නැති කරගන්ට
පපා නිකට බැරිනම් ගොළුවී ඉන්ට
උපාධියට පන නළ උකසට දෙන්ට
එපා පුතුන් සරසවියට නම් යන්ට

(හිසට වැදුනු පොලු පහරක් හේතුවෙන් සරසවි සිසුවා මියයයි - පුවතක්)

- පද්මිනී ශ්‍රියාලතා -
කවිමුතු, නිම්නය
දිවයින ඉරිදා සංග්‍රහය (14.11.2010)
උපුටා ගැනීමකි
සියළු හිමිකම් කිවිඳිය හා පුවත්පත සතුය

මේක හූනියමක්ද?, බන්ධනයක්ද?, ආරක්ෂාවක්ද ?

වත්තෙ පස් අස්සෙ තිබිල සුරයක් හම්බ උනා. ඒක අපි දාපු එකක් නෙමෙයි. අපිට කලින් මේ ඉඩම අයිති අයගෙ වැඩක් වෙන්න ඇති. ඉතින් ඒකෙ ඇතුලෙ යකෙක් ඉන්නවනම් ඌ එලියට දාන එක පිනක් නෙ. ඒ නිසා මම සුරය ඇරල බැලුවා. මේන්න මේකයි ඇතුලෙ තිබුනෙ.


කවුරු හරි දන්න කෙනෙක් මේක තේරුම් කරල දෙනවනම් ලොකු උදව්වක් .....

Seylan Credit Card එක මට කල හදියක් ..


 පොඩි අමාරුවක් තිබිලා ගත්තනෙ Credit Card තුනක්ම. ටික කලකින් තමයි මේවයෙ රඟේ තේරුනේ. හැබැයි මේකෙ හොඳ පැත්තකුත් තියෙනවා. අප්සෙට් එක තියෙන්නෙ Credit Card වල නෙමෙයි. ඒව පාවිච්චි කරන අපෙයි, ලංකාවෙ බැංකුවලයි.
ඉතින් යන එන මං නැති උනාම අමාරුවෙන්ම සල්ලි හොයාගෙන මේ තුනම ගෙවලා වහලා දැම්මා.
ඔහොම සන්තෝෂෙන් මාස 9 ක් ඉන්න කොට ආව call එකක්.
"Mr. මහසෙන් ඔයාගෙ Seylan credit card එකේ limit එක පැනලා ..... කවදද ගෙවන්නෙ"
"මම card එක close කලානෙ, full n final payment එකක් කලා"
"එහෙම කරල නැහැ. ඔයා ඉක්මනට ගෙවන්න. නැත්නම් ඔයාටම තමයි ප්‍රශ්නේ ... "
"......."

මුල්ම දවසෙ කිව්වා 30,000/- ක් ගෙවන්න කියලා.
ඊට පස්සෙ දවසක කිව්වා 16,000/- ක් ගෙවන්න කියලා.
අන්තිමට කිව්වා 8,500/- ක් ගෙවන්න කියලා.
මමත් ප්‍රශ්න වගයක් ඇහුවා.
*ඇයි මට call කරන්න මාස 9 ක් යනකම් හිටියේ ?? 
*මට statement එව්වෙත් නැහැ, warning letters එව්වෙත් නැහැ

ඊට පස්සෙ මගෙ ලඟ තියෙන documents වල fax එවන්න කිව්වා. ඒවත් යැව්වා.
ඒත් ආයෙමත් call කරලා කියනවා "කරන්න දෙයක් නැහැ 8,500/- ක් ගෙවන්න" කියලා.
 මේ මොන මගුලක්ද ගිහිල්ලම කතා කරනවා කියල අද (25.10.2010) උදෙන්ම ගියා Seylan Bank Card Center එකට. ඒක තියෙන්නෙ නුගේගොඩ පාගොඩ පාරේ. 
Reception එකෙන් කිව්වා 3rd floor එකට ගිහින් P හම්බවෙන්න කියලා. ඒකටත් ගියා.
ඔය P ම කලින් මට සද්දයක් දාලා තිබුනා "ඔයා 8,500/- ගෙවනවනම් ගෙවන්න, නැත්නම් නිකං ඉන්න .... " වගේ. ( P කියන්නෙ ගෑනු ලමයෙක්) 
මම ඉතින් එයා ඉස්සරහින් ඉඳගෙන මගෙ Documents ටික අතට දුන්නා. P එයාගෙ comouter එකට මගෙ ID no එක ඇතුලු කලා.
"මම තමයි දැන් මේ account එක handle කරන්නෙ. ඔයා මේ කියන ගාන ගෙවන්න ඕනේ"
"ඉතින් මිස් මට කියපු විදියට මේ card එක 30,000/- ක් දාල close කලානෙ"
"මේ card එක close කරන්න නම් 33,900/- ක් දාන්න ඕනේ, ඉතින් close කරලා නැහැ"
"ඉතින් එදා ඉඳන් තාමත් මට bill එකක් ගෙදරට එන්නෙ නැහැනෙ. මාස 9ක් තිස්සෙ මට call කලෙත් නැහැනෙ"
"card එකක් hold කලොත් bill යවන්නෙ නැහැ. call කරන්නෙත් නැහැ"
"ඉතින් මම කොහොමද දන්නෙ මගෙ account එකේ තත්වය"
"ඒක ඔයා කතා කරල දැන ගන්න ඕනෑ"
"මට manager හම්බ වෙන්න පුලුවන්ද ?"
"අද එයා එන්නෙ නැහැ"
"ඉතින් මිස් මේ වැඩෙන් මට අසාධාරනයක් වෙනවා නේද? ඔයාල කියපු නිසානෙ නයක් වෙලා 30,000/- ක් ගෙව්වේ. මට 33,900/- ක් ගෙවන්න කිව්ව නම් ඒවෙලාවෙ මම ගෙවනවනෙ"
"..........."
"................"
"මම දන්නෙ නැහැ .... මම ආවෙ ලඟදි. තව ටිකින් manager එනවා. ඔයා එයත් එක්ක කතා කරගන්න"
"OK'
ඉතින් මමත් manager එනකම් බලාගෙන ඉන්නවා.
කාලය ගෙවෙනවා. මට පිටුපස්සෙන් මෙහෙම ඇහෙනවා.
'ඔයාගෙ loan account එක close කරන්න ද ඕනේ. hold on.
P මේ මුබාරක් ගෙ account එක close කරන්න 153,000/- ක් දැම්මම ඇති නේද?'
'ඔව් එත් 155,000/- ක් දාන්න කියන්න'
'Mr. මුබාරක් ඔයාගෙ account එක close කරන්න නම් 155,000/- ඉක්මනටම දාන්නවෙනවා. ඒක දාල අපිට call එකක් දෙන්න'
මටත් මීට මාස 9 කට කලින් කිව්වෙ මේ විදියටමනේ ....

ඕන්න manager එයාගෙ seat එකට ආවා. මමත් ඉස්සරහින් ඉඳගෙන ආයෙමත් කතාව මුල සිට සරලව කිව්වා.
"මෙතන අපෙ අතින් වැරැද්දක් වෙලා තියෙනවා. ඔයාලටත් තිබ්බා බැංකුවකින් පොරොන්දු වෙන දේවල් ලිඛිතව ගන්න. මම මේ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. මම ඔයාලට සාධාරනයක් කරන්නම්, ටිකක් කල් දෙන්න. මේක handle කරන්න M ට දෙන්නම්."
"දැන් මාව CRIB දාලද? මට P කිව්වනෙ දාල කියල"
"ඒක ඇත්තටම මම දන්නෙ නැහැ. මම මේ සේරම check කරල ඔයාට call එකක් දෙන්නම්"
"බොහොම ස්තුතියි"
manager ගේ බටර් ටික සාක්කුවෙ දාගෙන මම බැකුවෙන් එලියට බැස්සා.
සුහද හදක් කල හදියක් !!


ඉගෙන ගත්ත පාඩම : මොනදේ වුවත් ලිඛිත අණ සහ අවසරය මත පමනක් සිදුකිරීම අනාගත සැපතට හේතුවේ.

බොස්ට නොතේරෙන දෙයක් තේරුම් කර දෙන්න ගිහින් ...... අන්තිමේ ...

මුලින්ම කියන්න ඕනැ මේක මම අහපු කථාවක්. 

 
උපන් ගෙයි අන්ධයෙකුට සහයට කොල්ලෙක් හිටියා. දෙන්න හිඟමනේ ගිහිල්ල හොයන දෙවල් වලින් වැඩිදේ ගසාකන්නෙ අර කොල්ලා. හැබැයි අන්ධයගෙ වැඩේ හැම තිස්සෙම ප්‍රශ්න අහන එක.
දවසක් දෙන්න කිරි බිව්වා. අන්ධය එදාතමයි මුලින්ම ඒ රස කල කිරි බිව්වේ.
"හරිම රසයි. මොකද්ද මල්ලි ඒ බීම ජාතිය ? "
"ඒ තමයි කිරි, ඇයි කලින් බීල නැද්ද ? "
"ඇත්තද ? ඉතින් කිරි මොන පාටද ?"
"සුදු පාටයි"
"ඒ කියන්නෙ ? "
"අර සුදු පිරුවටයක් වගේ "
"පිරුවට මොන පාටද ? "
"පිච්ච මල් වගෙයි ? "
"පිච්ච මල් මොන වගෙද ? "
"ඉගිල්ලෙන කොක්කු රෑනක් වගෙයි"
"කොක්කු කියන්නෙ මොනවගෙද  උන්ටද ?"
"කොක්කු හරියට කපු පුළුන් වගෙයි, සුදුයි"
කොල්ලට තරහ ගිය නිසා සැරෙන් කිව්වා. දැන් කොල්ලගෙ ඉවසීමේ සීමාවත් පැනගෙන එන්නෙ.
"කපු පුළුන් කොයි වගේද ? "
"අර සුදු වලාකුළු වගේ"
"සුදු වලාකුළු කොහොමද ? "
"අර උඩ අහසෙ තියෙන්නෙ,  උඩ බලාගෙන හිටපන් එතකොට පෙනෙයි"
එහෙම කිව්ව කොල්ලා දමල ගහල යන්න ගියා.

* ලොක්කෙකුට යමක් තේරුම් කරල දෙන්න ගියාම සිද්ද වෙන්නෙ ඔයදේම නොවුනත් මීට ටිකක් සමානයි නේද ? 


මගේ පරිඝණක ආගමනය ..

මේ බ්ලොග් එක මම ලියන්නෙ නිකං. ඒ කියන්නෙ ඉන්න බැරුවට. 

මම කොම්පියුටර් වලින් වැඩ පටන් ගත්තෙ 1997 දි (මට මතක හැටියට) . මුලින්ම ඕවා ඉගෙන ගන්න ගියේ මීගමුවට. මීගමුවෙ තිබුනා IDM කියල කොම්පියුටර් කඩයක් (මගේ Batch 196). ඉගෙන ගත්තෙ DOS වලින්. ඒ දවස් වල තිබුනෙ win 3.1 කියල එකක්. ඒකත් run උනේ DOS වල. 
ඇත්තටම DOS වලින් පටන් ගත්තා කියන්නෙ එතනින් එහාට ඕනෑම දෙයක් අල්ලගන්න පුලුවනි. ඒ දවස්වල Word නෙමෙයි තිබුනේ Wordperfect කියල එකක්. ඒවගේම Pascal, Foxpro, .. වගේ ඒවට අමතරව Network System ගැන තිබ්බේ (.... මතක නැහැ .... ) 
ඊට පස්සෙ මට ඉතාලියෙ ඉන්න මාම කෙනෙක් එව්වා කොම්පියුටර් එකක්. (128mb HD, 12" monitor, FDD, 286 Processor ) හිතාගන්න පුලුවන්ද ??? මම ඕකෙන් Pascal වලින් Animations එහෙමත් කලා. සෙල්ලම් සේරම දැම්මේ Floppy වලින්.
මම මුලින්ම internet වලට ගි‍යෙ 1999 දී ඒදවස්වල තිබුනේ Internet Explorer 2, 3 . එක window එකයි, use කලේ dial up.තව web browser එකක් තිබ්බා Netscape Navigator කියලා. 
පලවෙනි email එක 1999 දී www.netadress.com web site එකෙන්. *****@usa.net කියලා හම්බඋනේ. මුල්ම කාලේ www.yahoo.net කියල තමයි තිබුනේ.  www.google.com එක දැන් වගේම තමයි තිබුනේ. 
chat  කරන්නත් පොඩි පොඩි site තිබුනේ. www.ccom.lk වගේ. ඒවා දැන් කොහෙද දන්නෙ නැහැ. kaputa.com නම් තවමත් තියෙනවා. (දැන් ඒකෙ mouse එක පස්සෙ පන්නන කපුටො ටිකත් නැහැ)

කැම්පස් එකේදි කරපු දෙයක් තමයි අනිත් උන්ගේ (විශේෂයෙන්ම කෙල්ලන්ගේ) account එක share කරගන්න එක (network system එක මතක නැහැනේ... පොඩි DOS command එකක් දෙන්න තිබුනේ. එතකොට හිටපු Admin ල වත් ඕවා දන්නෙ නැහැ) එතකොට අපි මොනව හරි save කරන්නෙ අනිත් Acc. වල. 

මම Linux පටන් ගත්තේ 2002 දී.   මුලින්ම ගත්ත කොම්පියුටර් එක Win 98, 40 GB, 64 VGA, 14" monitor, AMD 1000, 128 RAM, CD ROM 

Windows ඇඩ්මින් පාස්වර්ඩ් බිඳිය හැකිය ... ඒ විතරක් නොවේ ...

 ඔබේ පරිඝනකය කෙතරම් ආරක්ෂාකාරීව ඇතිදැයි ඔබ දන්නවාද ? ?? 
ඔහොම ඇහුවම සමහර අයට තරහ යනවත් ඇති. 
ඒත් ඔයාගේ කොම්පියුටර් එකට පාස්වර්ඩ් එහෙම දාලා හරි අගේට හිතාගෙන ඇති දැන් හරි කියලා. 
එහෙම නේද ? 
 සමහර අය තමන්ගෙ නමින් එකවුන්ට් එකක් හදලා, ඒක ඇඩ්මින් කරලා පාස්වර්ඩ් දාගෙන ඉන්නවා. ඒත් දැනගන්න windows වල ඔරිජිනල් ඇඩ්මින් කෙනෙකුත් ඉන්නවා.
බලන්න user log වෙන තැන Alt + Ctrl + Delete ප්‍රෙස් කරලා. එන තැන user හැටියට Administrator ටයිප් කරලා ඕනෑම කෙනෙකුට පුලුවනි නම් පාස්වර්ඩ් එකක් නැතුව log වෙන්න. 
එතැනින් වැට දැම්මාම සේරම හරි කියලයි සමහරු හිතාගෙන ඉන්නෙ.
හැමතැනම් පාස්වර්ඩ් දාලා හිතාගෙන ඉන්නවා කිසිම කෙනෙකුට ලොග් වෙන්න බැහැ කියලා. අයියෝ සිම්පල් දෙයක්. කිලෝ බයිට් කිහිපයක ප්‍රෝග්‍රෑම් එකක් රන් කරන එක විතරයි තියෙන්නෙ. එක්කෝ ඩිස්කට් එකකින්, එක්කෝ සීඩී එකකින්, එහෙමත් නැතිනම් පෙන් ඩ්‍රයිව් එකකින්.
 මේ බූටබල් ප්‍රෝග්‍රෑම්ස් ඉන්ටනෙට් එකෙන් විනාඩියක් ඇතුලත ඩවුන්ලෝඩ් කරගන්න පුලුවනි. මේකෙන් කරන්නෙ ඇඩ්මින් පාස්වර්ඩ් එක මකල දාල ලොග් වෙන්න ඉඩ අරන් දෙන එකයි.
මේකෙන් බේරෙන්න ඔයා කියයි CMOS වලින් boot from CD නැති කලාම හරි කියලා.
ඒත් තව කෙනෙකුට පුලුවනි කොම්පියුටර් එක ඕන් කරද්දි Delete ප්‍රෙස් කරලා ඒ ඔප්ෂන් එක වෙනස් කරලා සීඩී එකෙන් බූට් වෙන්න හදාගන්න

ඒක නැතිකරගන්න ඔයා කියයි CMOS වලට පාස්වර්ඩ් එකක් දානවා කියලා. ඒත් වැඩක් නැහැ. මදර් බෝඩ් එකේ ජම්පර් එකක් ෂෝට් කරලා CMOS මකල දාල පරන තත්වෙට ගන්න පුලුවන්.
කරන්න තියෙන්නෙ කොම්පියුටර් එකට ඉබ්බෙක් දාල යතුර හංගන එක
හ්හ්ම්ම්ම් ඒකනම් ටිකක් හොඳ අදහසක්.

කොයි ක්‍රමයටද ඔයා කැමති ??? මම නම් හිතන්නේ මුල සිට අග දක්වා සේරම පියවරවල් කල යුතුයි.
ඊට පස්සෙ කාමරයටත් යතුරක් දාල වහල දාන්න.
ඒක නිසා හිතාගන්න computer security ගැන ඕනෑවට වඩා විස්වාස කරන්න එපා. වැදගත් දේවල් තමන් ලඟ තියාගන්න.
 

ප.ලි : මේ ලිපිය පරිඝනක විද්‍යාවේ කෙල පැමිනියනට නොවේ. ආධුනිකයනටයි. ඒ නිසා මුර පද ඉවත් කිරීමට යොදාගත හැකි මෘදුකාංග මෙහිලා සදහන් නොකරමි. මාගේ මතයේ හැටියට Windows අරක්ෂාකාරී බවෙන් අඩුම මෘදුකාගයයි. 


සැ.යු :  අනුන්ගේ කොම්පියුටර් වලට හොරෙන් රිංගන්න යන්න එපා. මේවා තමන්ගෙ කොම්පියුටර් එකත් එක්ක අතහදා බලන්න. හැබැයි සිදුවිය හැකි කිසිම හානියක් කෙරෙහි මාගේ වගකීමක් නැත.


සමහර අය බෙදා හදා ගැනීමට අකමැති දේවල් අතර මේවාද වේ. 
එනම් "යට ඇඳුම", "දත් බුරුසුව", "තමන්ගේ සහකරු/කාරිය"

බෙදා හදාගත්ත රහස් ...

අපේ හිතවල සමහර දේවල් තියෙනව කාටවත් කියාගන්න බැරුව. ඒව රහස් මත් නෙවෙයි. ඒත් කියාගන්න අමාරුයි. නොකියත් බැහැ. ඒක නිසා ඒ අය ඒවා internet වල දානවා.

මට සමහර වෙලාවලට හුස්ම ගන්න අමාරුයි. ඒ මගේ හදවතත් පෙනහලුත් අතර සිදුරක් තිබෙන හින්දා.
මම ආදරය කරන්න බයයි. 
මට බයයි මගේ හදවත ඉතා ඉක්මනින් ගැහෙයි කියලා. 
එතකොට මම ලඟ ඉන්න කෙනාට, 
මගේ පපුවෙන් එන ජරබර සද්දය ඇහේවි
මම බය මගෙ හදවත ගැන නෙවෙයි. 
ඒ සද්දෙ ඇහුනම එයාගෙ හදවතට වෙන දේ ගැන.

මගේ තාත්තා මාවයි මගෙ නංගිල දෙන්නයි අපි කුඩා කාලෙදිම දාල ගියා.
තාත්තා මැරි කලා. එයාට දැන් තවත් නංගිලා දෙන්නෙක් ඉන්නවා.
ඒ අයව දැක ගන්න ආසයි. මම කවදාවත් එයාලව දැකලා නැහැ.
ඒත් මට ලැජ්ජයි.
මගේ තාත්තා ගොඩාක් ආදරේ එයාලට නිසා.
ඔයා මට ප්‍රංශෙන් එනකොට 
ගෙනත් දුන්න "Winnie the Pooh" ට මම කොච්චර කැමති උනත්, 
මම අකමැතිම දේ තමයි එයාව තුරුලු කරගෙන උදේට නැගිටින එක.
එතකොට මම දන්නවා ඔයා මගෙ ලඟ නැහැ කියලා.

හැමදාම ඔයා සතුටින් කියවන්නෙ ඔයාගෙ තාත්තාගෙ දික්කසාද නඩුවෙන් එයා දිනන එක ගැනයි 
එයාට එතකොට සතුටින් 
තාත්තත් එක්ක Maryland වල ඉන්න පුලුවන් වෙන ගැනයි.
මම ආසයි ඔයා කියන දේවල් අහගෙන ඉන්න.
ඒත් මට බයයි, ඔයා මාව දාල යයි කියලා.

මම මගේ යාළුවොත් එක්ක මේ ගත කරන්නෙ 
අපේ හොඳම නිවාඩු කාලය.
එයාල හිතන්නෙ මගෙ අන්තිම scan එක හොඳට තිබුන කියලයි.
මට හිතෙන්නෙ නැහැ එයාලට කියන්න, මගෙ පිලිකාව ගැන,
මට ඕනෑ මේ නිවාඩු කාලය වෙනදාටත් වැඩිය හොඳින් ගෙවන්න.
හේතුව, මේ තමයි ජීවිතේ මම ගෙවන අන්තිම නිවාඩු කාලය.

සැ.යු : ඡායාරූප අදාල අයගේ නොවන බව කරුනාවෙන් සලකන්න ...

පලවෙනි youtube වීඩියෝ එක ...

කාලෙකින් තමයි බ්ලොග් පැත්තේ ආවේ. අද උදේ කිව්වෙ පහුගිය දවස් වල උන දෙයක් ගැනයි. කොමෙන්ට්ස් අඩු උනත් හුඟ දෙනෙක් මේ පැත්තෙ ඇවිල්ල ගිහින් බව දැනගත්ත නිසා ආයෙමත් ලියන්න හිතුනා.
youtube ගැන නොදන්න කෙනෙක් නැහැ. ඒත් මම කියන්න යන්නෙ youtube වලට upload කරපු පලවෙනි video එක ගැන.
මේක සත්තු වත්තකට ගිය කෙනෙක් upload කරපු එකක්. title එක "Me at the zoo" තත්පර 19ක් දිග මේ වීඩියෝ එක මිලියන් 3ක් විතර දැනට බලලා තියෙනවා.
Upload කරලා තියෙන්නෙ 2005 මැයි 23 වෙනිදා රෑ 8:27ට. මේ වීඩියෝ එකේ ඉන්නෙ Jawad Karim. ‍Youtube පටන් ගන්න මූලික උන කෙනෙක්.

බර වාහන බලපත්‍රය කෙසේ විය යුතුද ??

පහුගිය දවසක හවසක ඉක්මනට ගෙදර එන්න ඕනෑවෙලා අපි ෂෝට් කට් වලින් ජාඇල පැත්තට එනවා. වේවැල්දූව පාර සමහර තැන්වල ටිකක් පටුයි. පොඩි ට්‍රැෆික් එකකුත් තිබුනා. ඉස්සරහින් අපි පැත්තට එනවා කන්ටේනර් එකක්. ඒක පාර අයිනට කරලා නවත්තගත්තේ අපිට යන්න දෙන්න. ඒත් අපි ඒක පහුකරනවත් එක්කම ඒක ඉස්සරහට ඇද්දුවා. කන්ටේනර් එකේ ඉස්සරහ රෝදේ අපේ කාරෙකේ පිටිපස්සේ බෆර් එකේ වැදුනා. "දඩ බඩාස් ...." බෆර් එක බිම.
ඉතින් ඒ පටු පාරේ කන්ටේනර් එක අරන් ගිය ඩ්‍රැයිවර් ගේ වයස අවුරුදු 21 යි.

ඒ වාහනයට ගෝලයකුත් නැහැ. වරායෙ ඉඳන් එනගමන්, ඒ කියන්නෙ ලෝඩ් එකක් අරගෙන එන ගමන්.
ඩ්‍රැයිවර් වාහනය අරගෙන යන්නෙ දඩ කොලේකින්. ඒ කියන්නෙ ලයිසන් එක නැහැ.
වාහනයෙ ලයිසන් එක අයිතිකාරය ලඟ. ඒ කියන්නෙ වාහනයෙ ලයිසන් එකත් ඒ වෙනකොට ලඟ නැහැ.
ID එකේ කොපි එකක් ලැමිනේට් කරගෙන ලඟ තියාගෙන ඉන්නේ.
මිනිහගෙ පර්ස් එකෙ තිබ්බේ රු.120/ යි.
මිනිහගෙ අත් අකුරින් ලියමක් ලියාගෙන, උගෙ ෆෝන් නම්බර් එකත් අරගෙන, බෆර් එක ලනුවකින් ගැට ගහගෙන අපි ගෙදර ආවා.
ඕන්න ඕකයි ලංකාවේ තත්වය ...

ආදරය මේ වගෙයි ... සත්‍ය සිදුවීම් ඇසුරින් ..

මේ බ්ලොග් එකේ කවදාවත් කථා කරල නැති දෙයක් ගැන තමයි අද කියන්න යන්නෙ. මේවා මට හම්බවුනේ මම කියවන වෙන බ්ලොග් වගයකින්. මේ ඇත්ත කථා හතර කියවලා ඔයාලට ආදරය ගැන මතක් කරල දෙන එක තමයි මගේ බලාපොරොත්තුව. ඔයාගෙ ඇහේ පුංචි හරි කඳුලු බිංදුවක් මතු නොවුනොත් ඔයා දන්නෙ නැහැ, 
ආදරය කියන්නෙ මොකද්ද ? කියලා .....




ආදරය සුරංගනා කථාවකි ....
මගෙ හොඳම යාළුවගෙ ආච්චිට 

තදින්ම අමතක වෙන ලෙඩක් හැදිල තිබුනා.
අවුරුදු 10ක් තිස්සේ එයාට එයාගේ සැමියා පවා 

අඳුනගන්න බැරි තත්වයකයි හිටියේ.
ඊයේ රෑ එයාට ආශ්චර්‍යකින් වගේ 

එයාගෙ සැමියගෙ ඉස්පිරිතාලේ හම්බ වෙලා තියෙනවා.
සීයා පිලිකාවක් හැදිලා අසාධ්‍ය තත්වයේ තමයි හිටියේ.
ආච්චි සීයගෙ ඇඳට නැගල තියෙනවා.
අද උදේ බලද්දි දෙන්නම ඒ ඇඳේ මියගිහින්.

මගෙ පෙම්වතා, ජස්ටින්, එයාගේ මුදල් පසුම්බිය නැතිකරගෙන.
මම එදා උදේ පාන්දර 6ට SMS එකක් යැව්වා "Good Morning" කියලා.
එයා මට Reply SMS එකක් එව්වා.
ඒකෙ තිබුනේ එයා ඉන්නෙ 

අපේ ඉස්කෝලෙ ඊයෙ හවස අපි කතා කර කර හිටපු තැන කියලා.
ඒ වගේම එයාගේ මුදල් පසුම්බිය හොයමින් ඉන්නෙ කියලත් තිබුනා.
මම පුදුම උනා මොකද්ද ඒකෙ තියෙන ඔච්චර වැදගත් කම කියලා.
ටික වෙලාවකට පස්සෙ මම දැක්කා 

ඒක මගෙ බෑග් එකේ තියෙනවා. මම ඇරල බැලුවා.
සල්ලිත් නැහැ, මොනවත් නැහැ.
ඒත් එක දෙයක් තිබුනා. ඒ මොකද්ද දන්නවද ?
මම එයාට ලිව්ව පලවෙනි ලියුම

මම කොච්චර අකමැත්තෙන් හිටියත්, මගෙ පෙම්වතාට ඕනැමයි කිව්වා, මගෙ අම්මව හම්බවෙන්න.
ඉතින් දවසක මම එයත් එක්ක සොහොන් පිටියට ගියා.
එතන තමයි අපේ අම්මව මිහිදන් කරලා තියෙන්නෙ.
මම හිතුවේ එයාට තරහ යයි කියලා.
එයා අම්මගෙ සොහොන ලඟට ගියා
එතන ඉඳගෙන "Hello" කිව්වා
ඊට පස්සේ පැයක් විතර එයා අම්මත් එක්ක කථා කෙරුවා.
ඒ,මාව එයාට ලැබුන එක ගැන එයා කොච්චර ආඩම්බරද, වාසනාවන්තද  කියලා.

මගෙ හොඳම යාළුවා කාර් එක අනතුරකට පත්වෙලා මියගියා.
ඒ මට උණ හැදිලා ඉන්නකොට 

මාව බලන්න සුප් එකකුත් අරගෙන එන ගමන්
එයාගෙ කාර් එකේ තිබිල මල් පොකුරක් පස්සෙ හමුවුනා.
ඒකේ තිබුනේ,
"අපි අවුරුදු 5ක් තිස්සෙ හොඳම යාළුවෝ හැටියට හිටියා,
ඉතින් අපි ඊලඟ අවුරුදු 50 තිස්සේ ආදරවන්තයන් හැටියට ඉමු .."
එයාව මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
සත්‍ය සිදුවීම් .... අන්තර්ජාලය හා බ්ලොග් ඇසුරිනි

ටයිටැනික් නැව ගිලෙන්න අවු.14 කට කලින් ලියවුනු ඒ හා සමාන කථාව ..

1898 දී, ඒ කියන්නේ ටයිටැනික් නැව ගිලෙන්න අවුරුදූ 14 කට කලින්, මෝගන් රොබට්සන් ලියල තියෙනව පොතක් "ටයිටෑන්" කියල, ඒකේ කියවෙන්නෙ අයිස් පරයක හැපිල ගිලෙන නැවක් ගැන.



පොතේ නම Futility or The Wreck of the Titan. ඊටත් වැඩිය සමානකම් බොහෝයි. අයිස් පරයක හැපිල ගිලෙන එක, පොතේ ටයිටෑන් ඇත්ත නම ටයිටැනික්, නැව් දෙකේම දිග අඩි 800යි, නැව් දෙකම ගිලුනෙ උතුරු අත්ලාන්තික් සාගරයේ, නැව් දෙකේම හිටිය 3000ක් ඒත් ඇතිවෙන්න බෝට්ටු තිබුනෙ නැහැ, පොතේ නැවෙන් මියගියේ 2500යි, ඇත්ත නැවෙන් මියගි‍යා 2208ක්.
සමාන කම් වගේම වෙනස් කමුත් ගොඩක් තියෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගන්න මෙතන ක්ලික් කරන්න.


දහ අට සන්නියට සමගාමීව DJ කලෙමි


හිතාගන්න බැරි උනත් මෙහෙම සිද්ධියක් උනේ කැලනිය කැම්පස් එකේදී. අවුරුද්ද 2006 වගේ තමයි මතක. කැම්පස් එකෙ සයන්ස් ෆැකල්ටි එකේ DJ පාටි එකකට DJ කෙනෙක් අපේ ආයතනයෙන් ඉල්ලලා තිබුනා. අපි ඒකට කිසිම මුදලක් අය කරන්නෙ නැහැ. සවුන්ඩ්, ලයිට් එහෙම අපි දෙන්නෙ නැති නිසා ඒ අයට පිටින් අරගන්න කිව්වා. ඒගැන අපේ කිසිම සම්භන්ධයක් නැහැ. එදා දවසෙ මම free නිසා මට තමයි යන්න උනේ. මමත් කැමැත්තෙන්ම ගියා, මොකද අවුරුදු 3 කට වැඩිකාලයක් ජීවිතේ ගෙව්ව තැනනෙ. කොහොමත් ඔයවගෙ තැන් වලට යද්දි මගෙ laptop එක තමයි අරගෙන යන්නෙ. office එකෙන් transport එකක් දාලා තිබුනා. මගේ තනියට තවත් සගයෙකකායතනයෙන් ආවා. පොරත් කැලනියෙම තමයි.
මම හිතුවෙ DJ එක තියෙන්නෙ Gym Canteen එකේ කියලා. එහෙම තමයි අපිට කියලා තිබුනේ. ඒත් කැම්පස් එකට ගියාම අපිට කිව්වේ, ධර්මාලෝක ශාලාවේ තමයි තියෙන්නෙ කියලා. මොනවා කරන්නද, බැනර්, පෝස්ටර්, ඊතල ගහලා තිබුන නිසා කරන්නම වෙනවනෙ.
අපි කැම්පස් එකට ගි‍යෙ හවස් වෙලා. වගකිව යුත්තෙක්ගෙන් හේතුව ඇහුවම කිව්වේ. Basketball Ground එකේ දහඅට සන්නියක් තියෙන නිසා,  ධර්මාලෝකෙට මාරුකලා කියලා. ඉතින් මම ඇහුවා එහෙම එකක් තියෙන දවසක ඇයි මෙහෙම DJ එකක් organize කලේ කියලා. එයා කිව්වා කලින්ම dates දාගත්තෙ DJ එකට, දහඅට සන්නියක් ගැන එතකොට දන්නෙ නැහැ කියලා. එතකොට අවසර දෙන අය දැනගෙන හිටියෙ නැද්ද ??
මම ඉතින් මොනවා කරන්නද? මට තේරුනා එනපොට හොඳ නැතිවග. මොනවහරි සිද්ධියක් උනොත් අපේ ආයතනයටත් හරි නැහැ. ඒක පිටින් යයි සේරම. එහෙම හිතලා මම බය උනා. මම මගේ සගයත් එක්ක තීරනය කලා මහා ශිෂ්‍ය සංගමයෙ සභාපති හම්බවෙන්න.
අපි දෙන්නා Gym කැන්ටින් එක හරහා ගිහින් පඩිපෙල දිගේ උඩට ගොඩඋනා. සභාපති හාමුදුරු කෙනෙක්. වටපිට බලද්දි අනිත් අය යමරෙට වැඩ. මම මගෙ Company ID එක පෙන්නල කතාව පටන් ගත්තා. හාමුදුරුවොත් කිසිම චකිතයක් නැතිව කතාවට ඉඩ දුන්නා. මම කිව්වා මමත් මෙහෙන් පිටඋන කෙනෙක් බව. මගෙ ඉල්ලීම උනේ වලියකට පලවෙනි වෙඩිමුරය මේ පැත්තෙන් වෙන්න ඉඩ තියන්න එපා කියලා. හාමුදුරුවො කිව්වෙ එහෙන් පටන් ගත්තොත් කරන්න දෙයක් නැතිබව. පලමු වෙඩි මුරය නොතියන බවටත් උන්වහන්සේ පොරොන්දු උනා. අනිත් කොන්දේසිය DJ සද්දේ Gym එකට නොඇසිය යුතු බව. 
ඊට පස්සෙ සයන්ස් අයටත් අපි කිව්වා කොන්දේසි ටික. ඒ අයත් එකඟ උනා. එහෙම නැත්නම් අපි යන බව දැන්වුවා.

ඔය මොනව කිව්වත් මට මේ දෙගොල්ල ගැන මට තඹ සතේකවත් විශ්වාසයක් තිබ්බෙ නැහැ.
රෑ 8 ටත් ටිකෙන් ටික ලං උනා. ඒත් මේකට කිසිම කෙනෙක් එන පාටක් නැහැ. අපිට බත් පැකට් වගයක් දීලා තිබුනා. ඒවත් ඉවර කලා. ධර්මාලෝකෙන් එලියට බැහැලා බලද්දි දැක්කා කට්ටිය ඈතින් ඉන්නවා, ඇතුලට එන්න චකිතයෙන් වගේ. මම කිව්වා එලියට ගහලා තියෙන Flash එක off කරන්න කියලා. ඊට පස්සෙ මම Stage ඒකට නැගලා, Laptop එක එහෙම set කරගෙන හීනි music එකක් දාලා බලාගෙන හිටියා. විනාඩි 10ක් ඇතුලත හෝල් එක පිරුනා. 
ඉතින් මමත් වැඩ පටන් ගත්තා. කට්ටිය හොඳට Dance කලා. Gym එකේ එලි‍යෙ දහඅට සන්නිය, මෙතන ධර්මාලෝකෙ DJ Night එකක්. ඕන්න කැලනිය සරසවි‍යෙ තත්වය. මම mic කරද්දි කිසිම විදියකින් ඇඟෙව්වෙ නැහැ මමත් ආදි ශිෂ්‍යයෙක් කියලා.
Show එක ඉවර කරපු ගමන් අපි පිටඋනා. කිසිම වලියක් ගියේ නැහැ.
(ඒත් කියන්න කනගාටුයි, පස්සෙ ආරන්චි උනා Sounds/ Lights වලට මෙයාලා දීලා තියෙන්නෙ Advance එක විතරයි)
මේ තමයි මගේ දහඅට සන්නියට සමගාමීව DJ කිරීම


(විශේෂ ඉල්ලීම : කොමෙන්ටු දමද්දී මම වැඩ කරන ආයතනය හා මම ගැන නියම විස්තර සඳහන් නොකරන මෙන් ඉල්ලා සිටිමි)

ශ්‍රී ලංකාවෙ කෙනෙක් හඳුනාගත හැකි ක්‍රම ටිකක් (sure n shot)

ලෝකෙ පුරාම කරක් ගහන අපට බැලූ බැල්මට ලංකාවෙ ඉපදුන කෙනෙක්ව අඳුන ගන්න අමාරුයි. ඒත් අදින් පස්සෙ ඒක එහෙම වෙන්නෙ නැහැ.
ශ්‍රී ලාංකිකයන් ඕනෑම තැනකදී අපට හඳුනා ගත හැක.
ඒ පහත දැක්වෙන කරුනු වලිනි
1. කන කෑම වේලක මිරිස්, ළූනු, සුදු ළූනු වලින් සමන්විත නම්
2. තෑගි ඔතපු කොල, තෑගි ඇසුරුම් පෙට්ටි, ඇලුමිනියම් කොල ආයෙමත් පාවිච්චියට අරන් තබාගෙන ඉන්නවානම්
3. දත් අස්සේ රැඳුනු කෑම කැබලි දිව යොදා ගනිමින් ඉවත් කිරීමට උත්සාහ ගන්නා අතර මුවින් "ට්ෂික්හ්" ශබ්ධය පිට කරයි නම්
4. ගුවන් තොටුපලේ , ඉතා විශාල ප්‍රමානයේ සූට් කේස් දෙකක් සමග රැඳී සිටිනවානම්
5. පාටියකට පැයක් හෝ දෙකක් ප්‍රමාද වී පැමින එය සාමාන්‍ය යැයි සිතන්නේ නම්
6. සීල් එක නොවැදුන මුද්දර ගලවන්නේ නම්
7. කොමොඩ් එක ලඟින් ප්ලාස්ටික් කෝප්පයක් තබා තිබේ නම්
8. ලමයින්ට එක වගේ නම් දමා ඇත්නම් (උදා : අමල්, කමල්, බිමල්)
9. හැම ලමයටම සුරතල් නම් (ඇත්ත නමට කොහෙත්ම නොගැලපෙන) දමා ඇත්නම්
10. "කෑම ගෙනයාම තහනම්" යනුවෙන් සඳහන් කොට ඇති තැන් වලට හපන්න මොනවා හෝ රැගෙන යන්නේ නම්
11. ගෙදරකින් පිටව යාමට සමුගෙන, ඒත් දොරකඩ හෝ ගේට්ටුව ලඟ තවත් පැයක් පමන කථා කර කර ඉන්නේ නම්
12. තමන්ගේ කාරයට ඇතුල් කරගත හැකි උපරිමයටම මිනිසුන් නංවා ගන්නේ නම්
13. පොලිතීන් වැනි දෑ භාවිතා කර අලුත් භාන්ඩ (ටී.වී, රිමෝට්, පුටු කවර, ..) ආදිය ආරක්ෂා කරන්නේ නම්
14. දෙමව්පියෝ තම ලමයින්ට, ලමුන්ගේ යාළුවන් මොනවා හිතුවත් කමක් නැහැ කියන අතර දෙමව්පියන්ගේ යාලුවන් මොනවා හරි හිතාවියැයි සිතා යමක් කිරීම වලක්වන්නේ නම්


15. රයිස් කුකර් එකක් තිබීම අත්‍යාවශ්‍ය යැයි සිතන්නේ නම්
16. අවුරුදු 40 පහුවුන දූ දරුවන්ද තම දෙමව්පියන් සමග එකට ජීවත් වන හා ඒ ගැන දෙමව්පියන්ද ඉතා කැමැත්තක් දක්වන්නේ නම්
17. ඒ තමාගේ දුව නොවේ නම්, කාගේ දුව කාගේ පුතා එක්ක පැනලා ගියේද යන්න දැනගැනීම සහ එය අන් අයට පැවසීම තමන්ගේ රාජකාරිය යැයි සිතන්නේ නම්
18. පැය ගනන් ගතවෙන ෆෝන් කෝල්ස් ගන්නේ රෑ 10න් පසු නම්
19. ගෙදරින් පිට ජීවත් වෙන පුතාට රෑ 12 ට කෝල් එකක් දුන්නත් "කාලද ඉන්නේ ?" කියලා අසන්නෙ නම්
20. තවත් ශ්‍රී ලාංකිකයෙක් ලෝකේ කොතනකදි හමුඋනත්, විනාඩි කිහිපයක කතා බහකින් පසුව ඔවුන්ගේ සහ තමන්ගේ නෑදෑකම සොයාගත හැකිනම්
21. IDD කෝල්ස් ගන්නා විට තරමක් ශබ්ධ නගා කතා කරන්නේ නම්
22. සෝෆා එකේ කුනු ගෑවෙන නිසා බෙඩ් ශීට් දමා ඇති නමුත් ඇඳේ බෙඩ් ශීට් මාස ගනනකින් සෝදා නොමැතිනම්
23. තමන්ගෙ වෙඩින් එකට අඩු ගනනේ 600 කටවත් ඉන්වයිට් කරන්න බැරිඋනොතින් දුක් වෙන්නේ නම්
24. කසාදයක් ගැන කතා කරද්දී තමන්ගේ දුව (පෙනුම කොහොම උනත්) සුදුයි කෙට්ටුයි ලස්සනයි කියන්නේ නම් ;
එයා ශ්‍රී ලාංකිකයෙක් ....


මේ කරුනු ටික ආසාවෙන් කියවන්න හේතුව මේවායින් කිහිපයක් හෝ සේරම හෝ ඔයාට ගැලපෙන හන්දා නේද ??
ඒ කියන්නේ ඔයත් ශ්‍රී ලාංකිකයෙක් ... එහෙම නේද ???



පලමු වසරේ අනිවාර්‍ය රාජකාරිය හෙවත් කැට සෙලවීම

මේ දවස්වල මහසෙන්ට හැදිල තියෙනව නපුරු උනක්. දවස් දෙකෙන් කටහඬත් අවුල් වෙලා. ඉතින් බ්‍රහස්පතින්දා ලෙඩ නිවාඩු දාලා සිකුරාදා ආයෙමත් වැඩට ගියා කරන්න තියෙන වැඩ ඉවරකරන්න හිතාගෙන. ඒත් ඉතින් හරියට වචන පිටවෙන්නෙත් නැතිව මොන වැඩද ? අනිත් අයටත් බෝ කරන්නෙ නැතිව ගෙදර යන්න කියල ඉහලින් නියෝගයක් දුන්නා. මමත් ඉතින් ආ පයින්ම ආපහු ගියා.

ඕන්න ඉතින් බොරැල්ලෙදි බස් එකට නැග්ගා කැට හොලවන කට්ටියක්. මේ කට්ටිය දොස්තරල වෙන්න ඉන්න කට්ටිය. පුද්ගලික වෙද විදුහල් සංකල්පයට එරෙහිවෙලා ඒ වෙනුවෙන් ආධාර කරන්න කියලයි කියන්නෙ. ඉතින් බස් එකේ ඉන්න සමහර අය කැටවලට සල්ලි දානවා. ඒ අයට මුද්‍රිත කොලයක් ලැබෙනවා. මට ලැබුනෙ නැහැ.
දන්නෙ නැති නිසයි අහන්නෙ, ඇත්තටම මේ සල්ලි යොදාගන්නෙ පිකට් වලට, පෝස්ටර් ගහන්න, එහෙමත් නැත්නම් පෙලපලිවල ගෙනියන්න මිනී පෙට්ටි ගන්නද ??

ඇත්තෙන්ම මේ දේවල් වලින් ජනතාව දැනුවත් වෙනවා තමයි. ඒත් ඒ දැනුවත් කිරීම මදි බවයි මට හිතෙන්නෙ. අඩුගානෙ බස් එකට නැගල කැට දික්කරනකොට කරන දේශනේවත් පැහැදිලිව කරනවා නම් බහුතරයක් පොදු ජනතාව මේ අයත් එක්ක ඉඳියි. අනික ඔය කැටවලට එන්නෙ පලමු වසරෙ අය. කෝ අනිත් අය. ????
කමක් නැහැ දොස්තර උනාට පස්සෙවත් ඔය කැට වලට සල්ලි දාන පොඩි මිනිස්සු ගැන හිතලා, බේත් තුන්ඩු ලියද්දි, මිල අඩු ඒවා ලියන්න. අනේ අසරන මිනිස්සුන්ව බේත් මුදලාලිලාගේ උගුල් වලට බිලි දෙන්න එපා.

පසුවදන :
කොම්පියුටර් දැනුමත් කැම්පස් වලින් පිට නොදී හිටියනම් අපට තවත් IT කට්ටිය අඩු වෙනව නේද ??

මේක චූ කතාවක් ...


ඉංජිනේරුවෙකුයි ලෝයර් කෙනෙකුයි පියන් කෙනෙකුයි ටොයිලට් එකක (එහෙමත් නැතිනම් වොෂ් රූම් එකක) චූ කර කර හිටියා. දන්නවනෙ පිරිමි අයට තියෙන ටොයිලට් ගැන.
ඉංජිනේරුවා මුලින්ම වැඩේ ඉවර කලා. සිප් එක එහෙම හදාගෙන අත් දෙකම හෝදගන්න පටන් ගත්තා. 
වැලමිට ලඟට යනකම්ම හොඳට හෝදගෙන ටොයිලට් පේපර් 20කින් විතර අත් දෙකම හොඳට පිහ ගත්තා. 
ඊට පස්සෙ අනිත් දෙන්න දිහාට හැරිලා මෙහෙම කිව්වා.
"මම ඩිග්‍රිය ගත්තෙ මොරටුවෙන්. එහෙදි අපිට කියල දීල තියෙනවා හරියට පිරිසිදුව ඉන්න ඕන විදිය"
ඊට පස්සෙ ලෝයර් සිප් එක දාගෙන ඉක්මනට ඇඟිලි තුඩු තෙමාගෙන එක ටොයිලට් පේපර් එකකින් ඇඟිලි පිහින ගමන් කියනව
"මම ඩිග්‍රිය ගත්තේ කොලඹ කැම්පස් එකෙන්. එහෙදි අපි ඉගෙනගත්තා පරිසරයට හිතකාමීව වැඩක් කරන්නෙ කොහොමද කියලා"
පියන් සිප් එක දාගෙන ෂර්ට් එක යටකර කර එලියට යන ගමන් මෙහෙම කියාගෙන ගියා
"මම ඩිග්‍රිය ගත්තෙ කැලනියෙන්. එහෙදි අපි ඉගෙන ගත්තා අතේ නොගෑවී චූ කරන්නෙ කොහොමද කියලා"



දෙවියන්ගෙ කථාවයි, ගිටාර් කථාවයි ...

මේ කථාව ඇහිල තියෙන්නෙ මගෙ යාළුවෙකුට. එයා නිතරම දිව්‍ය ලෝකේ ගිහින් ආපහු එන කෙනෙක්.
අවුරුදු 55 ක විතර වයසක කාන්තාවකට ඔපරේෂන් එකක් සිදු කරමින් ඉන්න අතරතුර දෙවියෝ මුනගැහුනා. දෙවියෝ ඇඳ ලඟටම ඇවිත් හිටියා. ඉතින් මෙයා දෙවියන්ගෙන් ඇහුවා.
"මාව මැරෙයිද දෙවියනි ???"
"නෑ තව අවුරුදු 30ක් ඔයාට ජීවත් වෙන්න පුළුවන්" දෙයියෝ කිව්වා.
අවුරුදු 30ක්ම තවත් ඉන්න එකේ ඒ කාලේ හොඳින් ඉන්න ඕනෑ කියල හිතපු කාන්තාව ඒ ඉස්පිරිතාලයෙන්ම ප්ලාස්ටික් ඔපෙරේෂන් වගයක් කරගත්තා.
පියොවුරු හදාගත්තා, හමේ රැලි යවාගත්තා, බඩ අඩු කරගත්තා, කොන්ඩය හිටවගත්තා, කොටින්ම කියනවනම් උපරිම තරුන පෙනුමක් ලබා ගත්තා.

ඉස්පිරිතාලයෙන් පිටවෙලා යනකොට හැමෝම මෙයා දිහා බලන්න ගත්තා. ඉතින් මෙයත් ආඩම්බරයෙන් පාර මාරුවෙනකොට ඇම්බියුලන්ස් එකකට යටවෙලා මියගියා.
මේ කාන්තාව ගියේ දිව්‍ය ලෝකයට. කෙලින්ම ගියා අර දෙයියා හම්බවෙන්න.
"ඔයා කිව්ව නේද මම තව අවුරුදු 30ක් ජීවත් වෙනවා කියලා ?"
"ඔවු. ඒකනම් එහෙම තමයි" දෙයියෝ උත්තර දුන්නා.
"ඉතින් මොකද මේ උනේ ?" කාන්තාව ආයෙමත් ඇහුවා.
"මට ඔයාව අඳුන ගන්න බැරිඋනානේ ... " දෙයියෝ කිව්වා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ සිද්ධිය උනේ සුපුරුදු පරිදි මට
රාජකාරියේ හැටියට මට වෙනවා ස්වුන්ඩ් බැලන්ස් කරන්න. එක දවසක් සිංදුවක් රෙකෝඩ් කරන්න කලින් වාදකයන් දිහා බලාගෙන ඉන්නකොට මම දැක්කා දෙන්නෙක් ගහගන්න හදනවා. මම ඉක්මනට ස්ටුඩියෝ එකට ඇතුල් වෙලා දෙන්නා දෙපැත්තට කලා.
"මොකද මේ වෙලා තියෙන්නෙ, තව පොඩ්ඩෙන් මේ මයික් එකත් කැඩෙනවා ... ?" මම සැරෙන් ඇහුවා.
"මේ ගොං හරකා මගේ ගිටාර් එක කරකවලා ටියුන් එක වෙනස් කලා"
ගිටාර් වාදකයා කිව්වා.
මම ඩ්‍රම්ස් වාදකයා පැත්තට හැරිලා ඇහුවා "ඇත්තද ?" කියලා.
"හ්ම්ම් .. "ඔහු ඔලුව වැනුවා.
"දැන් මොනවා කරන්නද" මම ගිටාර් වාදකයාට කිව්වා
"ඔයාට පුළුවන්නෙ ඕක ආයෙමත් ටියුන් කරගන්න. දැන් රෙකෝඩ් කරන්න පරක්කු වෙනවා"
ගිටාර් වාදකයා මං දිහා රවල බැලුවා
"මේ ............. බූරුව මට කියන්නෙ නැහැනෙ මොන එකද කැරකෙව්වෙ කියලා"

List of Wesak songs (112) වෙසක් පෝය දවසට අහන්න හොඳ සිංදු ටිකක් ..

වෙසක් පෝය දවසට අහන්න සිංදු හොයන අයට, මම හිතුවා, මගේ සිංදු ගොන්නෙන් ලිස්ට් එකක් දුන්නොත් හොඳයි කියලා. හැබැයි ඩවුන්ලෝඩ් ලින්ක් එකනම් නැහැ. මම වෙසක් වලට වගේම ඕනෑම පෝය දවසකටම ගැලපෙන සිංදු ටිකක්  තමයි මේ දාලා තියෙන්නෙ. කවුරු හරි ඩවුන්ලෝඩ් ලින්ක් දන්න අය කොමෙන්ට්ස් වල දාන්න. එතකොට අනිත් අයට හොයාගන්න ලේසියි.


1. Amara ranathunga - Ama aduru (3:57)
2. Amara ranathunga - Samadhi budu sisile (3:15)
3. Amaradewa - Abhisambodhi gnanayen (3:10)
4. Amarasiri peris - Mihimadale (3:51)
5. Apsara de silva - Hithe kandulu (4:01)
6. athula & samitha - Sanda tharu mal (4:17)
7. bandula Wijeweera - Wedi ujaaruwata (3:02)
8. Charitha priyadarshani - Manawa premaya (3:19)
9. Charitha priyadarshani - Mawayi piyayi (3:33)
10. Danapala Udawaththa - Ma aadaraneeya (4:12)
11. Dayarathna ranathunga - Jaya Sri maha bodhi (4:02)
12. Dayarathna ranathunga - Jayasiri maha bodhi (3:59)
13. Dayarathna ranathunga - Samadhi budu pilime (5:00)
14. Deepika priyadarshani - Gewa bhawaduk (4:18)
15. Deepika priyadarshani - Hithe duk gini (4:35)
16. Deepika priyadarshani - Kandulu hela (3:50)
17. Disna athapaththu - Budu ama wessa (3:55)
18. Disna athapaththu - Pini pen podin (4:10)
19. Disna athapaththu - Shanthidayaka (3:43)
20. Disna athapaththu & Darshana pramod - Desa basa resa (3:43)
21. Edawarda jayakody & Nirmala ranathunga - Sudusulu Rajakamata (2:54)
22. Edwarad & malini - Budu bana kivva (3:21)
23. Edward & Charitha - Me prema katha (3:32)
24. Edward jayakody - Bana kiyana ratak (3:18)
25. Edward jayakody - Issara widihata (3:54)
26. Edward jayakody - Sansara charikawe (5:10)
27. Edwarda & Charitha - Kalana mithuru (3:40)
28. Edwarda jayakody - Beribara hindayi (3:07)
29. Ganga kumari liyanage - Bhagyawantha (4:20)
30. Gunadasa kapuge - mahamera mudunata (3:18)
31. Gunadasa kapuge - Pihitak nethi (3:37)
32. Gunadasa Kapuge - Saddharma makaranda (3:34)
33. Indrachapa bulathsinhala - mahansi nam (2:45)
34. Jagath wickramasinghe - Vimukthiye (3:19)
35. Jayathilaka bandara - Ape appachchi (2:46)
36. karunarathana diwulgane - La dalu bo path (4:24)
37. karunarathana diwulgane - Piyekuge duka (3:37)
38. Karunarathana diwulgane - Thunwela hamathe (2:35)
39. Karunarathana wijewardana - Pine barata (4:05)
40. Karunarathna Divulgane - Gamata kalin (3:54)
41. latha walpola - Wedana wesi (3:57)
42. Malani Bulathsinhala - Danak Pinak (4:44)
43. Malani bulathsinhala - Dethin wendala (3:01)
44. Malani bulathsinhala - Hadawatha dewram (4:06)
45. Malani Bulathsinhala - Hamuduruwane (3:58)
46. Malani Bulathsinhala - himi sanaramara (3:32)
47. Malani Bulathsinhala - Irahanda deyyo (3:15)
48. Maya damayanthi - Solos kala (3:55)
49. Mohideen Beg - Buddhan Saranan (9:07)
50. Mohideen Beg - Mal Sugande (4:07)
51. Mohideen Beg - Maya (3:34)
52. Mohideen Beg - Minisamayi lowa (5:30)
53. Mohideen Beg - Punchi puthe (3:10)
54. Mohideen Beg - Sinahawen ho kathawen (4:54)
55. Mohideen Beg - Suwade mata (4:01)
56. Nanda malani - aku da namavu (4:55)
57. Nanda malani - Ammawarune (5:37)
58. Nanda malani - bodhiya (4:07)
59. Nanda malani - budu sadu (4:30)
60. Nanda malani - danno budunge (5:30)
61. Nanda malani - maha bosath (5:11)
62. Nanda malani - mangalam (3:21)
63. Nanda malani - Mihi madale (3:44)
64. Nanda malani - mihinthala giri hisin (4:26)
65. Nanda malani - nimala moksha prakara (3:38)
66. Nanda malani - pathura metha (4:39)
67. Nanda malani - siripa wandimu (4:00)
68. Nanda malani - suwanda madma olu adi (4:42)
69. Nanda malani - swarnamali se rajano (3:46)
70. Nanda malani - wesak mahe (2:53)
71. Nanda malani - yayi negi yayi (4:38)
72. Neela wickramasinghe - sandapana wage (3:43)
73. Nihal Nelson - Karuna suwanda (3:26)
74. Nirmala Ranathunga - Ipaduna daa (3:50)
75. Nirosha wirajini - Budu hamuduruwo (3:46)
76. Premanath jayathilaka & Ranjani perera - Sri sambuddha raja wandim (3:05)
77. Ranjani Perera - kakusanda konagama (3:51)
78. Ranjani Perera - Sri Sambuddha raja wandim (3:34)
79. Ravindra randeniya - Sugatha lona (4:03)
80. Rohana weerasinghe - Ma welagath (4:14)
81. Rookantha gunathilaka - Ukulata naawath (4:21)
82. samantha perera - Methe budun (4:02)
83. Samitha mudunkotuwa - kohedo ethaka (3:37)
84. Sanath nandasiri - Bomaluwe mal (4:33)
85. Sanath nandasiri - Gewa bawaduk (3:44)
86. Sanath nandasiri - Nirwana swarna (3:06)
87. Somathilaka Jayamaha - Budu Piyanane (3:30)
88. Somathilaka Jayamaha - Dasa bimbara (3:26)
89. Suneth walpola - Upatha laba (3:49)
90. Sunil Edirisinghe - Ane mehema asawak (3:06)
91. Sunil Edirisinghe - Banen banda (3:44)
92. Sunil edirisinghe - hanthane (3:35)
93. Sunil edirisinghe - Lak wesiyan (3:19)
94. Sunil Edirisinghe - Mal wattiyak (3:11)
95. Sunil Edirisinghe - Nidukanane (3:07)
96. Sunil Edirisinghe - Nil katarodu mal (2:39)
97. Sunil Edirisinghe - Thiiraya arenawa (3:20)
98. Sunil Edirisinghe - Weralugediya (3:37)
99. T M Jayarathana - Nokira nometha (4:35)
100. T M Jayarathna - raten adak (3:47)
101. T M jayarathne - Sandawathurak se (3:30)
102. Victor rathanayaka - Nidaganne gahakola yata (3:00)
103. Victor rathanayake - Budu parapure ape (3:19)
104. Victor rathanayake - Kasiwalata gannath be (3:37)
105. Victor rathanayake - Namin kapuru mahila (3:55)
106. Victor rathnayaka - Adaraye ulpatha (4:10)
107. Victor rathnayake - Balawantha kamada (3:48)
108. Victor rathnayake - Budu hamuduruwo (4:51)
109. Victor rathnayake - Sirima bo weli maluwe (4:35)
110. W A Ariyasinghe - Dasa baladhari (4:51)
111. Wasantha sandanayaka - Nokiyama eda (3:04)
112. Weerasiri malwaththa - Tharu paayapu (4:22)

අන්තරය, පදනම සහ Titanic නැව ...

හරිම නීරසයි මේවගේ දේවල් කථා කරන එක. ඒත් ඉතින් කියන්න තියෙන ඒවා නොකියත් බැහැනේ. අන්තරයයි පදනමයි ගැන මම කලින් කිව්ව නිසා දැන් කියන්නෙ නැහැ. ඒත් කැලනිය කැම්පස් එකේදි උන දේවල් තමයි මේවා.
පලමු වසර තමයි නියම වසර. අළුත් අය අඳුන ගන්නවා වගේම තමයි ගොඩාක් අයගෙ හිතේ කහට නැහැ. ඒවා බැඳෙන්නෙ ටිකෙන් ටික. ඉතින් පලමු වසරෙදි අපි කට්ටිය 10 දෙනෙක් විතර එක සෙට් එකට හිටියා. සමහර අය ෆිට් උනේ ගෙල්ට් එකේදීමයි. (බොන්න තමයි මුලින්ම සෙට් උනේ). ඊට පස්සේ කැම්පස් එකේදිත් දෙන්නා තුන්දෙනා එකතුඋනා. එක රෑනේ කුරුල්ලෝ එක අත්තේ වහනව වගේ තමයි. ඊට පස්සේ කොල්ලෝ කෙල්ලෝ හොයාගත්තා, කෙල්ලෝ කොල්ලෝ හොයගත්තා, ඔහොම ඔහොම සෙට් එකේ ගහනය වැඩිඋනා. සයන්ස්, ආර්ට්ස් කට්ටිය තමයි හිටියේ. (ඇයි දන්නෙ නැහැ කොමස් කට්ටිය නැත්තේ).
ඉතින් කට්ටියත් ටිකක් ෆිට් එකේ ඉන්න නිසා අපි හිතුවා නමක් එහෙම දාගෙන, ක්ලබ් එකක් හැටියට කැම්පස් එකේ රෙජිස්ටර් කරලා, සමාජ සේවාවන් කරන්න. (දුශ්කර පාසැල් වලට පොත් අරන් දීම ... වගේ).
අපි කට්ටිය ජිම් කැන්ටින් එකේ සිංදු කියනවා, එකට කනවා, නිවාඩු දවස් වලට ගෙවල් වලට යනවා ........
අන්තරයෙන් මේ දිහා බලාගෙන හිටියට මොනවත් කිව්වෙ නැහැ. පදනමේ පොරක් මගෙන් ඇහුවා උඹල ඦන්දෙ ඉල්ලන්නද යන්නෙ කියලා. එහෙමනම් වෙනම ඉල්ලුවට වැඩක් නැහැ කියලත් කිව්වා.
ටිකක් කල් ගියාම කට්ටිය අපි දකින කොට කිව්වෙ අන්න ටයිටැනික් නැව එනවා කියලයි. (අත්දැකීම් තියෙන අය දන්නවා ඒකෙ 100% ක් ම ඇත්තක් තියෙනවා කියලා)


ඔහොම ඉන්නකොට බයෝ පොතකින් නමක් හම්බඋනා. (පුස් ජාතියකට කියන නමක්) ඒක නියමෙට ගැලපෙන නිසා අපි ඒක තෝරගත්තා. මේ හැම දේකටම මූලික උනේ මම.
ඔහොම කාලය ගෙවුනා. දවසක අපි ආර්ට් ෆැකල්ටි එකේ තනකොල යායක පලවෙනි රැස්වීම තිබ්බා. අපේ වගකීම් කොටස් පහකට බෙදලා සභාපති වරු පස් දෙනෙක් මම නම් කලා. මගෙ හොඳම යාළුවා කැඳවුම්කරු සහ උප සභාපති හැටියට පත් කලා. ලේඛම් හැටියට ගර්ල් කෙනෙකුත් සභාපති හැටියට මමත් නම් කලා. හැබැයි ඒ සේරම මගේ යෝජනා. මම හිතුවේ හිටපු ෆිට් එකේ හැටියට කවුරුවත් තනතුරු ගැන ඇල්මක් නොදක්වයි කියලයි. මට වැරදුනේ එතැනයි.
ටිකෙන් ටික මට තේරුනා කොතන හරි වැරැද්දක් තියෙනවා කියලා. අපි සල්ලි හොයන්න කරන්න ඕන දේවල් කථා කරද්දි සමහර අය මග අරින්න ගත්තා. මගෙ හොඳම යාළුවත් ටිකෙන් ටික ඈත් වෙන්න ගත්තා. මේ වෙද්දි කට්ටිය හිච් වෙලා මුළු මුළු වල කථා කර කර ඉන්න කාලේ. මම හොයල බලද්දි තේරුනා තනතුරු වල තමයි අවුල කියලා. අපි ඒ වෙනකොට කිසිම දෙයක් ක්ලබ් එකක් හැටියට කරලා තිබ්බෙ නැහැ. කැම්පස් එකේ රෙජිස්ටර් කරන එකෙත් පොඩි අවුලක් තිබුනා.
මම ආයෙමත් යෝජනාවක් ගෙනාවා ඦන්දෙකින් සභාපති තෝරමු කියලා. ඒකට කට්ටිය කැමති උනා. ක්ලබ් එකේ ප්ලෑන් සේරම මගෙ ලඟ තියෙද්දි පටන් ගන්නකොටම මෙහෙම දෙයක් උනාම මට හිතාගන්න බැරුව ගියා. මේ වෙනකොට කට්ටිය 20ක් විතර හිටියා.
මම ඉක්මනින්ම රැස්වීමක් තියලා එකෙදි කිව්වා. මම සභාපති උනේ මේක පටන් ගන්න විතරයි. ඊට පස්සෙ අයින් වෙන්න හිටියේ. ඒකයි තනතුරු මමම යෝජනා කලේ කියලා.
ඊට පස්සේ මම කිව්වා මම අද තනතුරු වලින් අයින් වෙනවා ඒ නිසා කාව හරි යෝජනා කරන්න, හැබැයි ආයෙමත් මාව යෝජනා කරන්න එපා කියලා. රහස් ඦන්දයක් (තුන්ඩු කෑලිවල නමක් ලියලා දෙන එක) තිබ්බා. නම් දෙකකින් වැඩියෙන්ම ආපු නම තෝරලා එයාව සභාපති කලා. මම ගිහින් බිම ඉඳගත්තා.
ඒ ක්ලබ් එකේ තිබුන අන්තිම රැස්වීම තමයි ඒ.
කැම්පස් ජීවිතෙන් ඉගෙන ගත්ත පලවෙනි වැදගත් පාඩම තමයි ඒ.
ටික දවසකින් මේ වෙනසක් ඕන කිව්ව කට්ටිය පදනමේ රැස්වීම් වලට යනවා මම දකිනවා.
සෑහෙන දුරක් යන්න හිතාගෙන පටන් ගත්ත දේට උන දේ තමයි ඒ. මම මේ ක්ලබ් වැඩේ යෝජනා නොකලා නම්, මට ඕන හැටියට තනතුරු නොදුන්නා නම් හරි කියලා මට පස්සෙ හිතුනා.
මේ සිදුවීම පිටුපස්සේ පදනමේ මොල කාරයෝ හිටියා කියලා මට පස්සේ ආරන්චි උනා. ඊලඟ අවුරුද්දේ පදනමේ සභාපති උනේ අපේ ක්ලබ් එකට බැහැල වැඩ කරපු කෙනෙක්.
ඔය පරන සිත් තැවුල තවමත් මගේ ලඟ තියෙනවා.
හැබැයි අර ටයිටැනික් නැවේ කථාව හරියටම හරි. ආතල් එකේ හිටියට කැම්පස් වලදී එක පාරටම ඒ සේරම නැතිවෙලා යනවා.
ටයිටැනික් නැව කියල අපිට නම තිබ්බේ අන්තරේ පොරක්.

අන්තරය, පදනම, මහා ශිෂ්‍ය සංගමය සහ කැලනියේ ඉතිරි පව් කාරයෝ ....



මේ හෙඩිමම යොදාගෙන මම ලියන්න හිටියෙ වෙනම් බ්ලොග් එකක්. ඒත් අද වෙලා තියෙන සිද්ධිය නිසා ඔය සේරම කලවමේ ලියල දාන්නම්. ගිය සෙනසුරාදා මම දැක්කා කැම්පස් කට්ටිය (පලමු වසර) මරදානේ කැට හොලවනවා. ඔය කැට වලට වෙන දේවල් ගැන මම දන්නවා උනාට වැඩිය කියවන්න යන්නෙ නැහැ. ඒත් ඔය ලෙක්චර්ස් එහෙම කට් කරගෙන කැට හොලවන්න යන අය දන්නවද දවසකට ලක්ෂ කීයක් එකතු වෙනවද කියලා. සංගමේ නෝටිස් බෝඩ් එකේ නම් පලාත් අනුව මුළු එකතුව අලවනවා. ඕනෑම කෙනෙකුට කියවලා බලන්න පුළුවන්. ඒත් ඒ හරි ගානමද? එකතු වෙන සල්ලි වලින් විවෘතව වැඩ කරන හැටි කවුද දන්නේ ......
කැට වගේම තමයි බුක් මාර්ක්. 

පදනම තමයි විද්‍යාව කරන අයගෙ මූලික පක්ෂය. ඒ පැත්තෙ තමයි චන්ඩි වැඩිපුර ඉන්නෙ. ඒවගේම වැඩිපුර ගුටි කන්නෙත් පදනමේ අය. (මේ බ්ලොග් එකෙන් පවතින දේශපාලන පක්ෂ වල හොට දැමීම් ගැන කථා නොකරමි). අන්තරය (අ.වි.වි.ශි.බ.ම) නියෝජනය කරන්නේ මහා ශිෂ්‍ය සංගමයේ අය. මේ සේරම අය කැම්පස් එකේ ඉන්නකම් කියන්නේ කිසිම දේශපාලන පක්ෂයකට නැහැ කියලයි. ඒත් ඔය සංගම් වල නායකයෝ බුරුතු පිටින් ඡන්දේ ඉල්ලනවා බලාගන්න පුළුවන්. අනේ ඉතින් අර තෙලට අහුවෙන ප්‍රෙශාලා ඕවා දන්නේ නැහැ. 
මම ගැනත් පොඩ්ඩක් කියන්නම්. මම හිටියේ සයන්ස් ෆැකල්ටි එකේ. පදනමේ එවුන්ට කියන්නේ අලයෝ කියලා. අන්තරයේ එවුන් පොද්දෝ. ඔය දෙපැත්තටම නැති එවුන් බොග උන්. මම ඔය එක පැත්තකට වත් නැහැ. වලියක් වෙනකොට ඒ මැදින් ඇවිදගෙන යන්න පුළුවන්, දෙපැත්තෙම ඔෆීස් වලට ඕනෑම වෙලාවක ගොඩවෙන්න පුළුවන් වුනු දෙතුන් දෙනාගෙන් කෙනෙක් තමයි මම. 
ඉස්සර කට්ටිය ගහගන්න හදනකොට මම මීඩියා එකේ යාලූවන්ට කෝල් එකක් දෙනවා, මෙන්න ගහගන්න යනවා කියලා. එක දවසක් අපි ඉස්සරහම ප්ලාස්ටික් පුටුවකින් ඔලුවට ගැහුවා ස්ටාෆ් කැන්ටින් එකේදී, එතන ලේ විලයි. සේරම වීඩියෝ උනා.

ඇත්තටම මේ දෙගොල්ල ගැන කථා කරන්න දෙයක් නැහැ. මෝඩ කමක් කාලය නාස්ති කරන එක. අලුතෙන් කැම්පස් එන්න ඉන්න අයට තමයි කියන්න ඕනෑ, මුන්ට අහුවෙන්න එපා කියලා. අපි උනත් අළුතෙන් Jobs වලට interview කරනකොට කැලනිය කැම්පස් නම් පොඩ්ඩක් පොඩ්ඩක් වැඩිපුර චාන්ස් දෙන්න කැමතියි. ඒත් වෙන කොම්පැනිවල අය (ඔය interview කරන ගොඩක් අය කැම්පස් ගිය අය නෙමෙයි) අහන්නේ වලි වල අලුත් තත්වය. ඉතින් අපේ අයත් රස කර කර තමන්ගෙ මතය හලල දානවා. Job එක එතනින්ම ඉවරයි. 
තුන්වෙනි කට්ටිය තමයි ඉතිරි පව් කාරයෝ. පව් අසරන දෙමව්පියෝ .........

මේක පරන වීඩියෝ එකක්