කැන්ටින් එකේදි ඇහුන දෙයක් ... පීරියඩ් ගැන.


 (මේ තමයි ලෝකෙ පලවෙනි පෝටබල් කොම්පියුටර් එක)
 ~~~~~~~~~~~~~~~
ඒකෙන් වැඩක් නැහැ. දන්නවනේ කැලනිය කැම්පස් එකේ ජිම් කැන්ටීන් එක. (ඉස්සර අපිනම් එහෙම තමයි කිව්වේ). ඒ කැන්ටින් එක කරවපු අයගෙ ෆොටෝස් තමයි අර පැත්තේ බිත්තියක එල්ලලා තියෙන්නේ. අපේ ජීවිතත් වැඩි කාලයක් ගෙවුනේ ඕකෙම තමයි. අපේ Languages කරන යාළුවෝ සමහර අය පාර්ට් ටයිම් ජොබ්ස් කලා. ඒ එක්කෙනෙක් තමයි මේ කථාව ඒ දවස් වල කිව්වේ.
මං හිතන්නේ එයාට තමයි මේක උනේ.
එක මොන්ටිසෝරියක ලමයින්ට ගෙදර වැඩක් දුන්නා. ඒ මොකද්ද දන්නවද? ගෙදර සිද්ධ වෙන පුදුම හිතෙන දෙයක් පහුවදා ඇවිල්ලා මොන්ටිසෝරියට විස්තර කරන එක.
ඉතින් ඔන්න උදෙන්ම ටීචර් පටන් ගත්තා එක එක ලමයගෙන් පිලිවෙලට ගෙදර වැඩේ ගැන අහන්න.
පොඩි උනුත් පිලිවෙලට ඇවිල්ලා තමන්ගේ පුදුම උන දේවල් කියන්න ගත්තා.
ජොනී ගේ වාරයත් ආවා. ජොනී කෙරුවේ නැගිටලා ගිහින් චෝක් එකක් අරගෙන කළු ලෑල්ලේ තිතක් තිබ්බා.
ඊට පස්සේ ගිහින් පුටුවේ ඉඳගත්තා.
ටීචට හිතාගන්න බැහැ ජොනී අදහස් කරන්නේ මොකද්ද කියලා.
ඉතින් එයා ජොනීගෙන් ඇහුවා.
"මොකද්ද ජොනී මේ ?"
"ඔය පීරියඩ් එකක්" ජොනී කිව්වා.
"හ්ම්ම් ... මටත් ඒක පේනවා. පීරියඩ් එකක් තමයි. ඉතින් මොකද්ද මේකෙ පුදුම හිතෙන්න තියෙන්නෙ ?"
"මම දන්නෙත් නැහැ මිස් ...." ජොනී කිව්වා.
"ඒත් අද උදේ අපේ අක්කා කිව්වා එයාගේ එකක් නැතිවෙලා කියලා. . . 
ඒක අහලා අපේ තාත්තට හාට් ඇටෑක් හැදුනා. අම්මා කලන්තෙ දාල වැටුනා. . .
වැඩේ කියන්නෙ මිස්,
අල්ලපු ගෙදර පෙරේර අන්කල් වෙඩි තියාගත්තනේ "

7 comments:

Raven said...

හහහ..ෆට්ට.

ඉලංදාරියා said...

නියම කතාව

හෙළයා said...

අක්කා ක්ලිනික් යන්නැති එහෙනම්. :D :D :D
එළ මචං

SIDATH said...

හිහ්... හිහ්... මරු කථාව. හැබැයි, මට තේරුනේ නෑනෙ ? :P

ගීතික බුලත්සිංහල said...

හෆොයි........ජීවිත

Unknown said...

අනේ.. හෆොයි ටියුබ් ලයිට් වගේ.. මට මේක යන්තන්නෙ තේරුනේ...!!!!

මහසෙන් / said...

අපේ ඔෆීස් එකේ ඉන්න ගර්ල් කෙනෙකුටත් තේරුනේ තේරුම් කරලා දුන්නාමයි. ඒක නිසා ඔන්න හෙඩිම ටිකක් වෙනස් කලා.
තර්ඩ් මෑන්ට තේරිලා නැහැ. පව් පොඩි එකා.
මහසෝනට යන්තන් හරි තේරුන එක ලොකු දෙයක්.
හෙළයාටයි ගීතික දිල්රුක්ටයි හොඳටම තේරිලා.
Raven ඉලංදාරියා ඔහොම තමයි පොඩි උන්. හික්ස් ...