Mother's Day ... මම කැමති සිංදුවක් ...

 අම්මාවරුන්ගේ දිනය (Mother's Day) හෙටට යෙදිලා තියෙනවා. සමහර අයට මේ පිටරටින් එන දේවල් අරහං. ඒත් අනිත් දවස් තුන්සිය හැට හතරම අපි මොකද කරන්නේ. මැයි 9 දාටවත් අපිට අම්මාව මතක් වෙනවා නම්, ඒක කොච්චර ලොකු දෙයක් ද.
~~~~~~~~~~~~~~~~~~~~
රූකාන්තගෙ මේ සිංදුව අහද්දි ඔයාලට දැනෙන හැඟීමමයි මටත් දැනෙන්නේ. අපි පොඩිකාලේ අපි ලඟින්ම අම්මා හිටියා. ඒත් දැන් අපි අම්මලව මහ ගෙදර තනිකරලා මෙහෙට ඇවිල්ලා ඉන්නවා. අපේ අවුරුදු ගානක මතකය අම්මා ලඟ ඇති.
මට දැන් ගෙදර ගිහිල්ලා අම්මාගෙ උකුලේ ඔළුව තියාන නිදාගන්න ඇත්නම් ......
අම්මා නොකා නොබී ඉඳියි .. මම ඇහැරෙනකම් ....

7 comments:

මහසෙන් said...

සමාවෙන්න ඕනෑ බ්ලොග් එකේ theme එකෙන් පිට පැන්නා නම්. මේ සිංදුව අහන ගමන් අඬන්න පුළුවනිනම් අඬන්න.

හා පැටික්කි (MS) said...

අපේ රටේ ඉස්සරනම් අම්මල තාත්තල 365 දවසෙම ළමයි සමග....... ඒක නැති කර ගෙන තියෙන්නෙත් අපිම වැඩ අනාගෙන හදාගත්තු කාර්‍යබහුලත්වයෙන් නේද අයියේ........

මහසෙන් said...

හා පැටික්කි හරියටම හරි. ඔයත් ජොබ් එකක් කරන කාලෙට බලන්නකෝ ...

තර්ඩ් මෑන් (SIDATH) said...

මට දැනටම දැනෙනවා ගෙදර අය එක්ක ඉන්න එකේ වටිනාකම. මම බලං ඉන්නෙ සිකුරාද වෙනකම් ගෙදර යන්න. ඉරිදට ආපහු බෝඩිමට යනඑක මට හරිම අමාරු වැඩක්.

හෙළයා said...

අම්මෙක් වෙනුවෙන් ( අප්පච්චියෙක් වෙනුවෙනුත්.... ) කොච්චර කලත් මදි මට නම් සහෝදරයා. පණත් දීලා පාරට බැහැපන් පුතේ කියලා කිව්වොත් මම ඒකත් කරනවා දෙපාරක් හිතන්නේ නැතුව.

මේ වෙනුවෙන් සටහනක් ලියූ නූඹට මගේ ආචාරය

මහසෙන් said...

තර්ඩ් මෑන්ට : ගෙදර අය එක්ක ඉන්න එකේ වටිනාකම තව ඉස්සරහට වැඩියෙන් දැනෙයි. ඒත් ඉතින් මේ සමාජයත් එක්ක දුවන එක කොහොමද නවත්වන්නේ .. ????

හෙළයා ට : උඹ උඩරට, මම පහතරට. ඒත් වෙනසක් නැහැ. දැනෙන කැක්කුම එකයි. . . . .
උඹේ සටහන උඹෙ අම්මා/ අප්පච්චි දැක්කොත් කොච්චර ආඩම්බර වෙයිද ???

මහසෙන් said...

ප්.ලි :
ලියන්න ගිය බ්ලොග් පෝස්ට් එක ලියන්න බැරිඋනා. හේතුව මම ටිකක් විතර සංවේදී වැඩිඋනා. ඊට පස්සේ ඒක අයින කරලා සිංදුවක් දැම්මා. කියන්න ලැජ්ජ වෙන්නෙ මොකටද ... මගෙ ඇහේ කඳුලු පිරුනා ...