මගේ පරිඝණක ආගමනය ..

මේ බ්ලොග් එක මම ලියන්නෙ නිකං. ඒ කියන්නෙ ඉන්න බැරුවට. 

මම කොම්පියුටර් වලින් වැඩ පටන් ගත්තෙ 1997 දි (මට මතක හැටියට) . මුලින්ම ඕවා ඉගෙන ගන්න ගියේ මීගමුවට. මීගමුවෙ තිබුනා IDM කියල කොම්පියුටර් කඩයක් (මගේ Batch 196). ඉගෙන ගත්තෙ DOS වලින්. ඒ දවස් වල තිබුනෙ win 3.1 කියල එකක්. ඒකත් run උනේ DOS වල. 
ඇත්තටම DOS වලින් පටන් ගත්තා කියන්නෙ එතනින් එහාට ඕනෑම දෙයක් අල්ලගන්න පුලුවනි. ඒ දවස්වල Word නෙමෙයි තිබුනේ Wordperfect කියල එකක්. ඒවගේම Pascal, Foxpro, .. වගේ ඒවට අමතරව Network System ගැන තිබ්බේ (.... මතක නැහැ .... ) 
ඊට පස්සෙ මට ඉතාලියෙ ඉන්න මාම කෙනෙක් එව්වා කොම්පියුටර් එකක්. (128mb HD, 12" monitor, FDD, 286 Processor ) හිතාගන්න පුලුවන්ද ??? මම ඕකෙන් Pascal වලින් Animations එහෙමත් කලා. සෙල්ලම් සේරම දැම්මේ Floppy වලින්.
මම මුලින්ම internet වලට ගි‍යෙ 1999 දී ඒදවස්වල තිබුනේ Internet Explorer 2, 3 . එක window එකයි, use කලේ dial up.තව web browser එකක් තිබ්බා Netscape Navigator කියලා. 
පලවෙනි email එක 1999 දී www.netadress.com web site එකෙන්. *****@usa.net කියලා හම්බඋනේ. මුල්ම කාලේ www.yahoo.net කියල තමයි තිබුනේ.  www.google.com එක දැන් වගේම තමයි තිබුනේ. 
chat  කරන්නත් පොඩි පොඩි site තිබුනේ. www.ccom.lk වගේ. ඒවා දැන් කොහෙද දන්නෙ නැහැ. kaputa.com නම් තවමත් තියෙනවා. (දැන් ඒකෙ mouse එක පස්සෙ පන්නන කපුටො ටිකත් නැහැ)

කැම්පස් එකේදි කරපු දෙයක් තමයි අනිත් උන්ගේ (විශේෂයෙන්ම කෙල්ලන්ගේ) account එක share කරගන්න එක (network system එක මතක නැහැනේ... පොඩි DOS command එකක් දෙන්න තිබුනේ. එතකොට හිටපු Admin ල වත් ඕවා දන්නෙ නැහැ) එතකොට අපි මොනව හරි save කරන්නෙ අනිත් Acc. වල. 

මම Linux පටන් ගත්තේ 2002 දී.   මුලින්ම ගත්ත කොම්පියුටර් එක Win 98, 40 GB, 64 VGA, 14" monitor, AMD 1000, 128 RAM, CD ROM 

8 comments:

Jay said...

kaputa.com එක ඒ දවස් වලත් ප්‍රසිද්ධයි. මම කියන්නේ 2001 /03 කාලේ වගේ. කපුටො රැළක් නම් මතක නැහැ.
IDM ගිය කෙනෙක්ද? ශඃ, මහසෙන් වැඩ කාරයානේ. ඉතින් දැන් මොකද මේ කම්පියුටර් අත හැරලා??
:D :D

තීර්ථ යාත්‍රිකයා said...

මටත් මතකයි කපුටෝ රැල....ඒ කාලෙ ඒක හෙනම ආතල් වැඩේ...ඇයි මවුස් එක යන යන පැත්තට කපුටෝ ටික එනවනේ....

Kanishka said...

ෂා ඔය පටන් අරන් තියෙන්නේ මුල ඉඳන්ම.. මම පටන් ගත්තේ 95 වලින්. ඒ දවස් වල අපිට computer course කරන්න තරම් පුලුවන් කමක් තිබ්බෙ නෑ. හැම ‍දේම ඉගෙන ගත්තෙ පොතපතින්.. පරන කොම්පියුටරේ තාමත් තියේද??

මහසෙන් / said...

Ansh Lucky Sri Jay ට : හ්ම්ම් IDM තමයි ගියේ. කැම්පස් එකේදි තමයි දැනුම මොට උනේ. හැබැයි දැනුත් ඉන්නෙ computer එක්ක තමයි. ඒත් ඉගෙන ගත්ත ඒවයින් වැඩක් උනේ නැහැ. ඉගෙන ගත්ත ඒව දන්නවනම් අපිට රස්සා දෙන්නෙත් නැහැ.

මහසෙන් / said...

තීර්ථ යාත්‍රිකයා ට : දැනුත් ඔය site එක තියෙනවා. ඒත් කිසිම කාලීන බවක් නැහැ වගෙ .. ඒ දවස් වලනම් අර කපුටු සීන් එක නැගලා ගියා.

මහසෙන් / said...

Kanishka | කණියා ට : දැන් හුඟ දෙනෙක් කෙලින්ම යන්නෙ internet වලටනෙ. 286 කොම්පියුටර් එක නම් නැහැ. ඒත් ඊට පස්සෙ ගත්ත ඒව වගයක් ගෙදර තියෙනවා. මට හිතෙනවා ඒවා ටික හදගෙන ආයෙමත් DOS games ටිකක් play කරන්න.

Kanishka said...

අපොයි.. 286 එකට මොකද උනේ??

මහසෙන් / said...

Kanishka | කණියා ට : ඒක ගේම් ගහන්න කියල පොඩි එකෙකුට දුන්නා (ඒ දවස්වල) දැන් මොනව වෙලාද දන්නෙ නැහැ (අපරාදේ)