මගේ පරන බ්ලොග් අඩවියෙන් (iv) - සමුගන්නට මොහොතකට පෙර (i) එක්තරා සටහන් ටිකක්

මුලින්ම කියන්න ඕනෑ මේ පොත මගේ නෙමෙයි. (හැබැයි කාගෙද කියල අහන්න එපා, ඔයාලට තේරුම් ගන්න පුලුවන්). හැබැයි මේ පොතේ මෙහෙම දේවල් තියෙන්න ඕනෑ කියන අදහස මගේ. පොතේ අරමුන උනේ; යාළුවෝ කැම්පස් එකෙන් අයින් උනාම ආගිය අතක් නැති වෙනවනේ. ඉතින් මට ඕනෑ උනේ ඒ අයගෙ ගෙවල් වලට යන පාරවල්, විස්තර එකතු කරවන එකයි. T මගෙන් ඇහුවා ගැලපෙන ක්‍රමයක්. මම පොතක් T ට දීලා කිව්වා ඒවා ගන්න කියලා. ඒ අතර තිබ්බ සමහර දේවල් ටිකක් මම මෙතන දාන්නම්. මේව මේ මම ගැන කියපුව නෙමෙයි. T ගැන කියපුවා.


ARTs Fac. යාළුවෝ හොස්ටල් එකෙන් පිටවෙලා යන දවස .... ආයේ එන්නෙ නැහැ
GYM කැන්ටිමේ දොරටුව. ෆොටෝ එක ගත්තේ මම
 
 
A - 11 දී
ආදර T
"අනේ මචං, බලපන් මචං, මාර වැඩ ගොඩයි, මේව කවද කරන්නද මන්ද, කැම්පස් එකේ විභාග නැතුව ඉන්න තියේනං කොච්චර හොඳද?"
අනේ බං උඹේ මේ කතා කවද අමතක කරන්නද? උඹයි මමයි ගොඩාක් ලංවුනේ .... උඹට මතකද? හොස්ටල් එකට ආවට පස්සේ. ඊට කලින් අපි උඹ ගැන කතා වෙනවා. උඹ දන්නවනේ ඒ මොකද කියලා. ඒත් හොස්ටල් එකට ආවට පස්සේ අපි කොච්චර ලං උනාද? උඹ මගේ දුකේදිත් සැපේදිත් එක වගේ ලඟින් හිටියා. මම ලෙඩ උනාම උඹ මට කොච්චර සැලකුවද? මම පුංචි දේටත් අඬනකොට උඹ මගේ හිත හැදුවා. 
"ඉතින් හිත හදාගෙන හිටපං. සුදු අයිය හෙට එනවනෙ. සුදු අයියට වැඩ ඇතිනෙ. අනේ මචං අඬන්න එපා. හොඳ A නෙ"
මෙහෙම කිය කියා උඹ මගේ හිත හැදුවා. මම තනියම හොස්ටල් එකේ ඉන්න දවසට උඹ සැරින් සැරේ ඇවිදින්     මාව බලල යනවා. ඕවා කොහොම අමතක කරන්නද? ඉතින් මචං උඹ උදේ ගියාම ආයිත් දකින්න වෙන්නෙ රෑට තමයි. සමහර දවසට ඒ වාසනාවත් නැහැ, මොකද අපි නැගිටින්නත් කලින් උඹ ගිහින් එතකොට අපි උඹව බලන්න රීඩින් රූම් එකට එනවා. මෙන්න බොලේ අපි එනකොට උඹ හොඳටම නිදි. උඹලට විභාගෙ ලියන්නෙ පොලිසියෙන්ද? උඹ රෑට ආවත් ඉස්සෙල්ලම දෙපැත්තෙම ජනෙල් වහල තමයි අනිත් සේරම වෙඩ කරන්නෙ. ඒ කාලෙ කොච්චර සුන්දරද?
 
 මේවා FB Fanpage එකෙන්
 
T උඹට මතකද අර බෙන්ච් එක අල්ල ගන්න කියල උදේ 5.30ට විතර යනවා? අර උඹෙ පරන ෂර්ට් එක අපි හැංගුවා? උඹ කී දවසක් අපිට හොරා අපේ රෙදි සේදුවද? උඹට අපි කොච්චර දේවල් කිව්වද, ඒත් උඹ ඒවා කිසිදෙයක් ගනන් ගත්තේ නැති බව දන්නවා. උඹ දවස් කීයක් අපේ ගෙදර ආවද? ඒවා කොහොම අමතක කරන්නද?
T උඹ exam එකට කලින් දවසෙ විඳින දුක දැක්කනම් ආයෙත් ජීවිතේටම exam තියෙන එකක් නැහැ. එදාට උඹ දිහා බලා ඉන්න බැරිකමටයි මම වේලාසනින් නිදාගන්නෙ. අපි එක බත් උයාගෙන කාල සතුටින් ගෙවපු ඒ ලස්සන කාලය දැන් ගෙවීගෙන යන්නයි යන්නේ. ඒත් මේව දාල අපි කොහේ යන්නද? මට නම් යන්න බැහැ. උඹ දන්නවනෙ මම කොහොමද මේ හැම දෙයක්ම දාලා යන්නේ.
"A - 11 සද්දෙ වැඩියි""
 කුවේනි කොච්චර අපිට බැන්නද? අන්තිමේදි කුවේනි අපිට බයේ මොනවත් කිව්වෙ නැහැ. ඒත් උඹ බය බව මම දැනගත්තා. T මේවගේ ලස්සන කතා ගොඩයි. මේව අමතක වෙන්නෙ නැහැ. ඒ වගේම මේ A වත් අමතක වෙන්නෙ නැහැ නේද? ඉතින් T අපි ගෙවපු ඒ ලස්සන කාලය මෙහෙම ගෙවිල අපි සමුගෙන ගියත් අපේ මේ මිතුදම හැමදාම අපේ හිත්වල එකවගේ තියේවි.
ඔයාටත් S ටත් එල්ලේ ටීම් එක සෑදීමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවායි පතන මා.
දයාබර සොයුරිය,
A

ප.ලි :

T එදා සංගන්නෙට ආපු අක්ක උඹෙන් ඇහුව මතකද ..
"නංගි, ඔයා කැම්පස් ආවෙ ඉගෙන ගන්නමද" කියලා
 ඒ අක්කත් දැකල තියෙනව උඹ නිතරම අර බෙන්ච් එකට වෙලා ඉන්නවා. අනේ බං, ඒ අක්ක එහෙම අහපු වෙලේ අපිටම ලැජ්ජා හිතුනා. ඒ කියන්නෙ උඹ ගැන අපි විතරක් නෙමෙයි හැමෝම දන්නව කියල උඹට තේරෙන්න ඇතිනේද?
 
මේවා FB Fanpage එකෙන්
 
මගේ සටහන :
මේකේ අන්තිමට ගෙදරට එන පාර පැහැදිලිව ලියලා තිබුනා. පොතක් පුරා මේවගේ දේවල් තියෙනවා. පොත තියෙන්නෙ මගෙ ලඟ නිසා ටිකෙන් ටික ඔයාලටත් බලන්න දෙන්නම්. මේවා අවංක අදහස්. මේ අය රැග් එකට අහු උනේ නැහැ, රැග් දීලත් නැහැ. එහෙම උනා කියලා බැඳීම් අඩු වෙලත් නැහැ. රැග් දෙන්න බැරි වෙලා තියෙන්නේ දෙන්න ආපු අය BITE වීම නිසයි.
 

2 comments:

BilSmith said...
This comment has been removed by the author.
Lakshanz said...

Sometimes the best memories are sad, because you know they will never happen again. :(