දහ අට සන්නියට සමගාමීව DJ කලෙමි


හිතාගන්න බැරි උනත් මෙහෙම සිද්ධියක් උනේ කැලනිය කැම්පස් එකේදී. අවුරුද්ද 2006 වගේ තමයි මතක. කැම්පස් එකෙ සයන්ස් ෆැකල්ටි එකේ DJ පාටි එකකට DJ කෙනෙක් අපේ ආයතනයෙන් ඉල්ලලා තිබුනා. අපි ඒකට කිසිම මුදලක් අය කරන්නෙ නැහැ. සවුන්ඩ්, ලයිට් එහෙම අපි දෙන්නෙ නැති නිසා ඒ අයට පිටින් අරගන්න කිව්වා. ඒගැන අපේ කිසිම සම්භන්ධයක් නැහැ. එදා දවසෙ මම free නිසා මට තමයි යන්න උනේ. මමත් කැමැත්තෙන්ම ගියා, මොකද අවුරුදු 3 කට වැඩිකාලයක් ජීවිතේ ගෙව්ව තැනනෙ. කොහොමත් ඔයවගෙ තැන් වලට යද්දි මගෙ laptop එක තමයි අරගෙන යන්නෙ. office එකෙන් transport එකක් දාලා තිබුනා. මගේ තනියට තවත් සගයෙකකායතනයෙන් ආවා. පොරත් කැලනියෙම තමයි.
මම හිතුවෙ DJ එක තියෙන්නෙ Gym Canteen එකේ කියලා. එහෙම තමයි අපිට කියලා තිබුනේ. ඒත් කැම්පස් එකට ගියාම අපිට කිව්වේ, ධර්මාලෝක ශාලාවේ තමයි තියෙන්නෙ කියලා. මොනවා කරන්නද, බැනර්, පෝස්ටර්, ඊතල ගහලා තිබුන නිසා කරන්නම වෙනවනෙ.
අපි කැම්පස් එකට ගි‍යෙ හවස් වෙලා. වගකිව යුත්තෙක්ගෙන් හේතුව ඇහුවම කිව්වේ. Basketball Ground එකේ දහඅට සන්නියක් තියෙන නිසා,  ධර්මාලෝකෙට මාරුකලා කියලා. ඉතින් මම ඇහුවා එහෙම එකක් තියෙන දවසක ඇයි මෙහෙම DJ එකක් organize කලේ කියලා. එයා කිව්වා කලින්ම dates දාගත්තෙ DJ එකට, දහඅට සන්නියක් ගැන එතකොට දන්නෙ නැහැ කියලා. එතකොට අවසර දෙන අය දැනගෙන හිටියෙ නැද්ද ??
මම ඉතින් මොනවා කරන්නද? මට තේරුනා එනපොට හොඳ නැතිවග. මොනවහරි සිද්ධියක් උනොත් අපේ ආයතනයටත් හරි නැහැ. ඒක පිටින් යයි සේරම. එහෙම හිතලා මම බය උනා. මම මගේ සගයත් එක්ක තීරනය කලා මහා ශිෂ්‍ය සංගමයෙ සභාපති හම්බවෙන්න.
අපි දෙන්නා Gym කැන්ටින් එක හරහා ගිහින් පඩිපෙල දිගේ උඩට ගොඩඋනා. සභාපති හාමුදුරු කෙනෙක්. වටපිට බලද්දි අනිත් අය යමරෙට වැඩ. මම මගෙ Company ID එක පෙන්නල කතාව පටන් ගත්තා. හාමුදුරුවොත් කිසිම චකිතයක් නැතිව කතාවට ඉඩ දුන්නා. මම කිව්වා මමත් මෙහෙන් පිටඋන කෙනෙක් බව. මගෙ ඉල්ලීම උනේ වලියකට පලවෙනි වෙඩිමුරය මේ පැත්තෙන් වෙන්න ඉඩ තියන්න එපා කියලා. හාමුදුරුවො කිව්වෙ එහෙන් පටන් ගත්තොත් කරන්න දෙයක් නැතිබව. පලමු වෙඩි මුරය නොතියන බවටත් උන්වහන්සේ පොරොන්දු උනා. අනිත් කොන්දේසිය DJ සද්දේ Gym එකට නොඇසිය යුතු බව. 
ඊට පස්සෙ සයන්ස් අයටත් අපි කිව්වා කොන්දේසි ටික. ඒ අයත් එකඟ උනා. එහෙම නැත්නම් අපි යන බව දැන්වුවා.

ඔය මොනව කිව්වත් මට මේ දෙගොල්ල ගැන මට තඹ සතේකවත් විශ්වාසයක් තිබ්බෙ නැහැ.
රෑ 8 ටත් ටිකෙන් ටික ලං උනා. ඒත් මේකට කිසිම කෙනෙක් එන පාටක් නැහැ. අපිට බත් පැකට් වගයක් දීලා තිබුනා. ඒවත් ඉවර කලා. ධර්මාලෝකෙන් එලියට බැහැලා බලද්දි දැක්කා කට්ටිය ඈතින් ඉන්නවා, ඇතුලට එන්න චකිතයෙන් වගේ. මම කිව්වා එලියට ගහලා තියෙන Flash එක off කරන්න කියලා. ඊට පස්සෙ මම Stage ඒකට නැගලා, Laptop එක එහෙම set කරගෙන හීනි music එකක් දාලා බලාගෙන හිටියා. විනාඩි 10ක් ඇතුලත හෝල් එක පිරුනා. 
ඉතින් මමත් වැඩ පටන් ගත්තා. කට්ටිය හොඳට Dance කලා. Gym එකේ එලි‍යෙ දහඅට සන්නිය, මෙතන ධර්මාලෝකෙ DJ Night එකක්. ඕන්න කැලනිය සරසවි‍යෙ තත්වය. මම mic කරද්දි කිසිම විදියකින් ඇඟෙව්වෙ නැහැ මමත් ආදි ශිෂ්‍යයෙක් කියලා.
Show එක ඉවර කරපු ගමන් අපි පිටඋනා. කිසිම වලියක් ගියේ නැහැ.
(ඒත් කියන්න කනගාටුයි, පස්සෙ ආරන්චි උනා Sounds/ Lights වලට මෙයාලා දීලා තියෙන්නෙ Advance එක විතරයි)
මේ තමයි මගේ දහඅට සන්නියට සමගාමීව DJ කිරීම


(විශේෂ ඉල්ලීම : කොමෙන්ටු දමද්දී මම වැඩ කරන ආයතනය හා මම ගැන නියම විස්තර සඳහන් නොකරන මෙන් ඉල්ලා සිටිමි)

4 comments:

Hasitha Gunasinghe said...

මහසෙන් අයියාත් කැලණියේ කොල්ලෙක් :) සන්තෝෂයි සන්තෝෂයි කැලණියේ කොල්ලෝ ඔහොම තමා :)

SIDATH said...

මම මේ කල්පනා කලේ එදා වලියක් වුනානම්, නිවුස් වලට මොන මොන ජාති කියයිද කියලා :P

මහසෙන් / said...

@ Hasitha : කැලනියෙ කොල්ලො ඔහොම තමයි. අවුලක් නැහැ, එල නෙද කැලනිය ??
ඒකනෙ කියන්නෙ.

@ තර්ඩ් මෑන් (SIDATH) : ඇත්තටම මාර සිද්ධිය තමයි. කට නිසා තමයි සෑහෙන්න ගොඩ ගියේ.
අනික තමයි මම ක්‍රිකට් වලට එච්චර කැමැත්තක් නැහැ. (කොහොමත් කැමති නැහැ). ඒ නිසා "සිංහලෙන් ක්‍රිකට්" පැත්තේ එවෙනව ගොඩක් අඩුයි.

SIDATH said...

ආ.. ඒකට මොකද, මම ඕව කමෙන්ට්ස් බලාගෙන ලියන ඒව නෙවෙයි. මැච් එකක් බැලුවට පස්සෙ කියන්න තියෙන දේවල් කාටහරි කියන්න ඕන හින්දයි, මට දකින්න හම්බෙන අලුත් ක්‍රීඩකයෝ අමතක වෙන්න කලින් කොහේහරි ලියන්න ඕන හින්දයි තමා මම ඕක පටන්ගත්තේ.