බොස්ට නොතේරෙන දෙයක් තේරුම් කර දෙන්න ගිහින් ...... අන්තිමේ ...

මුලින්ම කියන්න ඕනැ මේක මම අහපු කථාවක්. 

 
උපන් ගෙයි අන්ධයෙකුට සහයට කොල්ලෙක් හිටියා. දෙන්න හිඟමනේ ගිහිල්ල හොයන දෙවල් වලින් වැඩිදේ ගසාකන්නෙ අර කොල්ලා. හැබැයි අන්ධයගෙ වැඩේ හැම තිස්සෙම ප්‍රශ්න අහන එක.
දවසක් දෙන්න කිරි බිව්වා. අන්ධය එදාතමයි මුලින්ම ඒ රස කල කිරි බිව්වේ.
"හරිම රසයි. මොකද්ද මල්ලි ඒ බීම ජාතිය ? "
"ඒ තමයි කිරි, ඇයි කලින් බීල නැද්ද ? "
"ඇත්තද ? ඉතින් කිරි මොන පාටද ?"
"සුදු පාටයි"
"ඒ කියන්නෙ ? "
"අර සුදු පිරුවටයක් වගේ "
"පිරුවට මොන පාටද ? "
"පිච්ච මල් වගෙයි ? "
"පිච්ච මල් මොන වගෙද ? "
"ඉගිල්ලෙන කොක්කු රෑනක් වගෙයි"
"කොක්කු කියන්නෙ මොනවගෙද  උන්ටද ?"
"කොක්කු හරියට කපු පුළුන් වගෙයි, සුදුයි"
කොල්ලට තරහ ගිය නිසා සැරෙන් කිව්වා. දැන් කොල්ලගෙ ඉවසීමේ සීමාවත් පැනගෙන එන්නෙ.
"කපු පුළුන් කොයි වගේද ? "
"අර සුදු වලාකුළු වගේ"
"සුදු වලාකුළු කොහොමද ? "
"අර උඩ අහසෙ තියෙන්නෙ,  උඩ බලාගෙන හිටපන් එතකොට පෙනෙයි"
එහෙම කිව්ව කොල්ලා දමල ගහල යන්න ගියා.

* ලොක්කෙකුට යමක් තේරුම් කරල දෙන්න ගියාම සිද්ද වෙන්නෙ ඔයදේම නොවුනත් මීට ටිකක් සමානයි නේද ?