Seylan Credit Card එක මට කල හදියක් ..


 පොඩි අමාරුවක් තිබිලා ගත්තනෙ Credit Card තුනක්ම. ටික කලකින් තමයි මේවයෙ රඟේ තේරුනේ. හැබැයි මේකෙ හොඳ පැත්තකුත් තියෙනවා. අප්සෙට් එක තියෙන්නෙ Credit Card වල නෙමෙයි. ඒව පාවිච්චි කරන අපෙයි, ලංකාවෙ බැංකුවලයි.
ඉතින් යන එන මං නැති උනාම අමාරුවෙන්ම සල්ලි හොයාගෙන මේ තුනම ගෙවලා වහලා දැම්මා.
ඔහොම සන්තෝෂෙන් මාස 9 ක් ඉන්න කොට ආව call එකක්.
"Mr. මහසෙන් ඔයාගෙ Seylan credit card එකේ limit එක පැනලා ..... කවදද ගෙවන්නෙ"
"මම card එක close කලානෙ, full n final payment එකක් කලා"
"එහෙම කරල නැහැ. ඔයා ඉක්මනට ගෙවන්න. නැත්නම් ඔයාටම තමයි ප්‍රශ්නේ ... "
"......."

මුල්ම දවසෙ කිව්වා 30,000/- ක් ගෙවන්න කියලා.
ඊට පස්සෙ දවසක කිව්වා 16,000/- ක් ගෙවන්න කියලා.
අන්තිමට කිව්වා 8,500/- ක් ගෙවන්න කියලා.
මමත් ප්‍රශ්න වගයක් ඇහුවා.
*ඇයි මට call කරන්න මාස 9 ක් යනකම් හිටියේ ?? 
*මට statement එව්වෙත් නැහැ, warning letters එව්වෙත් නැහැ

ඊට පස්සෙ මගෙ ලඟ තියෙන documents වල fax එවන්න කිව්වා. ඒවත් යැව්වා.
ඒත් ආයෙමත් call කරලා කියනවා "කරන්න දෙයක් නැහැ 8,500/- ක් ගෙවන්න" කියලා.
 මේ මොන මගුලක්ද ගිහිල්ලම කතා කරනවා කියල අද (25.10.2010) උදෙන්ම ගියා Seylan Bank Card Center එකට. ඒක තියෙන්නෙ නුගේගොඩ පාගොඩ පාරේ. 
Reception එකෙන් කිව්වා 3rd floor එකට ගිහින් P හම්බවෙන්න කියලා. ඒකටත් ගියා.
ඔය P ම කලින් මට සද්දයක් දාලා තිබුනා "ඔයා 8,500/- ගෙවනවනම් ගෙවන්න, නැත්නම් නිකං ඉන්න .... " වගේ. ( P කියන්නෙ ගෑනු ලමයෙක්) 
මම ඉතින් එයා ඉස්සරහින් ඉඳගෙන මගෙ Documents ටික අතට දුන්නා. P එයාගෙ comouter එකට මගෙ ID no එක ඇතුලු කලා.
"මම තමයි දැන් මේ account එක handle කරන්නෙ. ඔයා මේ කියන ගාන ගෙවන්න ඕනේ"
"ඉතින් මිස් මට කියපු විදියට මේ card එක 30,000/- ක් දාල close කලානෙ"
"මේ card එක close කරන්න නම් 33,900/- ක් දාන්න ඕනේ, ඉතින් close කරලා නැහැ"
"ඉතින් එදා ඉඳන් තාමත් මට bill එකක් ගෙදරට එන්නෙ නැහැනෙ. මාස 9ක් තිස්සෙ මට call කලෙත් නැහැනෙ"
"card එකක් hold කලොත් bill යවන්නෙ නැහැ. call කරන්නෙත් නැහැ"
"ඉතින් මම කොහොමද දන්නෙ මගෙ account එකේ තත්වය"
"ඒක ඔයා කතා කරල දැන ගන්න ඕනෑ"
"මට manager හම්බ වෙන්න පුලුවන්ද ?"
"අද එයා එන්නෙ නැහැ"
"ඉතින් මිස් මේ වැඩෙන් මට අසාධාරනයක් වෙනවා නේද? ඔයාල කියපු නිසානෙ නයක් වෙලා 30,000/- ක් ගෙව්වේ. මට 33,900/- ක් ගෙවන්න කිව්ව නම් ඒවෙලාවෙ මම ගෙවනවනෙ"
"..........."
"................"
"මම දන්නෙ නැහැ .... මම ආවෙ ලඟදි. තව ටිකින් manager එනවා. ඔයා එයත් එක්ක කතා කරගන්න"
"OK'
ඉතින් මමත් manager එනකම් බලාගෙන ඉන්නවා.
කාලය ගෙවෙනවා. මට පිටුපස්සෙන් මෙහෙම ඇහෙනවා.
'ඔයාගෙ loan account එක close කරන්න ද ඕනේ. hold on.
P මේ මුබාරක් ගෙ account එක close කරන්න 153,000/- ක් දැම්මම ඇති නේද?'
'ඔව් එත් 155,000/- ක් දාන්න කියන්න'
'Mr. මුබාරක් ඔයාගෙ account එක close කරන්න නම් 155,000/- ඉක්මනටම දාන්නවෙනවා. ඒක දාල අපිට call එකක් දෙන්න'
මටත් මීට මාස 9 කට කලින් කිව්වෙ මේ විදියටමනේ ....

ඕන්න manager එයාගෙ seat එකට ආවා. මමත් ඉස්සරහින් ඉඳගෙන ආයෙමත් කතාව මුල සිට සරලව කිව්වා.
"මෙතන අපෙ අතින් වැරැද්දක් වෙලා තියෙනවා. ඔයාලටත් තිබ්බා බැංකුවකින් පොරොන්දු වෙන දේවල් ලිඛිතව ගන්න. මම මේ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. මම ඔයාලට සාධාරනයක් කරන්නම්, ටිකක් කල් දෙන්න. මේක handle කරන්න M ට දෙන්නම්."
"දැන් මාව CRIB දාලද? මට P කිව්වනෙ දාල කියල"
"ඒක ඇත්තටම මම දන්නෙ නැහැ. මම මේ සේරම check කරල ඔයාට call එකක් දෙන්නම්"
"බොහොම ස්තුතියි"
manager ගේ බටර් ටික සාක්කුවෙ දාගෙන මම බැකුවෙන් එලියට බැස්සා.
සුහද හදක් කල හදියක් !!


ඉගෙන ගත්ත පාඩම : මොනදේ වුවත් ලිඛිත අණ සහ අවසරය මත පමනක් සිදුකිරීම අනාගත සැපතට හේතුවේ.

18 comments:

Gayan Tharaka said...

සහතික ඇත්ත. අපූරු සුහද හදක් නෙව.

Unknown said...

සුහද හදක් කල හදියක්

Anonymous said...

අපෝ එපා. ණයපත්නම් කොහොමටවත් එපා....... සුහද හදින්නම් කවදාවත්ම එපා......... ( උන් සුහද හදින් දුන්නට හාර්ට් ඇටැක්x හැදෙන්නෙ අපිටනේ )

සහන් සටහන් said...

හෙහ් මාස 9කින්ම හම්බවෙලා තියෙන්නෙ බබා...
(හම්මේ මම බේරුනේ 99% ඕක ගන්න මම පෝලිමෙත් හිටියනේ... ඔය කීව වගේ P ලඟට යන්න K ලඟට යන්න කිය කිය රස්තියාදු කල නිසා මම හැරිල ආව මගෙ වෙලාවට)

Madhawa Habarakada said...

හික්ස්. ඔය බැංකුවත් එක්ක මම නම් කවදාවත් කිසිම සම්බන්ධයක් ඇති කරගන්නෙ නෑ. :D

Chrishi said...

ඔය බැංකුව බංකලොත් කරල වහල දාන්න ගොඩක් කස්ටිය බලන් ඉන්නේ.

Unknown said...

අනිත් අයගේ අදහස්නම් මේකට විරුද්දව.
ඒ වුනාට මම දැන් අවුරුදු 2ක් use කරන්නේ Seylan credit card එකක්.
කිසිම අවුලක් නෑ. Stampa charges එහෙමත් නෑ. Annual cost එකත් අඩුයි. SMS Alerts එහෙමත් තියෙනවා. මටනම් මේක ගොඩක් හොදයි.

Lahiru Siriwardhana said...

සුහද හදින් දෙන්නේ අපේ හදට කෙ‍ලවෙන්න..

දැනුම බෙදාගමු said...

මේ කතව කියපු ඵක ගොඩක් වටිනවා මේ වගේ බැංකු ගැන දැන ගෙන පරිස්සම් වෙන්ඩ

මහසෙන් / said...

ගයාන් තාරක ට :හද නොහොඳ කරන්නෙ ඕකෙ වැඩකරන සමහර අය තමයි.

මහසෙන් / said...

Dar[K] ට : මාස 9 කට පස්සෙ 30,000/- ක් ගෙවන්න කිව්වාම, මගෙ බොක්ක රත් උනා. කොහෙ තියෙන සල්ලිද ???

මහසෙන් / said...

ජේ.ඩී ට : ඇත්තෙන්ම ණය පත් නැතුව ගෙනියන මේ ජීවිතේ හරිම සැහැල්ලුයි. අතේ සල්ලි ටිබ්බොත් කනව බොනව, නැත්නම් උබ බලාගෙන ඉන්නව. ෂේප්.

මහසෙන් / said...

සහන් ට : සිරාවටම .. අඩුගානෙ warning letter එකක් වත්, bill එකක්වත් ආවෙ නැහැ.

මහසෙන් / said...

Madhawa Habarakada ට : ඔතන වැරැද්ද තියෙන්නෙ බැංකුවෙ වැඩ කරන අයගෙ. සමහර විට අපෙන් කඩා ගන්න ගානට හරියන්න එයාලට commission එකක් වත් ලැබෙනවද දන්නෙ නැහැ.

මහසෙන් / said...

Chrishi ට : සහතික ඇත්ත. එතනට ගිහිල්ල කතා කලානම් තවත් හොඳට ඒක තේරෙනවා.

මහසෙන් / said...

ඉරෝෂන් ට : මමත් ඒ කතාවට එකඟයි. මොකද අපෙන් කපන charges අඩුම මේ ගොල්ලන්ගෙ තමයි. මගෙ මේ බැංකුවත් එක්ක කිසිම තරහක් නැහැ. මාස 9ක් යන්න කලින්, මාස තුනකින් වත් මගෙන් අහන්න තිබ්බනෙ "ඇයි මාස තුනකින්ම min. payment එක ගෙව්වේ නැත්තෙ" කියලා. මාස 9 කින් කතා කරල කියන්නෙත් 30,000/-ක් ගෙවන්න කියලා .... පස්සෙ එක 8,500/- ට බැස්සා. බැරි වෙලාවත් මම 30,000/- ක් ගෙව්වනම් ඒ සල්ලි කොහාටද යන්නෙ ???

මහසෙන් / said...

Upul ට : අනිවාර්‍යෙන්ම බැංකු වලින් ඕන කරන ලියවිලි බලෙන්ම හරි ඉල්ලගන්න ඕනෑ. විශේෂයෙන්ම loan.

මහසෙන් / said...

Lahiru Udayanga ට : උඩ ඉන්න ලොක්කො මේව ගැන දන්නෙ නැහැ. එක්කො නොදන්නව වගෙ ඉන්නවා. recover කරන අයත් එක්ක එකතුවෙලා මේ අය වෙනම business කරනවද දන්නෙ නැහැ.