සුද්දගෙ අපේ කථාවක් ..

මහසෙන් ඉන්නව ලඟින්ම ...


මේක යටත් විජිත කාලේ කථාවක්. අහල නැත්නම් කියවන්න.
දඩයමේ යන සුද්දෙක් කුරුල්ලෙකුට වෙඩි තිබ්බා. ඒ කුරුල්ලා ඇදගෙන වැටුනේ එහා පැත්තේ තිබුන හේනකට. සුද්දා කඩුල්ල පැනලා යනකොට හේනේ හිටිය ගොවියා කුරුල්ලාව අයිති කරගෙන. ඉල්ලුවට දෙන්නෙ නැහැ.
මොනවා කරන්නද, සුද්දටත් ඒ කුරුල්ලව ඕනෑ. අමාරුවෙන් දඩයම් කරපු එකානේ.
ගොවියගෙන් යෝජනාවක් ආවා.
"අපි පොඩි තරඟයක් තියමු. දිනන කෙනාට කුරුල්ලා අයිතියි"
"හා .."
"මම ඔයාගේ අතනට පයින් ගහනවා, ඊට පස්සේ ඔයා මගේ මෙතනට පයින් ගහනවා ..."
ගොවියා කකුල් දෙක අතර පෙන්වයි.
"හරිද ?"
"හරි" සුද්දා එකඟයි.
"ඉස්සෙල්ලාම රිදිලා කෑගහන කෙනාට කුරුල්ලා අයිති නැහැ"
"හරි" සුද්දා කියපි.

ගොවියා කුරුල්ලා පැත්තකට දාලා, දුවගෙන ඇවිල්ලා දුන්නා පාරක් සුද්දගෙ අතනට.
සුද්ද බිම ඇදගෙන වැටුනා. තොල හපාගෙන විනාඩි 20ක් විතර බිම පෙරලි පෙරලි හිටියා.
අන්තිමට අමාරුවෙන් නැගිටලා
"ද්දැන් ම්මගෙ ව්වාරේ ... හ් .. " කිව්වා.
"හ්ම්ම්ම් දැන් ඇති, ඔයා කුරුල්ලා තියාගන්න"
ගොවියා කිව්වා ..

10 comments:

සු said...

මරු කතාව
පාඩුව ගත්තු හැටි නියමයි. මාර ඇම්ඩන්ලා ඒ කාලෙත් ඉඳලා තියෙන්නෙ

Kanishka said...

:D සිරා කතාව :D

SIDATH said...

නියමයි :D

Anonymous said...

නියමයි

මහසෙන් / said...

ඒකනේ කියන්නේ.

Kasun Nadeeshana said...

නියම කතාව

හෙළයා said...

ඔන්න මාත් ආවා..

:D :D නියම කතාව. හිනා කාලා මැරෙනවා

Raven said...

හහ..මරු කතාව. නියමයි.

තව ලියන්න.

මහසෙන් / said...

නිවාඩු ලැබුන ගමන් මොන මොනවා හරි ලියන්නම්. ස්තූතියි. කියවන්න අය ඉන්නවනම් නොකා නොබී හරි ලියන්න පුළුවන්.
මගේ බ්ලොග් වල දෙවෙනි ආගමනයට හැමෝම සාදරයෙන් පිලිගනිමි.

සීසර් said...

හපොයි.... කුරුල්ලා ලබාගන්න කුරුල්ලා ගුටි කෑව නේද?