පලමු වසරේ අනිවාර්‍ය රාජකාරිය හෙවත් කැට සෙලවීම

මේ දවස්වල මහසෙන්ට හැදිල තියෙනව නපුරු උනක්. දවස් දෙකෙන් කටහඬත් අවුල් වෙලා. ඉතින් බ්‍රහස්පතින්දා ලෙඩ නිවාඩු දාලා සිකුරාදා ආයෙමත් වැඩට ගියා කරන්න තියෙන වැඩ ඉවරකරන්න හිතාගෙන. ඒත් ඉතින් හරියට වචන පිටවෙන්නෙත් නැතිව මොන වැඩද ? අනිත් අයටත් බෝ කරන්නෙ නැතිව ගෙදර යන්න කියල ඉහලින් නියෝගයක් දුන්නා. මමත් ඉතින් ආ පයින්ම ආපහු ගියා.

ඕන්න ඉතින් බොරැල්ලෙදි බස් එකට නැග්ගා කැට හොලවන කට්ටියක්. මේ කට්ටිය දොස්තරල වෙන්න ඉන්න කට්ටිය. පුද්ගලික වෙද විදුහල් සංකල්පයට එරෙහිවෙලා ඒ වෙනුවෙන් ආධාර කරන්න කියලයි කියන්නෙ. ඉතින් බස් එකේ ඉන්න සමහර අය කැටවලට සල්ලි දානවා. ඒ අයට මුද්‍රිත කොලයක් ලැබෙනවා. මට ලැබුනෙ නැහැ.
දන්නෙ නැති නිසයි අහන්නෙ, ඇත්තටම මේ සල්ලි යොදාගන්නෙ පිකට් වලට, පෝස්ටර් ගහන්න, එහෙමත් නැත්නම් පෙලපලිවල ගෙනියන්න මිනී පෙට්ටි ගන්නද ??

ඇත්තෙන්ම මේ දේවල් වලින් ජනතාව දැනුවත් වෙනවා තමයි. ඒත් ඒ දැනුවත් කිරීම මදි බවයි මට හිතෙන්නෙ. අඩුගානෙ බස් එකට නැගල කැට දික්කරනකොට කරන දේශනේවත් පැහැදිලිව කරනවා නම් බහුතරයක් පොදු ජනතාව මේ අයත් එක්ක ඉඳියි. අනික ඔය කැටවලට එන්නෙ පලමු වසරෙ අය. කෝ අනිත් අය. ????
කමක් නැහැ දොස්තර උනාට පස්සෙවත් ඔය කැට වලට සල්ලි දාන පොඩි මිනිස්සු ගැන හිතලා, බේත් තුන්ඩු ලියද්දි, මිල අඩු ඒවා ලියන්න. අනේ අසරන මිනිස්සුන්ව බේත් මුදලාලිලාගේ උගුල් වලට බිලි දෙන්න එපා.

පසුවදන :
කොම්පියුටර් දැනුමත් කැම්පස් වලින් පිට නොදී හිටියනම් අපට තවත් IT කට්ටිය අඩු වෙනව නේද ??

10 comments:

දිල් said...

සල්ලී වලට මොකද වෙන්නේ කියලනම් හිතා ගන්න පුළුවන්නේක ඉතින් මහසෙන් උනත් දන්නවනෙ නොකිව්වට...නේද ?

Hasitha Gunasinghe said...

" කමක් නැහැ දොස්තර උනාට පස්සෙවත් ඔය කැට වලට සල්ලි දාන පොඩි මිනිස්සු ගැන හිතලා, බේත් තුන්ඩු ලියද්දි, මිල අඩු ඒවා ලියන්න. අනේ අසරන මිනිස්සුන්ව බේත් මුදලාලිලාගේ උගුල් වලට බිලි දෙන්න එපා."

අයියාගේ කතාවත් එක්ක 100% එකඟයි. රටේ නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් ඉගෙන ගෙන අන්තිමට ලොකු මිනිස්සු වෙන අයට වෙන්නේ ඕක තමා. රටේ දුප්පත් මිනිහගේ ඉදන් හැමෝගෙම සල්ලිවලින් තමා තමන්ට නොමිලේ ඉගෙන ගන්න හම්බුණේ ඒක නිසා තමන්ට වගකීමක් තියෙනවා මිනිස්සුන්ට සේවය කරන්න කියන එක එයාලට මතක් නැහැ

dinesh said...

ඔක්කොම එකයි.කැම්පස් එකේ ඉන්නකන් තමා සේරම දේවල්.එලියට ආවම ඒ කාලෙ කියපුව කවුරු ලඟවත් නෑ.

KAS said...

Doctors, many of them work well and think of public when they are in a general hospital, but once they addicted to private practice they chase money.

Sometimes two different doctors writes the same prescription but the price deference it sometimes more than 1000 rupees.

www.blogsinhala.com said...

We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

Thanks
Admin
http://blogsinhala.com/

මහසෙන් / said...

@ දිල් : ඇත්ත, ඒ දේවල් ගැන හුඟක් අය නොදන්න දේවල් තියෙනවා. ඒත් මම ඉන්න තත්වය අනුව කියන්න අමාරුයි. තව තව සෙල්ලම් වෙනවා. සමහර ඒවා ටිකක් ඉරිදා පත්තර වල තියෙනවා දැක්කා.

මහසෙන් / said...

@ Hasitha : මගෙත් අයියා කෙනෙක් ඉන්නවා එයත් ටිකක් එහෙම තමයි. හැබැයි මිනිහා සමහර (ගමේ) අයගෙන් සල්ලි ගන්නෙ නැහැ. මිනිහට sample එහෙමත් හම්බවෙනවනේ.

මහසෙන් / said...

@ dinesh : 1st year එකේ තමයි ඉතින් අනුන්ගෙ පදයට නටන්න වෙන්නෙ. ඊට පස්සෙ සමහර අය මග අරිනවා. සමහර අයට රස වැටෙනවා.

මහසෙන් / said...

@ KAS : 100% agree with U. There R doctors threaten & order pharmacies to issue the same name as the prescription of the medicine.

මහසෙන් / said...

@ www.blogsinhala.com : sure I'll