Windows ඇඩ්මින් පාස්වර්ඩ් බිඳිය හැකිය ... ඒ විතරක් නොවේ ...

 ඔබේ පරිඝනකය කෙතරම් ආරක්ෂාකාරීව ඇතිදැයි ඔබ දන්නවාද ? ?? 
ඔහොම ඇහුවම සමහර අයට තරහ යනවත් ඇති. 
ඒත් ඔයාගේ කොම්පියුටර් එකට පාස්වර්ඩ් එහෙම දාලා හරි අගේට හිතාගෙන ඇති දැන් හරි කියලා. 
එහෙම නේද ? 
 සමහර අය තමන්ගෙ නමින් එකවුන්ට් එකක් හදලා, ඒක ඇඩ්මින් කරලා පාස්වර්ඩ් දාගෙන ඉන්නවා. ඒත් දැනගන්න windows වල ඔරිජිනල් ඇඩ්මින් කෙනෙකුත් ඉන්නවා.
බලන්න user log වෙන තැන Alt + Ctrl + Delete ප්‍රෙස් කරලා. එන තැන user හැටියට Administrator ටයිප් කරලා ඕනෑම කෙනෙකුට පුලුවනි නම් පාස්වර්ඩ් එකක් නැතුව log වෙන්න. 
එතැනින් වැට දැම්මාම සේරම හරි කියලයි සමහරු හිතාගෙන ඉන්නෙ.
හැමතැනම් පාස්වර්ඩ් දාලා හිතාගෙන ඉන්නවා කිසිම කෙනෙකුට ලොග් වෙන්න බැහැ කියලා. අයියෝ සිම්පල් දෙයක්. කිලෝ බයිට් කිහිපයක ප්‍රෝග්‍රෑම් එකක් රන් කරන එක විතරයි තියෙන්නෙ. එක්කෝ ඩිස්කට් එකකින්, එක්කෝ සීඩී එකකින්, එහෙමත් නැතිනම් පෙන් ඩ්‍රයිව් එකකින්.
 මේ බූටබල් ප්‍රෝග්‍රෑම්ස් ඉන්ටනෙට් එකෙන් විනාඩියක් ඇතුලත ඩවුන්ලෝඩ් කරගන්න පුලුවනි. මේකෙන් කරන්නෙ ඇඩ්මින් පාස්වර්ඩ් එක මකල දාල ලොග් වෙන්න ඉඩ අරන් දෙන එකයි.
මේකෙන් බේරෙන්න ඔයා කියයි CMOS වලින් boot from CD නැති කලාම හරි කියලා.
ඒත් තව කෙනෙකුට පුලුවනි කොම්පියුටර් එක ඕන් කරද්දි Delete ප්‍රෙස් කරලා ඒ ඔප්ෂන් එක වෙනස් කරලා සීඩී එකෙන් බූට් වෙන්න හදාගන්න

ඒක නැතිකරගන්න ඔයා කියයි CMOS වලට පාස්වර්ඩ් එකක් දානවා කියලා. ඒත් වැඩක් නැහැ. මදර් බෝඩ් එකේ ජම්පර් එකක් ෂෝට් කරලා CMOS මකල දාල පරන තත්වෙට ගන්න පුලුවන්.
කරන්න තියෙන්නෙ කොම්පියුටර් එකට ඉබ්බෙක් දාල යතුර හංගන එක
හ්හ්ම්ම්ම් ඒකනම් ටිකක් හොඳ අදහසක්.

කොයි ක්‍රමයටද ඔයා කැමති ??? මම නම් හිතන්නේ මුල සිට අග දක්වා සේරම පියවරවල් කල යුතුයි.
ඊට පස්සෙ කාමරයටත් යතුරක් දාල වහල දාන්න.
ඒක නිසා හිතාගන්න computer security ගැන ඕනෑවට වඩා විස්වාස කරන්න එපා. වැදගත් දේවල් තමන් ලඟ තියාගන්න.
 

ප.ලි : මේ ලිපිය පරිඝනක විද්‍යාවේ කෙල පැමිනියනට නොවේ. ආධුනිකයනටයි. ඒ නිසා මුර පද ඉවත් කිරීමට යොදාගත හැකි මෘදුකාංග මෙහිලා සදහන් නොකරමි. මාගේ මතයේ හැටියට Windows අරක්ෂාකාරී බවෙන් අඩුම මෘදුකාගයයි. 


සැ.යු :  අනුන්ගේ කොම්පියුටර් වලට හොරෙන් රිංගන්න යන්න එපා. මේවා තමන්ගෙ කොම්පියුටර් එකත් එක්ක අතහදා බලන්න. හැබැයි සිදුවිය හැකි කිසිම හානියක් කෙරෙහි මාගේ වගකීමක් නැත.


සමහර අය බෙදා හදා ගැනීමට අකමැති දේවල් අතර මේවාද වේ. 
එනම් "යට ඇඳුම", "දත් බුරුසුව", "තමන්ගේ සහකරු/කාරිය"

බෙදා හදාගත්ත රහස් ...

අපේ හිතවල සමහර දේවල් තියෙනව කාටවත් කියාගන්න බැරුව. ඒව රහස් මත් නෙවෙයි. ඒත් කියාගන්න අමාරුයි. නොකියත් බැහැ. ඒක නිසා ඒ අය ඒවා internet වල දානවා.

මට සමහර වෙලාවලට හුස්ම ගන්න අමාරුයි. ඒ මගේ හදවතත් පෙනහලුත් අතර සිදුරක් තිබෙන හින්දා.
මම ආදරය කරන්න බයයි. 
මට බයයි මගේ හදවත ඉතා ඉක්මනින් ගැහෙයි කියලා. 
එතකොට මම ලඟ ඉන්න කෙනාට, 
මගේ පපුවෙන් එන ජරබර සද්දය ඇහේවි
මම බය මගෙ හදවත ගැන නෙවෙයි. 
ඒ සද්දෙ ඇහුනම එයාගෙ හදවතට වෙන දේ ගැන.

මගේ තාත්තා මාවයි මගෙ නංගිල දෙන්නයි අපි කුඩා කාලෙදිම දාල ගියා.
තාත්තා මැරි කලා. එයාට දැන් තවත් නංගිලා දෙන්නෙක් ඉන්නවා.
ඒ අයව දැක ගන්න ආසයි. මම කවදාවත් එයාලව දැකලා නැහැ.
ඒත් මට ලැජ්ජයි.
මගේ තාත්තා ගොඩාක් ආදරේ එයාලට නිසා.
ඔයා මට ප්‍රංශෙන් එනකොට 
ගෙනත් දුන්න "Winnie the Pooh" ට මම කොච්චර කැමති උනත්, 
මම අකමැතිම දේ තමයි එයාව තුරුලු කරගෙන උදේට නැගිටින එක.
එතකොට මම දන්නවා ඔයා මගෙ ලඟ නැහැ කියලා.

හැමදාම ඔයා සතුටින් කියවන්නෙ ඔයාගෙ තාත්තාගෙ දික්කසාද නඩුවෙන් එයා දිනන එක ගැනයි 
එයාට එතකොට සතුටින් 
තාත්තත් එක්ක Maryland වල ඉන්න පුලුවන් වෙන ගැනයි.
මම ආසයි ඔයා කියන දේවල් අහගෙන ඉන්න.
ඒත් මට බයයි, ඔයා මාව දාල යයි කියලා.

මම මගේ යාළුවොත් එක්ක මේ ගත කරන්නෙ 
අපේ හොඳම නිවාඩු කාලය.
එයාල හිතන්නෙ මගෙ අන්තිම scan එක හොඳට තිබුන කියලයි.
මට හිතෙන්නෙ නැහැ එයාලට කියන්න, මගෙ පිලිකාව ගැන,
මට ඕනෑ මේ නිවාඩු කාලය වෙනදාටත් වැඩිය හොඳින් ගෙවන්න.
හේතුව, මේ තමයි ජීවිතේ මම ගෙවන අන්තිම නිවාඩු කාලය.

සැ.යු : ඡායාරූප අදාල අයගේ නොවන බව කරුනාවෙන් සලකන්න ...

පලවෙනි youtube වීඩියෝ එක ...

කාලෙකින් තමයි බ්ලොග් පැත්තේ ආවේ. අද උදේ කිව්වෙ පහුගිය දවස් වල උන දෙයක් ගැනයි. කොමෙන්ට්ස් අඩු උනත් හුඟ දෙනෙක් මේ පැත්තෙ ඇවිල්ල ගිහින් බව දැනගත්ත නිසා ආයෙමත් ලියන්න හිතුනා.
youtube ගැන නොදන්න කෙනෙක් නැහැ. ඒත් මම කියන්න යන්නෙ youtube වලට upload කරපු පලවෙනි video එක ගැන.
මේක සත්තු වත්තකට ගිය කෙනෙක් upload කරපු එකක්. title එක "Me at the zoo" තත්පර 19ක් දිග මේ වීඩියෝ එක මිලියන් 3ක් විතර දැනට බලලා තියෙනවා.
Upload කරලා තියෙන්නෙ 2005 මැයි 23 වෙනිදා රෑ 8:27ට. මේ වීඩියෝ එකේ ඉන්නෙ Jawad Karim. ‍Youtube පටන් ගන්න මූලික උන කෙනෙක්.

බර වාහන බලපත්‍රය කෙසේ විය යුතුද ??

පහුගිය දවසක හවසක ඉක්මනට ගෙදර එන්න ඕනෑවෙලා අපි ෂෝට් කට් වලින් ජාඇල පැත්තට එනවා. වේවැල්දූව පාර සමහර තැන්වල ටිකක් පටුයි. පොඩි ට්‍රැෆික් එකකුත් තිබුනා. ඉස්සරහින් අපි පැත්තට එනවා කන්ටේනර් එකක්. ඒක පාර අයිනට කරලා නවත්තගත්තේ අපිට යන්න දෙන්න. ඒත් අපි ඒක පහුකරනවත් එක්කම ඒක ඉස්සරහට ඇද්දුවා. කන්ටේනර් එකේ ඉස්සරහ රෝදේ අපේ කාරෙකේ පිටිපස්සේ බෆර් එකේ වැදුනා. "දඩ බඩාස් ...." බෆර් එක බිම.
ඉතින් ඒ පටු පාරේ කන්ටේනර් එක අරන් ගිය ඩ්‍රැයිවර් ගේ වයස අවුරුදු 21 යි.

ඒ වාහනයට ගෝලයකුත් නැහැ. වරායෙ ඉඳන් එනගමන්, ඒ කියන්නෙ ලෝඩ් එකක් අරගෙන එන ගමන්.
ඩ්‍රැයිවර් වාහනය අරගෙන යන්නෙ දඩ කොලේකින්. ඒ කියන්නෙ ලයිසන් එක නැහැ.
වාහනයෙ ලයිසන් එක අයිතිකාරය ලඟ. ඒ කියන්නෙ වාහනයෙ ලයිසන් එකත් ඒ වෙනකොට ලඟ නැහැ.
ID එකේ කොපි එකක් ලැමිනේට් කරගෙන ලඟ තියාගෙන ඉන්නේ.
මිනිහගෙ පර්ස් එකෙ තිබ්බේ රු.120/ යි.
මිනිහගෙ අත් අකුරින් ලියමක් ලියාගෙන, උගෙ ෆෝන් නම්බර් එකත් අරගෙන, බෆර් එක ලනුවකින් ගැට ගහගෙන අපි ගෙදර ආවා.
ඕන්න ඕකයි ලංකාවේ තත්වය ...