ශ්‍රී ලංකාවෙ කෙනෙක් හඳුනාගත හැකි ක්‍රම ටිකක් (sure n shot)

ලෝකෙ පුරාම කරක් ගහන අපට බැලූ බැල්මට ලංකාවෙ ඉපදුන කෙනෙක්ව අඳුන ගන්න අමාරුයි. ඒත් අදින් පස්සෙ ඒක එහෙම වෙන්නෙ නැහැ.
ශ්‍රී ලාංකිකයන් ඕනෑම තැනකදී අපට හඳුනා ගත හැක.
ඒ පහත දැක්වෙන කරුනු වලිනි
1. කන කෑම වේලක මිරිස්, ළූනු, සුදු ළූනු වලින් සමන්විත නම්
2. තෑගි ඔතපු කොල, තෑගි ඇසුරුම් පෙට්ටි, ඇලුමිනියම් කොල ආයෙමත් පාවිච්චියට අරන් තබාගෙන ඉන්නවානම්
3. දත් අස්සේ රැඳුනු කෑම කැබලි දිව යොදා ගනිමින් ඉවත් කිරීමට උත්සාහ ගන්නා අතර මුවින් "ට්ෂික්හ්" ශබ්ධය පිට කරයි නම්
4. ගුවන් තොටුපලේ , ඉතා විශාල ප්‍රමානයේ සූට් කේස් දෙකක් සමග රැඳී සිටිනවානම්
5. පාටියකට පැයක් හෝ දෙකක් ප්‍රමාද වී පැමින එය සාමාන්‍ය යැයි සිතන්නේ නම්
6. සීල් එක නොවැදුන මුද්දර ගලවන්නේ නම්
7. කොමොඩ් එක ලඟින් ප්ලාස්ටික් කෝප්පයක් තබා තිබේ නම්
8. ලමයින්ට එක වගේ නම් දමා ඇත්නම් (උදා : අමල්, කමල්, බිමල්)
9. හැම ලමයටම සුරතල් නම් (ඇත්ත නමට කොහෙත්ම නොගැලපෙන) දමා ඇත්නම්
10. "කෑම ගෙනයාම තහනම්" යනුවෙන් සඳහන් කොට ඇති තැන් වලට හපන්න මොනවා හෝ රැගෙන යන්නේ නම්
11. ගෙදරකින් පිටව යාමට සමුගෙන, ඒත් දොරකඩ හෝ ගේට්ටුව ලඟ තවත් පැයක් පමන කථා කර කර ඉන්නේ නම්
12. තමන්ගේ කාරයට ඇතුල් කරගත හැකි උපරිමයටම මිනිසුන් නංවා ගන්නේ නම්
13. පොලිතීන් වැනි දෑ භාවිතා කර අලුත් භාන්ඩ (ටී.වී, රිමෝට්, පුටු කවර, ..) ආදිය ආරක්ෂා කරන්නේ නම්
14. දෙමව්පියෝ තම ලමයින්ට, ලමුන්ගේ යාළුවන් මොනවා හිතුවත් කමක් නැහැ කියන අතර දෙමව්පියන්ගේ යාලුවන් මොනවා හරි හිතාවියැයි සිතා යමක් කිරීම වලක්වන්නේ නම්


15. රයිස් කුකර් එකක් තිබීම අත්‍යාවශ්‍ය යැයි සිතන්නේ නම්
16. අවුරුදු 40 පහුවුන දූ දරුවන්ද තම දෙමව්පියන් සමග එකට ජීවත් වන හා ඒ ගැන දෙමව්පියන්ද ඉතා කැමැත්තක් දක්වන්නේ නම්
17. ඒ තමාගේ දුව නොවේ නම්, කාගේ දුව කාගේ පුතා එක්ක පැනලා ගියේද යන්න දැනගැනීම සහ එය අන් අයට පැවසීම තමන්ගේ රාජකාරිය යැයි සිතන්නේ නම්
18. පැය ගනන් ගතවෙන ෆෝන් කෝල්ස් ගන්නේ රෑ 10න් පසු නම්
19. ගෙදරින් පිට ජීවත් වෙන පුතාට රෑ 12 ට කෝල් එකක් දුන්නත් "කාලද ඉන්නේ ?" කියලා අසන්නෙ නම්
20. තවත් ශ්‍රී ලාංකිකයෙක් ලෝකේ කොතනකදි හමුඋනත්, විනාඩි කිහිපයක කතා බහකින් පසුව ඔවුන්ගේ සහ තමන්ගේ නෑදෑකම සොයාගත හැකිනම්
21. IDD කෝල්ස් ගන්නා විට තරමක් ශබ්ධ නගා කතා කරන්නේ නම්
22. සෝෆා එකේ කුනු ගෑවෙන නිසා බෙඩ් ශීට් දමා ඇති නමුත් ඇඳේ බෙඩ් ශීට් මාස ගනනකින් සෝදා නොමැතිනම්
23. තමන්ගෙ වෙඩින් එකට අඩු ගනනේ 600 කටවත් ඉන්වයිට් කරන්න බැරිඋනොතින් දුක් වෙන්නේ නම්
24. කසාදයක් ගැන කතා කරද්දී තමන්ගේ දුව (පෙනුම කොහොම උනත්) සුදුයි කෙට්ටුයි ලස්සනයි කියන්නේ නම් ;
එයා ශ්‍රී ලාංකිකයෙක් ....


මේ කරුනු ටික ආසාවෙන් කියවන්න හේතුව මේවායින් කිහිපයක් හෝ සේරම හෝ ඔයාට ගැලපෙන හන්දා නේද ??
ඒ කියන්නේ ඔයත් ශ්‍රී ලාංකිකයෙක් ... එහෙම නේද ???



9 comments:

Hasitha Gunasinghe said...

නියම කතා ටික අයියා. හැබැයි මේකෙන් පෙලක් ඒවා ඇත්තටම ලාංකිකයෝ ගාව තියෙන අන්‍යෝන්‍ය බැඳීම නිසා වෙන ඒවා නිසා ඒවා ගැන නම් ආඩම්බර වෙන්න පුලුවන්.

ඒත් හුඟක් ඒවා ගැන දුක් වෙන්න තමා තියෙන්නේ :(

SIDATH said...

අපේ අනන්‍යතාව :D

SL Tech Express said...

ලාoකේය අභිමානය...!!!

Hasitha Gunasinghe said...

ශ්‍රී ලාංකේය අභිමානය බ්ලොග් අවකාශයටත් :)

Unknown said...

හ්ම්..හ්ම්....
ගොඩක් ඒවා ඇත්ත තමයි....
නියමයි..
ජයවේවා!!!

Kanishka said...

අනේ මන්දා :D :D

මහසෙන් / said...

@ Hasitha : හ්ම්ම්ම් ඒකත් ඇත්ත තමයි

@ තර්ඩ් මෑන් (SIDATH) : බෝඩිම් වල අනන්‍යතාවයත් මේ වගේ වෙන්නැති, නේද ?

@ 'සුළඟ' : ඒකනේ කියන්නේ. ආඩම්බර විය යුතුයි නේ ...

@ Hasitha : හොඳවෙලාවට මේවා සුද්දන්ට තේරෙන්නෙ නැහැ (කොටු විතරයි)

@ හික්ස් : මම ඕක කලින්ම දැක්කා

@ sampathjt : ඒකනේ කියන්නේ. ඔබටත් ජයවේවා.

@ Kanishka | කණියා : අඩුගානෙ එකක්වත් අනන්‍යයි නොවෙද ??

ජංජාල චාමර said...

සිරා :)) මමත් ශ්‍රී ලාංකිකයෙක් :))

මහසෙන් / said...

@ ජංජාල චාමර : ඒකනේ කියන්නෙ. හැබැයි අනිත් රට වල අයට නම් පෙන්නන්න එපා.